The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිරි දළදා වන්දනාව මාලිමා ආණ්ඩුව සහ ශේක්ස්පියර් නිර්මාණ | රේණුකා දමයන්ති

T

The Leader Desk

April 27, 2025 • 8:14 AM

සිරි දළදා වන්දනාව මාලිමා ආණ්ඩුව සහ ශේක්ස්පියර් නිර්මාණ | රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'සිරි දළදා වන්දනාව’ ලෙස නිල වශයෙන් නම් කොට තිබූ මෙවර දළදා ප්‍රදර්ශනය අද (27) නිමාවට පත් වේ.
  • වසර දහසයකට පමණ පසු ඉකුත් 18 වැනිදා සිට උදා වූ එම අවස්ථාව ලබා ගැනීම සඳහා අති විශාල පිරිසක් මහනුවරට පැමිණීම මත ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට අදාල අංශ අසමත් වීම හා සැපයුණු පහසුකම් වල නොවිධිමත් බව මීට හේතු වූ බව නිරීක්ෂණය විය.
  • මීට හේතුව වෙනදා මෙන් දළදා මාලිගාවේ භාරකාරත්වයෙන් හා සහ සිවිල් පරිපාලනයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන මෙයට මෙවර දේශපාලනික මැදිහත් වීමක් සිදුවීම බවට ද පාර්ශවීය මතයක් ගොඩ නැඟී තිබේ.
  • ඒ නිසාම අති විශාල පිරිසක් මහනුවරට පැමිණීම හේතුවෙන් ඉකුත් 24 සහ 25 යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් නිෂේධනාත්මක ඉල්ලීමක් කිරීමට ද පොලීසියට සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

'සිරි දළදා වන්දනාව’ ලෙස නිල වශයෙන් නම් කොට තිබූ මෙවර දළදා ප්‍රදර්ශනය අද (27) නිමාවට පත් වේ. ඒ බරපතල අර්බුද ගණනාවක් මධ්‍යයේ ය.


වසර දහසයකට පමණ පසු ඉකුත් 18 වැනිදා සිට උදා වූ එම අවස්ථාව ලබා ගැනීම සඳහා අති විශාල පිරිසක් මහනුවරට පැමිණීම මත ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට අදාල අංශ අසමත් වීම හා සැපයුණු පහසුකම් වල නොවිධිමත් බව මීට හේතු වූ බව නිරීක්ෂණය විය. මීට හේතුව වෙනදා මෙන් දළදා මාලිගාවේ භාරකාරත්වයෙන් හා සහ සිවිල් පරිපාලනයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන මෙයට මෙවර දේශපාලනික මැදිහත් වීමක් සිදුවීම බවට ද පාර්ශවීය මතයක් ගොඩ නැඟී තිබේ.

මෙම දළදා ප්‍රදර්ශනය හා සම්බන්ධ පිළිබඳ ප්‍රධාන අඩුපාඩුවක් වූයේ කැලි කසල අපහරණය පිළිබඳ විධිමත් වැඩ පිළිවෙලක් නොතිබීම ය. ඒ සඳහා මනනුවර මහ නගර සභාව සතු සම්පත් ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවීම මත පසුගිය දිනවල නගරය තුළ කැලි කසල පිටාර ගැලීමක් සිදු වනු දක්නා ලදි.

490135870 1431312884933323 8258275963987252068 n

 

ඉමහත් උද්යෝගයකින් අරඹන ලද වත්මන් ආණ්ඩුවේ ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් වන “ක්ලීන් ශ්‍රී ලංකා” තුළ ද මේ සඳහා පූර්වෝපායන් නොතිබුණි. ඔවුන් මෙය දුටුවේ එම ගැටලුව උග්‍ර අතට හැරුණු නැතහොත් ලෙඩා පණ අදින්නට පටන් ගත් පසුව ය. බලාපොරොත්තු නොවුණු අධික ජනගහනයක් එකවර මහනුවර නගරයට පැමිණිය හොත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමේ සහ දරා ගැනීමේ ධාරිතාව ද ඉක්මවා ගිය හොත් කුමක් කරන්නේ ද යන්න පිළිබඳ කිසිදු පූර්ව සංජානනයක් වත්මන් “කතාව දෝලාවෙන්”ආණ්ඩුව තුළ ද නොතිබුණි.

