The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කතාවට පමණක් සීමා නොකළ යුතු සජිත් ගේ හරිත දේශපාලන දැක්ම | රේණුකා දමයන්ති

T

The Leader Desk

April 8, 2025 • 7:19 AM

කතාවට පමණක් සීමා නොකළ යුතු සජිත් ගේ හරිත දේශපාලන දැක්ම | රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී විපක්ෂ නායකවරයා විසින් ඉන්දීය අගමැති වෙත තිළිණයක් ලෙස විශේෂ ඡායාරූපයක් පිරිනමා තිබූ අතර එහි ඇති සැඟවුණු කතාව පිළිබඳව සජිත් ප්‍රේමදාස තම සමාජ ජාල ගිනුම ඔස්සේ මෙලෙස අදහස් පළ කර තිබිණ.
  • “විල්පත්තු ජාතික උද්‍යානයේ එක් ඇසක පෙනීම නැති eye-one වශයෙන් හදුන්වන female Sri Lankan Leopard: Panthera pardus kotiya මෙම විශේෂ ඡායාරූපය, 2025 අප්‍රේල් 5 වන අද දින, ඉන්දියානු අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට කොළඹදී පිළිගැන්වීමට ලැබීම ඉමහත් ගෞරවයකි.
  • ඇගේ ආකර්ෂණීය නිල් ඇස අභියෝගවලට මුහුණ දෙමින් ඇයගේ පැවැත්ම පිළිබඳව දීර්ඝ කතාවක් පවසයි.
  • සමහරවිට ග්ලූකෝමා, කැටරැක්ට්, හෝ යම් අනතුරකට භාජනය වීම නිසා ඇති වූතත්ත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී විපක්ෂ නායකවරයා විසින් ඉන්දීය අගමැති වෙත තිළිණයක් ලෙස විශේෂ ඡායාරූපයක් පිරිනමා තිබූ අතර එහි ඇති සැඟවුණු කතාව පිළිබඳව සජිත් ප්‍රේමදාස තම සමාජ ජාල ගිනුම ඔස්සේ මෙලෙස අදහස් පළ කර තිබිණ.

“විල්පත්තු ජාතික උද්‍යානයේ එක් ඇසක පෙනීම නැති eye-one වශයෙන් හදුන්වන female Sri Lankan Leopard: Panthera pardus kotiya මෙම විශේෂ ඡායාරූපය, 2025 අප්‍රේල් 5 වන අද දින, ඉන්දියානු අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට කොළඹදී පිළිගැන්වීමට ලැබීම ඉමහත් ගෞරවයකි. එක් ඇසක පෙනීම අහිමි වුවද, වනාන්තරයේ අභියෝග ජයගනිමින් සාර්ථකව ජීවත් වන මෙම සුවිශේෂී සත්වයා ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයේ සහ සෞන්දර්යයේ සැබෑ සංකේතයකි. ඇගේ ආකර්ෂණීය නිල් ඇස අභියෝගවලට මුහුණ දෙමින් ඇයගේ පැවැත්ම පිළිබඳව දීර්ඝ කතාවක් පවසයි. සමහරවිට ග්ලූකෝමා, කැටරැක්ට්, හෝ යම් අනතුරකට භාජනය වීම නිසා ඇති වූතත්ත්වයකි. එහෙත්, ඇය වනාන්තරයේ ආරක්ෂාකාරීව නොසැලී සිටීම වනසත්ව ලෝකයේ අභියෝග ජය ගැනීමේ සංකේතයකි. කෙසේ වුවද අවාසනාවන්ත ලෙස මෙම සුවිශේෂී සත්වයා පසුගිය වසර කිහිපයක සිටම දක්නට නොලැබුණ අතර ජීවත්ව සිටිනවාද? යන්න සනාථ ගැනීමට නොහැකිව ඇත.” (උපුටා දැක්වීම අවසන්)

488909502 1232511711568392 7252272976321611318 n
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය මුල් කොට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අවට සහ අනුරාධපුරයේ ජීවත් වන නිවාස අහිමි සුනඛයන් ඉවත් කිරීමේ ආණ්ඩුවේ සැලසුම සත්ව ලෝලීන් ගේ දැඩි පිළිකුල හා විරෝධය මත ව්‍යවර්ථ විය.

 



ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා ලක් පොළොවට පා තැබීමත් සමඟ ඉන්දියාවේ ද අතිශය සුලබ දසුනක් වන නිවාස අහිමි සුනඛයන් ඔහු ගෙන් සඟවා තැබීමට ආණ්ඩුවට ඇති උවමනාව කුමක් ද? යන්න ඔවුන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් ඇතැම් සංවිධාන මහ මඟට බැසීම නිසා ය.

එපමණක් නොව ආණ්ඩුවේ මෙම අවිචාරවත් පාපී ක්‍රියාදාමය ඉන්දීය අගමැති වරයාගේ සවන් වැකෙන තැනට කටයුතු කිරීමට ද ඔව්හු පසුබට නොවූහ.

ඒ කෙසේ හෝ වත්මන් ආණ්ඩුව වන අලින් ගේ සිට රිළවුන්, වඳුරන්, මොනරුන් දඬු ලේනුන්, මුවන් සේම නිවාස අහිමි සුනඛයන් දක්වා වන සියළු සත්ව වර්ග කෙරෙහි දක්වන අකාරුණික බව මේ වන විට ප්‍රවර්ධනාත්මක පුවතක් බවට පත් වෙමින් තිබේ.

එනිසාම අහිංසාවාදීන්, සත්ව හිමිකම් ක්‍රියාධරයන් පරිසරවේදීන් ඇතුළු වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සම්බන්ධයෙන් විවිධ සහාය ලබා දුන් විශාල පිරිසක් මේ වන විට ආණ්ඩුව කෙරෙහි දැඩිව කලකිරෙමින් හිඳිති.

 

sajith
නමුත් මෙම සංසිද්ධියට පෙරාතුව ලෝක පරිසර දිනය නිමිත්තෙන් සමඟි ජන බලවේග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම පාක්ෂිකයන් හමුවේ නව දේශපාලන මානයක කතාවක් සිදු කොට තිබේ. වත්මන් රජයට කරනු ලබන කෙනෙහිල්ලක් සේ සිතිය නොහැකි එම ප්‍රකාශය ඔහු ගේම වදන වලින් මෙලෙසිනි.

“මේ ගමන සාර්ථක වන්නට අපගේ ප්‍රධානත්වයෙන් මේ ආරම්භ වූ පරිසර සංරක්ෂිත තිරසර සංවර්ධන ගමනට සියලුම දේශපාලන වාද භේද නොතකා අනෙකුත් වෙනස්කම් නොතකා සෑම දෙනාම කොටස් කරුවන් කරගෙන; ඒක රාශී කරගෙන අප මාතෘ භූමිය පාරිසරික සුරක්ෂිත භූමියක් බවට පරිවර්තනය කරන්නට අපි අධිෂ්ඨාන කරගෙන සිටිනවා. අද කාල වකවානුව ගැන කතා කළොත් ජෛව විවිධත්ව ක්‍ෂේත්‍රයේ සතා සිව්පාවන්ගේ වාසස්ථාන ක්‍ෂේත්‍රයේ රටේ වන ඝනත්වය ගොඩබිම වගේම සමුද්‍රීය සජීවි අජීවී ඒ සියලුම කොටස් පාලනයකට ලක් නොවුණු සංවර්ධන රටාවන් තුළින් තිරසර නොවන සංවර්ධන වැඩපිළිවෙල තුළින් බලවත් හානියකට ලක් වෙමින් තිබෙන රටක්. ඒ බව අපි හැමෝම අවබෝධකරගන්නට ඕන.

 

image 260f2719dc

අපි ජීවත් වන මේ මහ පොළොවේ පරිසර පද්ධතිය අපි ආරක්ෂා කරන්නට ඕන. කුඩා කල සිටම අපි ඉගෙන තියෙනවා මිනිස් ජීවිත වගේම ජල චක්‍රය නයිට්‍රජන් චක්‍රය කාබන් චක්‍රය ඒ වගේම ප්‍රභාසංස්ලේෂණය අතිශයින්ම තීරණාත්මක සාධකයක් හැටියට. ඉතිහාසය පුරාවට බැලුවොත් ක්‍රම ක්‍රමයෙන් 19 වෙනි ශතවර්ෂයේ අපේ රටේ තිබුණු 80% ක වන ඝනත්වය අද වන විට 28% දක්වා පහල වැටිල තිබෙනවා. රටේ වන පද්ධතියත් කැළෑ පද්ධතියත් ඒ වගේම මිනිස් ජීවිත සුරක්ෂා කිරීමත් ඒ වගේම කාලගුණික දේශගුණික විපර්යාසත් මේ සියල්ලක්ම සෘජු සම්බන්ධතාවයක් තිබෙන ක්‍රියාවලියන් බව අපි හැමෝම දන්න කාරණාවක්. විශේෂයෙන්ම අපි ජීවත් වන පද්ධතිය තුළ ඒ පද්ධතියට උරා ගැනීමේ සීමාවක්: ඒක පරිසර විද්‍යා පැත්තෙන් කියන්නේ assimilative capacity  කියලා. දැන් අද වෙන කොට අපේ උරා ගැනීමේ සීමාව absorption capacity, assimilative capacity එක අභිබවා ගිහිල්ලා ආපසු හරවා ගන්නට බැරි පරිසර දූෂණයක් පරිසර විනාශයක් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. විද්‍යාත්මකව අපි ඒක හඳුන්වනවා entropy කියලා. Irreversible mass scale pollution.

අද දවසේ සිට හෝ මිනිස් ක්‍රියාකාරකම් තිරසර ආකාරයට පරිසර පද්ධතියට ඔරොත්තු දෙන ආකාරයට විධිමත් ක්‍රමවේදයකට ඉදිරියට ක්‍රියාත්මක කළොත් අපට පුළුවන් රටක් හැටියට ලෝකයේ ආදර්ශමත් පරිසර පද්ධතියකින් හෙබි ඒ වගේම අද ලෝකයේ ක්‍රියාත්මක වන දැවැන්ත පරිසර විපර්යාසයන්වලට ඒව මගහරවා ගන්නට ලොකුම දායකත්වයක් ලබා දෙන රට බවට පරිවර්තනය වන්නට. අද පරිසර විනාශය ප්‍රචලිතයි. මේ විනාශයට අපි හැමෝම වග කියන්නට ඕන.එක පාර්ශවයක් එක කොටසකට ඇගිලි දිගු කිරීමෙන් අපිට යථාර්ථවාදී ප්‍රායෝගික විසඳුමකට ප්‍රවේශ වන්නට අමාරුයි. පළමුව අපි අපිටම ඇඟිලි දිගු කර ගත යුතුයි.

වර්තමානයේ සිදුවන මහා ඛේදවාචකයන් මග හරවා ගන්නට තිරසර සංවර්ධන රටක් රට තුළ ස්ථාපනය කරන්නට අපි හැමෝම වෙර දරන්නට ඕන. අපේ ඇස් ඉදිරිපිටම මේ ඛේදවාචකය සිදුවෙමින් පවතිනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බලවේගය හැටියට අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන් අපේ දේශපාලන ගමනේ සියලුම ක්‍රියාකාරීන් මේ රටේ පරිසරය සුරකින පරිසර වීරයන් බවට පරිවර්තනය කරන්නට. නගරබද ප්‍රදේශයේ පමණක් නොවේ. සමහරුන්ට හැඟීමක් තියෙනවා නගරවල සංකල්පයක් කියලා. එසේ නොවිය යුතුයි. මෙය අපේ රටේ පමණක් තිබෙන පළාත් නවයේම දිස්ත්‍රික්ක විසිපහේම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුන්සිය තිස්දෙකේම ග්‍රාම සේවා වසම් දාහතර දාස් විසි දෙකේම කුඩා ගම් පනස් හතර දහස් තුන්සිය හතරේම පරිසර සුරක්ෂා කරන බලකායක් නිර්මාණය කරමු.

