සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය වැනි ආනයන සඳහා තීරුබදු නැති රටවලට පවා තීරුබදු පනවා ඇත. වැසියන් නොමැති, පක්ෂීන් පමණක් වෙසෙන භූමි භාගයන් වෙතින් නොකෙරෙන අපනයන සඳහා ද දණ්ඩනීය තීරුබදු පනවා ඇත. මේවා ඇමෙරිකාවේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟයන් අඩු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති තීරුබදු සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති අතාර්කික සූත්‍රයක් මත පදනම්ව පනවා ඇත.
නොවැම්බර් මාසයේ පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් කෙටි කලකට පසු, ඉදිරියේදී එන කුණාටුවට මුහුණ දීමට රජය කරන්නේ කුමක්දැයි මම විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් ඇසුවෙමි. මට කිසිදු වැදගත් පිළිතුරක් නොලැබිණි. ඇඟලුම් අපනයනකරුවන් විකල්ප අධ්‍යයනය කරමින් සිටින බව නම් ආරංචි විය.
"පුදුමය දනවන" යෝජනා?
මෙම අවස්ථාවේදී රජයට දොස් පැවරීමෙන් පලක් නැත. ගිය දේ ගියාවේ යයි කියා සැලකීම වඩා හොඳය. කෙසේ වෙතත් තර්ක හා සාක්ෂිවලට මේ දිනවල වොෂින්ටනයේ බලවතුන් කිසිදු බරක් දෙන්නේ නැත. ප්‍රශ්නය සත්‍ය වශයෙන්ම ලංකාවේ තීරුබදු සහ අතුරු තීරුබදු (para tariffs) ගැන නම්, ඒවා අඩු කිරීම අර්ථවත් වනු ඇත. එහෙත්, සියයට 44ක තීරුබදු පැනවීම සඳහා ගණනය කිරීම සිදු කළ සූත්‍රයෙන් පෙන්නුම් කරන්නේ එහි අරමුණ තීරුබදු අඩු කිරීම නොව, ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජනපදයේ වෙළඳ ශේෂය එරටට වාසිදායක වන පරිදි අඩු කිරීම බවයි. මේ සඳහා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ආනයන සත් ගුණයකින් වැඩි කල යුතු වනු ඇත.

ජනාධිපති ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ "පුදුමය දනවන" (phenomenal) සහනයි. එවැනි අසාමාන්‍ය සහනයක උදාහරණයක් වන්නේ, පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීමේ අපගේ සැලසුම් අවලංගු කර ඇමරිකා එක්සත් ජනපදයෙන් ලොව පුරා නැව්ගත කරන මිල අධික LNG ගොඩබෑම සඳහා LNG පර්යන්තයක් ඉදිකිරීමයි (මෙය වනාහි, රාජපක්ෂලා විසින් මධ්‍යම රාත්‍රියේ එකග වූ, කාගේත් විරෝධයට ලක් වූ නිව් ෆෝට්‍රස් ගනුදෙනුවයි). එමගින් පවා ඇමරිකා එක්සත් ජනපදයට අපේක්ෂිත වෙළඳ අතිරික්තය ලබාදිය නොහැකිය. එහෙත්, සුළං සහ සූර්ය බලශක්ති ප්‍රතික්ෂේප කිරීම සමඟ එකට ගතහොත්, එය ට්‍රම්ප් විසින් පිළිගැනීමට ඉඩ ඇත. එහෙත්, එය කප්පම් ගැනීමට යටත් වන දීන එකඟතාවක් ලෙස වැඩිදෙනෙකු විසින් සලකනු ඇත.
දණ්ඩනීය සහ අත්තනෝමතික තීරුබදු අඩු කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටීම සඳහා වලංගු තර්කයක් සහිත යෝජනා නාමික වශයෙන් හෝ රජය විසින් ඉදිරිපත් කළ යුතුව තිබේ. නමුත් එමගින් පමණක් ට්‍රම්ප්ගෙන් සහනයක් ලබාගත නොහැකි බව අප හොඳින් තේරුම් ගත යුතුව ඇත.
ජාත්‍යන්තර වෙළෙඳ නීතියේ මූල ධර්මයක් වූ “වඩාත්ම ප්‍රසාදිත ජාතිය” (MFN) රීතිය උල්ලංඝනය නොවන පරිදි, ආනයන සඳහා යොදන ලද සියලු තීරුබදු අඩු කර (ඇමෙරිකාවට පමණක් නොව), ඊට අමතරව අතුරු තීරුබදුද ඉවත් කළ යුතුය. මෙය අප කල යුත්තේ එමගින් ලංකාවේ අපනයන ප්‍රවර්ධනය කර ගත හැකි වන නිසාය. ට්‍රම්ප්ට කප්පම් වශයෙන් නොවේ.
දෙවන විශාලතම අපනයන ගමනාන්තය වන යුරෝපා සංගමය වැනි තාර්කිකත්වයෙන් පාලනය වන ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල ලාංකික අපනයනකරුවන් විසින් වර්ධනය කරගෙන ඇති වෙළඳපොළ ප්‍රවේශයට ඇති වන තර්ජන කල්තබා වළක්වා ගැනීම සඳහා ලංකාව කෙටි කාලීනව සිය සියලු ශක්තීන් යෙදවිය යුතුය.
GSP+ බේරාගැනීම

