The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාසල් වැසීම සහ 'නිදහස් අධ්‍යාපනය' ගැන නොසොයන කතා | කුසල් පෙරේරා

T

The Leader Desk

April 22, 2025 • 5:59 AM

පාසල් වැසීම සහ 'නිදහස් අධ්‍යාපනය' ගැන නොසොයන කතා | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අය නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකකටද කියලා මං නම් දන්නෙ නැහැ.
  • අධ්‍යාපනය සඳහා අවම සියයට 06 ක් වෙන් කළ යුතුයි කියලා සටන් පාඨය ආයේ ඇවිල්ලා. සාමාන්‍යයෙන් මේ ගණන් කියන්නේ දේශීය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 06 ක් හැටියටයි.
  • දී වෙන් කළ මුදල සියයට 5.4 යි.
  • මෙතෙක් ඉතිහාසයේ අධ්‍යාපනය සඳහා වැඩිම මුදල් වෙන් කිරීම 2025 අයවැයෙන් මාලිමා ආණ්ඩුව වෙන් කළ රුපියල් බිලියන 619 යි කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අය නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකකටද කියලා මං නම් දන්නෙ නැහැ. නමුත් ඒ කතා සම්බන්ධ මූලික කාරණා කිහිපයක් ගැන මේ ඉතාම කෙටි සටහන ලියා තබන්න හිතුවා.

1. අධ්‍යාපනය සඳහා අවම සියයට 06 ක් වෙන් කළ යුතුයි කියලා සටන් පාඨය ආයේ ඇවිල්ලා. 

 

FUTA 1

 
සාමාන්‍යයෙන් මේ ගණන් කියන්නේ දේශීය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 06 ක් හැටියටයි. 2022 දී වෙන් කළ මුදල සියයට 5.4 යි. 2023 දී එය සියයට 08.7 යි. මෙතෙක් ඉතිහාසයේ අධ්‍යාපනය සඳහා වැඩිම මුදල් වෙන් කිරීම 2025 අයවැයෙන් මාලිමා ආණ්ඩුව වෙන් කළ රුපියල් බිලියන 619 යි කියනවා. ඒ මේ වසරේ ඉතිරි මාස 08 ක කාලයකට.
 
ecu budget
අධ්‍යාපනය යනු මේ රටේ වඩාත්ම දුරදිග යන බලය විමධ්‍යගත කෙරුණු විෂයයි. මේ වෙන් කෙරෙන මුදල් වැය කෙරෙන්නේ පළාත් සභා මගින්. වැදගත්ම ප්‍රශ්නය වෙන්නේ මහ ආණ්ඩුව වාර්ෂිකව අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන මුදල් පළාත් සභා සඳහා වෙන් කෙරෙන්නේ කුමන පදනමක් මතද යන්නයි. බස්නාහිර පළාතට වෙන් කෙරෙන මුදල හා ඌවට නැතිනම් නැගෙනහිරට වෙන් කෙරෙන මුදල එක සමාන විය යුතුද? ඒවායේ පුණරාවර්තන වියදම් අතර පරතරය විශාලයි. යටිතල පහසුකම් දියුණු කිරීම සඳහාවන අවශ්‍යතාද වෙනස්.
 
ඒ සමග ඇසිය යුත්තේ මුදල් වැඩියෙන් ඉල්ලන්නේ මොනවටද කියලයි.

පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ : අස්වැසුම මුදල් ගෙවීම අද සිට
අවසන් වශයෙන් කියන්න තියෙන්නේ, වාර්ෂිකව වෙන් කෙරෙන මුදල් මේ නිලධාරීන්ට අවුරුද්ද ඇතුළත වියදම් කරන්න බැහැ. මහ භාණ්ඩාගාරය විසින් කාර්තු වශයෙන් මුදල් ලබා දීමේදී තෙවන කාර්තුවේ මුදල් සිව් වන කාර්තුව අවසන් වනවිටත් වැය කරලා ඉවර කරන්න බැහැ ඇතැම් ප්‍රදේශවල නිලධාරීන්ට. අපේ රාජ්‍ය සේවාව ඒ තරම් කාර්යක්ෂමයි. තව මුදල් ඉල්ලන්න කලින් ඒවටත් විසඳුම් හොයන්න වෙයි.
 
02. ඊළග කාරණාව, “නිදහස් අධ්‍යාපනය” යනුවෙන් කතා කරන්නේ කුමක්ද කියන එකයි. මේ රටේ කිසි දිනක නොමිලේ ලබාදුන් අධ්‍යාපනයක් තිබුණේ නැහැ. මේ කතා කරන්නේ කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව නම්, ඉන් යෝජනා කෙරුණේ නොමිලේ අධ්‍යාපනයක් නෙවෙයි. ඉන් යෝජනා කෙරුවේ “ජාතික” අධ්‍යාපනයක්.  
 
