The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රන් බඩු එහා මෙහා කරන කෑම පිළුණු කරන පෙරේතයා | තිලක් සේනාසිංහ

T

The Leader Desk

April 13, 2025 • 10:12 AM

රන් බඩු එහා මෙහා කරන කෑම පිළුණු කරන පෙරේතයා | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පවුල පත්ව හිඳින තත්ත්වය විමසා බලා ඔවුන්ට යම් උපකාරයක් කළ හැකි නම් එය මහත් අස්වැසිල්ලක් විය හැකි බව ද ඔහු කීවේය.
  • එවැනි කටයුත්තක් උදෙසා මා කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන බවත් නමුත් එවැනි කටයුත්තකට අත ගැසිය හැක්කේ එම පවුලෙන් නිසි ඇරයුමක් ලැබුණොත් පමණක් බවත් එහි දී මා විසින් පනවනු ලබන කොන්දේසිවලට ඔවුන් එකඟ වීම අනිවාර්ය අවශ්‍යතාවක් බවත් මම ඔහුට කියා සිටියෙමි.
  • ඒ මගේ එම හිතවතා වෙතින් මා සම්බන්ධයෙන් දැනුවත් වූ බවක් පවසමිනි.
  • ඒ එවන් කටයුත්තක දී එම සේවා ලාභියා තුළ පවත්නා මන්දෝත්සාහී බව අනුව එහි ප්‍රතිඵලය එතරම් සාර්ථක නොවීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම පවුල පත්ව හිඳින තත්ත්වය විමසා බලා ඔවුන්ට යම් උපකාරයක් කළ හැකි නම් එය මහත් අස්වැසිල්ලක් විය හැකි බව ද ඔහු කීවේය. එවැනි කටයුත්තක් උදෙසා මා කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන බවත් නමුත් එවැනි කටයුත්තකට අත ගැසිය හැක්කේ එම පවුලෙන් නිසි ඇරයුමක් ලැබුණොත් පමණක් බවත් එහි දී මා විසින් පනවනු ලබන කොන්දේසිවලට ඔවුන් එකඟ වීම අනිවාර්ය අවශ්‍යතාවක් බවත් මම ඔහුට කියා සිටියෙමි.

ඒ අනුව ඊට ආසන්නම දිනයෙක එම ස්වර්ණාභරණ ව්‍යාපාරිකයාගෙන් මට දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ මගේ එම හිතවතා වෙතින් මා සම්බන්ධයෙන් දැනුවත් වූ බවක් පවසමිනි.

Gold 1
‘‘හොඳයි මම ඔය වැඩේට සම්බන්ධ වෙන්නම්, නමුත් ඊට කලින් ඔබතුමාට ඇවිල්ලා මාව මුණගැහෙන්න වේවි.’’ එම දුරකතන සංවාදයේදී ව්‍යාපාරිකයාගේ
සිතැඟි පිරික්සනු පිණිස මම කීවෙමි. ඒ එවන් කටයුත්තක දී එම සේවා ලාභියා තුළ පවත්නා මන්දෝත්සාහී බව අනුව එහි ප්‍රතිඵලය එතරම් සාර්ථක නොවීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි. එවිට ඔහු ගත් කටටම ඇසුවේ ‘‘මම දැන් ආවොත් ඔබතුමාව මුණගැහෙන්න පුළුවන්ද?’’ යනුවෙනි. ඒ ඔස්සේ මා ලවා එම කටයුත්ත කරගැනීමට ඔහු තුළ පවතින අවශ්‍යතාවය වටහාගත් මම මා හමුවීමට පැමිණීම අනවශ්‍ය බවත් මා පැමිණිය පසු ඒ කාර්යයට අදාළ මගේ අවශ්‍යතා ඉටුකළ යුතු බවත්, ඒ වෙනුවෙන් කිසිදු මුදලක් හෝ වෙනයම් ප්‍රදානයක් නොකළ යුතු බවත් තරයේම කියා සිටියෙමි.

