The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අවුරුදු සමයේ සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීම: විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමට 'කළ යුතුව තිබුණේ' කුමක් ද?

T

The Leader Desk

April 15, 2025 • 3:41 PM

අවුරුදු සමයේ සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීම: විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමට 'කළ යුතුව තිබුණේ' කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලුත් අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම පහත වැටෙන බැවින් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවකින් යුතු පුනර්ජනනීය බලශක්ති ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරනු ලබන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
  • "එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටී ඇති අතර එය ඉතා සුළු උච්ඡාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇණහිටීම හෝ රට පුරා විදුලිය විසන්ධි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණීමේ අවදානමක් පවතී," යනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයෙන් අනතුරු අඟවා තිබේ.
  • වහල මත සවි කර ඇති කිලෝවෝට් 100ට වැඩි සූර්ය බල පද්ධති අප්‍රේල් 10 වන දා සිට 21 වන දා දක්වා සම්පූර්ණයෙන් ම අක්‍රීය කරන ලෙස පළමුව දැනුම් දීමක් සිදු කළ බව සූර්ය බල ඉදිකිරීම් සංගමය පෙන්වා දෙයි.
  • එලෙස අක්‍රීය නොකරන ලද සූර්ය බල පද්ධති ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ සමාගම සිය සේවකයන් යොදවා බලහත්කාරයෙන් අක්‍රීය කළ බව ද එම සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ බීබීසි සිංහල සේවය වෙත පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


අලුත් අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම පහත වැටෙන බැවින් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවකින් යුතු පුනර්ජනනීය බලශක්ති ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරනු ලබන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

"එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටී ඇති අතර එය ඉතා සුළු උච්ඡාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇණහිටීම හෝ රට පුරා විදුලිය විසන්ධි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණීමේ අවදානමක් පවතී," යනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයෙන් අනතුරු අඟවා තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය සූර්ය පැනල තාවකාලිකව විසන්ධි කිරීමට මෙවැනි ඉල්ලීමක් කරනු ලැබුවේ, රුපියල් 32 – 74 අතර මිලකට ඩීසල් හා ද්‍රව මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මිල දී ගැනීමට අප්‍රේල් 11 වන දා ගිවිසුම්ගත වූ පසුබිමකදී ය.

සූර්ය බල පද්ධති අක්‍රීය කරන්නැයි විදුලි බල මණ්ඩලය කරනු ලබන ඉල්ලීම සූර්ය පැනල භාවිත කරන්නන්ගේ සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය.


'මේක පිටිපස්සේ බරපතළ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපි සැක කරනවා'

විදුලි බල මණ්ඩලය ගත් තීන්දුව සහ ඊට එල්ල වුණු විරෝධය මෙන් ම ඒ හා සම්බන්ධ විස්තර පිළිබඳව බීබීසි සිංහල සේවය කරුණු සොයා බැලීමක් සිදු කළේ ය.

වහල මත සවි කර ඇති කිලෝවෝට් 100ට වැඩි සූර්ය බල පද්ධති අප්‍රේල් 10 වන දා සිට 21 වන දා දක්වා සම්පූර්ණයෙන් ම අක්‍රීය කරන ලෙස පළමුව දැනුම් දීමක් සිදු කළ බව සූර්ය බල ඉදිකිරීම් සංගමය පෙන්වා දෙයි.

එලෙස අක්‍රීය නොකරන ලද සූර්ය බල පද්ධති ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ සමාගම සිය සේවකයන් යොදවා බලහත්කාරයෙන් අක්‍රීය කළ බව ද එම සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ බීබීසි සිංහල සේවය වෙත පැවසීය.

සූර්ය පැනල අක්‍රීය කරන ලෙස කළ ඉල්ලීම ලංකා විදුලි බල මණ්ඩලය කළ තර්ජනයක් බව පවසන ඔහු, ඒ පිටුපස "කුමන්ත්‍රණයක්" ඇති බවට සැක පළ කරයි.

