The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ: අභියෝග හා පරදු තැබීම් | ලයනල් බෝපගේ

T

The Leader Desk

May 3, 2025 • 4:04 PM

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ: අභියෝග හා පරදු තැබීම් | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළාත් පාලන මැතිවරණ පවත්වනවා ඇත.
  • මෙම මැතිවරණ පැවැත්වෙන්නේ ජාතික ජනතා බලවේගය (NPP) වෙත පවතින සහයෝගය දැඩි ලෙස ඉහළ යෑමක් දැක ඇති, එහෙත් එහි පාලනය සහ අභ්‍යන්තර අනුකූලතාවය ගැන දැන් වැඩියෙන් පරීක්ෂාවට ලක් වෙන තීරණාත්මක මොහොතක යි.
  • NPP ය දූෂණ විරෝධී, නාස්තියට එරෙහි වේදිකාවක කටයුතු කරන අතර, මීට පෙර විෂමාචාර චෝදනාවලට ලක්ව සිටි පුද්ගලයන් තනතුරුවලට පත් කිරීම ද ඇතුළුව NPP යේ අභ්‍යන්තර පරස්පරතාවයන් සහ එළඹ ඇතැයි පවසන අතරමග සමාදාන‍යන් දෙසට විචාරකයෝ ඇඟිල්ල දිගු කරති.
  • හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂ ප්‍රකාශකයෝ සභාග දේශපාලනය විසින් පළාත් පාලන සභා පාලනය කිරීම හැඩ ගස්වනු ඇතැයි පේන කියමින්, බිඳී ගිය මැතිවරණ ප්‍රතිඵලයක් ගැන අනාවැකි දක්වති.
අකුරු ප්‍රමාණය (Font Size):
පළාත් පාලන මැතිවරණ පවත්වනවා ඇත.

මෙම මැතිවරණ පැවැත්වෙන්නේ ජාතික ජනතා බලවේගය (NPP) වෙත පවතින සහයෝගය දැඩි ලෙස ඉහළ යෑමක් දැක ඇති, එහෙත් එහි පාලනය සහ අභ්‍යන්තර අනුකූලතාවය ගැන දැන් වැඩියෙන් පරීක්ෂාවට ලක් වෙන තීරණාත්මක මොහොතක යි.

පාලනය හතර මං හන්දියක
 
xdgwt
 
ඡන්දදායකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ ප්‍රමුඛත්වය දිය යුත්තේ පක්ෂය කෙරෙහි තිබෙන අවනතභාවයට ද, නැතහොත් අපේක්ෂකයන්ගේ පෞද්ගලික අවංකභාවයට ද යන්නයි.

NPP ය දූෂණ විරෝධී, නාස්තියට එරෙහි වේදිකාවක කටයුතු කරන අතර, මීට පෙර විෂමාචාර චෝදනාවලට ලක්ව සිටි පුද්ගලයන් තනතුරුවලට පත් කිරීම ද ඇතුළුව NPP යේ අභ්‍යන්තර පරස්පරතාවයන් සහ එළඹ ඇතැයි පවසන අතරමග සමාදාන‍යන් දෙසට විචාරකයෝ ඇඟිල්ල දිගු කරති. මෙම චෝදනා බොහොමයක් සනාථ කරන්නට කරුණු ඉදිරිපත් කර නොමැති වුවත්, ක්‍රම පද්ධතිය තුල පවතින දූෂණය පිළිබඳ හැඟීම් පෝෂණය කිරීමේ අවදානමට ආණ්ඩුවේ නිහඬ ප්‍රතිචාරය මුහුණ දෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂ ප්‍රකාශකයෝ සභාග දේශපාලනය විසින් පළාත් පාලන සභා පාලනය කිරීම හැඩ ගස්වනු ඇතැයි පේන කියමින්, බිඳී ගිය මැතිවරණ ප්‍රතිඵලයක් ගැන අනාවැකි දක්වති. පවතින දේශපාලන එදිරිවාදිකම් තවත් තහවුරු කරන්නටත්, ඵලදායී අන්දමට පළාත් පාලන කටයුතු කර ගෙන යෑම අඩාල කරන්නටත් මෙම පසුබිම හේතු කාරක විය හැකිය.

