The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිවාස වහල මත ඇති සූර්ය පැනල මුල් කොට ආණ්ඩුවේ ලොක්කන් 'කයිය-නායකලා' ,'කයි-තන්'ලා නොවිය යුතු ය | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

April 15, 2025 • 6:35 AM

නිවාස වහල මත ඇති සූර්ය පැනල මුල් කොට ආණ්ඩුවේ ලොක්කන් 'කයිය-නායකලා' ,'කයි-තන්'ලා නොවිය යුතු ය | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ජාතික විදුලි බල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් බව ද මණ්ඩලය පවසා තිබේ.
  • විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමකට පහත වැටී ඇති බැවින් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බවකි.
  • එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව බරපතළ පහත වැටී ඇති අවස්ථාවක ඊට ඉතා සුළු උච්චාවචනයකදී පවා ප්‍රදේශීය වශයෙන් හෝ රට පුරා විදුලිය විසන්ධි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතින බව ය.
  • ඒ අනුව නිවාසවල වහල මත සවිකර ඇති සූර්ය පැනල ඉකුත් 13 වන දා සිට ලබන 21 දා දක්වා තාවකාලිකව නවතා දමන ලෙසට සූර්ය පැනල විදුලි සැපයුම් කරුවන් වෙත කරන ලද මෙම දැනුම් දීම පසුව එස් එම් එස් පණිවිඩයක් මඟින් පවා දන්වා යැවූ බව ද විදුලිබල මණ්ඩලය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ජාතික විදුලි බල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් බව ද මණ්ඩලය පවසා තිබේ.

490120724 10171444579565092 5331335446666291205 nවිදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමකට පහත වැටී ඇති බැවින් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බවකි.



එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව බරපතළ පහත වැටී ඇති අවස්ථාවක ඊට ඉතා සුළු උච්චාවචනයකදී පවා ප්‍රදේශීය වශයෙන් හෝ රට පුරා විදුලිය විසන්ධි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතින බව ය.

ඒ අනුව නිවාසවල වහල මත සවිකර ඇති සූර්ය පැනල ඉකුත් 13 වන දා සිට ලබන 21 දා දක්වා තාවකාලිකව නවතා දමන ලෙසට සූර්ය පැනල විදුලි සැපයුම් කරුවන් වෙත කරන ලද මෙම දැනුම් දීම පසුව එස් එම් එස් පණිවිඩයක් මඟින් පවා දන්වා යැවූ බව ද විදුලිබල මණ්ඩලය පවසයි.

vy5
ඉහත සිදුවීමත් සමඟ අප ගේ සිහියට නැඟෙනුයේ පසුගිය පෙබරවාරි 09 වන දා පෙ.ව 11.15 ට පමණ මුලු රටේම විදුලිය එක් වරම විසන්ධි වීමත් සමඟ බලශක්ති ඇමති කුමාර ජයකොඩි විසින් ජනතාව අතරට පත් කළ “පානදුරේ වඳුරා”පිළිබඳ ප්‍රවාදයයි. ඒ වඳුරු කතාවෙන් ඔහු පවසා ඇත්තේ ඒ සඳහා දැක්විය හැකි ආසන්නතම හේතුවක් මිස විද්‍යාත්මක පදනම නොවේ.

එමෙන්ම ඔහු දැක්වූ “වඳුරු කතාව” පවා සත්‍යයක් නොවන බව පසුව අනාවරණය කර ගත නොහැකි විය. ඒ අනුව ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව බරපතළ පහත වැටී ඇති අවස්ථාවක ඊට ඉතා සුළු උච්චාවචනයකදී පවා අර්ධ වශයෙන් හෝ රට පුරා පූර්ණ වශයෙන් විදුලිය විසන්ධිවීමක් ඇති වීමේ සම්භාවිතාවට විදුලි ඉංජිනේරු වරයකු ද බව සඳහන් ඔහු කොහේවත් නැති වඳුරකු ගාවා ගැනීම ඇතැමකුට මහත් විනෝදයක් ද ගෙන දුන් බව එවක සමාජ ජාල නිරීක්ෂණ වල දී සනාථ කර ගත හැකි විය.

