The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මීළඟ පාප් වහන්සේ තෝරන්නේ කවුද? ඔවුන් එක්රැස් වන්නේ කොහේ ද?

T

The Leader Desk

May 7, 2025 • 3:45 PM

මීළඟ පාප් වහන්සේ තෝරන්නේ කවුද? ඔවුන් එක්රැස් වන්නේ කොහේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව, ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීම සඳහා සියවස් ගණනාවක් පැරණි රහසිගත ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලබන රහස් සභාවට සහභාගි වීමට ලොව පුරා සිටින කාදිනල්වරු කඩිනමින් වතිකානයට රැස්වනු ඇත.
  • Following the death of Pope Francis aged 88 and his burial on Saturday, cardinals from around the world will soon gather in the Vatican to elect his successor in a secretive, centuries-old process known as the conclave.
  • වර්තමානයේ කාදිනල්වරුන්ගේ සංසදය කාදිනල්වරුන් 252 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන්ගෙන් 135 දෙනෙකු වයස අවුරුදු 80ට අඩු බැවින් නව පාප් වහන්සේ සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇත.
  • කතෝලික පල්ලියේ ඉතිහාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වයසේ සිටින විශාලතම කාදිනල්වරුන් සංඛ්‍යාව මෙය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව, ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීම සඳහා සියවස් ගණනාවක් පැරණි රහසිගත ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලබන රහස් සභාවට සහභාගි වීමට ලොව පුරා සිටින කාදිනල්වරු කඩිනමින් වතිකානයට රැස්වනු ඇත. මෙම කාදිනල්වරුන් පැමිණෙන්නේ කොහේ සිට ද? කතෝලික සභාවේ වෙනස් වන භූ දේශපාලනය තෝරා ගැනීමේ ඡන්දයට බලපායි ද?

Following the death of Pope Francis aged 88 and his burial on Saturday, cardinals from around the world will soon gather in the Vatican to elect his successor in a secretive, centuries-old process known as the conclave. But where are these cardinals from and will the shifting geopolitics of the Church influence the vote?

ඡන්දය භාවිත කළ හැක්කේ කාට ද? Who gets to vote?

වර්තමානයේ කාදිනල්වරුන්ගේ සංසදය කාදිනල්වරුන් 252 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන්ගෙන් 135 දෙනෙකු වයස අවුරුදු 80ට අඩු බැවින් නව පාප් වහන්සේ සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇත. කතෝලික පල්ලියේ ඉතිහාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වයසේ සිටින විශාලතම කාදිනල්වරුන් සංඛ්‍යාව මෙය යි.

There are currently 252 cardinals who comprise the College of Cardinals, 135 of whom are under the age of 80 and therefore eligible to vote for the new Pope. This is the largest number of voting-age cardinals in the history of the Catholic Church.

කාදිනල්වරුන් කතෝලික පල්ලියේ පූජක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන අතර සාමාන්‍යයෙන් බිෂොප්වරුන් ලෙස පත් කරනු ලැබේ.

Cardinals are senior members of the Catholic Church's clergy and are usually ordained bishops.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ඡන්දය ප්‍රකාශ කිරීමේ වයසේ කාදිනල්වරුන්ගෙන් අතිමහත් බහුතරයක්, එනම් 108 දෙනෙකු පත් කරන ලද අතර, ඉතිරි අය ඔහුගේ පූර්වගාමීන් වූ XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ සහ ශාන්ත ජෝන් පෝල් II පාප් වහන්සේ විසින් තෝරා ගනු ලැබූහ.

Pope Francis appointed the vast majority of voting-age cardinals, 108, while the rest were chosen by his predecessors Pope Benedict XVI and St John Paul II.

වතිකානයේ ඇතැම් විශේෂඥයින් පවසන්නේ, 8 වන සියවසෙන් පසු පළමු ලතින් ඇමරිකානු පාප් වහන්සේ සහ පළමු යුරෝපීය නොවන පාප් වහන්සේ බවට පත්වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, තම වඩාත් ප්‍රගතිශීලී ක්‍රියාපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමේ උත්සහයක් ලෙස හිතාමතාම කාදිනල් සංසදය කාදිනල්වරුන්ගෙන් පිරවූ බව ය.