පළාත් පාලන ආයතනවල කාර්යභාරය
 
st4534f
ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවත යළි හැඩ ගස්වා ලීමේ දී පළාත් පාලන ආයතනවල මෙහෙවර තීරණාත්මක වේ. තෝරා පත් කර ගත් නියෝජිතයෝ වගකීමෙන් යුක්ත ව සම්පත් කළමනාකරණය කළ යුතුය; පළාත්බදව ආදායම් උත්පාදනය කළ යුතුය; විශේෂයෙන් මොනරාගල, මන්නාරම සහ මුලතිව් වැනි ඌන සංවර්ධිත ප්‍රදේශවල දී අපක්ෂපාතී ලෙස සේවාවන් සැපයීම වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

 එසේ වුවත්, මධ්‍යම ආණ්ඩුවේ අත පෙවීම්, දේශපාලනික ලෙස කරනු ලබන මුදල් වෙන් කිරීම් සහ විශේෂයෙන් උතුරු නැගෙනහිර, ඉඩම් සහ අනන්‍යතාවය පිළිබඳව ඇති කල් ඇදෙන ආරවුල් නිසාවෙන් නොසන්සුන්කම් ඉහළ මට්ටමක පවතී.

ප්‍රතිපත්ති, දේශපාලනය සහ බලය
 
setw45f
හමුදාවල මැදිහත් වීම සහ ඉඩම් ආරවුල් සමඟ බැදුණු, කන්කසන්තුරෙයි ප්‍රදේශයේ තිස්ස මහා විහාරය මුල් කොට පවතින අපවාද, ජනවාර්ගික-ආගමික ප්‍රශ්න වල සංවේදී භාවය අවධාරණය කරයි. වෙනස් ලෙස සලකනු නොලබන ස්ථාවරයක් ප්‍රකාශ කලත්, සිංහල-බෞද්ධ ජාතිකවාදී වැඩ සටහන් ප්‍රතිරාවය කරන අපැහැදිලි ආස්ථානයන් සම්බන්ධව NPP ය විවේචනය ලක් කොට ඇත. මෙය සංහිඳියාව සහ අන්තර්ගත කර ගැනීම කෙරෙහි ආණ්ඩුවේ කැපවීම ගැන සුළුතර ජන ප්‍රජාවන් සහ සිවිල් සමාජය කනස්සල්ලට පත් කර ඇත.

චීනය සහ බටහිර රටවල් අතර පවතින භූ දේශපාලණ අරගලය ද ඇතුළු ජාත්‍යන්තර ගතිකත්වයන් විසින් තත්වය වඩා සංකීර්ණ බවට පත් කරයි. ස්ථාවර, විනිවිද පෙනෙන සහ ප්‍රජා ප්‍රතිචාරාත්මක පාලනයක අවශ්‍යතාවය වඩාත් හදිසි කරවා ලමින් ශ්‍රී ලංකාව, අතරමැදියන් අතර ගැටුමකට කොටු වීමේ අවදානමක පසු වෙයි.

NPP යට පරීක්ෂාවක්
 
srt4543f
NPP යේ ප්‍රතිසංස්කරණවාදී වාග් ලංකාර තිබුනත්, එහි නායකත්වය අතර ප්‍රායෝගික පාලන අත්දැකීම් හිඟකම හේතුවෙන් NPP ය බාධාවලට ලක් වී ඇති බව පෙනේ. අනුක්‍රමික ව පැවති ආණ්ඩු විසින් දශක ගණනාවක් තිස්සේ පෝෂණය කරන ලද රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා පිළිබිඹු කරමින්, දළ හෝ ස්ථිර නොකල දත්ත මත විශ්වාසය තැබීම, තීරණ ගැනීමේ ක්‍රියාවලිය අඩපණ කොට ඇත.

පක්ෂය සහ රාජ්‍යය සම්මිශ්‍රණය කර ගත් වෙනත් රටවල වාමාංශික ආණ්ඩු විසින් කරන ලද වැරදි යලි කරමින් NPP ය නිලධරවාදී අත්තනෝමතිකත්වය වෙතට ගිලිහී ගිය හැකි බවට වර්ධනය වන කනස්සල්ලක් පවතී.

