The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉන්දු-පකිස්තාන කුලල්කා ගැනීමේ භූ දේශපාලනය | නිලන්ත ඉලංගමුව

T

The Leader Desk

April 25, 2025 • 10:58 AM

ඉන්දු-පකිස්තාන කුලල්කා ගැනීමේ භූ දේශපාලනය | නිලන්ත ඉලංගමුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට මාස කිහිපයකට පෙර ඉන්දීය මිත්‍රයින් කිහිප දෙනෙකු සමග සංචාරය කළ භූමිය, 2023 ඔක්තෝම්බර් හමාස් ත්‍රස්තවාදීන් නෙතන්යාහුට ලබාදුන් පන්නයේ අවස්ථාවක් මෝදිට ලබාදී ඇත.
  • පහල්ගම් තවත් ගසාවක් කරන්නේද; එසේත් නොවේනම් ඉන්දු-පකිස්තාන ජන්මගත වෛරය නිමාකිරීමේ සංඛේතයක් බවට පත්කරන්නේද යන්න පාලකයින් හමුවේ ඇති අභියෝගයයි.
  • නමුත් ප්‍රදේශය පුරා එකතු වෙමින් ඇති යුද්දයේ අඳුරු වළාකුළු යළිත් මෙම භූමිය ඛේදජනක ඉරණමකට තල්ලු කරමින් සිටින අයුරු පෙනේ.
  • අප්‍රේල් 22 වන දින, කාශ්මීරයේ පහල්ගම් අසල බයිසරන් නිම්නයේ තණබිම් රුහිරයෙන් තෙත් වී, ඊට ඉහළ අහස අසීමිත ම්ලේච්ඡත්වයේ වේදනාවෙන් ගිගුම් දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට මාස කිහිපයකට පෙර ඉන්දීය මිත්‍රයින් කිහිප දෙනෙකු සමග සංචාරය කළ භූමිය, 2023 ඔක්තෝම්බර් හමාස් ත්‍රස්තවාදීන් නෙතන්යාහුට ලබාදුන් පන්නයේ අවස්ථාවක් මෝදිට ලබාදී ඇත. පහල්ගම් තවත් ගසාවක් කරන්නේද; එසේත් නොවේනම් ඉන්දු-පකිස්තාන ජන්මගත වෛරය නිමාකිරීමේ සංඛේතයක් බවට පත්කරන්නේද යන්න පාලකයින් හමුවේ ඇති අභියෝගයයි.

නමුත් ප්‍රදේශය පුරා එකතු වෙමින් ඇති යුද්දයේ අඳුරු වළාකුළු යළිත් මෙම භූමිය ඛේදජනක ඉරණමකට තල්ලු කරමින් සිටින අයුරු පෙනේ.

 

2025 අප්‍රේල් 22 වන දින, කාශ්මීරයේ පහල්ගම් අසල බයිසරන් නිම්නයේ තණබිම් රුහිරයෙන් තෙත් වී, ඊට ඉහළ අහස අසීමිත ම්ලේච්ඡත්වයේ වේදනාවෙන් ගිගුම් දුන්නේය. අහිංසක සංචාරකයින් 26 දෙනෙකු තුච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවකින් ඝාතනය වූ අතර, ඔවුන්ගේ එකම වරද වූයේ භූදේශපාලනික වංචාවෙන් හෙම්බත් වූ දිගු කලක් තිස්සේ කැළැල් වූ දේශයක ස්වභාව සෞන්දර්යය ලුහුබැඳීමය. අශ්වයන් මත සංචාරකයින් රැගෙන ගොස් එදාවේල හොයා ගන්නා සියද් හුසේන් තුවාල ලැබූ  අයවලුන් රෝහල්වලට රැගෙන යෑමට උත්සහ කිරීමේදී ත්‍රස්තවාදීන්ට බිලිවිය.

12205 24 4 2025 12 51 59 2 24 MILITANT ATTACK SGR 24 04 2025

 

මරාදමනු ලැබූවන්ගෙන් ගැලූ රුධිරය යාන්තමින් වියළී ගොස් ඇති නමුත් පළිගැනීමේ සංදර්ශන වලින් ඉන්දියාව සහ පකිස්ථානය විකාර රූපී රඟහලක ගිලෙමින් ඇත. ශෝකයට පත් කලාපයක් සාමූහික එකඟතාවයකින් එක්සත් කළ යුතුව තිබියදී  ඒ වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික පරිහානිය විසඳීමේ එකම මෙවලම බවට පත්කරගෙන ඇත.

