The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චේ ගුවේරාගේ අවසන් සම්මුඛ සාකච්ඡාවේ ප්‍රතිරාවය | උදය ආර්. තෙන්නකෝන්

T

The Leader Desk

April 20, 2025 • 7:22 AM

චේ ගුවේරාගේ අවසන් සම්මුඛ සාකච්ඡාවේ ප්‍රතිරාවය | උදය ආර්. තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා සිත සතු පුස්තකාල දත්තවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට යොමු වීම හේතු කොට ගෙන ඔහු පිළිබඳ සංවේදී තොරතුරු මා හට කියවන්නට ලැබිණි.
  • ඉතිං දැන් ඔබට ගෙන එන්නේ අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවක් විසින් ඔහුගේ අවසන් මොහොත පිළිබඳ තබන ලද සටහන්වල ඇති තොරතුරු ය.
  • Brown) විසින් ලියන ලද ලිපිය පල කරනු ලබන්නේ අර්නස්ටෝ චේ ගේ පනස් වැනි සංවත්සරය යෙදී තිබුණු ඔක්තෝබර් 9 වැනි දිනට ය.
  • තෙන්නකෝන් ලින්ඩන් බේන්ස් ජොන්සන් (Lyndon Baines Johnson) ජාත්‍යන්තර ජනාධිපති පුස්තකාලයේ තැන්පත් කර ඇති අගනා ලේඛන ගොනු අතර ගුවේරාගේ අවසන් සම්මුඛ සාකච්ඡාව ද වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මා සිත සතු පුස්තකාල දත්තවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට යොමු වීම හේතු කොට ගෙන ඔහු පිළිබඳ සංවේදී තොරතුරු මා හට කියවන්නට ලැබිණි. ඉතිං මගේ වැඩේ පැත්තකට දමා මේ සටහන ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතුවෙමි. ඒ චේ ගේ උපන් දිනයවත් මිය ගිය දිනයවත් සැමරීම පිණිස නොව, චේ පිළිබඳ බොහෝ කාලයක පටන් පැවැති ආදරය දයාව ගෞරවය නිසා ය. ඉතිං දැන් ඔබට ගෙන එන්නේ අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවක් විසින් ඔහුගේ අවසන් මොහොත පිළිබඳ තබන ලද සටහන්වල ඇති තොරතුරු ය. ජොනතන් සී. බ්‍රවුන් (Jonathan C. Brown) විසින් ලියන ලද ලිපිය පල කරනු ලබන්නේ අර්නස්ටෝ චේ ගේ පනස් වැනි සංවත්සරය යෙදී තිබුණු ඔක්තෝබර් 9 වැනි දිනට ය. මේ එහි අදහසය.

- උදය ආර්. තෙන්නකෝන්



ලින්ඩන් බේන්ස් ජොන්සන් (Lyndon Baines Johnson) ජාත්‍යන්තර ජනාධිපති පුස්තකාලයේ තැන්පත් කර ඇති අගනා ලේඛන ගොනු අතර ගුවේරාගේ අවසන් සම්මුඛ සාකච්ඡාව ද වේ. එය සිදු වූයේ ඔහුට මරණය ගෙන දීමට නියම වූ දින උදෑසන ය. එහි දී මධ්‍යම බුද්ධි ඒජන්සියේ කියුබානු-ඇමරිකානු නියෝජිතයෙකු වන ෆීලික්ස් රොඩ්‍රිගස් (Félix Rodríguez) සම්මුඛ සාකච්ඡාව පැවැත්වීය. රොඩ්‍රිගස් මේ විප්ලවවාදියා සමඟ කළ කතාව මුල් කර සංදේශයක් රචනා කර බොලිවියාවේ සිට ලැන්ග්ලි (Langley) හි සීඅයිඒ (CIA) මූලස්ථානයට යවා එය ධවල මන්දිරයට යොමු කළේය.

එහි කරුණුවලට අනුව සීඅයිඒ නියෝජිතයා ගුවේරාට ඒත්තු ගන්වා ඇත්තේ ඔහුගේ අවසන් සජීවී ඡායාරූපයට පෙනී සිටීමට එන ලෙස ය.  