එම ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා වැඩිදුරටත් කී අන්දමට ඔහුගේ නිවස අමනුෂ්‍ය බලපෑමකට ලක්ව ඇති බව හැඟවෙන ප්‍රධාන කරුණු දෙකකි. තම ව්‍යාපාරයට සම්බන්ධ නිවසේ ඇති ස්වර්ණාභරණ ඉතා අද්භූත අයුරින් එහා මෙහා වීම, නිවසේ පිසෙන සහ නිවසට පිටතින් ගෙනෙන ආහාරවලින් දුර්ගන්ධයක් නිකුත් වීම සහ ඒවායේ සෙවල ගතියක් තිබීම ඒ කරුණු දෙක ය.

 

hungry ghosts

සංස්කෘත බසින් ප්‍රේත නමින් ද පාලි බසින් පේත නමින් ද හැඳින්වෙන අද්භූත ජීවීන් විශේෂයක් ගැන පොත පතේ සඳහන් ව තිබේ. මෙම අද්භූත ජීවී කොට්ඨාශය ඉංග්‍රීසි ශබ්ද කෝෂ වල කුසගිනි අවතාරය ( Hungry ghost ) ලෙස ද හඳුන්වා තිබේ. හින්දු ආගම, බුද්ධාගම, චීන තාඕවාදය සහ චීන ජන ආගමේ විස්තර කර ඇති, මිනිසුන්ට වඩා බරපතල දුක් පීඩාවනට ලක් වන විශේෂයෙන් නිතර දෙවේලේ අධික කුසගින්න සහ පිපාසයට ලක්වන එම අද්භූත ජීවි විශේෂය මිනිසුනට අයහපත් බලපෑම් කරන බව ද පැවසෙයි.

hungry ghost l

 

ඉන්දියානු ප්‍රාථමික ජන ආගම්වල පවා දක්නට ඇති මෙම සංකල්පය පසුව බුද්ධාගමට අවශෝෂණ වී එහි ව්‍යාප්තිය ඔස්සේ නැගෙනහිර ආසියානු ආගම්වලට ද පිවිස ඇති බව මානව විද්‍යාඥ මතයයි. පේත වත්ථු වැනි බෞද්ධ මූලාශ්‍රවල විචිත්‍රවත් හා භාවාතිශය ලෙස දක්වා ඇති අන්දමට මිය ගිය අයකුට පුනර්භව චක්‍රයට පිවිසීමට නම් එම දුක් විඳින ප්‍රේතයාට ඊළඟ ජීවිතයට මඟ පෙන්වීම සඳහා මියගිය අයගේ පවුලේ අය විවිධ චාරිත්‍ර වාරිත්‍ර සහ පූජාවන් සිදු කළ යුතු ය. එසේ නොකළ හොත් ඔවුන් තමන් ජීවත් වූ පවුල් සහ වාසස්ථාන අත හැර නොගොස් ඒවායේ වෙසෙන ඥාතීනට අහිතකර බලපෑම් එල්ල කරනු ඇත. ඒ බොහෝ විට ආහාරය මාධ්‍යයක් කොට ගනිමිනි. අප ජන සමාජයේ මළවුන් උදෙසා සිදු කරන මතක වස්ත්‍ර පූජාව, මතක බණ හා හත් දවසේ තුන් මාසේ ආදී වශයෙන් හඳුන්ව්න පින්කම් සම්බන්ධ සමාජමය මූලය මෙයයි. එමෙන්ම ආහාර කෙරෙහි අසීමාන්තික ලොල් වන්නා සාමාන්‍ය ව්‍යවහාරයේ දී “පෙරේතයා”ලෙස හැඳින්වෙනුයේ ද මෙනිසාම ය.