ඉන්දියාවේ සිටින සියලුම පකිස්තානුවන්ට සහ පකිස්තානයේ සිටින සියලුම ඉන්දියානුවන්ට පැය කිහිපයක් ඇතුළත පිටවීම සඳහා නියෝග කළහ. මෙය බ්‍රිතාන්‍යය යටත්විජිත පරිපාලනයේ සේවය කළ සිරිල් රැඩ්ක්ලිෆ් වැනි අපරාධකාරයින් විසින්  1947 දී ඉන්දියාව සහ පකිස්ථානය බෙදනු ලැබූ ආකාරයේ විසඳුමක අනුරූපකයකි.  

 



තුවාල වූ සහ කෝපයට පත් ඉන්දියාව, වගකීම් විරහිත මෙන්ම ගිනි අවුලුවන ප්‍රතිචාර තෝරා ගත්තාය. 1960 සිට කලාපීය ස්ථාවරත්වයේ පදනමක් වූ ඉන්දු ජල ගිවිසුම ඒකපාර්ශ්විකව අත්හිටුවීය. ජාතික ආරක්ෂාවේ නාමයෙන්, පළිගැනීමේ පහසු සංඥාවක් ලෙස එය කළ බව පෙනේ.

 

නමුත් එම පියවර නවදිල්ලි නායකත්වයේ දැඩි දරිද්‍රතාවය හෙළිදරව් කිරීමකි. ඊට සමගාමීව,  සදාකාලිකව තමන්ගේම ව්‍යාකූල දෝංකාර කුටිවල සිරවී සිටින පකිස්තානය, රටේ සාමන්‍යය මිනිසුන්ගේ වුවමණා එපාකම් වලට වඩා එහි  බලය හසුරුවන ප්‍රභූන් ආසා කරන එකම භාෂාවෙන් ප්‍රතිචාර දැක්වීය. ජල ගිවිසුම අත්හිටුවීම න්‍යෂ්ටික යුද්ධයකට අතවැනීමක් බව ඔවුහු හැඳින්වීය. ඊට අමතරව, 1972 අත්සන් කළ ශිම්ලා සාම ගිවිසුම අත්හිටවූ බව නිවේදනය කළාය.

 

pahalgamnc87r

මෙය දේශපාලන කෞශල්‍යය නොව දේශපාලන අනාචාරයයි. ඉන්දු පකිස්තාන දෙරටේම නායකයින් මෙහෙයවන මිථ්‍යාවන් විසින් හොල්මන් කරන ආණ්ඩු කලාපයම අගාධයට තල්ලු කරමින් සිටිති. මෙය රාජ්‍ය තාන්ත්‍රික භාවය නොව, ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් බිහිරි සහ අන්ධ වූ අයවලුන්ට සිය මමත්වය ප්‍රමෝද කිරීමට වේදිකා තනාගැනීමකි.  අප වළක සිරවී සිටින්නේ නම්, ඉන් ගොඩ ඒම සඳහා අපි අනුගමනය කළයුතු පළමු නීතිය, එම වල තවදුරටත් නොහෑරීමයි. නමුත් අපේ අසල්වැසියන් සෑම විටම එහි විරුද්ධ පැත්ත අනුගමනය කරති.

12205 23 4 2025 8 14 29 3 08 MILITANT ATTACK SGR 23 04 2025

 

ඉන්දියාව සහ පකිස්ථානය යන දෙපාර්ශවයම ලෝකය ඉදිරියේ නිරුවත් වෙමින් සිටින්නේ, බ්‍රිතාන්‍යයන් විසින් ඉතා අවලස්සන්න ලෙස විනාශ කරනු ලැබූ ඓතිහාසික ශිෂ්ඨාචාරයකට නායකත්වය දෙන පරිණත රාජ්‍ය නායකයන් ලෙස නොව, ගිනිගත් නිවසක එකිනෙකාට ඇන ගන්නා කිල්කනි බළලුන් ලෙස ය. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වාසීන් දෙදෙනෙක්, සෑම කෙනෙකුම තම සදාචාරාත්මක උසස් බව ඒත්තු ගැන්වීම වෙනුවට වෙඩි බෙහෙත්වලින් පිරුණු කාමරයක ගිනිකූරුවලින් සන්නද්ධ වී රස්තියාදුකාරයන් මෙන් හැසිරෙමින් සිටිති. අහිංසාවාදයේ නිජබිම භීතියෙන් වෙලී ඇත. ඉතිහාසය පුරාම මෙවැනි සතුරුකම් වලින් බාහිර පාර්ශවයන් කලාපයේ දේශසීමා අපහරණය කළ ආකාරය මොවුන්ට අමතක වී ඇති සැටියෙකි.