ෆිදෙල් කැස්ත්‍රෝගේ ගරිල්ලා ලුතිනන්, ආර්ථික සාර් මෙන්ම ජාත්‍යන්තරය කුපිත කරමින් සේවය කළ ආර්ජන්ටිනාවේ උපන් විප්ලවවාදියාගේ ක්‍රියාකාරකම් වසර ගණනාවක් තිස්සේ, මධ්‍යම බුද්ධි ඒජන්සිය නිරීක්ෂණය කරමින් සිටින්නට විය. 1964 වසන්තයේ දී, සීඅයිඒ (CIA) ඉව ඇල්ලීම පහව යන්නට විය. චේගුවේරා මිය ගොස් ඇති බව ඔවුන් අනුමාන කරමින් ප්‍රවෘත්ති පතුරවන්නට විය.

 

reneරෙනේ බැරියන්ටෝස්
බොලිවියාවේ ජනාධිපති රෙනේ බැරියන්ටෝස් ද, ධවල මන්දිරය ද 1967 අප්‍රේල් වන තෙක් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව දැන සිටියේ නැත. එවිට බොලිවියාවේ ජනාධිපති රෙනේ බැරියන්ටෝස් (René Barrientos) ජනාධිපති ජොන්සන්ට හදිසි හමුදා ආධාර ඉල්ලා සෘජුවම ලිවීය. බැරියන්ටෝස් රජය එල් චේ විසින් නායකත්වය දෙන කියුබානුවන් සහ බොලිවියානුවන් යන දෙපිරිසගේම ගරිල්ලා නැගිටීමකට මුහුණ දී සිටින බව එහි සඳහන් විය.

ඇයි බොලිවියාව ? කියුබාවේ ආර්ථිකය සමාජගත කිරීමේදී ඔහුගේ නායකත්ව භූමිකාව ගැන ගුවේරා වෙහෙසට පත්ව සිටි අතර නිෂ්පාදනය දැඩි ලෙස පහත වැටී ඇත්තේ මන්දැයි පැහැදිලි කිරීමට සිදුවිය. ඒ සමඟම, මොස්කව්හි සිය දායකත්වය දැක්වීමේ මූලධර්මවලින් කියුබාව බැහැරවීම සාධාරණීකරණය කිරීම ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික භූමිකාවට ඇතුළත් විය. සෝවියට් නායකයින් බටහිර රටවල් සමඟ “සාමකාමී සහජීවනයේ” ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ කාලයක ෆිදෙල් සහ චේ විදේශයන්හි විප්ලවවාදී කැරලිවලට සහාය දක්වමින් සිටින්නට විය.

 

mawo

දෘෂ්ටිවාදාත්මකව, ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්ට වඩා ගුවේරාට සභාපති මාඕ සේතුං සමඟ පොදු බවක් තිබුණි. එහෙත් බීජිං වෙත ගිය ඔහුගේ අවසන් ගමනේදී මාඕ චේව හමුවීම ප්‍රතික්ෂේප කළේය. සෝවියට් සංගමයෙන් ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් අනෙකුත් චීන නිලධාරීන් ඔහුට “සංශෝධනවාදය” යොමු වීම ගැන චෝදනා කළහ. දේශපාලනයෙන් හා ආර්ථිකයෙන් විශ්‍රාම ගෙන තමා හොඳින්ම දන්නා දෙයට – එනම් ගරිල්ලා සටන් සඳහා – කැපවීමට ගුවේරා තීරණය කළේය.

චේ ගුවේරා සැමවිටම තමා ලතින් ඇමරිකාවේ ප්‍රධාන ගරිල්ලා උපායමාර්ගිකයා ලෙස සිතුවේය. කියුබානු විප්ලවයේ පාඩම් ලතින් ඇමරිකාවේ කොහේ හෝ තැනක නැවත නැවත කළ හැකි බව ඔහු යෝජනා කළේය. ගරිල්ලා ව්‍යාපාර තවමත් මධ්‍යම ඇමරිකාවේ ද කොලොම්බියාවේ සහ වෙනිසියුලාවේ ද ක්‍රියාකාරී විය. ඔහුගේ අදහස වූයේ අධිරාජ්‍යවාදී බලවේග තුනී කිරීම සඳහා, “වියට්නාම දෙකක්, තුනක් නිර්මාණය කිරීම” උදෙසා ගුවේරා විසින් ත්‍රයි මහද්වීපික සමුළුවට ඉදිරිපත් කරන ලද ඔහුගේ ප්‍රසිද්ධ පණිවිඩයේ ලියා ඇති පරිදි ය. එවකට 38 හැවිරිදි චේට අවශ්‍ය වූයේ, වසර නවයකට පෙර ෆිදෙල්ගේ නියෝග යටතේ ඔහුට තිබූ ශක්තිය  දකුණු කාලාපීය දකුණු ඇමරිකාවේ විප්ලවය ඇවිලවීමටයි.