"වහල මත සූර්ය බල පද්ධතියක් තියෙනවා නම් ඒ කියන්නේ කිලෝවොට් එකක් හරි, ඒක ස්වේච්ඡාවෙන් නවත්වන්න ඒක පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම සඳහා එහෙම නැතිනම් ස්ථායීතාවට ප්‍රශ්නයක් වෙනවා කියලා. මේක අපි දකින්නේ වක්‍රාකාරව කරපු තර්ජනයක් කියලා."

"ඒකට හේතුව තමයි ඒ කෙටි පණිවිඩය හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් ඒකෙන් කියවෙන්නේ තමුන්ලා මේක නැවැත්තුවේ නැතිනම්, බැරි වෙලාවත් විදුලි බල පද්ධතිය අක්‍රීය වුණොත් ඒකෙ වගකීම තමන් භාර ගත යුතුයි කියන පණිවිඩය මේ දෙන්නේ. මේක පිටිපස්සේ බරපතළ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපි සැක කරනවා."

"ලංකා විදුලි බල මණ්ඩලය මේ වෙලාවේ ඉන්නේ පුනර්ජනනීය විරුද්ධ ස්ථාවරයක. මේකේ පාරිභෝගිකයෝ ඇති පමණින් තමන්ගේ පද්ධති නැවැත්වුවේ නැතිනම් ඔවුන්ට පුළුවන් කඩකප්පල්කාරී චේතනාවෙන් පද්ධතිය බිඳ වට්ටවන්න හිතාමතා," යැයි සූර්ය බල ඉදිකිරිම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ තවදුරටත් පැවසීය."

cghr74| ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් අප්‍රේල් මස 12 වන දා නිකුත් කරන ලද නිවේදනය

'විදුලි බල පද්ධතිය යාවත්කාලීන කිරීමට කිසිදු පියවරක් ගෙන නැහැ'

පද්ධතිය ස්ථාවර මට්ටමෙන් පවත්වාගෙන යාමට මෙන් ම පද්ධතිය යාවත්කාලීන කිරීමට කරන ලද යෝජනා සම්බන්ධ ඉල්ලීම් ද විදුලි බල මණ්ඩලය නොසලකා හැර ඇති බවට ද සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා චෝදනා කළේ ය.

"පුනර්ජනනීය බල ශක්තියේ ඉලක්කයට අපිට යන්න නම් අපිට බැටරි ගබඩා පද්ධති, හයිබ්‍රිඩ් ඉන්වටර් ඒ හා සැසඳුන රාත්‍රියේ පද්ධතියට විදුලිය ලබා දීමට මිලක්, කියන මේ තුන ම අපි ඉල්ලුවේ 2019 වගේ ඈත කාලයක ඉඳලා. අපි ඉල්ලපු ප්‍රමාණයෙන් 25%ක් ඉෂ්ට කරලා තිබුණා නම් ලංකා විදුලි බල මණ්ඩලය මේ වෙනකොට, පෙබරවාරි 9 වන දා බිඳ වැටීම සිද්ධ වෙන්නෙත් නැහැ, අද මේ ඉල්ලීම කරන්න සිද්ධ වෙන්නෙත් නැහැ. මොක ද දිවා කාලයට අවශ්‍ය තරම් බැටරිවල ගබඩා කරගෙන රාත්‍රී කාලයට එය නැවත ලබා දෙන්න ඉඩ තිබුණා."

විදුලි බල මණ්ඩලයේ පද්ධති කළමනාකරණයේ බරපතළ අඩුපාඩුවක් සහ වැරැද්දක් ඇති බව පවසන වෛද්‍ය ශ්‍යාම් පතිරාජ ලංකා විදුලි බල මණ්ඩලය ගෙවී ගිය වසරක 9ක කාලයක් පුරාවට පුනර්ජනනීය බල ශක්තිය අවශෝෂණය කර ගත හැකි පරිදි විදුලි බල පද්ධතිය යාවත්කාලීන කිරීමට එකදු හෝ පියවරක් ගෙන නොමැති වීම මෙම ගැටලුවලට හේතුව බව අවධාරණය කළේ ය.

කළ යුතුව තිබුණේ කුමක් ද? බලශක්ති විශේෂඥ අදහසක්

සූර්ය බල පද්ධති නවතා දැමීමට ගත් තීන්දුව ගල් අඟුරු බලාගාර අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත් වැරදි තීරණයක් බව බලශක්ති විශේෂඥ අශෝක අබේගුණවර්ධන බීබීසි සිංහල සේවය වෙත පැවසීය.

