The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඖෂධ-ප්‍රතිරෝධී ආසාදන නිසා දරුවන් මිලියන තුනක් මියගොස් ඇතැයි අධ්‍යයනයකින් හෙළි වෙයි

T

The Leader Desk

April 16, 2025 • 7:30 AM

ඖෂධ-ප්‍රතිරෝධී ආසාදන නිසා දරුවන් මිලියන තුනක් මියගොස් ඇතැයි අධ්‍යයනයකින් හෙළි වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළමා සෞඛ්‍ය පිළිබඳ ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් දෙදෙනෙකු විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධී ආසාදන හේතුවෙන් 2022 වසරේදී ලොව පුරා ළමුන් මිලියන තුනකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
  • එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ, අප්‍රිකාවේ සහ අග්නිදිග ආසියාවේ දරුවන් වැඩි අවදානමකට ලක්ව ඇති බව ය.
  • ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හෙවත් AMR තත්ත්වය වර්ධනය වන්නේ, ආසාදන ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතිජීවක ඖෂධ තවදුරටත් ක්‍රියා නොකරන ආකාරයට පරිණාමය වූ විට ය.
  • එය ලෝක ජනගහනය මුහුණ දෙන විශාලතම මහජන සෞඛ්‍ය තර්ජනවලින් එකක් ලෙස හඳුනාගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ළමා සෞඛ්‍ය පිළිබඳ ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් දෙදෙනෙකු විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධී ආසාදන හේතුවෙන් 2022 වසරේදී ලොව පුරා ළමුන් මිලියන තුනකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ, අප්‍රිකාවේ සහ අග්නිදිග ආසියාවේ දරුවන් වැඩි අවදානමකට ලක්ව ඇති බව ය.

ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හෙවත් AMR තත්ත්වය වර්ධනය වන්නේ, ආසාදන ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතිජීවක ඖෂධ තවදුරටත් ක්‍රියා නොකරන ආකාරයට පරිණාමය වූ විට ය.

එය ලෝක ජනගහනය මුහුණ දෙන විශාලතම මහජන සෞඛ්‍ය තර්ජනවලින් එකක් ලෙස හඳුනාගෙන තිබේ.

ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හෙවත් AMR දරුවන්ට බලපාන ආකාරය පිළිබඳව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

 

who somalia june 2022 52164499763 o

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ලෝක බැංකුව ඇතුළු මූලාශ්‍ර කිහිපයකින් ලබා ගත් දත්ත උපයෝගී කර ගනිමින්, අධ්‍යයනයේ කතුවරුන් ගණනය කර ඇත්තේ ඖෂධ-ප්‍රතිරෝධී ආසාදන හේතුවෙන් 2022 වසරේදී ළමා මරණ මිලියන තුනකට වඩා සිදුවී ඇති බව ය.

විශේෂඥයින් පවසන්නේ, මෙම නව අධ්‍යයනයෙන් වසර තුනකදී ළමුන් තුළ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හෙවත් AMR ආශ්‍රිත ආසාදන දස ගුණයකට වඩා වැඩි වීමක් පෙන්නුම් කරන බව ය.

මෙම තත්ත්වය තවත් නරක අතට හැරෙන්නට කොවිඩ් වසංගතය ද බලපාන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ප්‍රතිජීවක ඖෂධ භාවිතය ඉහළ යාම

 

antibiotics children 1 1200x628
සමේ ආසාදනවල සිට නියුමෝනියාව දක්වා බැක්ටීරියා ආසාදන විශාල පරාසයකට ප්‍රතිකාර කිරීමට හෝ ඒවා වැළැක්වීමට ප්‍රතිජීවක ඖෂධ භාවිත කරයි.

ඇතැම් විට ප්‍රතිජීවක ලබා දෙන්නේ, ආසාදනයක් ආරම්භ වීමට පෙර එය වැළැක්වීම සඳහා ය. උදාහරණයක් වශයෙන්, යම් පුද්ගලයෙකු ශල්‍යකර්මයක් සඳහා භාජනය වන්නේ නම් හෝ පිළිකාවක් සඳහා රසායනික චිකිත්සක ප්‍රතිකාර ලබා ගන්නේ නම් එම ඖෂධ දෙනු ලබයි.

කෙසේ වෙතත් ප්‍රතිජීවක ඖෂධ සෙම්ප්‍රතිශ්‍යාව, උණ හෝ කොවිඩ් වැනි වෛරස් ආසාදනවලට කිසිදු බලපෑමක් ඇති නොකර යි.

නමුත්, සමහර බැක්ටීරියා ඇතැම් ඖෂධවලට ප්‍රතිරෝධී වන්නේ, ප්‍රතිජීවක ඕනෑවට වඩා හෝ වැරදි ආකාරයෙන් භාවිතා කිරීම නිසාත්, නව ප්‍රතිජීවක නිපදවීම මන්දගාමී හා මිල අධික වන නිසාත් ය.

අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවරුන් වන ඔස්ට්‍රේලියාවේ මර්ඩොක් ළමා පර්යේෂණ ආයතනයේ වෛද්‍ය යැන්හොං ජෙසිකා හූ සහ ක්ලින්ටන් සෞඛ්‍ය ප්‍රවේශ ක්‍රියාන්විතයේ මහාචාර්ය හර්බ් හාවෙල්, බරපතළ ම ආසාදන සඳහා පමණක් සීමා කිරීමට අදහස් කරන ප්‍රතිජීවක භාවිතයේ සැලකිය යුතු වර්ධනයක් ඇතැයි පෙන්වා දෙති.

amr ch
2019 සහ 2021 අතර කාලය තුළ ප්‍රතිරෝධයේ ඉහළ අවදානමක් සහිත ඖෂධ, අග්නිදිග ආසියාවේ 160%කින් සහ අප්‍රිකාවේ 126% කින් වැඩි විය.

