The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉන්දියානු 'ෆාමකෝපියා' යනු කුමක්ද?

T

The Leader Desk

April 12, 2025 • 5:37 AM

ඉන්දියානු 'ෆාමකෝපියා' යනු කුමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර දෙරට අතර ගිවිසගත් එක් ගිවිසුමක් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කරන ලද ඉහත ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක්ව තිබේ.
  • පුබුදු ජයගොඩ විසින් 'ෆාමකෝටියා' නමැති ආයතනයක් ලෙස හඳුන්වනු ලබන; අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් 'ෆාමකෝපියා' ඖෂධ සංග්‍රහයක් යැයි කියන ලබන මේ ඉන්දියානු 'ෆාමකෝපියා' පිළිබඳව බීබීසි සිංහල සේවය කරුණු සොයා බැලීමක් කරන ලදී.
  • ඉන්දියානු-ශ්‍රී ලංකා ඖෂධ නියාමන සහයෝගිතාව ඉන්දියාව ලෝකය තුළ ඖෂධ නිෂ්පාදනය හා බෙදහැරීම සම්බන්ධ ව හිමි කරගෙන ඇති ප්‍රබල හිමිකාරිත්වය හේතුවෙන් "ලෝකයේ ෆාමසිය" යන නාමය ඔවුන් වෙත පටබැඳි ඇත.
  • යුරෝපය, එක්සත් ජනපදය, ජපානය, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 200කට ආසන්න ප්‍රමාණයකට ඉන්දියාව තම ඖෂධ නිෂ්පාදන අපනයනය කරනු ලබයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර දෙරට අතර ගිවිසගත් එක් ගිවිසුමක් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කරන ලද ඉහත ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක්ව තිබේ.

පුබුදු ජයගොඩ කරන ලද ප්‍රකාශයට අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස අප්‍රේල් 08 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේ දී පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ; "මේ තමයි ඉන්දියන් ෆාමකෝපියා එක (පොතක් පෙන්වමින්) මේකේ එඩිෂන් කීපයක් තියෙනවා. ෆාමකෝටියා කියලා ආයතනයක් නෑ. මේ ඖෂධ සංග්‍රහය, මේක පොතක්. මේකේ තියෙන ඕනම ඖෂධයක් සම්බන්ධයෙන් ඔබට විස්තර බලාගන්න පුලුවන්."

 

ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුම අනුව ඉන්දියානු ෆාමකෝපියා නම් ඖෂධ සංග්‍රහය මෙරට නිල වශයෙන් පිළිගත් බවත් මීට පෙර බ්‍රිතාන්‍ය හා ජපාන ෆාමකෝපියා සංග්‍රහයන් ද මෙරට පිළිගෙන ඇති බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
පුබුදු ජයගොඩ විසින් 'ෆාමකෝටියා' නමැති ආයතනයක් ලෙස හඳුන්වනු ලබන; අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් 'ෆාමකෝපියා' ඖෂධ සංග්‍රහයක් යැයි කියන ලබන මේ ඉන්දියානු 'ෆාමකෝපියා' පිළිබඳව බීබීසි සිංහල සේවය කරුණු සොයා බැලීමක් කරන ලදී.

ඉන්දියානු-ශ්‍රී ලංකා ඖෂධ නියාමන සහයෝගිතාව

ඉන්දියාව ලෝකය තුළ ඖෂධ නිෂ්පාදනය හා බෙදහැරීම සම්බන්ධ ව හිමි කරගෙන ඇති ප්‍රබල හිමිකාරිත්වය හේතුවෙන් "ලෝකයේ ෆාමසිය" යන නාමය ඔවුන් වෙත පටබැඳි ඇත.

යුරෝපය, එක්සත් ජනපදය, ජපානය, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 200කට ආසන්න ප්‍රමාණයකට ඉන්දියාව තම ඖෂධ නිෂ්පාදන අපනයනය කරනු ලබයි.

ඉන්දියාව ගෝලීය ඖෂධ වෙළඳපොලේ 20%ක පමණ හිමිකාරීත්වයක් අත්පත් කරගෙන සිටින අතර ගෝලීය ඖෂධ නිෂ්පාදන වෙළඳපොලේ තුන් වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් ව තිබේ.
 

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මොදිගේ සංචාරයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එළැඹි ඖෂධ නියාමන සහයෝගිතාව පිළිබඳව මීට පෙර අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අවස්ථාවේ කියා සිටියේ ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම (Indian Pharmacopoeia Commission) සහ මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමකට එකඟ වූ බව යි. එමගින් ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම මෙරට තුළ පිළිගැනීමට ලක්වන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
"මේකේ ප්‍රධාන ඉලක්කය ගත්තොත්, දැනටමත් අපි ඉන්දියාවෙන් ඖෂධ වර්ග ගෙන්නනවා අපේ මුළු බෙහෙත් අවශ්‍යතාවෙන් 80%කට ම. වැඩි ම ප්‍රමාණයක් අපි ඉන්දියාවෙන් ගේන්නේ."

"එතකොට ඒ ගෙන්වන ඖෂධවල ගුණාත්මක තත්ත්වය සහ ආරක්ෂණ තත්ත්වය පිළිබඳව සහතිකයක් ඕනේ. දැනට අපි ලංකාවේ NMRA එක හරහා, ඒ කටයුත්ත සිද්ධ වෙමින් තියෙනවා.