"ආණ්ඩුව කළ යුතුව තිබුණේ ගල් අඟුරු බලාගාර එකක් හෝ දෙකක් මේ දවස්වලට නවත්වන එක. ඒ වෙනුවට ඔවුන් කළේ සූර්ය විදුලිය ගන්න එක නවත්වන එක, ඒක සම්පූර්ණයෙන් ජාතික අපරාධයක්. මේක ගල් අඟුරු බලාගාරය අඛණ්ඩව තිබීම සඳහා ගත්ත වැරදි ක්‍රියාමාර්ගයක් විදිහට තමයි අපිට පෙන්වන්න පුළුවන්."

gyut676| සූර්ය පැනල සම්බන්ධ වන පද්ධතියක්


'දිගු කාලීනව පෞද්ගලික අංශයෙන් ඛනිජ තෙල් විදුලිය ගැනීමට පාවිච්චි කරන උපක්‍රමයක්'

මීට මාස කිහිපයකට ඉහතදී රට පුරා විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී විදුලි ඉන්ජිනේරුවන් ඉදිරිපත් කළ නිර්දේශ 17ක් ඇතුළත් යෝජනාවලියේ ද සූර්ය බල පද්ධති නැවැත්වීමට යෝජනා කර නොතිබුණ බව ද බලශක්ති විශේෂඥවරයා පැවසීය.

"මේක තාක්ෂණික කාරණයක් නෙමෙයි, මේක උඩින් ගන්න ගල් අඟුරු විදුලිය දිගට ම නිපදවීම සඳහා ගන්න තක්කඩි වැඩක් කියලා මට නම් කියන්න තියෙන්නේ," ඔහු පැවසීය.

මෙවැනි ක්‍රියාමාර්ගවලින් රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සූර්ය බල පද්ධති සවි කිරීම අධෛර්යයට පත්වන බව ත්, එය පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනිමේ උපක්‍රමයක් ලෙස වටහා ගත හැකි බවත් අශෝක අබේගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

"ගාස්තුව අඩු කළා, නීති විරෝධි විදියට පද්ධතියෙන් විසන්ධි කරන්න කියනවා, මේ වගේ තාඩන පීඩන කරනකොට අනිවාර්යෙන් ම පෞද්ගලික අංශයත්, සෝලා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් අධෛර්ය වෙනවා. එහෙම වුණා ම තමයි ඊළඟට හදිසි විදුලිය මිල දී ගැනීම් කරන්න පුළුවන් වෙන්නේ. මේක මේ මොහොතේ පෞද්ගලික අංශයෙන් විදුලිය ගන්න දරන උත්සහයකට වඩා දිගු කාලීනව පෞද්ගලික අංශයෙන් ඛනිජ තෙල් විදුලිය ගැනීමට පාවිච්චි කරන උපක්‍රමයක් විදිහට මේක තේරුම් ගන්න පුළුවන්."

ගෙවී ගිය වසර ගණනාවක් පුරා සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ පද්ධතිය සඳහා යොදවන ලද මුදල් නිසියාකාරව භාවිත නොකළ බවට චෝදනා කරන බලශක්ති විශේෂඥ අශෝක අබේගුණවර්ධන පෙන්වා දෙන්නේ, ප්‍රත්‍යාවර්ත ධාරාව පවතින සම්ප්‍රේෂණ පද්ධතිය හා බෙදාහැරීමේ පද්ධතිය සම්පූර්ණයෙන් ම සරල ධාරාව මත විදුලිය ලබා දෙන පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට රජය මෙන් ම විදුලි බල මණ්ඩලය ද අවධානය යොමු කළ යුතු බව ය.

6756gg|  සූර්ය පැනලවලින් උත්පාදනය වන විදුලිය ගබඩා කරන බැටරි
'සූර්ය බලශක්ති උත්පාදනය කපා හැරීමට අවශ්‍ය වන්නේ ඇයි?'

vgjyu66| ලංකා විදුලි බල මණ්ඩලය විසින් අප්‍රේල් 13 වන දා නිකුත් කරන ලද දෙවන නිවේදනයේ පළමු පිටුව
ලංකා විදුලි බල මණ්ඩලය අප්‍රේල් 13 වන දා රාත්‍රියේදී ද නිවේදනයක් නිකුත් කරමින් අප්‍රේල් 21 වන දා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 තෙක් වහල මත සවි කර ඇති සූර්ය බල පද්ධති අක්‍රීය කරන ලෙස ඉල්ලීමක් කළේ ය.

