The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පෙරහන්කඩේ : ශ්‍රී දළදා වන්දනාව අඩ සියවසක අත්දැකීම් | චන්ද්‍රසිරි සෙනෙවිත්න

T

The Leader Desk

May 4, 2025 • 2:21 AM

පෙරහන්කඩේ : ශ්‍රී දළදා වන්දනාව අඩ සියවසක අත්දැකීම් | චන්ද්‍රසිරි සෙනෙවිත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර ශ්‍රී දළදා දැක්ම ගැන ඇත්තේ දැඩි සංවේගයකි.
  • අප්‍රේල් 25 වෙනිදා උදෑසන මා ඇමතූ මහනුවර දිස්ත්‍රීක්කය භාරව සිටි දිසාපති වරයෙකු ඇතුළු තවත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු විමසා සිටියේ සිදු වූ වැරැද්ද කුමක්ද කියාය.
  • කොළඹ පදිංචි බිෂොප් වරයා සිය මෝටර් රථයෙන් අනුරාධපුරයට ලඟා වුවද, සිය වාහනයෙන් සිද්ධස්ථාන භූමියට යා නො හැකි වූයෙන් කලබල වී පල්ලියට වාහනය ගෙන යාමට මාර්ග බාධකය ඉවත් කරන ලෙස අසල රාජකාරි කළ පොලිස් භටයාට නියම කළේය.
  • උත්සව සැලැස්ම අනුව වසා දැමූ මාර්ගයක් විවෘත කිරීමේ බලය පොලිස්පතිට හෝ නැති බවට කළ ප්‍රකාශයෙන් කෝපවූ බිෂොප් වරයා නාමිකව යෙදූ මාර්ග බාධකය ඉවත් කොට දේවස්ථාන භූමියට ඇතුළු වූ වහාම මේ සිද්ධිය ඉහළ නිලධාරින්ට දැන්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවර ශ්‍රී දළදා දැක්ම ගැන ඇත්තේ දැඩි සංවේගයකි. ඇසළ පෙරහැර ඉතිහාසය පුරාම පෙරහැර මාලිගාවට ගෙවදීමටත් පෙර පෙරහැර ගමන් ගත් සෑම වීථීයක්ම සෝදා සුද්ධ පවිත්‍ර කිරීමට මහනුවර මහ නගර සභාවත් මෙවර අසාර්ථ වුණාද?

dfgwetw
පෙරහැර සම්බන්ධ පමණක් නොව මහනුවර නගරයට උත්සව අවස්ථාවන්හීද පැමිණි ජන රාශීන්ට පහසුකම් සැලසීමට මහනුවර දිසාපති වරයා සමග මහනුවර  මහ නගර සභා පරිපාලනය, හැමදාමත් මනා අවබෝධයකින් මැදිහත්වී තිබේ. එහෙත් ඉතිහාසයේ පළමුවරට වන්දනා කාර සැදැහැතියන්ට මහනුවර නගරය තහනම් කලාපයක් කිරීම සුළුවෙන් බැහැර කළ නො හැකිය.

අප්‍රේල් 25 වෙනිදා උදෑසන මා ඇමතූ මහනුවර දිස්ත්‍රීක්කය භාරව සිටි දිසාපති වරයෙකු ඇතුළු තවත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු විමසා සිටියේ සිදු වූ වැරැද්ද කුමක්ද කියාය. විශේෂයෙන් නගරය කුණු බක්කියක් වීම කිසිවෙකු විසිනුත් ප්‍රාර්ථනා නො කරන්නක් වන අතර, එය කාගේවත් කුමන්ත්‍රණයක් විය නො හැකිය යන්න එකී විශ්‍රාමික කාගෙත් අදහස විය. මහනුවර පමණක් නොව ලංකාවේ ඕනෑම ප්‍රදේශයක මෙවැනි ජන රාශින්ට පහසුකම් සැපයීමේදී සිවිල් සංවිධාන සහායයෙන් සිදු කරන එකී කාර්ය සාධනය සම්බන්ධිකරණය කිරීමේ වගකීම හැමදාමත් ඉටු කරන ලද්දේ ඒ සඳහා නායකත්වය හෝ මූලිකත්වය ගැනීම ආණ්ඩුවේ ඒජන්ත/දිසාපති/දිස්ත්‍රීක් ලේකම් විසිනි.

