The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොදු ප්‍රවාහනයේදී හිංසනයන්ට ගොදුරු වන කාන්තාවන් | දේශානි හේරත්

T

The Leader Desk

April 26, 2025 • 6:49 AM

පොදු ප්‍රවාහනයේදී හිංසනයන්ට ගොදුරු වන කාන්තාවන් | දේශානි හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් පොදු ප්‍රවාහනය භාවිත කරන බොහෝ කාන්තාවන් හා ගැහැණු දැරියන් සිය ගමනාගමනයේදී එක් වරකට වඩා අයහපත් ස්පර්ශයකට හෝ බඳුන්වී ඇත.
  • මගීන්ගෙන් පිරී ඇති විටක පුරුෂ පාර්ශවය කිසිදු අනුබලයකින් තොරව කාන්තාවන්ගේ ශරීරයේ ස්පර්ශ වීම්, ලිංගේන්ද්‍රිය කාන්තාවන්ගේ ශරීරයේ ස්පර්ශ කිරීම් යනාදිය සිදු කරයි.
  • වසරේදී කාන්තා හිංසන 2252න් 262ක්ද 2024 දී 2785 කින් 289ක්ද පොදු ප්‍රවාහනයේදී සිදුව ඇති බවට වාර්තා වී ඇත.
  • නමුත් කාන්තාවන් හට මෙවැනි හිංසනකාරී අවස්ථාවක් උදාවූ විට කලබල කිරීම් ,කෑ ගැසීම් හෝ රණ්ඩු සරුවල් වීමට ඇති අකමැත්ත නිසා එවැනි සිදුවීම් වාර්තා වීමේ ප්‍රමාණය සීමා වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් පොදු ප්‍රවාහනය භාවිත කරන බොහෝ කාන්තාවන් හා ගැහැණු දැරියන් සිය ගමනාගමනයේදී එක් වරකට වඩා අයහපත් ස්පර්ශයකට හෝ බඳුන්වී ඇත. මගීන්ගෙන් පිරී ඇති විටක පුරුෂ පාර්ශවය කිසිදු අනුබලයකින් තොරව කාන්තාවන්ගේ ශරීරයේ ස්පර්ශ වීම්, ලිංගේන්ද්‍රිය කාන්තාවන්ගේ ශරීරයේ ස්පර්ශ කිරීම් යනාදිය සිදු කරයි.

කාන්තාවන් හා ගැහැණු ළමයින්ගේ ජීවිතයට පොදු ප්‍රවාහන සේවය වර්තමානය වන විට ඉතාමත් අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර ඇත. 2023 වසරේදී කාන්තා හිංසන 2252න් 262ක්ද 2024 දී 2785 කින් 289ක්ද පොදු ප්‍රවාහනයේදී සිදුව ඇති බවට වාර්තා වී ඇත.

නමුත් කාන්තාවන් හට මෙවැනි හිංසනකාරී අවස්ථාවක් උදාවූ විට කලබල කිරීම් ,කෑ ගැසීම් හෝ රණ්ඩු සරුවල් වීමට ඇති අකමැත්ත නිසා එවැනි සිදුවීම් වාර්තා වීමේ ප්‍රමාණය සීමා වී තිබේ. බොහෝවිට කාන්තාවන් මෙවැනි අවස්ථාවලදී විරුද්ධ වීම් සහ ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටීමට උත්සාහ කරයි.

මේ අනුව ලෝකය පුරාම කාන්තාවෝ හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙති. විවිධ ශාරීරික හා වාචික හිංසනයක් ලෙස සිදු වන මෙහිදී ඇතැම් විට ස්ත්‍රී දූෂණයන් පවා සිදුවිය හැකිය. සමාජ ව්‍යුහයන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජ සමාජභාවී අසමානතාවන්ගේ ගැඹුර ද මෙමගින් පරාවර්තනය වේ.

කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ මූලික හිමිකම්, අයිතිවාසිකම් හා නිදහස අහිමි කිරීමට අමතරව, අනාරක්ෂිත වාතාවරණයක් නිර්මාණය කිරීමට ද කිරීමට ද මෙය ඉවහල් වේ.

මේ හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ පොදු ජීවිතය තුළ, රැකියාවන්ගේ හා අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් නිමග්න වීම ද ද සීමාවන් ඇති වේ. ලංකාව තුළ වඩාත් ලාභදායී පොදු ප්‍රවාහන විකල්පයන් භාවිත කිරීම සාමාන්‍ය කරුණකි. මේ පිළිබඳව සිදුකරන ලද දෙන අධ්‍යයන්ගෙන් පෙනී යන්නේ කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව පොදු ප්‍රවාහන සේවා මත යැපෙන බවයි.

unnamed 27

විශේෂයෙන්ම ඒ අතර පහළ ආදායම් මට්ටම් වල කාන්තාවන් දැකිය හැකිය. ගෘහාශ්‍රිත කටයුතු වලින් වැඩි බරක් දරා ගැනීමට සිදුවන කාන්තාවෝ වඩා ලාභදායී ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ නිතර ගමන් කරති. එහෙත් පොදු ප්‍රවාහනයේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන වෙනස්කම් නිසාවෙන් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්න නිර්මාණය වේ.

2015 වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කාන්තාවන්ට පොදු ප්‍රවාහන බස් රථ හා දුම්රිය වලදී මුහුණ දීමට සිදු වන ලිංගික හිංසන පිළිබඳ ජාතික සමීක්ෂණයක් පවත්වන ලදී. එහි අරමුණ වූයේ පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනයන්ගේ ස්වභාවය, එහි ප්‍රමාණය හා සිදුවන ආකාරය පිළිබඳ සවිස්තර අවබෝධයක් ලබා ගැනීම සදහා ඉවහල් වන සමීක්ෂණ මත පදනම් වූ තොරතුරු ජනනය කිරීමයි.

2 පාර්ශවකාර සාකච්ඡා, වැදගත් තොරතුරු සපයන්නන් සමඟ සම්මුඛ සාකච්ඡා සහ ප්‍රශ්නාවලි සමීක්ෂණයක් ඔස්සේ දත්ත ලබාගන්නා ලදී. ඒ සඳහා යොදා ගන්නා ලද පුද්ගලයින් 2500 ක් පළාත් නවයේම සියලු දිස්ත්‍රික්ක ආවරණය කරන පරිදි අවුරුදු 15-35 ත් අතර වයස් නියෝජනය කරමින් තෝරා ගත්හ. එහිදී 90% ක්ම පැවසුවේ ඔවුන් පොදු ප්‍රවාහන බස් රථ හා දුම්රිය වල ලිංගික හිංසනයට ලක් වී තිබෙන බවයි.

 

sexual harassment on public transport 1

එමෙන්ම සමීක්ෂණයට සහභාගී වූ කාන්තාවන් හා ගැහැණු ළමයින් මූලිකවම ප්‍රවාහනය භාවිතා කළේ 50% ක් වැඩට යාම සඳහාත්, 28% ක් ඉගැන්වීම පිණිස යාම සඳහාත් 20% ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහාත් ගමන් කිරීමටය.

පොදු ප්‍රවාහනයේ දී සිදු වන ලිංගික හිංසනය කාන්තාවන් හා ගැහැණු ළමයින් ට වෙනස් අන්දමින් සැලකීමේ සංස්කෘතියක් ඇති කිරීමට දායක වේ. එය ඔවුන් ශාරීරිකව, මානසිකව හා ආර්ථික වශයෙන් වශයෙන් ද පීඩාවට පත්කරයි. ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බලකා සහභාගිත්වය 2006 දී 39.5% ක මට්ටමේ සිට 2014 දී 34.7% ක් දක්වා පහත වැටී තිබුණි.