 

මෙවර සිංහල අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ද විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින අවස්ථාවක තද සූර්ය රශ්මිය මුල් කොට නිවාස වහල මත සූර්ය බලශක්තියේ ඉහළ නිෂ්පාදනයක් සිදු වන අතර, එමගින් ජාල ස්ථායිතාව බරපතළ අවදානමකට ලක් වීම මුල් කොට ජාතික විදුලි බල පද්ධතිය හදිසියේ බිඳ වැටීමට ඇති අවදානම අප පිළිගත යුතු ය.

එමෙන්ම ඒ මුල් කොට ජාතික පද්ධතියට එක් කර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස සිදුකරන ලද දැනුම් දීමට අනුව බොහෝ පිරිසක් ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව ජාතික විදුලි පද්ධතිය නිරීක්ෂණය කිරීමේදි එය පැහැදිලි වන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කොට තිබේ.

නමුත් ඇතැම් සූර්ය පැනල හිමියන් මෙම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම කනගාටුවට කරුණක් බව ද එම මණ්ඩලය පවසා තිබිණ. ඒ ඉන්පසු තමන්ට දිගටම විදුලිය සැපයීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි යන බිය මුසු සැකය නිසා ද විය හැක.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තවත් පාර්ශව කිහිපයක ද හඬ අවදිව තිබෙනු දක්නට පුළුවන.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් විරෝධතාව පළ කරමින් පවසනුයේ ඉකුත් මැතිවරණ සමයේ පුනර්ජනනීය බල ශක්තිය සඳහා මුල්තැන ලබා දෙන බව පැවසූ වත්මන් රජය අද වන විට ඩීසල් මාෆියාවට, තාප විදුලි බලශක්ති මාෆියාවට යට වී පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බවකි.



ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මීගමුව ආසනයේ, දලුවාකොටුව කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති ජන හමුවක් අමතමින් ඔහු පවසා ඇත්තේ ඉන්ධන වලින් නිෂ්පාදනය කරන බලශක්තියට වඩා ජලය, සුළං, සූර්ය බලය ආදිය උපයෝගී කර ගෙන නිෂ්පාදනය කරන පුනර්ජනනීය බල ශක්තිය මිලෙන් අඩු බැවින් එවන් තත්වයක් මත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයනට අමතර රෙගුලාසි හා තහංචි පැනවීම, අනුමැතිය ලබා දීම පමා කිරිම ආදිය කරමින් ඩීසල් විදුලි බලාගාර මාෆියාව රජ කර වීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකළ යුතු බවකි.

ඒ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ද කොටදෙනියාව මැල්ලවගෙදර දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක ආණ්ඩුවේ මෙම ක්‍රියාව විවේච්නයට ලක් කොට තිබේ. ඔහු එහි දී පවසා ඇත්තේ සිංහල අවුරුද්ද උදා වෙද්දීම අවුරුදු තෑග්ගක් ලෙස ආණ්ඩුව සූර්ය බල විදුලි නිෂ්පාදනයට ප්‍රහාරයක් එල්ල කළ බවකි. ඒ හේතුවෙන් ව්‍යවසායකයින්ට රුපියල් මිලියන පන්සිය පනහක් ද, රජයට මිලියන 1100 ක පාඩුවක් සිදු වී ඇතැයි ද ඔහු කියා සිටියි.