ඉන්දු ජල සම්මුතිය අත්හිටුවීමේ තීරණය හුදු ප්‍රකෝපකාරී ප්‍රතිචාරයක් නොව ව්‍යාධිමය වශයෙන් නොසැලකිලිමත් තීරණයකි. ලෝක බැංකුව විසින් මැදිහත් වූ මෙම ගිවිසුම, ලේ වැකි සහ ව්‍යාජ ලෙස ප්‍රතිනිර්මාණය කරනු ලැබූ දේශසීමා,  කැරලි සහ ප්‍රකෝප කිරීම් වලට නතු වී හෙම්බත් වූ සතුරු රාජ්‍යයන් දෙකක මහා ජයග්‍රහණයක් විය. ඉන් වසර දොළහකට පසු අත්සන් කරනු ලැබූ සිම්ලා ගිවිසුමද ඒ හා සමාන ජයග්‍රහණයකි. ඒ නිසා භූමියේ වෙසෙන සාමාන්‍යය ජනතාවට අස්වැසිල්ලක් ලැබුණි. සතුරාගේ එකම අරමුණද මෙම ගිවිසුම් හිස් වදන් බවට පත්කිරීමය. මිලේච්ඡයින් හයදෙනෙකු විසින් අප්‍රේල් 22 සිදුකළ සාහිසික අපරාධයට මෙම තීරණාත්මක ගිවිසුම් කුණුකිරීමට ඉදිනොදිය යුත්තේ ඒ නිසාය.

 

ඛේදවාචක වලදී සැබෑ නායකයින් ඉස්මතු වන්නේය. ඔවුන් සමාජය ස්ථාවර කර, ඛේදවාචක නිසා ඇතිවන කම්පන අවශෝෂණය කර, නව තලයකට සිය රාජ්‍යය රැගෙන යති. එහෙත් බොහෝ දේශපාලනඥයින් සහ ඛේදවාචක වලින් තම පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට රිසි අනෙකුත් අවස්ථාවාදීන්  ඊට හාත්පසින්ම වෙනස් විලාසයකින් හැසිරෙති. දතට දතක්, ඇසට ඇසක් ඔවුන්ගේ එකම ප්‍රතිචාරය බවට පත්වන්නේය. පහලගම් ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පකිස්තානය හැසිරෙමින් සිටින්නේද එලෙසය. මෙම හැසිරීම ආගමික අන්තවාදී උන්මන්තකයින්ට සාරවත් බිමක් නිර්මාණය කිරීමකි.  

ජනමාධ්‍යද මෙම බිහිසුණු නර්තනයේ දී තම රඟපෑම මැනවින් ඉටුකරයි. ඉන්දියානු රූපවාහිනී නිවේදකයින් පළිගැනීම් ඉල්ලා මහත් පිපාසයකින් පෙළෙන අතර ආණ්ඩුවේ සෑම වැරදි ක්‍රියාවක්ම ශුභාරංචියක් ලෙස විශුද්ධ කරමින් සිටිති. පකිස්තාන නාලිකා පරණ කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රකෘතිමත් කරමින් ඔවුන්ගේ හමුදා ජෙනරාල්වරුන් පරීක්ෂාවෙන් බේරා සාමාන්‍යය ජනතාවගෙන් සත්‍යයෙන් වසන් කරමින් සිටිති. මෙය ජනමාධ්‍යයේ වගකීමක් නොව යුද්ධය සඳහා ආයුධ සන්නද්ධ වූ තොරතුරු රසාස්වාදයකි.

 

vc54y45

වඩාත්ම භයානක සත්‍යය නම්, මෙම ජාතීන් දෙකම රාජ්‍යත්වයේ මූලික කාර්යයන්ගෙන් අසමත් වීමයි. මෙමෙ තත්වය දකුණු ආසියාවටම ශාපකාරී වී ඇති අතර මොවුන්ගේ බලහත්කාරකම් වලින් කලාපයේ ඇති කුඩා රටවල් වලට වන්දි ගෙවීමට සිදුවී තිබේ. ඔවුන්ට ඔවුන්ගේ දුප්පතුන් පෝෂණය කළ නොහැක; ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දිය නොහැක; ඔවුන්ගේ රෝගීන් සුව කළ නොහැක; ආගමික උන්මන්තකයින් සමාජයට ගැලපෙන සේ පුනරුත්ථාපනය කළ නොහැක. එහෙත් ගැටුම් වලදී උමතුවී පළිගැනීම් වලට පමණක් ආවඩා ඊට ප්‍රමුඛතාවය ලබාදෙමින් තම දේශපාලන බලය තරකගත හැකිය.