 

che45645
බොලිවියාවේ නැගෙනහිර කඳු පාමුල, චේ මිනිසුන් පනස් දෙනෙකුගෙන් යුත් සටන් බලකායක් එක්රැස් කළ අතර, එය බොලිවියානුවන් තිහක් සහ ඉතිරි කියුබානුවන් සහ අනෙකුත් විදේශිකයන් අතර බෙදා දී ඇත. කැපී පෙනෙන ලෙස, CIA හෝ ලතින් ඇමරිකානු රේගු නිලධාරීන් දකුණු ඇමරිකාවේ හදවතට මිනිසුන් සහ ආයුධ ගමන් කිරීම පිළිබඳ කිසිදු ඇඟවීමක් ලබාගෙන නොතිබුණි. පැරගුවේ, පේරු සහ බ්‍රසීල ජාතිකයන් තම කණ්ඩායමට එක්වී ඔවුන්ගේම රටවල ගරිල්ලා නැගිටීම් ආරම්භ කිරීමට ප්‍රමාණවත් ශක්‍යතාවන් ලබා ගැනීමට ගුවේරා සැලසුම් කර තිබුණි. අවසානයේදී, චේට අවශ්‍ය වූයේ තමාගේම දේශිය (paisanos පයිසානෝ) කණ්ඩායමක් සමඟ ඔහුගේ උපන් ආර්ජන්ටිනාවට ආපසු යාමටයි. එය එසේ නොවිය යුතුව තිබුණි.

ධවල මන්දිරය ජනාධිපති බැරියන්ටෝස්ට (Barrientos ) ප්‍රතිචාර දැක්වූයේ පැනමා ඇළ කලාපයෙන් කියුබානු-ඇමරිකානු සීඅයිඒ නියෝජිතයන් දෙදෙනෙකු සහ අමෙරිකානු විශේෂ හමුදා නිළධාරීන් (Green Berets)  දාහතක් පිටත් කර හැරීමෙනි. ග්‍රීන් බෙරෙට්වරුන් විසින් බොලිවියානු ගරිල්ලාවරුන් දඩයම් කිරීමේ ආරක්ෂක  බලඇණියක් පුහුණු කිරීමට නියමිතව සිටියහ. බුද්ධි අංශ නියෝජිතයින්  බොලිවියානු ඒකක අධීක්ෂණය කිරීමට ඉදිරිපත් විය. නියෝජිත ෆීලික්ස් රොඩ්‍රිගස් බොලිවියානු හමුදාවට කපිතාන් තනතුරට පත් කරන ලදී.

බොලිවියානු හමුදා සමඟ වෙඩි තැබීම් නිසා මාස ගණනක් හුදකලා වීම හේතුවෙන් 1967 සැප්තැම්බර් අවසානය වන විට චේගේ කණ්ඩායම පනහක සිට විස්සක් දක්වා අඩු වන්නට විය. ඒ මොහොතේ, එක්සත් ජනපද විශේෂ බලකායන් විසින් පුහුණු කරන ලද රේන්ජර් බලඇණියේ පළමු ඒකක පෙරමුණට පැමිණියේය. ඔක්තෝබර් 8 වන දින ගරිල්ලන් සමඟ එහි පළමු සටනේදී, රේන්ජර්වරුන්ගේ මෙහෙයුමේ දී, නායකයා අල්ලා ගත්තේය. “වෙඩි තියන්න එපා,” ඔහු කෑ ගැසුවේය. “මම එල් චේ, මැරෙනවාට වඩා පන පිටින් ඉන්න මම ඔබට වටිනවා.”

che bolivia 2

 