Sanjeewa Dhammika 6විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික

“මේ ක්‍රියාදාමය නිසා අඩු වියදම් විදුලි ඒකක 7 90,000ක් පද්ධතියට අහිමි වෙලා. ඒවා එහෙම නැවැත්තුවට ඉන්ධන වලින් බලාගාර දුවනවා. එතනිනුත් පාඩුව රුපියල් මිලියන 200යි. රුපියල් දහයක මුදලට ගත හැකිව තිබූ අඩු වියදම් විදුලි ඒකක ප්‍රමාණය අතහැරලා රුපියල් පනහේ ඉඳලා සීය දක්වා මුදල් වලට ආණ්ඩුව ඒ ඒ අයගේ බලාගාර වලින් විදුලිය මිලදී ගන්නවා. ගණන් බලපුවාම අවුරුදු තෑග්ගේ සමස්ත පාඩුව රුපියල් මිලියන 2100 ක් විතර වෙනවා. ජනතාවට වගකිව යුතු ආයතනය වන මහජන උපයෝගීතා කොමිසම අහිංසක පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටිය යුතු අවස්ථාවක් උදා වෙලා. ඒ වගේම ආණ්ඩුව පිරිවැය අධිකයි. නිෂ්පාදනය සඳහා යන මුදල වැඩියි කියා ජුනි මාසේ ඉඳලා විදුලි බිල වැඩි කරන්නත් සූදානමක් පවතින බවයි අපිට මේ පේන්නේ. පෙරහරක් ළඟ එනවා කියලා කස කාරයෝ ඇවිත් තියෙනවා. පොහොර නිසා ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා. මේ යන විදිහට සූර්ය බල විදුලිය නිසා අනුර කුමාර දිසානායකට ගෙදර යන්න සිදුවෙයි. රජයේ බලයට පත්වුණේ හොරු අල්ලන්න කියලා ඒ උනාට දැන් විදුලි බල මණ්ඩලය හොරු බෝ කරන තෝතැන්නක් බවට පත්වෙලා ඉවරයි.” විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික කියා සිටියි.

නමුත් විදුලි ඉල්ලුම අඩුවන අවස්ථාවලදී සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ පමණක් සිදු නොවන කරුණක් බව පෙන්වා දෙන ලංකා විදුලි බල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරනුයේ එය ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල ද සිදු කරන කටයුත්තක් බවකි.

නමුත් එය අප රටේ මෙන් කිසිවකුටත් පාඩු සිදුවන ලෙස සිදු කරතැයි අපට නොසිතේ. අපට වැටහෙන අන්දමට ආණ්ඩුව මේ සිදු කොට ඇත්තේ කුමාරතුංග මුණිදාසයන් ලියූ “හත් පණ” ළමා කතාවේ කිරි හාමි නම් මෝඩ පුතා කළ ජාතියේ මෝඩ වැඩකි. එමෙන්ම මෙය පසුගිය දා ආණ්ඩුව රිළා වඳුරු සංගණනය නමින් කළ විලම්බීතයටත් වඩා බරපතල ය.

 

නව විදුලිබල පනතින් පුනර්ජනනීය බලශක්තිය දිරිගැන්විය යුතුය | පිරිසුදු හා හරිත  සමාජ ව්‍යාපාරය
සුළං,ජල, සූර්ය, භූගත තාප හා මුහුදු ජල තරංග බල වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම හැකි තරම් වැඩි කිරීම තුළින් ඩීසල්, ගෑස් හා ගල් අඟුරු සඳහා විශාල වශයෙන් විදෙස් විනිමය ගලායෑම නැවැත්වීම සඳහා වන විශිෂ්ට උපාය මාර්ගයකි. ඒ බවට පුළුල් සමාජ කතිකාවක් පසුගිය කාලය පුරා දියත් විය.

විදුලිය නිෂ්පාදන වියදම අඩු කිරීමත්, දැනට පවතින අධික විදුලි බිල අඩු කිරීම තුළින් ජීවන වියදම අඩු කිරීමත්, රටේ පවතින ඉතා ඉහළ ප්‍රවාහන වියදම් අඩු කිරීමත්, මෙම පුනර්ජනනීය බලශක්තිය තුළින් ළඟා කර ගැනීමට හැකි වන මුත් “විදුලි ඉංජිනේරු මාෆියාවක්” විසින් ඊට ඉඩ නොදෙන බවද පැවසිණි.ඒ අනුව අද වුව ද බලශක්ති හිමියන් පසු ගන්වන මෙවන් ක්‍රියා දාමයන් ඕපපාතික සේ සිතීමට ද අපට නොපුළුවන.