නිදහස් අධ්‍යාපනය ඔළුවෙන් සිටුවන 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව'
 
මිෂනාරි පාසල්වල, පරම විඥානාර්ථ සමිතියේ පාසල්වල, ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වල සිංහල හා දෙමළ රජයේ පාසල්වල ළමුන්ට ඉගැන්වූ විෂයන් හා ඒවායේ අන්තර්ගතය සම්බන්ධවත් ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධවත් 1940 වන විටත් ලොකු වෙනස්කම් තිබුණා. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සතු මූලික කාර්ය වුනේ, මේ රටේ සියලු පාසල් සඳහා මව් බසින් ඉගැන්වීමත් පොදු විෂයමාලාවක් හා පොදු විභාග ක්‍රමයකුත් හඳුන්වා දීමයි. සියලු පාසල් සඳහා පාඨමාලා සමග එකම විෂයන් තීන්දු කෙරුණෙත් කණිෂ්ඨ පාසල් විභාගය (JSC), ජ්‍යෙෂ්ඨ පාසල් විභාගය (SSC) සහ උසස් පාසල් විභාගය (HSC) යැයි ජාතික විභාග ආරම්භ වූනෙත් ඒ අනුවයි. 50 දසකය වනවිට JSC  විභාගය අහෝසි කෙරුණා. SSC විභාගය පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ වුනා. HSC විභාගය අ.පො.ස උසස් පෙළ වුනා.
 
අනෙක් කතාව තමයි, කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් නොමිලේ පාසල් අධ්‍යාපනයක් දුන්නා කියන කතාව. කන්නන්ගර ප්‍රතිසංස්කරණ වලින් සමස්ථ පාසල් පද්ධතියම නොමිලේ පාසල් කෙරුවෙ නැහැ. ඒ වන විට මුදල් අය කළ පාසල් වලට දිගටම මුදල් අය කිරීමට අවසර තිබුණා. ඒ වගේම, රජයේ පාසල්වල ළමුන්ගෙන්ද මුදල් අය කෙරුණා. තාමත් අය කරනවා. ඒ “පාසල් ගාස්තු” වශයෙන් නෙවෙයි. “පහසුකම්” ගාස්තු වශයෙන්.
පාසල් දහසක්' ව්‍යාපෘතියෙන් කුඩා පාසලට කණකොකා හඬන ලකුණු
නිදහස් අධ්‍යාපනය රැක ගන්න කතා කරන රජයේ පාසල්වල ගුරුවර ගුරුවරියනුත් තමන්ගෙ පංතියේ ළමුන්ගෙන් “පහසුකම්” ගාස්තු එකතු කර ගෙන ඇවිල්ලා තමයි “නිදහස් අධ්‍යාපන” බේර ගන්න කතා කරන්නෙ. පාසල්වල වඩාත් බරපතල අය කිරීම වෙන්නේ, පාසල් සංවර්ධන අරමුදලේ සාමාජික ගාස්තු අය කිරීමයි. ඒ අරමුදල විගණනය කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ මුදල් පාසල් සංවර්ධනය වෙනුවෙන් වැය කෙරෙන්නෙ කොහොමද කියලා ගුරු මණ්ඩලයේ බහුතරයක් දන්නෙත් නැහැ. දෙමාපියන් දන්නෙත් නැහැ.
ඇත්තම කතාව තමයි, “නිදහස් අධ්‍යාපනය” කියන්නේ කුමක්ද කියලා ඒක බේරා ගන්න කතා කරන අය දන්නෙත් නැහැ.
 
03. “පාසල් වැසීම” අලුත් මාතෘකාවක්. ඒ කතා අතර දේශපාලන විරෝධතාවක හඬක්ද ඇසෙනවා. නුමත් මේ මාතෘකාව පක්ෂ දේශපාලනයකින් තොරව කතා කළ යුත්තක්.
 