මෙහිදී වාර්ෂිකව පැවැත්වෙන අනුරාධපුර පොසොන් වන්දනාව සිහිපත් වේ. පොසොන් පොහොය සතියට අනුරාධපුර ශුද්ධ නගරයට හා මිහින්තලේට ඒකරාශි වන සැදැහැති ජන රාශියට අවශ්‍ය පහසුකම් හැමදාමත් සපයනු ලැබීය. සමහර සැදැහැතියන් සිල් සමාදන්වී යටත් එක් රැයක් හෝ පහන් කිරීමේ සම්ප්‍රදායක්ද වූ අතර සමහර පොසොන් සතිය මුල් කොට සති පිරිත් සජ්ජායනාවන්ද පැවැත්විණ. ඒ සියලු කාර්ය අටමස්ථානාධිපතින් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර ආණ්ඩුවේ ඒජන්ත හෙවත් දිසාපති වරයා විසින් මෙහෙයවනු ලැබීය.

we5234f
වෙළඳ නගරය හා කච්චේරිය ආදි පරිපාලන ඒකකද ශුද්ධ නගර ප්‍රදේශය තුළ සක්‍රියව පැවති නවසිය පනස් ගණන්වල එක් පොසොන් උත්සව සමයක සිරිත් පරිදි වන්දනා කරුවන්ගේ පහසුව හා ආරක්ෂාව සඳහා ප්‍රසිද්ධ මාර්ග ගණාවක් වසා දැමෙයි. එයින් එක් මාර්ගයක ගමනාන්තය එවකට ශුද්ධ නගර භූමියේ වූ කතෝලික පල්ලිය විය. කොළඹ පදිංචි බිෂොප් වරයා සිය මෝටර් රථයෙන් අනුරාධපුරයට ලඟා වුවද, සිය වාහනයෙන් සිද්ධස්ථාන භූමියට යා නො හැකි වූයෙන් කලබල වී පල්ලියට වාහනය ගෙන යාමට මාර්ග බාධකය ඉවත් කරන ලෙස අසල රාජකාරි කළ පොලිස් භටයාට නියම කළේය. උත්සව සැලැස්ම අනුව වසා දැමූ මාර්ගයක් විවෘත කිරීමේ බලය පොලිස්පතිට හෝ නැති බවට කළ ප්‍රකාශයෙන් කෝපවූ බිෂොප් වරයා නාමිකව යෙදූ මාර්ග බාධකය ඉවත් කොට දේවස්ථාන භූමියට ඇතුළු වූ වහාම මේ සිද්ධිය ඉහළ නිලධාරින්ට දැන්වීය. සුළු මොහොතකින් එහි පැමිණි අනුරාධපුර ආණ්ඩුවේ ඒජන්ත එතෙක් පැවති තාවකාලික මාර්ග බාධකය වෙනුවට දේවස්ථානයට යන මාර්ගය හරහා අගලක් කැපූ හෙයින් බිෂොප් වරයාගේ වාහනය දේවස්ථාන භූමියෙන් පිටතට ගැනීමට පොසොන් වන්දනාව නිමවී සතියක් ගත විය.

සංකීර්ණ ජන රාශීන් පොදු ස්ථානවලට රැස්වූ අවස්ථාවන්හී තීරණ ගැනීමේ අධිකාරි බලය ක්‍රියාත්මක වුණේ එසේය. අරමුණ පොසොන් උත්සවය නම් වෙනත් ප්‍රමුඛතාවන් ගැන සලකා බැලීම ප්‍රවේශමෙන් කළ යුතු බව එකී සිද්ධිය ගැන පසු කලෙක කතා කළ ඒ අවස්ථාවේ අනුරාධපුර ආණ්ඩුවේ ඒජන්ත වරයාවූ නිශ්ශංක විජේරත්න මහතා පැහැදිලි කළේය. (හේමලයා චරිතාපදානය- චන්ද්‍රසිරි සෙනෙවිරත්න) ඉහත කී සිද්ධිය ගැන ආණ්ඩුවේ ඒජන්ත ගෙන් කිසිවෙකු ප්‍රශ්න කර නැත.