කල් පවතින ප්‍රතිසංස්කරණ සඳහා, NPP ය දූෂණ විරෝධී ප්‍රතිඥාවන් ගෙන් ඔබ්බට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රය, ජාතික සංහිඳියාව සහ මානව හිමිකම් වෙත කැපවීම ඇතුළත් කර ගත යුතුය. අතුරුදහන් අය, ඉඩම් ආපසු ලබා දීම් සහ හමුදාව අඩු කර ලීම වැනි යුක්තිය හා සම්බන්ධ අතරමැදි ගැටළු විසඳීමේ ලා දක්වන පමාව යුද්ධයෙන් පීඩාවට පත් වූ ජන ප්‍රජාවන් අතර විශ්වාසය පළුදු කරමින් තිබේ.

සේවයේ නිරත නායකත්වයක් තෝරා ගැනීම
 
dtw45fffdd

පළාත් පාලන මැතිවරණ ළඟා වෙද්දී, හුදෙක් පක්ෂ ඵල ප්‍රයෝජන නියෝජනය කරන අපේක්ෂකයින් සහ මහජන සේවය කෙරෙහි සැබෑ කැප කිරීමක් දක්වන අය අතර තීරණාත්මක අන්දමේ තෝරා ගැනීමක් කිරීමට ඡන්දදායකයෝ මුහුණ දෙති. NPP ය හා සම්බන්ධ ඇතැම් අපේක්ෂකයෝ පරීක්ෂාවට ලක් නොවී සිටිය හැකි අතර, අනෙක් අය අකාර්යක්ෂමතාවයට ත්, දූෂණයට ත් එරෙහිව සටන් කිරීමට ඇති කැපවීම පෙන්වා තිබිය හැකිය.

තෝරා පත් කර ගන්නා අය, ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රය වඩා ශක්තිමත් කිරීම හෝ තවදුරටත් පරිහානියට පත් වීමට ඉඩ නොදීම අතින් වැදගත් මෙහෙවරක් ඉටු කරන හෙයින්, ඡන්දදායකයෝ බුද්ධිමත් ව සිය තෝරා ගැනීම් කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය බොහෝ විට මෙම මැතිවරණය මත; ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න මත පමණක් නොව, පාලනය පිළිබඳව බිම් මට්ටමෙන් යළි සිතා බලන ආකාරය මත ද රඳා පවතිනවා ඇත. මේ සියල්ල එසේ පැවතුනත්, මෙම පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණවල දී NPP ආණ්ඩුවේ වත්මන් න්‍යාය පත්‍රය පරාජය කලහොත්, එය ශ්‍රී ලංකාවට දරා සිටිය හැකිද?

 විපක්ෂයේ කිසිදු කණ්ඩායමක් විසින් රට දැනට මුහුණ පා සිටින විසඳා ලිය යුතු සමාජ-ආර්ථික සහ දේශපාලනික ගැටළු ආමන්ත්‍රණය කරන්නට NPP ආණ්ඩුවට වඩා හොඳ දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ඉදිරිපත් කර නැත. ජනාධිපතිවරයා මැයි දිනයේ දී පෙන්වා දුන් පරිදි, රට මුහුණ දෙන අළුත් තත්වයන්ට අනුගත වී ගැටළු විසඳා ගන්නට කටයුතු කිරීමේ දී අභියෝගය පැමිණෙන්නේ පිටතින් නොව, ඇතුළතිනි.

මෙම සීමාවන් මැද්දේ වුවද, ඉදිරි මැතිවරණයේ දී ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ, අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමේ දී ඔබ සැම අපේක්ෂා කළ ක්‍රමානුකූල වෙනසට සහයෝගය පල කිරීමයි. එබැවින්, ශ්‍රී ලාංකිකයන් සතු වඩාත් නුවණැති තේරීම වන්නේ මෙම පළාත් පාලන මැතිවරණයේ දී එය සිදු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමයි.

lionel bopage(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2025 මැයි දෙවන දා

lionel.bopage@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...