The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාලිමා ඡන්දදායකයන්ගේ දළදා වන්දනාව | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

April 24, 2025 • 7:31 AM

මාලිමා ඡන්දදායකයන්ගේ දළදා වන්දනාව | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් ඇතැමෙක් නාගරික දිළින්දෝය.
  • ඇති හැකි බොහෝ අය මේ පෝලිමේ නොයති.
  • ඇති හැකි වැඩිදෙනෙකු දළදා වැඳීමේ අදහස අතහැර තිබේ.
  • ඡායා: Shehan Gunasekara ලංකාවේ පහළ මධ්‍යම පන්තියට බලය ලබාගැනීමට තිබුණු ආශාවේ ප්‍රකාශනය වීම හැර අන් කිසිදු ගැඹුරක් ජාතික ජන බලවේගයට නොමැති බව දැන් දැන් ඔප්පු වෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ගෙන් බහුතරය ගැමියෝය. තවත් ඇතැමෙක් නාගරික දිළින්දෝය.

ඇති හැකි බොහෝ අය මේ පෝලිමේ නොයති. සුළු පිරිසක් වීඅයිපී පෝලිමේ යති. ඇති හැකි වැඩිදෙනෙකු දළදා වැඳීමේ අදහස අතහැර තිබේ.

 

487810540 1431899851541293 120140662737433797 nඡායා: Shehan Gunasekara
ලංකාවේ පහළ මධ්‍යම පන්තියට බලය ලබාගැනීමට තිබුණු ආශාවේ ප්‍රකාශනය වීම හැර අන් කිසිදු ගැඹුරක් ජාතික ජන බලවේගයට නොමැති බව දැන් දැන් ඔප්පු වෙමින් තිබේ. ඔවුන් වන්දනාමාන කළ පූජනීය දෙය බලයයි. එය දැන් ඔවුන්ට ලැබී ඇත. අතට ගෙන බැලූ විට එය මුහුදු ජල්ලියක් වැනි අතින් ලිස්සා යන ආකෘතියක් නොමැති දෙයකි. ඒ නිසා දැන් ඔවුන් බලය වෙන තැනක ඇතැයි සිතති. පාර රාජ්‍ය ආදී කතා නිර්මාණය කරති.

පහළ මධ්‍යම පන්තික බල ලෝභය වෙනුවෙන් දශක ගණනාවක් මුළුල්ලේ ජවිපෙ විසින් ජනයා නොමග යවන ලදි. අවසානයේදී ඒ නොමග ගිය ජනයා ඉතිහාසයේ පෙර නොවූ විරූ බලයකින් ජවිපෙ ආණ්ඩුවට පත් කර ඇත. ජවිපෙ දේශපාලන සංස්කෘතියේ යම් වෙනසක් කරමින් සිටියි. එය පැසසිය යුතුය. එහෙත්, ඔවුන් දේශපාලන සංස්කෘතිය තුළ වගාකරන්නට උත්සාහ කරන බොරුව නම් ස්ථිරව මුල් අදින බවක් නොපෙනේ.

දළදා දැක්මට ආ සෙනග මෙවර පළාත් පාලන මැතිවරණයේදී ද මාලිමාවට ඡන්දය දෙනු ඇත. එහෙත්, මාලිමාවට මේ පිරිස දිගින් දිගටම රඳවා තබාගත හැකිද?

486631290 1431302498267695 6336331448919900378 nඡායා: Shehan Gunasekara

දළදා වන්දනා පෝලිම් තුළ පවා දක්නට ලැබුණු දෙය වන්නේ මෙම ජනයා ඉතා පහසුවෙන් අයුතු ජනරාශි බවට පත්වන බවයි. එක තෙල් පෝලිමකින් මේ මහා ජන සහයෝගය අනෙක් පැත්ත හැරිය හැකිය. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් පමණක් ඔවුන් දීර්ඝකාලීනව තෘප්තිමත් කළ නොහැකිය. රට සංවර්ධනය කළ යුතුය. දැනට නම් කිසිවක් සිදුවන්නේ නැත. (දේශපාලන සංස්කෘතියේ වෙනස ද වෙන යමක් නොව, කලින් තිබුණු පවුල් පාලනයේ තැනට පක්ෂ වහල් සමාජයක් ආදේශ වීම පමණි.)

දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජනපති අනුර කළ ඉල්ලීම ගැන විවිධ මත

මුග්ධත්වය නඩත්තු කිරීමෙන් සමාජයක් වෙනස් කළ නොහැකිය. දේශපාලන වාසි ලබාගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පවත්වන්නට යෙදුණ දළදා වන්දනාව විසින් සිදු කර ඇත්තේ මාලිමාවට ඡන්දය දුන් සිංහල බෞද්ධ ගැමි ජන බලවේගය මහනුවරට ගෙන්වා අසරණ කර ඔවුන් නිරුවත් කර අවමානයට ලක්කිරීමයි.

මේ මුග්ධත්වය වෙනස් කළ යුතුය. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට දරන ප්‍රයත්නය හා සමාන බරක් ඒ වෙනුවෙන් ද යෙදිය යුතුය. තම ඡන්ද දායකයා මේ සිටින තැනින් ඔසවා තැබීමට මාලිමාව කරන්නේ කුමක්ද?

(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

වන්නිනායකලා නැවත සොයා යාම - (අජිත් පැරකුම් ජයසිංහ)(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

praja.lk



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...