එක්තරා ඉරිදා දිනයෙක පෙරවරු දහයට පමණ මා එම ව්‍යාපාරිකයාගේ නිවසට ගියේ මා එන විට නිවසේ සියලුම සාමාජිකයන් සහ සේවක කරකාදීන් එහි රැඳී සිටිය යුතු බවට පූර්ව දැනුම් දීමක් කරමිනි. ඒ එවැනි මැදිහත්වීමක දී ඒ තැනැත්තා ගේ පෞරුෂය ද ප්‍රධාන සාධකයක් වන බැවිනි. මගේ ඒ නියමය මත ඒ නිවස අද්දර විහාරස්ථානයක ඉරුදින දහම් පාසල් යන ඒ ව්‍යාපාරිකයාගේ දියණිය සහ පුතු ද එදින මා යනවිට නිවසේම රැඳී සිටියහ. එම ව්‍යාපාරිකයා, ඔහුගේ බිරිඳ සහ දරුදෙදෙනා හැරුණුකොට එම නිවසේ සිටි අනෙක් සාමාජිකාව වූයේ එම බිරිඳගේ වියපත් මව ය. පසුගිය කොවිඩ් වසංගත සමයේ තම ව්‍යාපාරය මුළුමනින් බිඳ වැටුණු බව කී ඒ ව්‍යාපාරිකයා ඉන්පසු තම නිවසේ සේවය කළ ගෘහ සේවකයන් දෙදෙනා පවා සිය ගම් රටවල් බලා පිටත්ව ගිය බව කීය.

 

කොවිඩ් -19 වෛරසය විකෘතියක්, ප්‍රතිකාර සෙවීම දුෂ්කරයි !

‘‘කොරෝනා අඩුවෙලා රට සාමාන්‍ය තත්ත්වෙට පත්වුණාට අපිට ඉස්සර විදියට ගොඩ එන්න බැරි වුණා. ඒ කාලේ කඩා වැටුණු මගේ හොඳම බිස්නස් ලයින් දෙක තුන තාමත් හරි ගියේ නෑ. ඊට පස්සේ තමයි මේ ගෙදර අමතු අමුතු දේවල් වෙන්න පටන්ගත්තේ. රත්තරන් බඩු තියෙන තැන්වල නැතුව වෙන තැන්වලින් මතුවෙනවා වගේ දේවල්.’’ එම ව්‍යාපාරිකයා එසේ කී පසු මම ඔහුගේ බිරිඳ, නැන්දණිය සේම දරු දෙදෙනා වෙතින් ද අඩු වැඩි වශයෙන් කරුණු විමසා සිටියෙමි.

තිලක මතක (33) : සාත්තර මෑණි කෙනෙකු ඉදිරියේ දී කට උත්තරත් නැති වෙයි (ඉන්දු  පෙරේරා ලියයි)

 

‘‘ඊට පස්සේ අපි මාලඹේ තැනකින් සාත්තරයක් අහන්න ගියා. ඒක හුඟ දෙනෙක් දන්න ප්‍රසිද්ධ තැනක්. එතකොට තමයි කිව්වේ ගෙදර උයන හරි පිටතින් ගේන හරි කෑම වලින් සෙවල ගතියක්, ගඳක් දැනෙනවා නම් ඒ වගේම කෑමක් උයලා නිවුණු හැටියේ පිළුණු ගඳක් දැනෙනවා නම් එකත් එකටම ගෙදරට ප්‍රේත බැල්මක් තියෙනවා කියලා.

පුදුමෙ කියන්නේ ඒ කිව්වා වගේම මේ ගෙදර උයන වගේම පිටතින් ගෙදරට ගේන හැම කෑමකම සෙවල ගතියක්, ගඳක් දැනෙන්න පටන් ගත්තනේ.’’ එම ‘ප්‍රේත දෝෂය’ සම්බන්ධ එලෙස වඩාත් විස්තර කොට සිටියේ ඒ ව්‍යාපාරිකයාගේ නැන්දණිය විසිනි.

‘‘මේ ගෙදර උයන, එතකොට ගෙදරට ගේන කෑමවල එහෙම අමුත්තක් තියෙන බව කවුද මුලින්ම තහවුරු කරගත්තේ?’’ පසුව මම ඇසීමි.

