The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමේදී ඔබේ අනාගත ඉලක්ක ජය ගැනීමට දැනගත යුතු කරුණු

T

The Leader Desk

April 15, 2025 • 7:12 AM

සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමේදී ඔබේ අනාගත ඉලක්ක ජය ගැනීමට දැනගත යුතු කරුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක ආර්ථික සංසදය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව එවැනි තත්ත්වයක් සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකකි.
  • 'තරගකාරීත්වය වැඩි වෙලා' ආචාර්ය පියවි විජේවර්ධන විෂය ප්‍රමිතිකරණය පිළිබඳ විශේෂඥයෙකි ආචාර්ය පියවි විජේවර්ධන පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේ සෑම කලාපයක ම රැකියා සම්බන්ධයෙන් පවතින තරගකාරීත්වය ඉහළ ගොස් ඇති බව ය.
  • විද්‍යා අංශය විද්‍යා අංශය සම්බන්ධයෙන් ගත කල ඊට අදාළ ක්ෂේත්‍ර 3ක රැකියා සුරක්ෂිත බවත්, වැඩි ආදායමක් ලබා ගත හැකි බවත් ආචාර්ය පියවි විජේවර්ධන පවසයි.
  • එම ක්ෂේත්‍ර 3 වන්නේ, * වෛද්‍ය * දන්ත වෛද්‍ය * පශු වෛද්‍ය යන ඒවා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝක ආර්ථික සංසදය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව එවැනි තත්ත්වයක් සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකකි. නව තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණය දියුණු වීම සහ හරිත ආර්ථිකය හා තිරසරභාවය කරා ගමන් කිරීම එම සාධක වේ.

ඊට අමතරව ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළ අන් කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර වර්තමානයේ පවතින බොහෝ රැකියා ඉක්මනින් නැති වී යන තත්ත්වයක් මතුව තිබේ.

ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළ සහ උසස් අධ්‍යාපනයට අදාළ විෂයයන් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ යි.

මේ පිළිබඳව, අපි අධ්‍යාපන ප්‍රමිතිකරණය පිළිබඳ විශේෂඥයෙකු මෙන් ම, පර්යේෂණ සමාජ විද්‍යාඥයෙකු වන ආචාර්ය පියවි විජේවර්ධන සමග සාකච්ඡා කළෙමු.

'තරගකාරීත්වය වැඩි වෙලා'

ආචාර්ය පියවි විජේවර්ධන විෂය ප්‍රමිතිකරණය පිළිබඳ විශේෂඥයෙකි

 

ආචාර්ය පියවි විජේවර්ධන පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේ සෑම කලාපයක ම රැකියා සම්බන්ධයෙන් පවතින තරගකාරීත්වය ඉහළ ගොස් ඇති බව ය.

"රැකියා අවස්ථා සම්බන්ධයෙන් තරගකාරීත්වය වැඩි වෙලා තියෙනවා. ලෝකයේ හැම රටක ම, කලාපයක ම මේ තත්ත්වය දකින්න පුළුවන්. පසුගිය දශකයට සාපේක්ෂව මේ දශකය වෙද්දි රැකියාවලට තියෙන තරගකාරීත්වය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඕනෑ ම විෂය ක්ෂේත්‍රයක සාමාන්‍ය මට්ටමේ දැනුමක් සඳහා වන ඉල්ලුම ඇහිරිලා තියෙනවා," ආචාර්ය පියවි විජේවර්ධන පැවසීය.

මේ අනුව, මූලික විෂය ක්ෂේත්‍රයන් හතර සඳහා පවතින රැකියා අවස්ථා පිළිබඳව විමසා බලමු.

විද්‍යා අංශය

විද්‍යා අංශය සම්බන්ධයෙන් ගත කල ඊට අදාළ ක්ෂේත්‍ර 3ක රැකියා සුරක්ෂිත බවත්, වැඩි ආදායමක් ලබා ගත හැකි බවත් ආචාර්ය පියවි විජේවර්ධන පවසයි.

එම ක්ෂේත්‍ර 3 වන්නේ,

* වෛද්‍ය

* දන්ත වෛද්‍ය

* පශු වෛද්‍ය යන ඒවා ය.


ලෝක ජනගහනය වයස්ගත වෙමින් පවතින අතර, ඊට සාපේක්ෂව ආයු අපේක්ෂාව වැඩි වෙමින් පවතී.