Some Vatican experts say Pope Francis, the first Latin American Pope and the first non-European pontiff since the 8th Century, deliberately packed the college in an attempt to ensure the continuation of his more progressive and inclusive legacy.

වෙනස් වන පල්ලියක් A changing Church

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ 12 වසරක පාප් පදවිය තුළ විද්‍යාලයේ භූගෝලීය නියෝජනය වෙනස් විය.

The geographical representation of the college shifted during Pope Francis's 12-year papacy.

ඉතිහාසයේ පළමු වතාවට, යුරෝපීය කාදිනල්වරුන් තවදුරටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ වයසේ පසු වන කාදිනල්වරුන්ගේ බහුතරය නොවේ. මේ වන විට යුරෝපීය කාදිනල්වරු ඡන්දය ප්‍රකාශ කිරීමේ වයසේ කාදිනල්වරුන්ගෙන් 39%ක් පමණක් නියෝජනය කරති. එය 2013 වසරේදී 52%ක් විය.

For the first time in history, Europeans no longer make up a majority of voting-age cardinals — they now represent 39% of the voting-age cardinals, down from 52% in 2013.

dy5ff

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරන ලද ඡන්දය භාවිත කළ හැකි වයසේ කාදිනල්වරුන් 108 දෙනාගෙන් 38%ක් යුරෝපයෙන් ද, 19%ක් ලතින් ඇමරිකාවෙන් සහ කැරිබියානු දූපත්වලින් ද, 19%ක් ආසියා-පැසිෆික් කලාපයෙන් ද, 12%ක් උපසහරා අප්‍රිකාවෙන් ද, 7%ක් උතුරු ඇමරිකාවෙන් ද, 4%ක් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවෙන් ද පැමිණෙති. යුරෝපීය නොවන සංඛ්‍යාව 73 දෙනෙකි.

Among the 108 voting-age cardinals appointed by Pope Francis, 38% come from Europe, 19% from Latin America and the Caribbean, 19% from the Asia-Pacific region, 12% from sub-Saharan Africa, 7% from North America, and 4% from the Middle East and North Africa. The number of non-Europeans totals 73.

වඩාත් ගෝලීය නියෝජනයක් සහිත කතෝලික සභාවක් කරා වන මෙම මාරුව 19 වන සියවසේ ආරම්භ වූ ප්‍රවණතාවක තීව්‍රතාවක් බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කතෝලික සභාව පිළිබඳ ඉතිහාසඥයෙකු වන ආචාර්ය මයිල්ස් පැටෙන්ඩන් පවසයි. මෙයට පෙර, කාදිනල්වරු සම්පූර්ණයෙන් ම පාහේ යුරෝපීයයන් වූ අතර බොහෝදුරට ඉතාලි ජාතිකයෝ වූහ.

This shift towards a more globally-representative Catholic Church is an acceleration of a trend that began in the 19th century, says Dr Miles Pattenden, a Catholic Church historian at the University of Oxford. Prior to this, cardinals were almost entirely European and mostly Italian.

පැටෙන්ඩන් පවසන්නේ, සංසදය කෙතරම් කුඩා වුවත්, හැකිතාක් සියලු ම කතෝලික ප්‍රජාවන් නියෝජනය කළ යුතු බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශ්වාස කළ බව ය.

Pattenden says Pope Francis believed the College should be as representative of all Catholic communities as possible, no matter how small they are.

ඔහුගේ පාප් ධූරය යටතේ අයර්ලන්තය හෝ ඔස්ට්‍රේලියාවට වඩා මොංගෝලියාව, ඇල්ජීරියාව සහ ඉරානය වැනි රටවල පත්වීම් සිදු කළේ ඇයි ද? යන්න මෙයින් පැහැදිලි වන බව පැටෙන්ඩන් පැහැදිලි කරයි.

This explains why appointments were made in countries like Mongolia, Algeria, and Iran during his papacy rather than Ireland or Australia, Pattenden explains.