පාසල් දහසක්' ව්‍යාපෘතියෙන් කුඩා පාසලට කණකොකා හඬන ලකුණු
 
ගිය අවුරුද්දේ (2024) නිකුත් කෙරුණු “2023 වසරේ පාසල් සංගණන වාර්තාවට” අනුව ලංකාව පුරා ළමුන් 100 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් ඉන්න පාසල් 3,144 ක් තියෙනවා. ඒ පාසල් අතර, 50 ක් හෝ ඊට අඩු ළමුන් සංඛ්‍යාවක් ඉන්න පාසල් 1,506 ක් තියෙනවා. ඒ වගේම ගුරුවර ගුරුවරියන් 10 ට අඩු පාසල් 3,117 ක් ලාංකාව පුරා තියෙනවා. ළමුන් 50 ට අඩු පාසල් අයිති වෙන්නෙත් මේ පාසල් 3,117 අතරටයි. ඒවායින් පාසල් 77 ක් බස්නාහිර පළාතේ පාසල්. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 18 යි. ගම්පහ දිස්ත්‍රික්කයේ 19 යි. ඉතිරි පාසල් 40 කළුතර දිස්ත්‍රික්කයේ. ඒ අනුව තේරුම් ගත යුත්තේ ළමුන් පාසල් නොපැමිණීමට ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හැම පාසලකටම අදාල නොවන බවයි. ප්‍රදේශයේ වැඩි පහසුකම් තියෙන පාසල් සඳහා ප්‍රවාහන පහසුකම් තිබීමත් ඊට හේතුවක්.
 
අනෙක් කාරණා අතර “දුප්පත්කම” ප්‍රමුඛතාවක් ගන්න සාධකයක්. ඒක බස්නාහිර පළාතේ පාසල් 77  ට විශේෂයි. බස්නාහිර පළාතේ මේ පාසල් වලට ළමුන් 20 - 30 එන්නේ තව කිලෝමීටරයක් දෙකක් එහා ඇති ටිකක් ලොකු ඉස්කෝලෙකට යන්න බස් නැතිව නොවේ. සමහරවිට පයින් යන දුර ඇති ටිකක් ලොකු පාසලට පවා ළමයා ඇතුළත් නොකර, මේ අතහැර දමා ඇති පාසලට ළමයා යවන්නේ ලොකු ඒවාට ළමුන් ඇතුළත් කිරීමේ සිට පාසල්වල නිතර සංවිධානය කෙරෙන විවිධ අමතර කටයුතු සඳහා මුදල් ගෙවීමට නොහැකි නිසයි.
ph 47064 181407
 
කෙසේ හෝ දරුවාට උගන්වා ගැනීමට අධිශ්ඨානයක් ඇති දුප්පත් දෙමාපියෝ ප්‍රවාහන ගාස්තු හා අනෙක් වියදම් කෙසේ හෝ දරා ගනිමින් ටිකක් දුර පාසලකට හරි ළමයා යවනවා. සමස්ථය ගත්විට දුප්පත්කම, ප්‍රවාහන පහසුකම් නොමැතිවීම සහ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම අත්‍යාවශ්‍ය බැව් දෙමාපියන් මෙන්ම බලධාරීන්ද වගකීමක් ලෙස බාර නොගැනීම, මේ පාසල් අධ්‍යාපනයේ බිඳ වැටීමට බලපානවා. මේ අතර, පාසල ආරම්භ කළ දිනයේ සිට ගෙවී ගිය දසක කිහිපයේ ප්‍රදේශය දියුණු වූයේද නැද්ද යන්නත් පාසල් පාළු වීමට බලපානවා. ඇතැම් විට, ඊට වැඩි දුරක් නැති පාසලක් දේශපාලන අනුග්‍රහය ඇතිව දියුණු කෙරෙන විට, අනෙක් පාසල අත හැරෙනවා.
 
Social Protection Basic Services

පාසල් පාළුවට යාමත් ඒවා වසා දැමීමත් සංකීර්ණ ගැටළුවක්. ළමුන් හත් අට දෙනෙකුට ගුරුවර ගුරුවරියන් කිහිප දෙනෙකු සමගින් පාසලක් පවත්වා ගෙන යාම, කිසිවෙකුට ප්‍රයෝජනයක් නැති වැඩක්. එහෙම පාසල් ප්‍රාථමික පාසල් වලට වඩා එහා පංති තියෙන පාසල් නෙවෙයි. එනිසා ප්‍රාථමිකයෙන් පසු ඒ ළමුන් අතරමං වෙනවා. එවැනි පාසල් නඩත්තු කිරීමෙන් මුදල් අපතේ යාමත් ළමුන්ට ඉන් සිදු කෙරෙන බරපතල අසාධාරණයත් ගණන් බැලිය යුතුයි.
 
නමුත් මේ ගැටළුවට විසඳුම් අවශ්‍යයයි.
 