ඒ අනුව, වෛද්‍ය සේවාවන් අපේක්ෂා කරන රෝගීන්ගේ හිඟයක් ඇති නොවන බව ආචාර්ය පියවි විජේවර්ධන පෙන්වා දෙයි.

doctors

"ඉහත අපි කතා කරන ක්ෂේත්‍ර තුනට ම අදාළ වෙන්නේ රෝගීන්. රෝගීන් අඩු වෙන්නෙ නෑ. ජනගහනය ඉහළ යාමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයත් නිසා වයස්ගත පුද්ගලයින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ සතුන්ගේ සෞඛ්‍යය ගැන බලන පශු වෛද්‍ය කියන ක්ෂේත්‍ර තුනේ ම වෛද්‍යවරුන්ගේ රැකියා සුරක්ෂිත තත්ත්වයක තියෙනවා. මොක ද, ඒ ක්ෂේත්‍රවල වෘත්තිකයින් සංඛ්‍යාත්මකව ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි, ඕන ම රටක ඒ සඳහා වැඩි ඉල්ලුමක් වගේ ම හොඳ වැටුප් අපේක්ෂා කරන්න පුළුවන්."

මේ අතර, වර්ධනය වෙමින් පවතින රූපලාවණ්‍ය අවශ්‍යතා ඇතුළු සාධක කිහිපයක් හේතුවෙන් දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය ද ආදායම් ඉපයිය හැකි රැකියා ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, කෘෂි විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව වැනි විද්‍යා විෂයයන් සඳහා පවතින රැකියා අවස්ථා පහළ මට්ටමක පවතින අතර, එවැනි විෂයයන් ඉගෙන ගන්නා බහුතර පිරිසක් අදාළ නොවන ක්ෂේත්‍රවල රැකියාවල නිරතව සිටින බව නිරීක්ෂණය වන බව ආචාර්ය පියවි විජේවර්ධන පවසයි.

කෙසේ වෙතත්, එම තොරතුරු තහවුරු කිරීම සඳහා අවශ්‍ය සංගණන සිදු කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ගණිත අංශය

mathes
ගණිත අංශය ඉගෙන ගැනීමෙන් ඉංජිනේරු ක්ෂේත්‍රය සඳහා වෘත්තිකයෙකු බවට පත්විය හැකි අතර, වෛද්‍ය ක්ෂේත්‍රයට සාපේක්ෂව රැකියා තරගකාරීත්වය වැඩි ය.

එනම්, මෘදුකාංග, විද්‍යුත්, විදුලි, සිවිල් ඇතුළු ඉංජිනේරු විෂයයන් හදාරන බොහෝ දෙනෙක් Chartered Accountancy, CIMA, BCS ආදී වෘත්තීය පාඨමාලා හදාරති.

"රැකියාවල තියෙන තරගකාරීත්වය නිසා සාමාන්‍ය උපාධිය ප්‍රමාණවත් නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අමතර වෘත්තීය පාඨමාලාවක් කරන්න වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත නෑ. තරගකාරීත්වය මත තමයි රැකියා තීරණය වෙන්නෙ," ආචාර්ය පියවි විජේවර්ධන සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, නිසි සුදුසුකම් සපුරාලන වෘත්තිකයින් සඳහා සැලකිය යුතු වැටුප් පරිමාණයක් අපේක්ෂා කළ හැකි වනු ඇත.

වාණිජ්‍ය අංශය

වාණිජ්‍ය අංශයට අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ද රැකියා අවස්ථාවල තරගකාරී ස්වභාවයක් පවතින බව රැකියා වෙළෙඳපොළ නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.

නව තාක්ෂණය සහ මෙවලම් ඔස්සේ ස්වයංක්‍රීයව සිදු කර ගැනීමට හැකිවීම නිසා ශ්‍රම වෙළෙඳපොළෙන් ඉවත්විය හැකි රැකියා අතර, ගිණුම්කරණය ද පවතී.

 

Choosing the Right Accounting Career Path

ඊට අමතරව, වාණිජ්‍ය අංශයේ ඉහළ ම රැකියාවක් වන ගණකාධිකාරී වෘත්තිය ද අභියෝගයට ලක්ව තිබේ.

"මහා පරිමාණ නොවන ආයතනවල ගණකාධිකාරීවරයාගේ කටයුතු වෙනත් වෘත්තිකයින් විසින් සිදු කරනු ලබන අවස්ථා තියෙනවා. ඒ වගේ ම, එවැනි තනතුරුවල පත්වන පුද්ගලයින් දීර්ඝ කාලයක් තනතුරේ රැඳෙනවා. ඒ වගේ විවිධ හේතු නිසා වානිජ අංශයේ රැකියාත් තරගකාරී තත්ත්වයක තියෙන්නේ," ආචාර්ය පියවි විජේවර්ධන පවසයි.