"දැන් මේ ගිවිසුමෙන් වෙන්නේ, ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම අපි මෙතෙක් කල් පිළිගත්තේ නැහැ. නමුත් මේ ගිවිසුමෙන් පිළිගන්නවා," අමාත්‍යවරයා එහිදී පැවසීය.

එමගින් ශ්‍රී ලංකාවට අඩු මිලට මෙන් ම ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ ලබා ගත හැකි බව ඔහු එහිදී කියා සිටියේය.

"අනිවාර්යයෙන් ඉන්දියාවෙන් බෙහෙත් ගේන්න ඕනේ කියලා එකක් මේ ගිවිසුම්වල නැහැ." අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දියානු ෆාමකෝපියා ඖෂධ සංග්‍රහය යනු කුමක්ද?

ඉන්දියානු ෆාමකෝපියා (IP) නමින් ඖෂධ සංග්‍රහයක් මෙන් ම ඉන්දියානු ෆාමකෝපියා කොමිසම (Indian Pharmacopoeia Commission) යනුවෙන් ආයතනයක් ද ඉන්දියාවේ පවතින බව අප කළ සොයා බැලිමේ දී දැනගත හැකි විය.


file 20221103 22 uydw6b
ඉන්දියාවේ ඖෂධ සහ රූපලාවන්‍ය පනතේ සහ ඒ යටතේ ඇති රීතිවල අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු රජයේ සෞඛ්‍ය සහ පවුල් සුභසාධන අමාත්‍යාංශය වෙනුවෙන් ඉන්දියානු ෆාමකෝපියා කොමිසම (IPC) විසින් ඉන්දියානු ෆාමකෝපියා නම් ඖෂධ සංග්‍රහය (IP) ප්‍රකාශයට පත් කරනු ලැබේ.
ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද හෝ අලෙවි කරන ඖෂධ සඳහා 'නිල ප්‍රමිති පොත' ලෙස ඉන්දියානු ෆාමකෝපියා සංග්‍රහය පිළිගනු ලබන අතර ඖෂධ වල අනන්‍යතාවය, සංශුද්ධතාවය සහ ශක්තිය සඳහා විශ්ලේෂණය පිළිබඳ බලයලත් ක්‍රියා පටිපාටි එකතුවක් මෙහි අඩංගු වන බව ඉන්දියානු ෆාමකෝපියා කොමිසමේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

ඉන්දියානු ෆාමකෝපියා ඖෂධ සංග්‍රහයේ ප්‍රමිතීන් ස්වභාවයෙන් ම බලයලත් වන අතර ඉන්දියාවේ ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා නියාමන බලධාරීන් විසින් එය භාවිතා කරන බව ද එහි සඳහන් කර ඇත.

ඖෂධ වල තත්ත්වය සහතික කිරීමට මෙන් ම අධිකරණ කටයුතුවලදී ද ඉන්දියානු ෆාමකෝපියා සංග්‍රහයේ ප්‍රමීතින් පිළිගත හැකි බවත් කොමිසමේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.

ඉන්දියානු ෆාමකෝපියා ඖෂධ සංග්‍රහය සංස්කරණ කිහිපයකින් සමන්විත අතර 2022 වසරේ දී එහි 9 වැනි සංස්කරණය වෙළුම් 4කින් යුතුව ප්‍රකාශයට පත් කර ඇත.

ඉන්දියානු ෆාමකෝපියා කොමිසමේ කාර්ය භාරය කුමක්ද?

ipc to host world pharmacopoeia meet next month
ඉන්දියානු රජය විසින් ස්වාධීන ආයතනයක් ලෙස පිහිටුවා ඇති ඉන්දියානු ෆාමකෝපියා කොමිසම (IPC) 2009 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර ඉන්දියානු මධ්‍යම රජය හා සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් මෙම කොමිසම වෙත අරමුදල් සපයනු ලැබේ.
ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන, ආනයනය කරන, ගබඩා කර ඇති, ඉන්දියාවේ බෙදාහරින සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කරනු ලබන ඖෂධ වල ප්‍රමිතිය, ගුණාත්මකභාවය ආදී කරුණු සඳහා අවශ්‍ය නිර්ණායක නිකුත් කිරිම මෙම කොමිසම මගින් සිදුකරනු ලබයි.

ඉන්දියාවේ ඖෂධ සංග්‍රහය වන ඉන්දියානු ෆාමකෝපියා කෘතිය ප්‍රකාශයට පත් කිරීම, සංස්කරණය සහ ඊට අදාළ රේගුලාසි ආදීය සකස් කිරීම ද ඉන්දියානු ෆාමකෝපියා කොමිසමට පැවරී ඇත.

ඉන්දියානු ෆාමකෝපියා කොමිසම පිළිබඳව මෙන් ම ඉන්දියානු ෆාමකෝපියා ඖෂධ සංග්‍රහය පිළිබඳ වැඩි විස්තර වෙබි අඩවියට පිවිසිමෙන් ඔබට ලබා ගත හැකියි.

ඉන්දියානු ඖෂධ කොමිසම (IPC) මානව එන්නත් සඳහා මතභේදාත්මක සහ යල් පැන ගිය සත්ව පරීක්ෂණ නවතා දැමීමට පියවර ගෙන ඇති අතර එය සත්ව සුබසාධන සංවිධානවල පැසසුමට ලක්ව තිබේ.

| BBC සිංහල සේවය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...