ගුවේරාගේ යටත් වීම ඔහුගේ මිනිසුන් කිහිප දෙනෙකුට පසුබැසීමට ඉඩ සැලසූ නමුත් හමුදා බල ඇණිය විසින් අල්ලාගත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මරා දැමීය. පසුදා උදෑසන, නියෝජිත ෆීලික්ස් රොඩ්‍රිගස්, තුවාල ලැබූ චේ සිරකරුවෙකු ලෙස රඳවා සිටි නැගෙනහිර බොලිවියාවේ කුඩා ගම්මානයට පියාසර කළේය. සීඅයිඒ නියෝජිතයා ගුවේරා ප්‍රශ්න කිරීම සඳහා පැනමා ඇළ කලාපයට ගෙන යාමට අවසර දෙන ලෙස අණ දෙන නිලධාරීන්ගෙන් අයැද සිටියේය, නමුත් ඔවුන් ඔහුට දැනුම් දුන්නේ  පෙර දින සටනේදී චේ මිය ගිය බව ජනාධිපති බැරියන්ටෝස් දැනටමත් නිවේදනය කර ඇති බවයි.

රොඩ්‍රිගස් චේගුවේරා සමඟ කතා කිරීමට ගියේය. , “කිසිවෙකු මගෙන් ප්‍රශ්න කරන්න එපා !” චේ පැවසුවේය.. විරුද්ධ වුවත් සීඅයිඒ නිලධාරියා සමඟ සංවාදයකට එකඟ විය. රොඩ්‍රිගස් විසින් චේව බැඳ තිබූ බැඳීම් ලිහා ඡායාරූපයක් ගැනීම සඳහා   හිරු එළිය ඇති තැනකට ඔහුට ආරාධනා කළේය. නියෝජිතයා සහ සිරකරු කතාබහක් සඳහා ඇතුළට ආපසු ගියේය.

ෆිදෙල්ව හෙළා දැකීම චේ ප්‍රතික්ෂේප කළේය. ඔහු රොඩ්‍රිගස්ට පැවසුවේ කැස්ත්‍රෝ බලයට පත්වන තුරු කොමියුනිස්ට්වාදියෙකු නොවන බවයි. එපමණක් නොව, ගුවේරාට ෆිදෙල්ට දන්වන්නට අවශ්‍ය වූයේ,

 

fidel
ලතින් ඇමරිකාවේ විප්ලවය අවසානයේ සාර්ථක වනු ඇති බවය. චේ කියුබාවේ සිටින තම බිරිඳට නැවත විවාහ වන ලෙස ද උපදෙස් දුන්නේය. ඔහු මිය යන බව ඔහු දැන සිටි බව රොඩ්‍රිගස් වාර්තා කළ නමුත් “චේ කිසි විටෙකත් තම ආස්ථානය නැති කර නො ගත්තේ ය.”

මිනිත්තු කිහිපයක් ඇතුළත, ලෝක ප්‍රසිද්ධ විප්ලවවාදියාට වෙඩි තැබීමට බොලිවියානු සැරයන්වරයෙක් පැමිණියේය. “මට නැගිටින්න දෙන්න,” එල් චේ ඔහුට පැවසීය. “උඹ මරන්නේ මිනිහෙක් කියලා දැන ගනින්! දැන් වෙඩි තියපං.  

මහා අපරාධයක්!”

පහත සඳහන් වන්නේ 172. දරණ මධ්‍යම බුද්ධි අංශ හෙල්ම්ස් අධ්‍යක්ෂවරයාගේ පණිවිඩය ය.

වොෂින්ටන්, 1967 ඔක්තෝබර් 13.

රාජ්‍ය ලේකම්වරයා සඳහා සංදේශය

ආරක්ෂක ලේකම්
වෝල්ට් ඩබ්ලිව්. රොස්ටෝ මහතා
අන්තර්-ඇමරිකානු කටයුතු සඳහා සහකාර රාජ්‍ය ලේකම්

විෂය/ බොලිවියාවේදී  ඝාතනයට ලක් කිරීමට පෙර අර්නස්ටෝ “චේ” ගුවේරාගේ ප්‍රකාශය

 

che guevara after his execution
1967 ඔක්තෝබර් 8 වන දින බොලිවියානු හමුදාවේ 2 වන ආරක්ෂක (රේන්ජර්) බලඇණිය විසින් අර්නස්ටෝ “චේ” ගුවේරා (Che” Guevara) අල්ලා ගැනීමෙන් අනතුරුව ඔහුව රැගෙන ගිය හිගුවෙරාස් (Higueras ) නම් කුඩා ගම්මානයේ සිට වැඩිදුර තොරතුරු ලබාගෙන ඇත. ( මූලාශ්‍රයේ පේලියකට වඩා අඩු කොටස  රහස්‍ය වේ )