මීට සමාගාමීව 1972 ශ්‍රී ලංකාව ජනරජයක් කිරීමට සමගාමිව දළදා ප්‍රදර්ශණයක් පැවැත්වීමට එවකට පාලකයන් තීරණය කළ බව සංස්කෘතික අමාත්‍යංශයේ ස්ථීර ලේකම් නිශ්ශංක විජේරත්න නිවේදනය කළද රජය අපේක්ෂා කළ ආකාරයට ප්‍රදර්ශනයක් පැවැත්වීමට ශ්‍රී දළදා මාලිගා කළමනාකාරිත්වය සහාය නො වීය. ඊට හේතු වී තිබුණේ උභය විහාර මහ නා හිමිවරුන් සහ දියවඩන නිළමේගේ එකඟත්වය හා පූර්ව දැනුම්දීමකින් තොරව දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඒකපාක්ෂිකව රජය තීරණය කිරීමට ප්‍රතික්‍රියා දැක්වීමකි.  


1958දී අනුරාධපුර ආණ්ඩුවේ ඒජන්ත වරයා වූ ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරි නිශ්ශංක විජේරත්නට මෙහිදී අසරණ විය. පහසුකම් සැපයීම් රාජ්‍ය වගකිමක් වුවද, ආගමික ආයතන සම්බන්ධව තීරණ ගැනීමට නිලධාරින්ට හෝ රාජ්‍ය පාලකයන්ට බලාධිකාරයක් නැත.

xfge4ter| නිශ්ශංක විජේරත්න මහතා
මෙවර පැවති දළදා ප්‍රදර්ශණය සම්බන්ධ ෆේස්බුක් සටහනක් තැබූ ඇටිපොල මහින්ද හාමුදුරුවන් වහන්සේ දළදා ප්‍රදර්ශණ කාලය දීර්ඝ කිරීම හා වාර්ෂිකව දළදා ප්‍රදර්ශණ පැවැත්වීම සම්බන්ධව වර්තමාන මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරයා මාධ්‍යට ප්‍රකාශ නිකුත් කළේ මල්වතු අස්ගිරි උභය විහාරික මහානායක හිමිවරුන් ගෙන් විමසලාදැයි ප්‍රශ්න කළහ. ශ්‍රී දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට ඇතුළු නොවන ලෙස නිවේදන නිකුත් කිරීමේ හේතු කාරණා විමසිය යුත්තේ මේ අනුවය.

මෙවර දළදා ප්‍රදර්ශන කාලය පුරා මහනුවර දිසාපති වරයා හෝ මහ නගර සභාව සිදු කළ මැදිහත්වීමකට වඩා තත්වය කළමනාකරණය කිරීම අනියමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරයා සහ සමහර ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් අතට පත්ව තිබිණ. නිතර ප්‍රභූ පෝලිම් ගැන සටහන් තැබූ සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මල්වතු අස්ගිරි උභය විහාර නා හිමිවරුන් සහ දියවඩන නිළමේ එකී හේතුව මත අධිකරණය ඉදිරියට පැමිණවිය යුතු බවට වහසි බස් දොඩමින් තැබූ සටහන් බොහෝ දෙනාගේ හාස්‍යට හේතු විය.

ජනරාශීන් සම්බන්ධ යටිතල පහසුකම් සැලසුවාද නැද්ද යන්නට උත්තර බැඳිය යුත්තේ රාජ්‍ය නිලධාරින් මිස ශ්‍රී දළදා මාලිගාව නොවේ. පැමිණි වන්දනා කරුවන්ට ශ්‍රී දළදා මාලිගාව විසින් රාත්‍රී භෝජනය පවා පිළියෙල කළ බව මාධ්‍ය වාර්තා කළහ.

ශ්‍රී දළදා වන්දනාව සම්බන්ධව පමණක් නොව මහනුවර නගරයට රොක් වන ජන සන්නිපාතය අළුත් අත්දැකීමක් හෝ අභියෝගයක් නොවන හෙයින් මග හැරුණ වගකීම් ගැන සාකච්ඡා කරන්නේ එවැනි තත්වයන් මග හරහා ගැනීම සඳහා පමණකි.

xdt45ff
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මධ්‍යම පළාත් ආණ්ඩුකරයා සිදු කළ අනවශ්‍ය මැදිහත්වීම් නිසා සමහර ගැටළු නිර්මානය විය. වසර සිය ගණනක් ජනතාව භාවිතා කළ ඒ 26 පාර කිසිදු විමසිමකින් තොරව වසා දැමීම එවැන්නකි. ඒ සඳහා කිසිදු රාජ්‍ය ආයතනයක් මූලික අවසරය ලබා දි නැතුවා මෙන්ම මල්වතු අස්ගිරි උභය විහාර පාර්ශ්ව විමසා නැති අතර මාර්ගය වසා දැමුවේ මහා රාත්‍රීයේය.

