The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : දින්නත් වැඩක් නැති - සභාපති

T

The Leader Desk

April 27, 2025 • 10:54 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : දින්නත් වැඩක් නැති - සභාපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල එම කාරණයටම එන සැම දෙනාටම දෙන පොදු පිළිතුර ඔහුට ද දුනිමි.
  • මෙදා පාර තමයි, සිරි ලංකාවේ සිංහල බෞද්ධයන්ගෙ බලය බලාගන්ඩ හම්බ වෙන්නෙ.” මම උදාසීන ලෙස කීවෙමි.
  • “කපිල මහත්මයා, මම විපක්ෂ නායකකමේ හිටියා හොඳටම ඇති.
  • ‘පොරොන්දු දේශපාලනය’ යනු, සිරි ලංකාවේද ජනගත වී ඇති ප්‍රකට යෙදුමකි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ දිනවල එම කාරණයටම එන සැම දෙනාටම දෙන පොදු පිළිතුර ඔහුට ද දුනිමි.

“ඒ ගැන සැකයක් හිතන්න එපා. අපිටත් ඕනෙ ගමට, රටට වැඩක් වෙන කෙනෙක් පත්කර ගන්නනෙ.”

විපක්ෂ නායක ඉන් සෑහීමට පත් නොවී මා දෙස සැකමුසු බැල්මක් හෙළුවේය.

 

මාලිමාවේ' බහුතර ආණ්ඩුවක් සමග ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් - (ගාමිණී වියන්ගොඩ)

“මේ සැරේ නම් මාලිමාවට උතුර දකුණ නෑ.” ඔහුගේ ස්වරයෙහි වූයේ ප්‍රශ්නාර්ථයකි.

“මාත් හිතුවෙ එහෙම තමයි. ඒත් දළදා ප්‍රදර්ශනේ හින්ද කොහොම වෙයිද දන්නෙ නෑ.”

“පිස්සුද කපිල මහත්මයා, ඕවා එක සතියෙන් මිනිස්සුන්ට අමතකයි.”

 

දළදා දැක්ම': සියවස් ගණනාවක් පුරා දළදාව රාජ්‍යත්වයේ සංකේතයක් වූයේ කෙසේ ද?
”බලමු බලමු. මෙදා පාර තමයි, සිරි ලංකාවේ සිංහල බෞද්ධයන්ගෙ බලය බලාගන්ඩ හම්බ වෙන්නෙ.” මම උදාසීන ලෙස කීවෙමි.

“කපිල මහත්මයා, මම විපක්ෂ නායකකමේ හිටියා හොඳටම ඇති. මගේ වයසෙ හැටියට මං මේ පාර, සභාපති වෙන්නයි බලන්නෙ.”

“වයසෙ හැටියටද සභාපතිකමට සුදුසු වෙන්නෙ?”

“නෑ නෑ. මට තව වැඩ කරන්ඩ පුළුවන්. මේ සැරේ සභාපති වුණොත් ලබන මහ ඡන්දෙදි ආසන සංවිධායක වෙන්න පුළුවන්.”

 

පාර්ලිමේන්තුව ඉදිකළ භූමිය, ඉදිකිරීම් කළ හැටි සහ එහි ව්‍යුහය පිටුපස කතාව

සෑම ප්‍රාදේශීය දේශපාලනඥයකුගේම බලාපොරොත්තුව, පාර්ලිමේන්තුවට රිංගා ගැනීමය.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම බලාපොරොත්තුව ඇමැතිවරයකු වීමය.

සෑම ඇමැතිවරයකුගේම බලාපොරොත්තුව අගමැති වීමය.

සෑම අගමැතිවරයකුගේම බලාපොරොත්තුව ජනාධිපති වීමය.

සෑම ජනාධිපතිවරයකුගේම බලාපොරොත්තුව, මිය යන තුරුම බලයේ සිටීමය.

දේශපාලනඥයා ද මනුෂ්‍යයෙකි. පෘථග්ජනයෙකි. එහෙයින් ඔවුන්ගේ අනාගත අපේක්ෂා ගැන අප අනුකම්පා කළ යුතුය.

ක්‍රිකට් පුහුණුවට යන සෑම ළමයකුටම, ශ්‍රී ලංකා පිලට අවස්ථාවක් ලබාගත නොහැකි සේම, දේශපාලනය කරන හැම පුද්ගලයකුටම පාර්ලිමේන්තුවට යාමට ද නොහැකිය. ජනාධිපතිවරයකු වීම යනු, කණකැස්බා විය සිදුරෙන් අහස බැලීමක් බඳුය.

