The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට

T

The Leader Desk

April 23, 2025 • 11:32 AM

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, උන්වහන්සේගේ දේහය සෙනසුරාදා (අප්‍රේල් 26) පැවැත්වෙන අවමංගල්‍යය පූජෝත්සවය තෙක් මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබෙනු ඇත.
  • අවමංගල්‍ය පෙරහැර මිනිත්තු 40කටත් වඩා අඩු කාලයක් පැවති අතර, උන්වහන්සේ ස්වර්ගස්ථ වූ කැසා සැන්ටා මාර්ටා සිට සාන්ත පීතර චතුරශ්‍රය හරහා දේහය ගෙන යන ආකාරය දැකගැනීමට සහ උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට බැතිමතුන් විශාල පිරිසක් රැස්ව සිටිනු දැකගත හැකි විය.
  • අවමංගල්‍ය පූජෝත්සවය අප්‍රේල් 26 වන සෙනසුරාදා ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය අප්‍රේල් 26 වන සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1:30ට සිදුවන බව වතිකානය නිවේදනය කර ඇත.
  • පල්ලියේ සිරිතට අනුව, අවමංගල්‍ය පූජෝත්සවය සාමාන්‍යයෙන් පාප් වහන්සේගේ මරණයෙන් පසු දින හතරක් හෝ හයක් ඇතුළත පැවැත්විය යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, උන්වහන්සේගේ දේහය සෙනසුරාදා (අප්‍රේල් 26) පැවැත්වෙන අවමංගල්‍යය පූජෝත්සවය තෙක් මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබෙනු ඇත.

යාච්ඤා මෙහෙයක් පැවැත්වීමෙන් අනතුරුව ස්වර්ගස්ථ වූ පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමට නියමිතය.
 
අවමංගල්‍ය පෙරහැර මිනිත්තු 40කටත් වඩා අඩු කාලයක් පැවති අතර, උන්වහන්සේ ස්වර්ගස්ථ වූ කැසා සැන්ටා මාර්ටා සිට සාන්ත පීතර චතුරශ්‍රය හරහා දේහය ගෙන යන ආකාරය දැකගැනීමට සහ උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට බැතිමතුන් විශාල පිරිසක් රැස්ව සිටිනු දැකගත හැකි විය.
 
අවමංගල්‍ය පූජෝත්සවය අප්‍රේල් 26 වන සෙනසුරාදා

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය අප්‍රේල් 26 වන සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1:30ට සිදුවන බව වතිකානය නිවේදනය කර ඇත.

පල්ලියේ සිරිතට අනුව, අවමංගල්‍ය පූජෝත්සවය සාමාන්‍යයෙන් පාප් වහන්සේගේ මරණයෙන් පසු දින හතරක් හෝ හයක් ඇතුළත පැවැත්විය යුතු ය. අවමංගල්‍ය දිව්‍ය පූජාව සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වේ.
 
ef8da670b6caa910
පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සාම්ප්‍රදායිකව සංකීර්ණ කටයුතු ලෙස සලකනු ලැබුව ද, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය වසරේදී තම අවසන් කටයුතු සරල කිරීමට පියවර ගත්හ.

සියවසකට වැඩි කාලයකට පසු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සොහොන් ගර්භයේ තැන්පත් නොකළ පළමු පාප් වහන්සේ උන්වහන්සේ වනු ඇත.
m56uy756756
 
ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාවේ, උන්වහන්සේගේ ප්‍රියතම මැඩෝනා සිතුවම අසල මිහිදන් කෙරෙනු ඇත.

සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සාදනු ලබන සාම්ප්‍රදායික මිනී පෙට්ටියක තැන්පත් කරන ලද උන්වහන්සේගේ පූර්වගාමීන් මෙන් නොව, උන්වහන්සේ සරල ලී පෙට්ටියක භූමදාන කරන ලෙස ද ඉල්ලා සිටියහ.

පාප් වහන්සේගේ අවමංගල්‍යයට සහභාගී වන්නේ කවුද?

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය පූජෝත්සවය සෙනසුරාදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කිරීමටත් පෙර, ලෝක නායකයින් ගණනාවක් ඔවුන්ගේ පැමිණීම තහවුරු කළහ.
 
000 434Q862
උන්වහන්සේගේ අභාවයෙන් පැය කිහිපයක් ඇතුළත, ආර්ජන්ටිනාවේ ජනාධිපති හාවියර් මිලේ පැවසුවේ තමා එම දේව මෙහෙයට සහභාගී වන බව ය.

ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් සමග තමන් වතිකාන නගරයට යන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් ද සිය සහභාගී වීම තහවුරු කර ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද එහි පැමිණෙන බව තහවුරු කර තිබේ. යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ද පැමිණීමට නියමිත ය.
 
අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයින් සහ ආගමික නායකයින් විශාල ගණනක් සහභාගී වීමට ඉඩ ඇති අතර, සිය ගණනක් කිතුණු භක්තිකයින් ද ඊට සහභාගී වනු ඇත.

ඒ අනුව, 250,000ක් පමණ පිරිසක් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
මරණයට හේතුව ආඝාතයකින් පසු ඇති වූ හෘදයාබාධයක්
 

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේ ය.

88 වන වියේ පසු වූ උන්වහන්සේ වසර 12ක් රෝමානු කතෝලික පල්ලියේ අධ්‍යාත්මික නායකයා ලෙස සේවය කර වතිකානයේ කැසා සැන්ටා මාර්ටාහි පිහිටි නිවහනේදී ස්වර්ගස්ථ වූහ.

වතිකානය සඳහන් කළේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආඝාතයකින් සහ ඉන් පසුව ඇති වූ හෘදයාබාධයකින් මිය ගිය බව ය.