ආණ්ඩුකාරයාගේ විෂය පථය ඉක්මවා යන්නේ නම් තමා කිසිදු වගකීමක් ගත නොහැකි බවට  යම් අවස්ථාවක ජනාධිපති රාජපක්ෂට පැමිණිලි කළ දිසාපති වරයා, චීන දළදා වහන්සේ ලංකාවට වැඩමවූ අවස්ථාවේ අපේ ශ්‍රී දළදා වහන්සේ සමග එක් මණ්ඩපයක තබා ප්‍රදර්ශණය කිරීමට රාජ්‍ය පාලකයන්ට බලයක් නැතිවීම උදාහරණයට දක්වා රටේ පවත්නා පිළිගත් සමහර සම්ප්‍රදායන් යටපත් කිරීමට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් පවා අසමත් වූ බව සිහිපත් කර ඇත.

දිවයිනේ ඕනෑම ස්ථානයක ඒකරාශි වන ජනරාශීන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රාජ්‍ය නිලධාරින්ට පැවරුණ වගකීමක්  වේ. වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ අවස්ථාවකදී එකී තත්වය දිසාපති වරයාට වාර්තා කරන මිස සහාය කණ්ඩායම් එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමක් කිසි විටකදී හෝ සිදු නො විය යුතුවේ.

dftw454
මෙවර ශ්‍රී දළදා ප්‍රදර්ශනය අතර ප්‍රභූ පෝලිම් ගැන විවිධ මතවාද ගොඩ නැගුණද ඒ කිසිවක් විධිමත් තක්සේරුවන් කළ බව කී විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්, එක දිගට ප්‍රදර්ශන රාජකාරිවල යෙදවූ පොලිස් භටයෙකුගේ මව ශ්‍රී දළදා වහන්සේ දැක බලා ගැනීමට අවස්ථාව සැලසෙන්නේ කෙසේදැයි සිතිය යුතු බවය.

''සාධනිය වෙනස්කම් රටකට අවශ්‍ය වුවද ඒ සඳහා ක්‍රියා කළ යුත්තේ ප්‍රවේශමෙන් බවය. සමහර සංස්කෘතික හැසිරීම් සමහර විට ප්‍රභූ හැසිරීම් ලෙස කෙනෙකුට ලෙබල් කළ හැකිය. ප්‍රදර්ශණය අතර නගරය පිරිසිදු කළ සේවකයන්ට ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට වෙනම අවස්ථාවක් සලසා දීම ගැන උද්දාම වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් රාජකාරිවල නිරත දහස් ගණන් ආරක්ෂක නිලධාරින්ගේ මව් පියන් එවැනි සැලකිල්ලක් ලැබීම ප්‍රභූ වාදය රැකීමක්'' දැයි විමසූ දීර්ඝ රාජ්‍ය සේවා අත්දැකීම් සහිත විශ්‍රාමික දිසාපති වරයෙකු මෙවර ශ්‍රී දළදා ප්‍රදර්ශන සිද්ධිය විස්තර කළේ මෙසේය.


''සඟ රජ වුණත් ගම තුම්පනේ කියලා සඟරජ හාමුදුරුවන් වහස්සේ උපහාසයට ලක් වුණේ කළමනාකාරිත්වයක් නැතිව දුන් බලු කපුටු දානයක් අසාර්ථකවීම නිසාය. මේ දළදා ප්‍රදර්ශනය නිසා බැතිමතුන්ට දළදා වන්දනාවට මහනුවරට පැමිණිම තහනම් කිරීම ගැනත් එවැනි ප්‍රස්ථා පිරුළක් නිර්මානය වීම කිසිවෙකුට නතර කළ නොහැකිය.''


chandrasiri senevirathne(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...