එම කාලය තුළ, "අවසාන විසඳුම" ලෙස භාවිත කරන ප්‍රතිජීවක භාවිතය අග්නිදිග ආසියාවේ 45%කින් සහ අප්‍රිකාවේ 125%කින් ඉහළ ගොස් තිබිණි.

අඩු වෙමින් ඇති විකල්ප අවස්ථා

 

amr report 0425 featured
මෙම ප්‍රතිජීවක බැක්ටීරියාවලට ප්‍රතිචාර දැක්වීම නැවැත්වුවහොත්, මෙම දැඩි ආසාදනවලට ප්‍රතිකාර කිරීමට වෙනත් ක්‍රම ඉතා අල්ප විය හැකි හෝ නොතිබිය හැකි බවට කතුවරු අනතුරු අඟවති.

මෙම මස අගදී වියෙනාහි පැවැත්වෙන සායනික ක්ෂුද්‍රජීව විද්‍යාව සහ බෝවන රෝග පිළිබඳ යුරෝපීය සංගමයේ සම්මේලනයේදී මහාචාර්ය හාවෙල් මෙම සොයාගැනීම් ඉදිරිපත් කරනු ඇත.

"AMR කියන්නේ ගෝලීය ගැටලුවක්. ඒක හැමෝට ම බලපානවා. AMR දරුවන්ට බලපාන අසමානුපාතික ආකාරය ගැන අවධානය යොමු කිරීමේ අරමුණින් අපි මෙම අධ්‍යයනය කළා," ඔහු උත්සවයට පෙර පැවසීය.

"ක්ෂුද්‍ර ජීවී නාශක ප්‍රතිරෝධී ආසාදන නිසා ලෝකයේ දරුවන් මිලියන තුනක් මිය යන බව අපි ඇස්තමේන්තු කරල තියෙනවා."

AMR සඳහා විසඳුමක් තිබේ ද?

iStock 1338060628 scaled
AMR යනු ලොව බරපතළ ම සෞඛ්‍ය තර්ජනවලින් එකක් බව WHO පවසන අතර, වියෙනා සිට අදහස් දක්වමින් මහාචාර්ය හාවෙල් පවසන්නේ, ඊට සරල විසඳුම් නොමැති බව ය.

"එය වෛද්‍ය විද්‍යාවේ සෑම අංශයකට ම සහ ඇත්ත වශයෙන් ම මිනිස් ජීවිතයට බලපාන බහුවිධ ගැටලුවක්," ඔහු පැවසීය.

"ප්‍රතිජීවක හැම තැනක ම තියෙනවා. අපගේ ආහාර හා පරිසරය තුළ ඕන ම තැනක තියෙනවා. ඒ නිසා ඒකට තනි විසඳුමක් සොයා ගන්න එක ලේසි දෙයක් නෙවෙයි."

ඔහු පවසන පරිදි, ප්‍රතිරෝධී ආසාදන වළක්වා ගැනීමට ඇති හොඳ ම ක්‍රමය ආසාදනයට නිරාවරණය වීම සම්පූර්ණයෙන් ම වළක්වා ගැනීම යි. එයින් අදහස් කරන්නේ ඉහළ මට්ටමේ ප්‍රතිශක්තිකරණය, ජල පවිත්‍රතාව සහ සනීපාරක්ෂාව අවශ්‍ය වන බව ය.

"ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය පුද්ගලයින් වැඩි වෙද්දි ඒවා භාවිතය වැඩි වෙනවා. නමුත් ඒවා නිසි ලෙස භාවිත කරන බවටත් නිවැරදි ඖෂධ භාවිත කරන බවටත් අපි තහවුරු කර ගන්න ඕනෙ."

නව අධ්‍යයනය හරහා "පෙර දත්ත හා සසඳන විට සැලකිය යුතු හා භයානක වැඩිවීමක් පෙන්නුම් කරන" බව ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලින්ඩ්සේ එඩ්වර්ඩ්ස් පැවසුවේ ය.

"මෙම සොයාගැනීම් ගෝලීය සෞඛ්‍ය නායකයින් සඳහා අවදි කිරීමේ ඇමතුමක් විය යුතු යි. තීරණාත්මක ක්‍රියාමාර්ගයක් නොගත්තොත්, AMR මගින් ළමා සෞඛ්‍යයේ වසර ගණනාවක ප්‍රගතිය ආපසු හැරවන්න පුළුවන්, විශේෂයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි කලාපවල.''

(සටහන | ඩොමිනික් හියුස්)
BBC ගෝලීය සෞඛ්‍ය වාර්තාකරු

උපුටා ගැනීම - BBC සිංහල සේවය


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු වුයේ කුමක් ද?

ඉන්දියාවේ කැස්ස පැණි මරණවලින් දිගු කලකට පසුත් යුක්තිය වෙනුවෙන් බලාසිටින මාපියෝ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඖෂධ-ප්‍රතිරෝධී ආසාදන නිසා දරුවන් මිලියන තුනක් මියගොස් ඇතැයි අධ්‍යයනයකින් හෙළි වෙයි | The Leader