මේ අතර, බල ශක්ති විශේෂඥ ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන ප්‍රකාශ කරනුයේ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වහල මත සවිකර ඇති සූර්ය පැනල එළැඹෙන 21 වැනිදා තෙක් පස්වරු තුන දක්වා ක්‍රියා විරහිත කරන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇති මුත් අඩු විදුලි ඉල්ලුමක් පවතින අවස්ථාවක සුර්ය පැනල හරහා ප්‍රධාන පද්ධතියට විදුලිය ගලා එම ජාතික පද්ධතියේ සමතුලිතතාවයට බාධාවක් නොවන බවයි.

 



ඒ සඳහා මෙවැනි පසුබිමක සුර්ය පැනල මගින් ජනනය කරන විදුලිය ප්‍රධාන පද්ධතියට ඈඳා ගැනීමේදී ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂණ පද්ධතියක් ලංකා විදුලි බල මණ්ඩලය නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බව ද ඔහු පවසයි.

ඒ අනුව එම අඩුපාඩුව වහා සපුරා ගත යුතුව තිබිය දී සූර්ය විදුලි බල සැපයුම් කරුවනට මෙවැනි බලපෑම් කිරීම මඟින් ඉදිරියේ දී ඔවුන් ජාතික විදුලි බල පද්ධතියට දායක නොවීමේ විශාල ඉඩකඩක් පවතී. ඉන් පැහැදිලි වනුයේ පසුගිය මැතිවරණ වලින් පසු තම රජය විසින් පළවා හරින ලද බව ආණ්ඩුව පුන පුනාම පවසන යක්ෂයා තාමත් නිවසේ කොහේ හෝ සැඟවී (හෝ සඟවා ගෙන ) හිඳින බවකි.

මෙම පසුබිම යටතේ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන පුනර්ජනනීය බල ශක්ති උත්පාදනයට මෙවන් දුර් දසාවන් එළඹීමට හේතුව කුමක් දැයි සොයා බැලීම රජය විසින් නොපමාවම ඉටු කළ යුතු කාර්යයකි. නැතිනම් මේ වන විටත් සමාජයේ ඇතැමුන් වත්මන් ආණ්ඩුවේ බලධාරීන් හැඳින්වීමට යොදන “කයිය-නායක”සහ “කයි-තන්” වැනි නම් මුවින් මුවග රැව් දෙන ජනකාන්ත තත්වයට පත් වීමට වැඩි කලක් ගත නොවනු ඇත.

 

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 40 ක් සමාලෝචනයට කමිටුවක්

2019 වසරේ අගෝස්තුවේදී ගැසට් කරන ලද ජාතික බල ශක්ති ප්‍රතිපත්ති සහ උපාය මාර්ග වලට අනුව වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ බල ශක්ති උත්පාදනයෙන් 70%ක් සිදු විය යුත්තේ පුනර්ජනනීය බල ශක්තියෙනි. එම ඉලක්කය සපුරා ගැනීමට තව ඇත්තේ වසර පහකි. නමුදු මේ වන විට සුළං සහ සූර්ය පැනල ඇසුරින් උත්පාදනය කෙරෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. නමුත් මේ වන විට එම සැපයුම් කරුවන්ට එල්ල වන මෙවන් බාධක හමුවේ 2030 දී සියයට 70ක ඉලක්කය සපුරාගත හැකි බව පැවසීම ගෝනියක් තුළට බැස කෙටි දුර ධාවනයක යෙදී ජය ගැනීමක් මෙනි.

එමෙන්ම වත්මන් ආණ්ඩුව තුළ හොරු නැතැයි තමන් විසින්ම හිතේ හැටියට ලියා ගන්නා චරිත සහතිකය නුදුරේ දීම “කල් ඉකුත් වීමට” ද පුළුවන. එහෙත්, මේ වන විට ආණ්ඩුව බරපතල ලෙසින් සිදු කොට ඇති සොරුන් පලවා හැර ඒ වෙනුවට ආණ්ඩුව තුළට “ටොන් පචයන්” හා අඥානයන් ගොනු කර ගැනීමෙන් ද එම ප්‍රතිඵලය එලෙසින්ම භුක්ති විඳීමට ජනතාවට සිදු වනු ඒකාන්ත ය.


Screenshot 2024 12 25 at 10.13.44 copy(සටහන | රීටා ජෙනට් පෙරේරා)

උපුටා ගැනීම - vinivida


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...