 

world environment day hd image
පරිසර සංරක්ෂණය තිරසර සංරක්ෂණය අපේ ප්‍රධානතම තේමාව බවට පත් කරන්නට අපි අධිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕන. ඒ සියලු දේ කරන්නටත් පෙර ඔබ අප මම අප සියලු දෙනාම දේශපාලන ක්‍රියාකාරීන් රටේ දියත් විය යුතු පරිසර සංකල්පය හොඳ අවබෝධයක් ලබාගන්නට ඕනෙ.

සමහරෙක් හිතනවා පරිසර සංරක්ෂණයත් ආර්ථික සංවර්ධනයත් දෙපැත්තකට යන ගමනක් කියලා. කවුරු හරි එසේ සිතනව නම් ඒක වැරදි සංකල්පයක්. මේ දෙක එකටම යා යුතුයි. ඒක සමාන්තරව යා හැකි ගමනක්. පරිසර සංරක්ෂණය තුළින් ඉතාමත්ම දැවැන්ත හරිත සංවර්ධන දිනයක් අපිට දිනා ගන්නට පුළුවන්. හරිත සංවර්ධනය තුළින් රටක දළ දේශීය නිෂ්පාදනය සම්ප්‍රදානුකූල ක්‍රමයටත් වඩා වැඩි අගයක් එකතු කරන්නටත් පුළුවන්.

 

WhatsApp Image 2025 04 08 at 9.20.40 AM 1
ඒ නිසා අපි සියලු දෙනාම පරිසර කේෂ්ත්‍රය පිළිබඳ හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ඒ වගේම විරුද්ධ පක්ෂයේ සිටියදී රට පුරාවටම පරිසර සංරක්ෂණය වෙනුවෙන් ස්වේච්ඡා පරිසර හිතවාදී භට කණ්ඩායම් නිර්මාණය කරගෙන ඒ වගේම පරිසර සංරක්ෂණය තිරසර කරන්නට ස්ථාවර කරන්නටත් ජනතා සහභාගිත්ව සංරක්ෂණ රටාවක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන.

අපි අපේ සියලුම ධෛර්යන් ශක්තින් එකට මුසු කරගෙන අපේ රට තිරසර පරිසර සංරක්ෂණ කේන්ද්‍රීය සංවර්ධනයක් වන රටක් බවට පරිවර්තනය කරන්නට පුළුවන්. ලෝකයම ඔප්පු කරලා තියෙනවා ජනතා සහභාගිත්ව ජනතාව කේන්ද්‍රීය කරගත් ජනතාව පෙරටුකරගත් සංරක්ෂණ රටාවන් තමයි ලෝකයේ අති සාර්ථකම සංවර්ධන සංරක්ෂණ රටාව බව. ඒ ගමන යන්නට අපි සූදානම් වෙමු. අද රට තුළ ක්‍රියාත්මක වෙන පරිසර විනාශය පාලකයන්ට පෙන්වා දෙන්නට අපි උනන්දු වෙමු. පරිසරය සුරක්ෂා කර කිරීම උදෙසා මේ රටේ ජන සහභාගිත්ව ඇති කරන්නට අපි එක් වෙමු. පරිසර භට කණ්ඩායම් මහපොළෝ තලයේ බිම් මට්ටමින් ස්ථාපනය කරමින් පරිසර සංරක්ෂණය අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළම තලයට ගෙන එමු.

Human and Elephant
රට තුළ ක්‍රියාත්මක වෙන වන අලි මිනිස් ගැටුම අද ඛේදවාචකය හා සීමා මායිම් නැතුව කැලෑ එළිපෙහෙලි කරමින් වන සංහාරයක් ක්‍රියාත්මක වීම අප දකින්නේ ඇත්ත වශයෙන්ම එක්තරා ආකාරයක ත්‍රස්තවාදයක් හැටියට. වන සංහාරය වනය විනාශ කරන ඒ ත්‍රස්තවාදය, ඒ ත්‍රස්තවාදයත් අපි මුලිනුපුටා දමන්නට ඕන. ඒ ගමන යන්නට අපට හැකියාව තිබෙනවා.