අධ්‍යයනයේ වැදගත් සොයා ගැනීමක් වනුයේ සමීක්ෂණයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 50% ක් සිය සේවා ස්ථානයට යාම සඳහා පොදු ප්‍රවාහනය භාවිත කරන බවයි. ඒ අනුව මෙම ප්‍රශ්නය කාන්තාවන් ශ්‍රම බලකායෙහි සහභාගි වීම පහත වැටීමට ඉවහල් වන කාරණයක් ලෙස ද සැලකිය හැකි ය.

image 3b8265ae7e

අවම වශයෙන් කාන්තාවක් එක් වතාවක් හෝ සිය ජීවිතය තුළදී ලිංගික හිංසනයන්ට මුහුණ දී ඇත. ඉහත සඳහන් කරන ලද අධ්‍යයනය විසින් ලිංගික හිංසනය ලෙස වර්ග කළ හැකි විවිධාකාර ක්‍රියා 35 ක් හඳුනා ගන්නා ලදී. ඒවා ලිංගික ස්වරූපය තුළ ශරීර ස්පර්ශයේ සිට වාචික හා දෘශ්‍යමය ක්‍රියා දක්වා විහිදේ.

කෙසේ වෙතත් සොයා ගැනීම්වලින් දක්නට ලැබෙන්නේ මුහුණ දෙනු ලබන ලිංගික හිංසනයන්ගෙන් බහුතරය ශාරීරික බවයි. තවත් අවස්ථාවන්හිදී ඇතැම් පුද්ගලයන් තමාට සමීපයේ අසුන් ගෙන සිටින කාන්තාවන්ගේ ඡායාරූප බලෙන් ලබා ගැනීමට තැත් කිරීම, අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමට උත්සාහ දැරීමද සිදු කරයි.

මේ නිසා කාන්තාවන් මානසික අවපීඩනයන්ට ලක් වීම සුලබ වේ. කෙසේ වෙතත් මෙම අධ්‍යයනය මඟින්, මෙවැනි සංඛ්‍යාත්මක දත්තයන් ඔස්සේ පොදු ප්‍රවාහන තුළ සිදු කෙරෙන හිංසනයන් ගොනු කර දක්වා ඇත.

■ සිතාමතා ශරීර කොටසක් ස්පර්ශ කිරීම. 74%

■ පෞද්ගලික අවකාශ සීමාව උල්ලංඝනය වන පරිදි සමීපයට පැමිණීම. 60%

■ අසුන් ගැනීමේ අයෝග්‍ය හැසිරීම් 52.25%

■ වෙනත් පුද්ගලයකුගේ ශරීරයේ තම ලිංගික අවයව ඇතිල්ලීම. 52%

■ සිතාමතා කකුල පෑගීම. 48.44%

■ ශරීර කොටස් දෙස ග්‍රස්ථික ලෙස බලා සිටීම. 46.28%

■ දුරකථන අංකය ඉල්ලීම. 48.72%

■ කාමුක බැල්ම 45.56%

එමෙන්ම ලිංගික හිංසන අත්දැකීම් ලැබූ වාර ගණනද මෙලෙස දැක්විය හැකිය.

* දිනපතා – 12.1%

* සතිපතා – 16.4%

*මාසිකව – 25.8%

* අවුරුද්දට වාර 7-8 – 16.5%

* අවුරුද්දට වාර 4-5 – 13.5%

* අවුරුද්දට වාර 1-2 – 11.6%

* ප්‍රතිචාරයක් නොමැත – 4%


 95561704 150922172652 depression 640x360 thinkstock nocredit
මෙවැනි ලිංගික හිංසනයන් පිළිබඳව කරන ලද අධ්‍යයනයන් තුළින් මතු කෙරෙන සාක්ෂි අනුව පෙනී යන්නේ මෙලෙස පොදු ප්‍රවාහනයේදී හිංසනයන්ට ලක් වන කාන්තාවන් බොහෝ විට මානසික අවපීඩනයන්ට ලක් වන බවයි. එම සිදුවීම ඔවුන් නිතරම මතක් කිරීම මඟින් ඔවුන්ට කාංසාව, විෂාදය වැනි මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාවක් මෙන්ම ඇතැම් විට මෙවැනි සිදුවීම් නිසා සියදිවි හානි කර ගැනීම් වලටද පෙළඹිය හැක.