එම නිවේදනය මගින් ඔවුන් සූර්ය බලශක්ති උත්පාදනය කපා හැරීමට අවශ්‍ය වන්නේ ඇයි ද? යන්න පිළිබඳව තවදුරටත් පැහැදිලි කර තිබිණි.

ලංකා විදුලි බල මණ්ඩලය පවසන පරිදි, දිවා කාලෙය්දී විදුලි බල පද්ධතියට අධික සූර්ය බලශක්ති උත්පාදනයක් එක්වෙයි.

අවුරුදු නිවාඩු හේතුවෙන් බොහෝ කර්මාන්ත ශාලා සහ කාර්යාල වසා තැබීම නිසා විදුලි ඉල්ලුම පවතින්නේ "ඉතා පහළ" මට්ටමක බව ඔවුන් එම නිවේදනය සඳහන් කර ඇත.

මෙලෙස පද්ධතියට එක් වන අතිරේක සූර්ය බලශක්ති උත්පාදනය සමතුලිත කිරීම සඳහා විදුලි බල මණ්ඩලය ජල විදුලි බලාගාර, ගල් අඟුරු සහ ගෑස් ටර්බයින බලගාර වැනි විශාල බලගාර "අවදානමක් ගෙන" වසා දමන බව ද එහි සඳහන් වේ.

විදුලි ජාලය සඳහා "අවස්ථිතිය" (Inertia) නම් වැදගත් සේවාවක් විශාල බලශක්ති බලාගාර විසින් සපයනු ලබන බව ත් එය විදුලි සංඛ්‍යාතය ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වන බවත් විදුලි බල මණ්ඩලය පවසයි.

නමුත් මෙරට සූර්ය බලශක්ති පද්ධතිවලින් එවැනි සහයෝගයක් විදුලි ජාලය වෙත ලබා දිය නොහැකි බව එහි තවදුරටත් දැක්වේ.

අර්ධ හෝ සම්පූර්ණ විදුලිය ඇණහිටීමක් ගැන අනතුරු ඇඟවීමක්
hy676| ලංකා විදුලි බල මණ්ඩලය විසින් අප්‍රේල් 13 වන දා නිකුත් කරන ලද දෙවන නිවේදනයේ දෙවන පිටුව
අවස්ථිතිය යනු, නිශ්චලව තිබෙන වස්තුවක් චලනය වීමට හෝ චලනය වෙමින් තිබෙන වස්තුවක් නතර වීමට හෝ දක්වන ප්‍රතිරෝධය ලෙස දැක්විය හැකි ය.

අවස්ථිතිය මූලික වශයෙන් විදුලි බල පද්ධතියට සපයනු ලබන්නේ, ජල, ෆොසිල ඉන්ධන සහ ගෑස් වැනි විශාල ජනක යන්ත්‍රවල භ්‍රමණය වන ස්කන්ධයෙන් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එය විදුලි බල පද්ධතියේ හදිසි වෙනස්කම්වලට ප්‍රතිරෝධය දැක්වීමට උපකාරී වන බව ද එහි දැක්වේ.

නමුත් එලෙස ප්‍රමාණවත් ආවස්ථිතික බවක් නොමැතිව, කුඩා දෝෂයකින් පවා වෝල්ටීයතා සහ සංඛ්‍යාත ගැටලු ඇති කළ හැකි බව මෙන් ම එය දිවයිනේ අර්ධ හෝ සම්පූර්ණ විදුලිය ඇණහිටීම්වලට තුඩු දිය හැකි බවට විදුලි බල මණ්ඩලය සිය දෙවන නිවේදනය මගින් අනතුරු අඟවා තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන පරිදි වහල මත සූර්ය පද්ධති කිසිවක් ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය නිරීක්ෂණය හෝ පාලනය කිරීමට නොහැකි ය.