 

මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා

‘‘මුලින්ම ඒක දැනුණේ අම්මට. ඊට පස්සේ මටත් ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තා. ඊටත් පස්සෙ තමයි මහත්තයත් කියන්න පටන්ගත්තේ. ඔව් දැන් නම් මටත් එහෙම දෙයක් ටික ටික තේරෙනවා කියලා. පස්සේ අපේ දුවත් කිව්වා දැන් කෑම කන්නම බෑ අප්පිරියයි කියලා”. ව්‍යාපාරිකයාගේ බිරිඳ කීවාය.”

හැබැයි ඔය කියන ගඳ හැමෝටම එක විදිහට දැනෙන්න නම් බෑ. සමහර අයට දැනෙන්නෙ බොහොම අඩුවෙන්. සමහරුන්ට නම් දැනෙන්නෙම නෑ” මම කීවෙමි.

”ඔව් ඒක ඇත්ත පුතාට තාම ඒ ගැන ගාණක් නෑ. එයා තාම පුංචි හින්දා ඔය ගැන තේරුමක් නැතුව ඇතිනේ.’’ප්‍රේත දෝෂය සම්බන්ධ වැඩිදුර කරුණු විමසීමේදී ව්‍යාපාරිකයාගේ බිරිඳ කීවා ය.

ඒ අනුව මගේ නියමය පරිදි එදින දහවල සඳහා විශේෂයෙන් බතක් පිළියෙල කොට නිවසේ කෑම මේසයට තැබූ අතර, එදින දහවල ස්වර්ණාභරණ මිලදී ගැනීමක් සඳහා මීගමුව ප්‍රදේශයේ වැඩිහිටි යුවළක් තම දියණිය හා පුතු ද සමඟ එම ව්‍යාපාරික නිවසට පැමිණියහ. එම ව්‍යාපාරිකයා නිපදවන ස්වර්ණාභරණ වෙළඳ පල මිලට වඩා අඩු මුදලකට ගත හැකි වීම මත මෙලෙස පිට පළාත්වල ගැනුම් කරුවෝ පවා එම නිවසට පැමිණෙති.

 

කොවිඩ් 'නසන' කෑම වට්ටෝරුවක්

මගේ ඉල්ලීම මත එදින වෙනදාට වැඩි ආහාර ප්‍රමාණයක් සකසා තිබූ අතර එම ව්‍යාපාරිකයා මීගමුවෙන් පැමිණි පවුලට දහවල් ආහාරය සඳහා ඇරයුම් කරන ලද්දේ ද මා විසින් රහසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ය.

‘‘ අපි මෙහේ ළඟදී නැති බැරි අයට දානයක් දෙන්න යන හින්දා මේ පැත්තේ ඉන්න දක්ෂ කෝකියෙක් ගෙන්නලා ඔය කෑම හැදුවේ රසට තියෙනවද බලන්න. කොහොමද කෑම ටික රසද?’’ ඒ කෑමෙන් අනතුරුව එම ව්‍යාපාරික පවුලේ සමීපතමය බවක් හැඟ වූ මම මීගමුවෙන් පැමිණි පවුලේ සාමාජිකයන්ගෙන් අසා සිටියෙමි.

‘‘අනේ අපි මේ කියන්නමයි හිටියේ කෑම ටික හරිම රසයි. හරියටම ගමේ තාලේ තේරුම් අරගෙන උයලා තියෙනවා. අනික අපේ පැත්තේ කෑමවලට වගේ වැඩිපුර දුරු මිරිස් කවලම් කරලත් නෑ’’ එම මීගමු පවුලේ වැඩිහිටි කාන්තාව කී පසු ඒ පවුලේ සෙසු සියලුදෙනා ද එය අනුමත කළහ.