 එමෙන්ම පාසල් විය, යෞවන විය වැනි කාල වලදී ඇය මුහුණ දෙන හිංසනයන් නිසාවෙන් ඔවුන් විවාහය ප්‍රතික්ෂේප කිරීම, විවාහයට බිය වීම, ලිංගික ජීවිතයකට බිය වීම වැනි දේ ද සිදු විය හැකිය. තවද මේ නිසා ඔවුන්ට සමස්ත පුරුෂ පාර්ශවය කෙරෙහිම තරහක්, වෛරයක් ඇති වීමටද ඉඩකඩ ඇත.

තවදුරටත් මෙම අධ්‍යනය මගින් හෙළි කරනු ලබනුයේ වැඩි වශයෙන් මෙවැනි ලිංගික හිංසනයන් දුර ගමන් සේවාවන්හිදී දිගු කාල පරාසයක් තුළ සිදු වන බවත්, වැඩි වශයෙන් උදෑසන සහ සවස් කාලයේ වැඩි පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන කාල පරාසයන් තුළ තුල සිදුවෙන බවත් ය. බස් රථවල හා දුම්රිය වල අධික සෙනඟ තදබදය ලිංගික හිංසනයට ඍජුවම දායක වන සාධකයකි. එහිදී විශේෂයෙන්ම අනවශ්‍ය ශරීර ස්පර්ශයන් සිදුවේ.

මෙම හිංසනයන්ට ලක් වන්නේ පාසල් යන වියේ දරුවන් නම් ඔවුන්ගේ සිය අධ්‍යාපන කටයුතු පවා මේ නිසා අඩාල කර ගනිති. එමෙන්ම මෙහිදී ඔවුන් සමාජයට මුහුණ දීමට ඇති බිය නිසා සිය දිවි හානි කර ගැනීම් වලට පවා යොමු විය හැකිය. එමෙන්ම ඇතැම් පුද්ගලයන් තම කාමුක ආශාවන් හරහා සිය ශුක්‍රාණු පිට කරමින් ඒවා කාන්තාවන්ගේ ශරීරයේ ගෑම තුළින් ආස්වාදයක් ලබයි. මෙය කාන්තාවන්ට පිළිකුල් ස්වාභාවයක් ගෙන දෙන්නකි.

 

photo 1 8

ඇතැම් විට පුද්ගලයන්ගෙන් කාන්තාවට එල්ල වන හිංසන වලට ඔවුන් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට යාමේදී ඔවුන් පවසන්නේ මෙය පොදු ප්‍රවාහනයක් බවත් තමාට අවශ්‍ය පරිදි ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් තමාගේ පෞද්ගලික වාහනයක් ඒ සඳහා භාවිත කරන ලෙසය.

එමෙන්ම මෙවැනි අවස්ථාවන්හිදී බොහෝ විට කාන්තාවන් පවා අනෙක් කාන්තාවට පක්ෂව කතා නොකර එය ඇයගේ ඇඳුම් විලාශය, කතා බහ, ඉරියව්, රූපලාවණ්‍ය ආලේපන නිසා සිදු වන්නක් බව පවසමින් ඇයගේ වැරද්දක් ඊට අනුබල දුන් ආකාරයට ප්‍රකාශ කරති.