1967 ඔක්තෝබර් 9 වන දින උදෑසන 7 ට පමණ අත් අඩංගුවේ පසු වූ ගුවේරා වෙත පැමිණි වහාම ඔහුගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කළේය. ( මූලාශ්‍රයේ පේලියකට වඩා අඩු කොටස රහස්‍ය වේ ). ඒ වන විට “චේ” ගුවේරා හිගුවෙරාස් හි ඇති කුඩා අඳුරු පාසල් කාමරයක කෙළවරේ බිම වාඩි වී සිටියේය (දෝෂ සහිතය [sic]). ඔහු දෑත් මුහුණ මත තබාගෙන සිටියේය. ඔහුගේ මැණික් කටුව අසලින් ද පාද ද බැඳ තබා තිබුණි. ඔහු ඉදිරිපිට බිම කියුබානු ගරිල්ලන් දෙදෙනෙකුගේ මළ සිරුරු තිබුණි. ගුවේරාගේ කකුලේ මස් මතු වූ තුවාලයක් තිබූ අතර එය වෙළුම් පටියකින් බැඳ තිබුණි. ( මූලාශ්‍රයේ පේලියකට වඩා අඩු කොටස  රහස්‍ය වේ )

ගුවේරා ප්‍රශ්න කිරීම ප්‍රතික්ෂේප කළ නමුත් ( මූලාශ්‍රයේ පේලියකට වඩා අඩු කොටස  රහස්‍ය වේ )ඔහු සමඟ සංවාදයකට යොමු කර ගැනීමට ඔහු ඉඩ දුන්නේය. එහිදී ඔහු පහත අදහස් දැක්වීය:

කියුබානු ආර්ථික තත්වය:

කියුබාවේ කුසගින්න යනු එක්සත් ජනපද අධිරාජ්‍යවාදී පීඩනයේ ප්‍රතිඵලයකි. දැන් කියුබාව මස් නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වී ඇති අතර මස් අපනයනය කිරීමට පටන් ගන්නා ස්ථානයට ළඟා වී ඇත. සමාජවාදී ලෝකයේ ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත එකම රට කියුබාවයි.

කැමිලෝ සියෙන්ෆියුගෝස් (Camilo Cienfuegos):

(FILES) This August 1959 file photo shows Cuban revolutionary legends Comandante Camilo Cienfuegos (L) and Comandante Ernesto Che Guevara in Havana. Cubans celebrated this October the 38th anniversary of Camilo's death and the 30th anniversary of Guevara's death. Camilo died in a plane crash 28 October 1959 during a military mission and Guevara was executed in Bolivia 08 October 1967. AFP PHOTO/FILES/B&W ONLY (Photo credit should read -/AFP via Getty Images)
වසර ගණනාවක් තිස්සේ කතාව පැතිර ගියේ ෆිදෙල් කැස්ත්‍රෝ රූස් විසින් ඔහුගේ ප්‍රමුඛතම නියෝජ්‍ය නියෝජිතයෙකු වූ සියෙන්ෆියුගෝස් මරා දැමූවේ ඔහුගේ පෞද්ගලික ජනප්‍රියතාවය කැස්ත්‍රෝට අනතුරක් වූ බැවින් යනුවෙනි. ඇත්ත වශයෙන්ම සියෙන්ෆියුගෝස්ගේ මරණය අනතුරකි. හවානාහි පැවති සාමාන්‍ය කාර්ය මණ්ඩල රැස්වීමකට සහභාගී වීමට ඇමතුමක් ලැබුණු විට සියෙන්ෆියුගෝස් ඔරියන්ටේ පළාතේ සිටියේය. ඔහු ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර න්‍යායිකව බැලීමේ දී සිදු  වූයේ යානය ගුවනේ පහත් මට්ටමේ පියාසර කරමින් පැවැති නිසා මාර්ගය ව්‍යාකූල වීමය.  එහි දී සියලු ඉන්ධන හිඳී යාමෙන් අනතුරුව, සාගරයට කඩා වැටුණු අතර, ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් කිසිදා සොයාගත නොහැකි වූ බවයි. කැස්ත්‍රෝ ඔහුගේ සෙසු ලුතිනන්වරුන්ට වඩා බොහෝ සේ සියෙන්ෆියුගෝස්ට ආදරය කළේය.