 

පොරොන්දු තියෙන්නේ කඩන්න - නැත්තං පොරොන්දු මතක් වෙන්නෙත් නැහැනෙ - (කුසල්  පෙරේරා)

‘පොරොන්දු දේශපාලනය’ යනු, සිරි ලංකාවේද ජනගත වී ඇති ප්‍රකට යෙදුමකි. සෑම මැතිවරණයක් ආසන්නයේදීම, විවිධ දේශපාලන නායකයෝ ජනතාවට විවිධ පොරොන්දු දෙති. ඔවුන් කොතෙක් පොරොන්දු දෙනවාද කිවහොත්, ජනතාවට ඒවා මතක තබා ගැනීමටත් අපහසු තරම්ය. සමහරු බලය ලැබීමෙන් පසු පළමු අයවැයෙන්ම පොරොන්දු ඉටු කරන බව කියති. තවත් සමහරු එක පෑන් පහරින් ඒවා ඉටු කරන බව කියති. පොරොන්දු ඉටු නොවන කල් හි, ඔවුන් ජනතාවට පවසන්නේ ඒවා ලේසි පහසු වැඩ නොවන බවත්, තව කාලය අවශ්‍ය බවත්ය. වැඩක් කළ නොහැකි තැනට රට පත්කර ඇත්තේ හිටපු දූෂිත ආණ්ඩුය. රටේ තාම තිබෙන්නේ උන්ගේ ඇම්බැට්ටයන් විසින් ගෙන යන දූෂිත නිලධාරිවාදයය. එහෙනම් ඉතින් අර පොරොන්දුවලට දෙයියන්ගේම පිහිටය.

අපලෝකන 46: මම ගත්තෙ වැරැදි තීරණයක් ද...? -(ජයසිරිගේ අලුත්ම නවකතාව)

 

මෙවර ‘හීසරයට’ කුමක් ලියම්දැයි සිතමින්, ඊයෙ සැඳෑ සක්මනක යෙදී සිටින අතර, මාර ගසක් යට සිමෙන්ති බංකුවක හිඳ කල්පනාවේ යෙදී සිටි විපක්ෂ නායක දැක මොහොතකට නතර වුණෙමි.

“ඇවිදින්න ආවද?”
මම ඇසුවෙමි.

“නෑ නෑ. මම මේ නිකං ඉඳං ඉන්නවා.”

“ඇයි කැන්වසින් නැද්ද?”

ඡන්ද අරමුණ පුද්ගලයන් තේරීම ද? - (කුසල් පෙරේරා)
“නෑ. මම මේ පාර ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙ නෑ කියල හිතුවා.”

“ඒ මොකද අප්පෙ? නාමයෝජනාත් බාර දුන්නට පස්සෙ?”

“ඔව්. ඒ වුණාට මම කලකිරුණා.”

“මොකද්ද ප්‍රශ්නෙ? සභාපතිකමට තව කවුරු හරි ෆයිට් කරනවද?”

“නෑ නෑ. ඉල්ලුවොත් නං මට සභාපති වෙන්න පුළුවන්.”

“එතකොට මොකක්ද මේ කලකිරීම?”

“ජනාධිපතිතුමා කියනවා, මාලිමාව පරදින සභාවලට සල්ලි දෙන්නෙ නැතිලු.”

ජාතික ජන බලවේගය ජාතිවාදයෙන් තොර රාජ්‍යයක් ඇතිකරනවා - ජනාධිපති

 

“ඔව් ඔව්. හොරකම් කරයි කියල බයට නේද?”

“අනේ අපිට ඒ සල්ලි ඕනෙ නෑ. මට දැනටමත් ගල් වළවල් තුනකුයි, වැලි පොළවල් හතරකුයි, රථ ගාල් දෙකකුයි තියෙනවා. මට ඒ ඇති ජීවත් වෙන්න.”

“එතකොට ඔබතුමා දේශපාලනයෙන් සමුගන්නවා.”

“නෑ. කොහෙත්ම නෑ. මං අපේ නායකතුමාට සපෝට් කරනවනෙ. එතුමා කිව්වා, ලබන සැරේ මාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමන්ට් යවනවා කියලා.”

 

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන් ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

“එහෙනං මොකටද කලකිරෙන්නෙ. ඔයගොල්ලන්ට අනාගත බලාපොරොත්තුවක් හරි තියෙනවනෙ. අපිට තියෙන්නෙ, කල් ඉකුත් වූ පොරොන්දු ටිකක් විතරයි. ඒවටත් තාම වැට් ගහලා!”


(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...