 



ඒ නිසාම අති විශාල පිරිසක් මහනුවරට පැමිණීම හේතුවෙන් ඉකුත් 24 සහ 25 යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් නිෂේධනාත්මක ඉල්ලීමක් කිරීමට ද පොලීසියට සිදු විය. මෙය පොලිස් ස්ථාන මඟින් ශබ්ද වාහිනී යන්ත්‍ර මඟින් ද විසුරුවා හරින ලද්දේ ඒ වන විටත් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් නිසි පහසුකම් නොමැතිව සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වල ඒකරාශී වී සිටි පසුබිමක ය.

ඒ අවස්ථාවේ දී මෙම සිරි දළදා වන්දනාව සඳහා පැමිණි පිරිසෙන් පස් දෙනකු කායික හේතූන් මත හදිසි මරණ වලට ලක් ව සිටියහ. ඉන් දෙදෙනකුම රාජකාරියේ නියුතු පොලොස් නිලධාරීන් වූ බව පැවසෙයි. මේ අතර මෙම සිරි දළදා වන්දනාවට පැමිණි කාන්තාවක් ද රිය අනතුරකින් මරණයට පත් විය. මේ අතර කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය කෙරුණු විශේෂ දුම්රිය ද අත් හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබූ අතර දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා පැවසුවේ පොලීසිය සිදුකළ ඉල්ලීම මත මෙම පියවර ගත් බව ය.

 



මේ අතර මෙම දළදා ප්‍රදර්ශනය මුල් කොට මහනුවර නාගරික සීමාව තුළ ඇති වූ බරපතල පවිත්‍රතා ගැටළු නිසි පරිදි සමාජගත වීමක් ද සිදු ව නැත. ඇතැම් නාගරික ගෙවතු සහ ආලින්දයන් සේම මහනුවර වැව් පරිශ්‍රයන ද මිනිස් මල මුත්‍ර වලින් අපවිත්‍ර වූ අතර තව දින කිහිපයක් මෙම තත්වය මෙලෙසින්ම පැවතියේ නම් දළදා මාළිගා පරිශ්‍රය ඇතුළු මුලු මහනුවර නගරයම බරපතල අයුරින් දුර්ගන්ධවත් වන බව එහි ප්‍රදේශවාසීහු කීහ.

එමෙන්ම මෙය දළදා ප්‍රදර්ශනය නිමිති කොට ඇති වූ තත්වයක් නිසා ඒ සම්බන්ධ බරපතල විවේචන එල්ල කිරීමට විපක්ෂ දේශපාලනඥයෝ ද පසුබට වූහ. ඒ එවන් විවේචනයක එක වචනයක් වැරදුණහොත් එහි ආදිනවය සුළුපටු නොවන බව මනාව වටහා ගනිමිනි.

 

මේ අතර සිදු වී ඇත්දැයි කුමක්ද?සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 24 වන දා රාත්‍රී දහයට පමණ දෙවැනි වරටත් කඩිමුඩියේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා සමඟ සාකචාවක් පැවැත්වීය. එම සාකච්ඡාවෙන් අනතුරුව මහජන සුභසිද්ධිය තකා ගත් තීරණය වූයේ සිරි දළදා වන්දනාව තව දුරටත් දීර්ඝ නොකිරීමට ය.

මේ අතර පැරණි රජ වරුන් සිදු කළ දළදා ප්‍රදර්ශනය මුල් වරට අන්දරේ කෙනෙකු සංවිධානය කළ බවට එක් භික්ෂුවක් කළ ප්‍රකාශයට සුවිශේෂ ප්‍රසිද්ධියක් ලැබුණේ එය මුළුමනින් පිළිගැනීමට සේම මුළුමනින් ඉවත හෙළීමට ද නොහැකි බැවිනි.