GSP+ සඳහා වන නිර්ණායක ඉතා පැහැදිලිය: ඒවා නම්, ජාතික සංහිඳියාව, මානව හිමිකම්වලට ගරු කිරීම, නීතියේ ආධිපත්‍යය සහ යහපාලන මූලධර්ම මෙන්ම තිරසාර ආර්ථික සංවර්ධනයයි.
2010දී අපට GSP+ අහිමි වූයේ, කොන්දේසි සපුරාලීමට අවස්ථා පිට අවස්ථා ලබා දුන්නද මහින්ද රාජපක්ෂ රජය මෙම නිර්ණායකවලට අනුගත වීම ප්‍රතික්ෂේප කළ බැවිනි. 2017දී GSP+ නැවත ලබා දෙන ලද්දේ එවකට රජය ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්ත විරෝධී නීති වෙනස් කිරීම ඇතුළුව යහපාලනය ඇති කිරීමට පොරොන්දු වූ බැවිනි.
දශකයකට ආසන්න කාලයක් ගතව ඇත. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවම එහෙමමය. එය අද මෙන්ම එදා ද, ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් සමග ගැලපුණේ නැත. 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට සහ පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුබිම නිර්මාණය කළ ආරවුල් හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ මුල් කාලයේදී ලබාදුන් බොහෝ පොරොන්දු පසුව සෝදාපාළු විය.

GSP+ සමාලෝචනය සඳහා යුරෝපා සංගම් දූත පිරිස් ළඟදීම පැමිණීමට නියමිතය. අපේ ආණ්ඩුව පැත්තෙන් පෙන්වීම සඳහා නිශ්චිත ව්‍යවස්ථාදායක ක්‍රියාවන් ඇත්තේ ඉතා අල්පයකි.
වෙළඳ නීති වෙනස් කිරීමේදී යුරෝපා සංගමය එක්සත් ජනපදයට වඩා ශිෂ්ට සම්පන්නය. GSP+ වරප්‍රසාද ඉවත් කිරීමට පෙර ඔවුහු පියවර මාලාවක් අනුගමනය කරති. එහෙත්, අධීක්ෂණ දූත මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීම සඳහා ස්ථිර පදනමක් තිබීම හොඳය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම මේ ආණ්ඩුවට අපහසු විය නොහැක. එය අහෝසි කිරීම ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කළ අතර එය විස්තර කළේ "පීඩාකාරී" පනතක් ලෙසය. වෙනස ක්‍රියාත්මක කිරීම පහසුය. 1978 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත මෙයින් අවලංගු කරන බව පවසන වගන්ති කිහිපයක් පමණක් ප්‍රමාණවත් වේ. මෙම පනත විධිමත් ආකාරයකින් ඈවර කළ යුතු කිසිදු ආයතනයක් නිර්මාණය කර නැත.
චෝදනා නොමැතිව දැනට රඳවා තබා ගෙන ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් සහ එහි විධිවිධාන යටතේ වරදකරුවන් වී සිර දඬුවම් විඳිමින් සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න පමණක් වැදගත් ප්‍රශ්නයක් වේ. පෙර භාවිතය වූයේ මූලික නීතිමය සම්මතයන්ගෙන් සැලකිය යුතු ලෙස බැහැර වූ නීතියක් අවලංගු කළ විට, එම නීති යටතේ දඬුවම් ලැබූවන් නිදහස් කිරීමයි. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අවලංගු කළ විට රෝහණ විජේවීර ඇතුළු පිරිසකට නිදහස ලැබුණේ මේ අන්දමිනි.

අවම වශයෙන්, ගාසා තීරයේ තත්ත්වයට විරෝධය පළ කරමින් ස්ටිකර් ඇලවීම සහ ත්‍රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නොමැති සාමාන්‍ය අපරාධ පරීක්ෂණ වැනි සුළු කාරණා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග නිකුත් කිරීම රජය නතර කළ යුතුය. මෙහිදී වත්මන් රජයේ හැසිරීම එහි පූර්වගාමියාගේ හැසිරීමට වඩා නරක තත්වයක තිබේ.
මෙම දුෂ්ට පනත අවලංගු කිරීම මගින්, 2017 දී GSP+ සහනය නැවත ලබා දෙන විට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට රජය සද්භාවයෙන් උත්සාහ කරන බව පැහැදිලිව සන්නිවේදනය කරනු ඇත. එසේ කළහොත්, අපගේ ආර්ථිකය මුහුණ දෙන අවදානම් සම්බන්ධයෙන් රජය කටයුතු නොකරන බවට දැන් මෙන් චෝදනා කිරීමට කිසිවකුට නොහැකි වනු ඇත.

(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology