සංවාදය මෙහෙයවන ප්‍රසිද්ධ මාධ්‍යවේදිනිය නාමල්ගෙන් අහනවා කලාපයේ ආහාර අතරින් ලෝක ප්‍රසිද්ධ වීමට සුදුසු ආහාරය කුමක්ද කියා. ඒක ඔය වර්ගයේ සංවාද තුළ අතරින් පතර අහන තරමක් විනෝදකාමී ප්‍රශ්නයක්. නාමල්ගේ උත්තරේ ‘මගේ රටේ පොල් සම්බල්’ කියලා. ඒක ඔහුට හදවතින්ම එන පිළිතුරක් බව පේනවා. ඔහු ඒක කියන්නේ ඔහුගේ පපුවට අත තියාගෙන. ඔහුගේ මූණ පුරා දඟකාර හිනාව.

නාමල් ඒ සංවාදයේ චතුර ලෙස ඉංග්‍රීසියෙන් කථා කරනවා. එහෙම කථා කරන්න පුළුවන් වෙනත් නායකයෙකුට දැනට ඉන්නේ රනිල් විතරයි. ඔහුටත් ඉංග්‍රීසි වතුර වගේ. සජිත් කථා කරන්නේ හිත හිත බොරු බොරු වචන දාලා. නාමල් කථා කරන්නේ සැහැල්ලුවෙන්. ඔහු බොරු ප්‍රතිරූපයක් මවන්නේ නැහැ. අපිත් එක්ක කතා කරන්නෙත් ඔහොම තමයි. එක අව්‍යාජයි.
ඇත්තටම අපේ රටේ ආහාර අපි ලෝකයට අපනයනය කරනවා මදි. ආහාර කියන්නේ අපේ සිංහල සූප ශාස්ත්‍රය. අපේ රටේ කෑම හදන යූටියුබ් තරු ඉන්නවා. ඒ කියන්නේ ඒවාට විශාල ඉල්ලුමක් තිබෙනවා. අපේ පැරණි ආහාර වට්ටෝරු බොහෝ තිබෙනවා. Master Chef රියැලිටිය හැදුවේ එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියාවේ නව සූප ශාස්ත්‍ර කර්මාන්තයක් හදන්න. අද ඒක ජාත්‍යන්තරයට සන්නාමයක්.

නාමල්ට විහිළුවක් තේරෙනවා. Sense of humour එකක් තිබෙනවා. අනුර කුමාර සීරියස් වැඩියි. හැම වෙලාවෙම ඉන්නේ කෝපයෙන්. තදවෙලා. ඒකෙන් මූණ කළු වෙනවා. කැත වෙනවා. නාමල් ඒ සම්මන්ත්‍රණයේ තරුව වුණා. ඔහු කඩවසම්. සෙනග අතර කැපී පෙනෙන පෞරුෂයක් නාමල්ට තිබෙනවා. මාධ්‍යවේදිනිය පවා ටිකක් මූණ රතු වෙලා කතා කළේ. නාමල්ගේ හිනාවට කාන්තාවන් ආකර්ෂණය වෙනවා. දුර්ලභ ලක්ෂණයක් වන charisma ව ඔහුට පිහිටා තිබෙනවා.
නායකයෙක් කියන්නේ එහෙම අව්‍යාජ මිනිහෙක්. අනුරට වුණේ ඔහු බොරු ප්‍රතිරූපයක් මවා ගත්තා. ඒ නිසා දැන් ඔහුට එය පවත්වා ගෙන යන්න බැරි වී තිබෙනවා. අපිට සර්ව සම්පූර්ණ නායකයන් හොයන්න බැහැ. නමුත් අපිට අව්‍යාජ නායකයන් හොයා ගන්න පුළුවන්.

ලංකාවේ කෑම හොයාගෙන එන සංචාරක කර්මාන්තයක් හදන්න අපිට පුළුවන්. ඒ සඳහා නිර්මාණශීලී උපායමාර්ගික වැඩසටහනක් තියෙන්න ඕනා. අපේ පැරණි ආහාර වට්ටෝරු සහ ඉවුම්පිහුම් ක්‍රම ඇසුරෙන් නවීන රස මසවුළු නව්‍යකරණය කරන්න ඕනා. පොල් සම්බල් එක ලෝකයේ සන්නාමයක් කරන්න ඕනා. ඇත්තටම මේවා තමයි අපිට කරන්න ‘පුළුවන්’ වැඩ. රටට අලුත් ආදායම් හොයන්න පුළුවන් එහෙමයි. ධර්මය අපට මග වේවා!
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
උපුටා ගැනීම : ගිනිහුළ
2025 අප්‍රේල් 9