ෆිදෙල් කැස්ත්‍රෝ රූස් (Fidel Castro Ruz) :

කියුබානු විප්ලවයේ සාර්ථකත්වයට පෙර කැස්ත්‍රෝ කොමියුනිස්ට්වාදියෙකු නොවීය. විෂය පිළිබඳ කැස්ත්‍රෝගේ සිය ප්‍රකාශ නිවැරදියි.

කොංගෝව (Congo) :

ඇමරිකානු අධිරාජ්‍යවාදය කොංගෝවේ අසාර්ථක වීම හේතුව නොව, හේතුව බෙල්ජියම් කුලී හේවායන් ය. සමහර විට වාර්තා වන පරිදි, කොංගෝවේ දහස් ගණනක් භට පිරිස් සිටීම ඔහු එවිට ප්‍රතික්ෂේප කළ නමුත් “බොහෝ දෙනෙක්” සිටි බව පිළිගත්තේය.

කියුබාවේ ගරිල්ලා සිරකරුවන්ට සැලකීම:

 

bay of pigs

කියුබානු විප්ලවය සහ එහි ප්‍රතිවිපාක අතරතුර, බේ ඔෆ් පිග්ස් (Bay of Pigs) හි වැනි සන්නද්ධ ගැටුම් හැරුණු විට පුද්ගලයින් 1,500 ක් පමණ ඝාතනය වී තිබුණි. ඇත්ත වශයෙන්ම, කියුබානු රජය තම භූමිය ආක්‍රමණය කළ සියලුම ගරිල්ලා නායකයින් මරා දැමීය. . . . (ඔහු එවිට ඔහුගේ මුහුණේ ප්‍රශ්නාර්ථ බැල්මක් තබාගෙන සිනාසුණේ, බොලිවියානු භූමියේ තමාගේම ස්ථාවරය හඳුනා ගත් බව පෙන්වමින් මෙන් ය.)

බොලිවියාවේ ගරිල්ලා ව්‍යාපාරයේ අනාගතය:

ඔහු අල්ලා ගැනීමත් සමඟ, ගරිල්ලා ව්‍යාපාරය බොලිවියාවේ දැවැන්ත පසුබෑමකට ලක් වූ නමුත්, අනාගතයේ දී නැවත නැඟිටීමක් පුරෝකථනය කළේය. බොලිවියානු ගැමි ජනයාගෙන්  සහයෝගාත්මක ප්‍රතිචාරයක් නොමැතිකම ගැන ඔහු කලකිරීමට පත් වුවද, අවසානයේ ඔහුගේ පරමාදර්ශ ජයග්‍රහණය කරන බව ඔහු අවධාරණය කළේය. ගරිල්ලා ව්‍යාපාරය අර්ධ වශයෙන් අසාර්ථක වූයේ ගරිල්ලාවරුන් බොලිවියානු භූමියට විදේශීය ආක්‍රමණයක් නියෝජනය කරන බව කියා සිටි බොලිවියානු රජයේ ප්‍රචාරය නිසාය. බොලිවියානු ජනයාගෙන් ජනකාන්ත ප්‍රතිචාරයක් නො තිබුණද, අසාර්ථක වුවහොත් ඔහු බොලිවියාවෙන් පිටමංවීම පිළිබඳ මාර්ගයක් සැලසුම් කර නොතිබුණි. මෙම උත්සාහයේ දී ඔහු නිසැකවම පරාජය වීමට හෝ ජයග්‍රහණය කිරීමට තීරණය කර තිබුණි.

ඔක්තෝබර් 8 වන දින ගුවේරා, සයිමන් කියුබා සහ ඇනිසෙටෝ රෙයිනාගා ගෝර්ඩිලෝ (Guevara, Simon Cuba, and Aniceto Reynaga Gordillo) අල්ලා ගත් විට ( මූලාශ්‍රයේ පේලියකට වඩා අඩු කොටස  රහස්‍ය වේ ) ඊට අනුව, බොලිවියානු සන්නද්ධ හමුදා මූලස්ථානය ඔවුන් ටික කලකට ජීවතුන් අතර තබා ගැනීමට නියෝග කළේය.

 ලා පාස් සහ හිගුවෙරාස්  (La Paz and Higueras ) අතර ගුවේරා නියෝජනය කරන අංක 500, “ජීවත්ව ඉන්න” (“keep alive”) යන වාක්‍ය ඛණ්ඩය 600 සහ “ක්‍රියාත්මක කිරීම”  (“execute” ) නියෝජනය කරන අංක 700 සහිත විදුලි පණිවුඩ කේතයක් සකස් කරන ලදී.