 

විෂාදය යනු කුමක් ද...? | නිලක්ෂි බණ්ඩාර

‘‘පහු ගිය කාලෙ ඔයාලගෙ බිස්නස් කඩා වැටීමත් එක්ක මානසික මට්ටමත් පහළ වැටුණා. එහෙම වෙන කොට ඒක පවුලේ සමඟියට වුණත් සෘජුවම බලපානවා. නමුත් ඒ ඇත්ත කාරණේ ඒ විදිහට පිළිගන්න බැරි හින්දා ඔයාලා ඒවා ගුප්ත දෝෂ වලට ප්‍රක්ෂේපණය කර ගන්නවා. මෙතනත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. ඔය කියන පෙරේත දෝෂය තිබිලා තියෙන්නේ ඔයාලගේ හිත්වල. ඒක ඔයාලගේ හිත්වලට කා වද්දලා තියෙන්නේ ඔයාලා සාස්තර අහන්න ගිය සාස්තර පො‍ළෙන්. කාගේ හරි මානසිකත්වයක් බිඳ වැටුණාම ඒ අය ඒකෙන් ගොඩ එන්න කාගෙන් හරි උපදෙසක් ගන්නයි බලන්නේ. ඔය කෑමවල සෙවළ, ගඳ වගේ කතා ඒ සාස්තර පො‍ළෙන් අටවපු මානසික ගුණ්ඩුවක්. ඒ වෙනකොට මානසිකව වැටිලා හිටපු ඔයාලා ගුණ්ඩුවට අහුවුණා. ඒකයි ඒ සාස්තර පො‍ළේ කීම අහලා කෑම දිහා බලනකොට අර වගේ අමුත්තක් දැනුණේ. දැන් මේ කෑම සිය දෙනෙකුට දීලා බලන්න. එක්කෙනෙක් වත් ඔය සෙවල කතාව කියයි ද බලන්න. හැබැයි ඉතින් මෙතන බණ්ඩක්කා ව්‍යංජනයක් තිබිලා කවුරු හරි ඒක සෙවලයි කිව්වත් ඔයාලා හිතන්නේ ඒකත් ඔය පෙරේත දෝෂයෙන් වුණු දෙයක් කියලා. ඒ වගේම මම කජු මාලුවක් හදන්න ඒකට පෙරේත බැල්ම වැටෙන්නෙ නෑ කියලා කෙබරයක් ඇද බෑවොත් ඒ කජු මාලුවට ඒ වගේ දෙයක් වෙලා නෑ කියලා ඔයාලා පිළිගන්නවා” ඔවුන් ගේ ඉල්ලීම මත එම නිවසින් දිවා ආහාරය ගත් පසු මම කීවෙමි.

කුමන හෝ හේතුවක් මත යමෙකු මානසිකව බිඳවැටීමේදී ඒ තැනැත්තාගේ මානසික ඒකාග්‍රතාව බිඳවැටීම, ක්‍රියාකාරී මතකය අවප්‍රමාණ වීම ආදී කාන්සාත්මක ලක්ෂණ දක්නට ලැබේ. ඒ ව්‍යාපාරිකයාගේ නිවසේ රන් බඩු විතැන් වීම බොහෝ දුරට එවනි මානසික්තවයක් මත පදනම් වූවකි. ඒ අනුව යථාර්ථවාදීව විස්තර කළ හැකි එවැනි තත්ත්වයන් විවිධ ගුප්ත ආරෝපණ ලබාදෙන කපටි කයිරාටිකයන් නිසා තම ජීවිත මුළුමනින් විනාශ කරගත් හා ගනිමින් හිඳින අතිවිශාල පිරිසක් අදටත් අපේ ජන සමාජය තුළ සිටිති. ඔවුන්ගේ මෙවන් බරපතල වංචාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනී‍මේ ක්‍රමවේදයක් මේ තාක් සැකසී නොතිබීම සැබෑම ඛේදවාචකයකි.

(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රන් බඩු එහා මෙහා කරන කෑම පිළුණු කරන පෙරේතයා | තිලක් සේනාසිංහ | The Leader