මේ සියල්ලක්ම මැද්දේ රට තුළ ක්‍රියාත්මක වන මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලයන් විශේෂයෙන්ම ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන සිංහරාජය හෝ වේවා හෝටර්න් තැන්න හෝ වේවා සෝමාවතිය හෝ වේවා විල්පත්තුව, ඒ වගේම දහයියාගල හෝ වේවා මේ ක්‍රියාදාමය නතර කරන්නට අපි පෙරට එමු. ඒ වගේම මේ ගමනෙ සියලු කොට්ඨාශ දේශපාලනික ජාතික ආගම් ඒ කුලමල ඒ භේදයකින් තොරව හැම දෙනාම එකතු කරගෙන මේ අපේ මාතෘභූමිය සුරක්ෂාවට මතු පරම්පරාවට දායාද කරන්නට පුළුවන් අභිමානවත් දේශයක් පරිසර අතින් උසස් මට්ටමක තිබෙන රටක් දායාද කරන්නට අපි එකතු වෙමු.

අද දින ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම මේ සංකල්පය තුළින් සමගි ජනබලවේගය හරිත පක්ෂයක් බවට පත් වෙලා ජනතා කේන්ද්‍රීය සංරක්ෂණ සංවර්ධන වැඩසටහන් තුළින් රටේ ජනතාවටත් ප්‍රතිලාභ ලැබෙන ප්‍රතිඵලදායී ආර්ථික සහන ලැබෙන තිරසර පරිසර සංරක්ෂණ ගමනකට අපි එකාමෙන් පය තබමුයි කියලා යෝජනා කරනවා “(උපුටා දැක්වීම අවසන්)

WhatsApp Image 2025 04 08 at 9.20.40 AM

වර්තමානයේ ආණ්ඩු හා විපක්ෂයේ හිඳින බොහෝ දේශපාලනඥයන් මෙන් සජිත් ප්‍රේමදාස ද දේශපාලනික කන්‍යාවක නොවේ. ඔහු ගේ දේශපාලන දැක්ම හා ක්‍රියාමාර්ග කෙරෙහි ඕනෑ තරම් විවේචන තිබෙන්නට පුළුවන නමුදු ඔහු මේ වන විට වාචිකට ඉදිරිපත් කොට ඇති නවීන හරිත දේශපාලන සංකල්පය තුළ ඔහුට යම් අගයක් වටිනා කමක් දිය යුත්තේ අප රටට අතිශය ආගන්තුක වන ඒ සඳහා පළමු ඇරයුම කිරීමට ඔහු ඉදිරිපත් ව හිඳින බැවිනි.

නමුත් ඔහු ද වත්මන් ආණ්ඩුව මෙන් “සුදු හකුරු සෑදීමේ තියරියෙන්” බලයට පැමිණීමට වෙර දරන්නේ ද යන්න පැවසීමට දිව්‍ය ඥානයක් ද අප සතුව නැත. එහෙත් සජිත් ප්‍රේමදාස මේ වන විට කට ගසා හිඳින හරිත දේශපාලන සංකල්පය ප්‍රායෝගික යථාර්ථයක් කිරීමට වෙර දරන්නේ නම් හෙවත් ඊට අත ගසන්නේ නම් වත්මන් සමාජය තුළින් ඉස්මතු වන නූතනවාදී අදහස් සහිත තරුණ පිරිසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තමන් වටා එක් රොක් කර ගැනීමට ඔහුට හැකි වනු ඇත. මක් නිසා ද යත් වත්මන් ආණ්ඩුව පසුගිය මැතිවරණ වේදිකා මත වාගාලාප වශයෙන් හුවා දැක්වූ නූතනවාදී දේශපාලනය නම් කිරි කලයට සොබා දහම හා පරිසරය මුල් කොට ගත් අන්ධානුකරණ ක්‍රියාවන් මඟින් වත්මන් ආණ්ඩුව ගොම තැම්බක්ම හෙලා ඇති බැවිනි.

Renuka Damayanthi(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කතාවට පමණක් සීමා නොකළ යුතු සජිත් ගේ හරිත දේශපාලන දැක්ම | රේණුකා දමයන්ති | The Leader