2013 මාර්තු මාසයේදී XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු කාදිනල් හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ කතෝලික පල්ලියේ නායකත්වයට තේරී පත් විය.
 
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පදවි කාලය තුළ පෙර නොකළ බොහෝ දෑ සිදුවිය. කිසි විටෙකත් කතෝලික පල්ලියට ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම නතර නොකළ උන්වහන්සේ සාම්ප්‍රදායිකවාදීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන්නට වූහ.

උන්වහන්සේ ඇමෙරිකාවේ නොඑසේ නම්, පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ වූහ.
 
කතෝලික බැතිමතුන්ගේ දින දර්ශනයේ වැදගත් ම සිදුවීමක් ලෙස සැලකෙන පාස්කු ඉරුදින වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පෙනී සිට පැය 24කටත් අඩු කාලයකින් අනතුරුව පාප් වහන්සේ ස්වර්ගස්ථ වූහ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 1936 දෙසැම්බර් 17 වන දින ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස්හිදී හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස උපත ලැබූහ.

සිය ජීවිතයේ අවසාන මාසවලදී, පාප් වහන්සේට අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සති කිහිපයක් රෝහල්ගත කිරීමට සිදුවූහ.

පෙබරවාරි 14 වන දින, උන්වහන්සේ පෙනහලු දෙකෙහි ම ඇති වූ නියුමෝනියා රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට රෝමයේ ජෙමෙල්ලි රෝහලට ගෙන යන ලදී.

උන්වහන්සේ දින කිහිපයක් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පීඩා වින්දහ. අනතුරුව උන්වහන්සේ මාර්තු 23 වන දින රෝහලෙන් පිටව ගියහ.

වතිකානුවෙන් පිටත භූමදාන කරන ලෙස පාප් වහන්සේ ඉල්ලා සිටිති
 

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාවේ "විශේෂ සැරසිලි නොමැතිව" භූමදාන කිරීමට කැමති බව වතිකානුව නිකුත් කරනු ලැබ ඇති උන් වහන්සේගේ අවසාන කැමැත්තේ සඳහන් කර ඇත.

පෙර සිටි පාප්වරුන් බොහෝ දෙනෙකු දේහයන් වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ මිහිදන් කර ඇත.
 
එමෙන් ම තම දේහය මිහිදන් කරන ස්ථානයේ තම නාමය ලතින් භාෂාවෙන් 'Franciscus' ලෙස සටහන් කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කර තිබේ.
1669න් පසු එහි මිහිදන් කෙරෙන පළමු පාප් වහන්සේ උන්වහන්සේ වනු ඇත.

යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මෙය ඉතාලි අගනුවර ප්‍රධාන පාප්තුමාගේ බැසිලිකා හතරෙන් එකක් වන අතර, එය 2013දී තේරී පත් වූ දා සිට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඉතිහාසයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබේ.
පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු වතිකානය පාලනය කරන්නේ කවුද?
 
be6k6i
සඳුදා (අප්‍රේල් 21) උදෑසන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය ගැන ලෝකය දැනගත් විට, එම පුවත ප්‍රකාශ කළේ, ඇමෙරිකා එක්සත් ජනපදය සමග දිගුකාලීන සබඳතා ඇති කාදිනල්වරයෙකු ය.

අද (අප්‍රේල් 22) උදෑසන, අයර්ලන්ත-ඇමෙරිකානු සම්භවයක් ඇති කෙවින් ෆැරල් කාදිනල් හිමි සිය භාරදූර වගකීම්වලින් එකක් වන 'කැමර්ලින්ගෝ' එනම්, පාප්වරයෙකුගේ මරණයෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු වතිකානය පවත්වාගෙන වගකීම භාර ගත්තේ ය.
 
2019දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙම කාදිනල්වරයා එම තනතුර සඳහා නම් කරන ලද අතර, ෆැරල් හිමි "Apostolica Sedes Vacans" අතරතුර, එනම් පාප්වරයෙකුගේ මරණය හෝ ඉල්ලා අස්වීම අතර ඊළඟ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම දක්වා කාලය තුළ මෙම තනතුර දරනු ඇත.
As world mourns cardinals prepare Pope Francis funeral
 
1947දී ඩබ්ලින්හි උපත ලැබූ ෆැරල් හිමි, වතිකානයට අනුව, ස්පාඤ්ඤයේ සලමන්කා විශ්වවිද්‍යාලයෙන් සහ රෝමයේ පොන්ටිෆිකල් ග්‍රෙගෝරියන් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

77 හැවිරිදි ඔහු එක්සත් ජනපදයේ දේවස්ථාන වෙනුවෙන් වසර 30කට වැඩි කාලයක් සේවය කළේ ය. 2007දී ෆැරල් හිමි ඩලස්හි බිෂොප්වරයා ලෙස පත් කරන ලද අතර, 2016දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඔහුගෙන් පවුල්වල දේවගැති රැකවරණය සඳහා වගකිව යුතු වතිකානුවේ නව දෙපාර්තමේන්තුවේ නායකයා ලෙස සේවය කරන ලෙස ඉල්ලා සිටි අතර, උන්වහන්සේව කාදිනල් තනතුරට උසස් කළේ ය.

කැමර්ලෙන්ගෝ ලෙස, ඊළඟ පාප්තුමා තීරණය කරන රහස් සභාව සඳහා කටයුතු සම්පාදනය කිරීමේ සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මරණය සහතික කිරීමේ වගකීම ෆැරල්ට හිමිට පැවරෙනු ඇත.

| BBC සිංහල සේවය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...