මෙලෙස විදුලි ඉල්ලුම අඩු වූ විට සූර්ය පැනල විදුලි උත්පාදනය ඉහළ මට්ටමක පවතින අවස්ථාවන්හිදී සම්ප්‍රදායික බලාගාර ජාතික පද්ධතියෙන් ඉවත් කෙරෙන අතර එමගින් පද්ධතිය අස්ථායී වන බව ඔවුන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS), පොම්ප කරන ලද ජල විදුලි බලාගාර සහ ජාල-සාදන සූර්ය ඉන්වටර් බහුලව යොදවන තුරු ශ්‍රී ලංකාවේ පද්ධතියේ ආවස්ථිතික බව සැපයීමට සහ විදුලි බල ජාලයේ ආවස්ථිතික බව සැපයීමට සහ ස්ථාවරත්වය සහතික කිරීමට විශාල සමමුහුර්ත යන්ත්‍ර මත විශ්වාසය තැබිය යුතු බව විදුලි බල මණ්ඩලය පවසයි.

නමුත් වර්තමානයේ මෙම සහය ලබා දිය හැකි BESS හෝ දියුණු ජාල-සාදන සූර්ය ඉන්වර්ටර් ශ්‍රී ලංකාවේ නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 70කට වඩා සිටින බවත් වහල මත සූර්ය බලශක්ති හිමිකරුවන් සිටින්නේ ලක්ෂයක් පමණ බවත් විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි. නමුත් ජාලය බිඳ වැටීම සිදුවුවහොත් එය සෑම කෙනෙකුට ම බලපාන බව ඔවුන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.


'ලංකාවේ විතරක් වෙන දෙයක් නෙවෙයි'

ඉතා අඩු විදුලි ඉල්ලුමක් පවතින කාලවලදී වහල මත සවි කර ඇති සූර්ය බල පද්ධති තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස ඉල්ලීම් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්ජිනේරු ධම්මික විමලරත්න පවසයි.

ඔස්ට්‍රේලියාවේ ද එවැනි අවස්ථාවලදී සූර්ය බල පද්ධති තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස මහ ජනතාවගෙන් මාධ්‍ය සිදු කරනු ලබන ඉල්ලීමක් උපුටා දක්වමින් ඔහු ඒ බව පැවසීය.

මේ පිළිබඳව බීබීසි සිංහල සූර්ය බල ඉදිකිරීම් සංගමයෙන් විමසීමක් කළේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් එම සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ පැවසුවේ;
"අපි පුනර්ජනනීය බලශක්තියෙන් 60% හෝ 70%කට ඇවිල්ලා නම්, අනිත් එක අමතක කරන්න එපා ඔස්ට්‍රේලියාවේ වට්ටමක් දෙනවා සෑම පුනර්ජනනීය බලශක්ති හිමිකරුවෙකුට ම ඔවුන් සවි කරන වෙලාවේ. චීනය දෙනවා. ඒ කියන්නේ ඒ පද්ධතියේ මිලෙන් 60%ක් 70%ක් අතර මුදලක් රජයෙන් දරනවා. ඒ නිසා ඔවුන්ට එසේ ඉල්ලීමේ අයිතියක් තියෙනවා," යනුවෙනි.

මෙරට ජනතාව සූර්ය විදුලි බල පද්ධති සවිකර ඇත්තේ, "දේපළ උකස් කර අධික පොළියක් යටතේ ණය ලබාගෙන බවත් ඔවුන්ට ණය ගෙවා ගත නොහැකි වුවහොත් තම දේපළ, ණය ලබා ගත් මූල්‍ය ආයතනයට සින්න වීමේ අවදානමක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

| BBC සිංහල සේවය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

එක්වර ම මුළු රටේ ම විදුලිය විසන්ධි වීමට හේතුව ඔබ දන්නවා ද?

පුනර්ජනනීය බලශක්තිය: ලෝකය සුළං බලය වැළඳ ගනීවිද?

ආන්දෝලනාත්මක සාම්පූර් විදුලි ව්‍යාපෘතිය වසර 20ක් පුරා ප්‍රමාද වූයේ ඇයි?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අවුරුදු සමයේ සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීම: විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමට 'කළ යුතුව තිබුණේ' කුමක් ද? | The Leader