ඒ සඳහා සියල්ලට පෙර කළ යුත්තේ 100 ක් හෝ ඊට අඩු ළමුන් සංඛ්‍යාවක් ඉන්න පාසල් 3,144 සම්බන්ධව ක්ෂේත්‍ර අධ්‍යනයක් කිරීමයි. එයට අනිවාර්යෙන්ම, ළමුන් පාසලට එන දුර ප්‍රමාණයත් එන්නේ කෙසේද යන්නත් පවුලේ ආදායමත් එය නිත්‍ය ආදායමක්ද නැද්ද යන්නත් පාසලේ ඇති පහසුකම් සම්බන්ධවත් ගුරු මණ්ඩලයේ විස්තරත් ආසන්න අනෙක් පාසල් මොනවාද යන්නත් එවැනි පාසලකට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ළමුන් ඇතුළු කරන්නේ නම්, දෙමාපියන්ගේ කැමැත්ත අකමැත්තත් අකමැත්තක් ඇතොත් ඊට හේතු මොනවාද යන තොරතුරුත් ඇතුළු විය යුතුයි.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව : ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ  ලියවිල්ල - (විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)
 
මේ තොරතුරු ගත් විට, තේරුම් ගත හැකි වැදගත්ම කාරණාව, ප්‍රදේශයේ යටිතල පහසුකම් හා ආර්ථිකය සතු දුප්පත්කමයි. ඒවා නිදහස් අධ්‍යාපන ක්‍රමය තුල විසඳිය හැකි අවවර්ධන නෙවෙයි. ඒ පළාත් සංවර්ධනයෙහි වර්ධනය වන විෂමතා සතු සංකීර්ණ එකතුවක්. ඒ විෂමතා විසඳන තෙක් ළමුන් මෙවැනි පාළු පාසල්වල තියා ගැනීම බරපතල අසාධාරණයක්. එනිසා ප්‍රායෝගික ක්ෂණික විසඳුම් අවශ්‍යයයි.
 
1. ක්ෂේත්‍ර අධ්‍යනයෙන් අනිවාර්යෙන්ම වසා දමන්නට සිදුවන, 50 ට අඩු ළමුන් ඉන්නා පාසල් සියයක් හමාරක් පහසුවෙන් හඳුන ගන්න පුළුවන් වෙයි. ඒවායේ ළමුන් වෙනත් ආසන්න පාසලකට යොමු කරන්න වෙනවා. එහෙම යොමු කෙරෙන විට ඒ ළමුන් අඛණ්ඩව පාසල් ගෙන්වා ගැනීමට ලබා දිය යුතු සහන මොනවද කියලා දෙමාපියන් සමග සාකච්ඡා කළ යුතුයි.
 
ඊළගට ඉතිරි පාසල් දෙතුන් දාහ සඳහාවන විසඳුම් මොනවද?
 
අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා
2. ළමුන් 50 ට අඩු පාසල් අතරින් ළමුන් 100 ට අඩු පාසල් සමග හෝ ආසන්නයේ ඇති වෙනත් පාසලක් සමග ඒකාබද්ධ කළ හැකි පාසල් තියේදැයි බලන්න පුළුවන්

3. එවගේම අ.පො.ස (සා.පෙ) දක්වා දියුණු කළ හැකි පාසල් තියේදැයි සහ ඒ කෙසේ දැයි බලන්නත් පුළුවන්
 
අන්තිමට එකක් කියන්න ඕනේ. මේ ගැටළුව මාස කිහිපයකින් විසඳන්න බැහැ. යෝජනා කළ විසඳුම් කිහිපයත් මේ තියෙන අධ්‍යාපන ක්‍රමයට පැලැස්තර ඇලවීමක් පමණයි.
 
වසංගතය පැහැරගත් අධ්‍යාපනයෙන් අවුරුද්දක් ගැන ආණ්ඩුවේ සැලකිල්ල නෑ
අපට අවශ්‍ය (1) සමාජ කතිකාවක් තුල සම්පාදනය කර ගන්නා “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක්” සහ (2) ඒ ප්‍රතිපත්ති පදනම් කෙරෙන සමස්ථ අධ්‍යාපනයම ප්‍රතිසංස්කරණය කෙරෙන අලුත් අධ්‍යාපනයක්. එය ආර්ථික වශයෙන් අසීරුතාවන්ට මුහුණ දෙන පවුල් සඳහා පමණක් “නිදහස් අධ්‍යාපනයක්” වෙන්න පුළුවන්. අනෙක් අයට ඔවුන්ගේ ආර්ථිකයට අනුව පාසල් ගාස්තු අය කෙරෙන අධ්‍යාපනයක් වෙන්නත් ඕනේ. එය සාධාරණය කෙරෙන්න, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් වෘත්තිමය ගුරු සේවාවක් සමග තව දුරටත් අවශ්‍ය නැතැයි “ටියුෂන් කඩ” වසා දැමෙන්නත් ඕනේ. දුර ගමනක්. නමුත් ඒ ගමන දැන්වත් ආරම්භ කළ යුතුයි.
 
ඕපාදූප රස බලන ජුණ්ඩෙකුගේ 'පාදෙනි ඉස්මුරුත්තාව' -(කුසල් පෙරේරා)(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 අප්‍රේල් 21


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...