නිදහස් රටක කාන්තාවන් විලාසිතා කළ යුත්තේ තවකෙක්ට අවශ්‍ය පරිද්දෙන්ද? නැතිනම් ඒ අනුව කාන්තාවක් දූෂණයට ලක් කළ හැකිද? හිංසනයන්ට ලක් කළ හැකිද? මේවා සමාජයේ මහත් ගැටලුකාරී අර්බුදයන් ය. කාන්තාවක් කාන්තාවක් වූ පමණින් මෙවැනි අසාධාරණයන්ට ලක් කළ යුතු නොවේ.

පොදු ප්‍රවාහනය තුළ කාන්තාවන් හිංසනයට ලක් වීමට හේතු පිළිබඳ විමසීමේදී ඒ සඳහා ජනාකීර්ණ හා ප්‍රමාණවත් නොවන ප්‍රවාහන යටිතල පහසුකම් ප්‍රධානතම හේතුවකි. බස් රථවල හා දුම්රිය වල තදබදය නිසා කාන්තාවන්ට පුද්ගලික අවකාශය පවත්වා ගැනීම අභියෝගයකි. ඒ නිසාවෙන් හිරිහැර වඩාත් පහසුවෙන් සිදුවිය හැකි පරිසරයක් නිර්මාණය වී ඇත.

තවද බොහෝ කාන්තාවන් හිරිහැර අත්දැකීම් පිළිබඳව හඬ නැගීමට දක්වන බිය නිසා ඔවුන් තම රිසිසේ එවැනි දේ දිගින් දිගටම සිදු කරයි. එසේම කාන්තාවන්ට අයිතිවාසිකම් හෝ ඔවුන් වෙනුවෙන් ඇති වාර්තා කරන යාන්ත්‍රණ පිළිබඳව ඇති අඩු දැනුවත්භාවයද මෙහිදී බලපා ඇත. පොදු ප්‍රවාහනය තුළ ඵලදායී ආරක්ෂක නිලධාරීන්, නිරීක්ෂණ කැමරා හෝ හදිසි ප්‍රතිචාර දැක්වීමට සුදුසු ආරක්ෂක යාන්ත්‍රණයක් නොමැති වීමද හේතුවකි.

එමෙන්ම හිරිහැර හිංසනවලට එරෙහිව නීති තිබුණද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. ප්‍රතිචාර දැක්වීමට ඇති බිය බලධාරීන් කෙරෙහි විශ්වාසයක් නොමැතිකම නිසා බොහෝ දෙනා ඒ පිළිබඳ වාර්තා නොකරයි.

1694425526 TRAIN STATION 6

පොදු ප්‍රවාහනය තුළ ගමන් කරනුයේ විවිධ මානසික තත්ත්වයන් ක්‍රියාත්මක පුද්ගලයන්ය. මේ නිසා අප ගමන් කිරීමේදී සුපරීක්ෂාකාරීව ගමන් කිරීම වැදගත්ය. පොදු ප්‍රවාහන වල හා එම ස්ථානවලදී කැමරා පද්ධති සවිකිරීම තුළින් මෙම ප්‍රචණ්ඩකාරී හිංසන වළක්වා ගත හැකි අතර ඒ තුළින් අපරාධකරුවන්ද හඳුනාගත හැකිය.

එසේම අවශ්‍ය අවස්ථාවකදී ඒ බව දැනුවත් කිරීමට සන්නිවේදන පද්ධති ගොඩනැංවිය යුතුය. එසේම ඒ පිළිබඳ පුද්ගලයින් දැනුවත් කළ යුතුය. තවද මෙවැනි ක්‍රියාවන්හි නිරත වන්නන් හට දැඩි දඬුවම් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුය. එවැන්නක් තුළින් හෝ මෙවැනි ක්‍රියාවන් නතර වන්නේ නම් එය සතුටට කරුණකි.


(සටහන | දේශානි හේරත්)
තාවකාලික සහකාර කථිකාචාර්ය
දර්ශන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

උපුටා ගැනීම - lankadailymail

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...