cre455656

 

මින් ලබා දෙන පරම සත්‍යය කුමක්ද? බටහිර කුමන්ත්‍රණ නිසා දකුණු ආසියාව දුප්පත් වූ නැති බවයි. එහි නායකයින් සංවේදනය වෙනුවට මමත්වය, හේතුවාදය වෙනුවට ෆැන්ටසිය, ප්‍රායෝගිකවාදය වෙනුවට උඩඟුකම; සුබසාධනය වෙනුවට යුද්ධය, ආදරය වෙනුවට වෛරය; දැනුම වෙනුවට අන්ධ භක්තිය; සහයෝගය වෙනුවට වෙන්වීම; විනය වෙනුවට අනීතිය; ඉතිහාසය වෙනුවට මිත්‍යාකතා  තෝරා ගත් නිසා මෙම කලාපය දුප්පත් ය.

මිසයිලයක් සඳහා වැය කරන සෑම රුපියලක්ම කුසගින්නේ සිටින දරුවෙකුට ප්‍රතික්ෂේප කළ ආහාර වේලක් වේ. යුද අභ්‍යාස සඳහා ගත කරන සෑම පැයක්ම නූගත්කම නිසා අහිමි වූ පරම්පරාවකි. දුප්පත්කම, අස්ථාවරත්වය, බලාපොරොත්තු සුන්කම - මේවා හදිසි අනතුරු නොවේ. මොවුන්ගේ දේශපාලන බලය වූ කලී තම ඒකාධිකාරයට තර්ජනයක් වන බව දන්නා නරුම ප්‍රභූන් විසින් වසරින් වසර අස්වැන්න නෙළන ලද ගැටුමේ ලාභාංශයයි. අප්‍රේල් 22 වැනිදා ප්‍රහාරයෙන් පසු දේශසීමා වල පුපුරා යමින් ඇත්තේද මෙම යථාර්තයයි.

bn6u756

 

දිල්ලියේ සහ ඉස්ලාමාබාද්හි කිසියම් මනුෂ්‍යත්වයක් ඉතිරි වී ඇත්නම්, එය දැන් අවදි කළ යුතුය. අසරණ ජනතාව ආයුධ සන්නද්ධ ගංගාවල ගිලී මිය යාමට පෙර, ලෝකය සන්සුන්වබව ඉල්ලා සිටියදී අවුල් සහගත බව තෝරා ගත් කැල්කිනි බළලුන් ලෙස හෝ  මමත්වයේ සුන්බුන් යට වැළලී ගිය  ශිෂ්ටාචාරයේ කපටි ආරක්ෂකයින් ලෙස නොව, සාමය වෙනුවෙන් පොරබදින මිනිසුන් ලෙස අවදි විය යුතුය.

ආගමික උන්මන්තකයින් තම දරුවන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත්කොට තවත් පරමපරාවක් නැසීමට පෙර මෙම දෙපාර්ශවය එකතු විය යුතුය. නාමික වශයෙන් හෝ ඉතිරි වී ඇති දකුණු ආසියානු කලාපය තවත් මැදපෙරදිගක් හෝ යුක්‍රේනයක් හෝ සුඩානයක් වීම වැළක්විය හැක්කේ එවිටය.


Nilantha Ilangamuwa 1(සටහන | නිලන්ත ඉලංගමුව)
නිදහස් මාධ්‍යවේදී
ilangamuwa@gmail.com

* නිලන්ත ඉලංගමුව තීරු ලිපි රචකයෙකු වන අතර ඔහුගේ නවතම කෘතිය AFTER ASSAD: Is Syria The New Libya In The Mediterranean?
 


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

කෙසේ හෝ එසේ නොවේවා! | Mahesh Hapugoda

කාශ්මීර ප්‍රහාරය ඉන්දු-පාකිස්ථාන හමුදා ගැටුමක් දක්වා උත්සන්න වීමේ අවදානමක්

දකුණු කාශ්මීරයේදී එල්ලවූ ප්‍රහාරය ගැන මෙතෙක් අප දන්නේ මොනවා ද?

'ඕනෑ ම ලිපියක් අපේ අවසාන ලිපිය වෙන්න පුළුවන්' - කාශ්මීර් මාධ්‍ය කෙරෙහි ඉන්දියාවේ මර්දනය

ඉන්දියාව දෙකඩවීම: වසර 75කට පෙර බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදීගියේ ඇයි?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දු-පකිස්තාන කුලල්කා ගැනීමේ භූ දේශපාලනය | නිලන්ත ඉලංගමුව | The Leader