 

che9788
ගුවේරා සමඟ සාකච්ඡාව අතරතුර, සයිමන් කියුබා සහ ඇනිසෙටෝ රෙයිනාගා පාසල් නිවසේ ඊළඟ කාමරයේ රඳවා තබන ලදී. එක් අවස්ථාවක, වෙඩි හඬක් ඇසුණු අතර ( මූලාශ්‍රයේ පේලියකට වඩා අඩු කොටස  රහස්‍ය වේ ) සයිමන් කියුබාව මරා දමා ඇති බව පසුව දැනගත්තේය. ටික වේලාවකට පසු තනි වෙඩි පහරක් ඇසුණු අතර පසුව ඇනිසෙටෝ රෙයිනාගා මරා දමා ඇති බව දැනගන්නට ලැබුණි.

ගුවේරා මරා දැමීමට පෙ.ව. 11:50 ට ලා පාස් සිට නියෝගය ලැබුණු විට, මරණයට පත්කිරීම හැකිතාක් කල් දමන ලදී. කෙසේ වෙතත්, ආසන්න වශයෙන් පස්වරු 1:30 ට මළ සිරුරු ගොඩ ගැනීමට හෙලිකොප්ටරයක් පැමිණෙන බව ප්‍රාදේශීය අණ දෙන නිලධාරියාට දැනුම් දුන් විට, දහවල් 1:15 ට වෙඩි තැබීමකින් ගුවේරා ඝාතනය කරන ලදී.

ගුවේරාගේ අවසාන වචන වූයේ, “මගේ බිරිඳට නැවත විවාහ වන ලෙසත්, ඇමරිකාවේ විප්ලවය නැවත ඇති වන බව ෆිදෙල් කැස්ත්‍රෝට පවසන ලෙසත් කියන්න” යන්නයි. ඔහුගේ අලුගෝසුවාට ඔහු පැවසුවේ, “මතක තබා ගනිං, “උඹ මරා දමන්නේ මිනිසෙකු.” ය

මෙම කාලය තුළ නිරීක්ෂණයට අනුව ඔහු කිසි විටෙකත් ( මූලාශ්‍රයේ රහස්‍ය කොටස් පේලියකට වඩා)  ගුවේරා ඔහුගේ සන්සුන් භාවය නැති කර ගත්තේ නැත.
ඩික් (Dick)

(රිචඩ් හෙල්ම්ස්, සීඅයිඒ අධ්‍යක්ෂ)

che987
මූලාශ්‍රය: ජොන්සන් පුස්තකාලය, ජාතික ආරක්ෂක ගොනුව, රට ගොනුව, බොලිවියාව, වෙළුම IV, සංදේශය, ජනවාරි 1966-දෙසැම්බර් 1968. රහස්‍ය. සීඅයිඒ ලිපිගොනු වල මෙම සංදේශයේ පිටපත් වලින් පෙනී යන්නේ එය බ්‍රෝ විසින් කෙටුම්පත් කරන ලද බවත් [නම වර්ගීකරණය කර නොමැති] බටහිර අර්ධගෝලීය අංශයේ  කරමෙසයින්ස් (Karamessines) විසින් අනුමත කරන ලද බවත්ය. (මධ්‍යම බුද්ධි ඒජන්සිය, ඩීඩීඕ/අයිඑම්එස්, මෙහෙයුම් කණ්ඩායම, ජොබ් 78-06423ඒ, එක්සත් ජනපද රජයේ-ජනාධිපති). (Central Intelligence Agency, DDO/IMS, Operational Group, Job 78-06423A, U.S. Government-President).

Source: Johnson Library, National Security File, Country File, Bolivia, Vol. IV, Memoranda, January 1966-December 1968. Secret. Copies of this memorandum in CIA files indicate that it was drafted by Broe and [name not declassified] in the Western Hemisphere Division and approved by Karamessines. (Central Intelligence Agency, DDO/IMS, Operational Group, Job 78-06423A, U.S. Government-President

udaya thennakoon(සටහන | උදය ආර්. තෙන්නකෝන්)

උපුටා ගැනීම - Lanka Daily Mail


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චේ ගුවේරාගේ අවසන් සම්මුඛ සාකච්ඡාවේ ප්‍රතිරාවය | උදය ආර්. තෙන්නකෝන් | The Leader