වාණිජ්‍ය විෂය ධාරාවෙන් උපාධි ලබා ගන්නා සිසුන්ට වෘත්තිකයින් ලෙස ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීම සඳහා Chartered Accountancy, CIMA, CIM ආදී වෘත්තීය පාඨමාලා හැදැරීමට සිදුවන බව නිරීක්ෂණය වෙයි.

ඒ අනුව, වාණිජ්‍ය විෂය හදාරන්නන්ට, කළමනාකරණය, ගණකාධිකරණය සහ අලෙවිකරණය ආදී ක්ෂේත්‍රවලට යොමු වීමෙන් රැකියා ඉලක්ක ළඟා කර ගත හැකි වනු ඇතැයි ආචාර්ය පියවි විජේවර්ධන පවසයි.

කලා අංශය

මේ වන විට පවතින රැකියා වෙළෙඳපොළ අනුව රැකියා අවස්ථා පහළ ම මට්ටමක පවතින්නේ කලා අංශය සඳහා බව ආචාර්ය පියවි විජේවර්ධන ප්‍රකාශ කළේ ය.

"කලා අංශයේ උපාධිධාරීන්ට ගුරු වෘත්තිය ඇතුළු සීමිත ක්ෂේත්‍ර කීපයක් නිරාවරණය වෙනවා. ඊට අමතරව, මාධ්‍ය ක්ෂේත්‍රයේ සීමිත රැකියා සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි, මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න මූලික උපාධිය ඍජුව බලපාන්නෙ නෑ. ඒ නිසා කලා අංශය හදාරන අයට රැකියා අවස්ථා සඳහා තියෙන ප්‍රවේශය පහසු නැහැ."

 

960x0
කෙසේ වෙතත්, නිර්මාණාත්මක කාර්යයන්ට අදාළ ලේඛකයන්, කවියන්, අධ්‍යක්ෂවරුන්, නළුවන් සහ සංගීතඥයන් ඇතුළු වෘත්තිකයින්ට ඉල්ලුමක් පවතිනු ඇති අතර, ආදායම් ඉපයීමට ද හැකි වනු ඇත.

ආචාර්ය පියවි විජේවර්ධන වැඩිදුරටත් පෙන්වා දුන්නේ, තරගකාරීත්වය වැඩි හෙයින් යම් ක්ෂේත්‍රයකට අදාළව සාමාන්‍ය දැනුමක් ලබා ගැනීමෙන් රැකියා අවස්ථා නිර්මාණය නොවන බව ය.

ඊට අමතරව, රැකියාවක් ආරම්භයේදී ම විශාල වැටුප් අපේක්ෂා කළ නොහැකි අතර, වසර කිහිපයක් රැකියාවක ලබන පළපුරුද්ද මත වැඩි වැටුප් හිමි කර ගත හැකි වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය වැනි ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු විට බොහෝ ක්ෂේත්‍රවල රැකියා සහ උසස්වීම් සඳහා මූලික උපාධි හෝ උසස් අධ්‍යාපන සුදුසුකම් බලනොපාන අවස්ථා ද පවතී.

ඒ අනුව, තමන් කුමන ක්ෂේත්‍රයක් හැදෑරුව ද, තමන් කැමති ක්ෂේත්‍රයක් සඳහා යොමු වීමට අවස්ථා පවතින බව ආචාර්ය පියවි විජේවර්ධන වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

CIMAs CGMA Finance Leadership Program helps students to complete CIMA within 12 Months 1024x683.jpg

උදාහරණයක් ලෙස, ගණිත අංශයෙන් ඉහළ ලකුණු ලබා මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉන්ජිනේරු උපාධියක් හදාරන ශිෂ්‍යයෙකුට CIMA වැනි ගණකාධිකරණයට අදාළ වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමෙන් වාණිජ අංශයේ රැකියාවකට යොමු විය හැකි ය.


(සටහන | කුමුදු ජයවර්ධන)
BBC සිංහල සේවය


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර


අනාගතයේදී ඉල්ලුම වැඩි රැකියා ක්ෂේත්‍ර 5 තුළ රැකියාවක් කිරීමට ඔබ ඉගෙන ගත යුතු දේ

උසස් පෙළ නොකර ම වයස අවුරුදු 19 වන විට උපාධිධරයෙක් වන්නේ කෙසේ ද?

ජාත්‍යන්තරව පිළිගත් උසස් අධ්‍යාපන හෝ වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ දී අධ්‍යාපනය අවසන් කිරීමට අනෙක් රටවලට වඩා වැඩි කාලයක් ගතවෙනවා ද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...