මේ අතර මහනුවරට අධික පිරිසක් පැමිණීම හේතුවෙන් දෛනිකව බැහැර කෙරෙන කසළ ප්‍රමාණය මෙන් දස ගුණයක් මේ වන විට ජනනය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කසළ කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ කරුණාරත්න ද පවසා තිබිණ. එය මේ සම්බන්ධ ප්‍රථම විද්වත් මතය බව අප ගේ වැටහීම ය.

 

493089720 1435756944488917 2808330813426061772 n

මහනුවර නාගරික කසළ බැහැර කෙරෙන, ගොහාගොඩ කසළ අංගණයේ ධාරිතාව ද ඉක්මවා යාම මත මෙය බරපතළ ගැටලුවක් නිර්මාණය කරනු ඇති බවට හෙතෙම අනතුරු ඇඟවීය. එමෙන්ම සාමාන්‍ය දිනවල මහනුවර කසල දිරන හා නොදිරන කසළ ලෙස වෙන් කොට කොට ගොහාගොඩ කසළ අංගණයට බැහැර කෙරුණ ද පසුගිය දින කිහිපයේ එක් රැස් වූ කසළ ඒ අයුරින් වෙන් කර ගැනීමට නොහැකි සංකීර්ණ තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු පැවසීය. ඊට හේතුව සාමාන්‍ය නාගරික කැලි කසල ලෙස වර්ගීකරණය කළ නොහැකි ලෙසින් නගරයේ ඇතැම් තැනක බැහැර කොට ඇති කසළ වලට මිනිස් මළ මුත්‍රා එක් වතිබීම බව ද පැවසූ අනුරුද්ධ කරුණාරත්න කිසි ලෙසකින්වත් වෙන් කළ නොහැකි තත්වයක පවතින එම කසල සීමිත අවකාශයක් සහිත ගුහාගොඩ කසළ අංගණයට මිශ්‍ර කසළ බැහැර කිරීම ගැටලුවක් වනු ඇති බව ද කීය.

487810540 1431899851541293 120140662737433797 n

 

ගත වූ දින වල දළදා වන්දනාව සඳහා පැමිණ දින කිහිපයක් රැඳී සිටි පිරිස් අතරින් එක අයෙකු දිනකට කසළ ග්‍රෑම් පන්සියයක්වත් ජනනය කළේ නම්, ආසන්න වශයෙන් ලක්ෂ දහයක් මේ අයුරින් කෙරෙනු ඇති බවත්මේ ආකාරයට කසළ බැහැරකොට ඇත්නම් ටොන් පන්සියයක අමතර කසළ තොගයක් රැස වන බවද අනුරුද්ධ කරුණාරත්න පෙන්වා දී තිබේ.

ට්‍රැක්ටර් ගමන් වාර දෙසිය පනහකින් හෝ තුන්සියයකින් මේ කසළ ප්‍රමාණය නගරයෙන් ඉවත් කර ගත හැකි වුවත් ඒවා ද නිසි ලෙස වෙනකොට බැහැර කොට නොමැති නිසා බරපතල ගැටලු පැන නැඟී ඇති බව ද කීය.

එක් විශ්ව විද්‍යාල තරුණ ආධුනික කතිකාචාර්ය වරයෙක් ශේක්ස්පියර් ගේ නාට්‍ය විවේචනයට ලක් කරමින් හරබර දෙසුමක් පැවැත්වීය. එය අවසානයේ ඊට සවන් දී සිටි සිසුවෙක් මෙලෙස ප්‍රශ්නයක් නැඟීය. ”සර් කියන කතා සේරම හරියට හරි, මාත් ඒවා එහෙම්පිටින්ම පිළිගන්නවා. ඉතින් සාර්ට පුළුවන් නේද ශේක්ස්පියර් ට වැඩිය හොඳ නාට්‍ය නිර්මාණ කරන්න” මෙම ‘සිරි දළදා වන්දනාව’ පදනම් කර ගත් බරපතල අර්බුදය මාලිමා ආණ්ඩුව සහ මෙම කතාව ගලපා ගැනීම ඔබට භාර කොට මම නිහඬ වෙමි.

(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

ඡායා : Shehan Gunasekara

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...