ඡන්දයට භූගෝලීය බලපෑමක් තිබේ ද?
Does geography influence the vote?

dryt56f| කාදිනල්වරුන් පත් කරනු ලබන්නේ පාප් වහන්සේ විසිනි. නමුත් ඔවුන්ගෙන් 135 දෙනෙකු පමණක් වයස අවුරුදු 80ට අඩු වන අතර එබැවින් කතෝලික පල්ලියේ නව නායකයාට ඡන්දය දීමට ඔවුහු සුදුසුකම් ලබති
ප්‍රසිද්ධියේ කාදිනල්වරුන් පවසන්නේ, භූගෝලීය බලපෑම් ඔවුන්ගේ තීරණයට බලනොපාන බව ය. නමුත් ප්‍රායෝගිකව එය සාධකයක් වීමට ඉඩ ඇති බව පැටෙන්ඩන් සඳහන් කරයි.

In public, cardinals will say that geography doesn't influence their decision, but in practice it's likely to be a factor, notes Pattenden.

ගෝලීය දක්ෂිණ කලාපයේ බොහෝ කාදිනල්වරුන් පෞද්ගලිකව විශ්වාස කරන්නේ තම කලාපයෙන් - විශේෂයෙන් ආසියාවෙන් හෝ අප්‍රිකාවෙන් - තවත් පාප්වරයෙකුට කාලය එළඹ ඇති බව ය. බොහෝ යුරෝපීයයන්, විශේෂයෙන් ඉතාලි ජාතිකයින්, පාප් පදවිය එම කලාපයට නැවත පැමිණිය යුතු යැයි සිතන බව ඔහු පවසයි.

He says many cardinals from the Global South privately believe it's time for another pope from their region - particularly Asia or Africa - while many Europeans, especially Italians, feel the papacy should return there.

වතිකානය පිහිටා ඇති රෝමයේ ජීවත් වන කාදිනල්වරුන් සහ එහි ජීවත් නොවන කාදිනල්වරුන් අතර බෙදීමක් ද ඇත.

There's also a division between cardinals who live in Rome - where the Vatican is based - and those who don't.

බොහෝ ඉතාලි ජාතික කාදිනල්වරුන් ගෝලීය දකුණේ ඔවුන්ගේ සගයන්ට වඩා බොහෝ කාලයක් එකිනෙකා සමග එක්ව කටයුතු කර ඇති බවත්, ඒකාබද්ධ සමූහයක් ලෙස ඡන්දය දීමට වැඩි ඉඩක් ඇති බවත් පැටෙන්ඩන් පෙන්වා දෙයි.

Many Italian cardinals will have worked alongside each other far longer than their counterparts in the Global South, Pattenden points out, and are more likely to vote as a cohesive block.

දේශපාලන දෘෂ්ටිවාදය ද ඡන්දයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.

Political ideology will also play an important role in the vote.

"උදාහරණයක් වශයෙන්, ලතින් ඇමෙරිකානු කාදිනල්වරුන් බොහෝ දෙනෙක් තරමක් ප්‍රගතිශීලී යි," පැඩෙන්ටන් පවසයි.

"For instance, a lot of Latin American cardinals are quite progressive," says Pattenden.

"ඔවුන් සාමාන්‍යයෙන් තරමක් ගතානුගතික අප්‍රිකානු කාදිනල්වරුන්ට වඩා බෙහෙවින් වෙනස්. සන්ධානගත වූවන් විදිහට භූගෝලය හරහා ගමන් කරනවා."

"They're very different from African cardinals who are generally quite conservative - and alliances move across geography."

 

ඡන්දය ක්‍රියාත්මක වන ආකාරය How the vote works

drt4ff| 2013 වසරේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තෝරා ගනු ලැබූ අවස්ථාව සිස්ටීන් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරයක් පිට කරමින් සනිටුහන් කළ ආකාරය.
රහස් සභාව අතරතුර, කාදිනල්වරුන් බාහිර ලෝකයෙන් වෙන් කරනු ලබන අතර දුරකතන, ඉන්ටර්නෙට් සහ පුවත්පත් වෙත ප්‍රවේශය අවහිර කරනු ලැබේ.

During the conclave, the cardinals are cut off from the outside world and denied access to phones, the internet and newspapers.

ඔවුහු වතිකානයේ මහල් පහකින් යුත් විවේකාගාරයක් වන කාසා සන්තා මාර්තාහි නවාතැන් ගෙන, සෑම දිනක ම රහසිගතව ඡන්දය ප්‍රකාශ කරන සිස්ටීන් දේවස්ථානයට ඇවිද යති.

They stay at Casa Santa Marta - a five-storey guesthouse in Vatican City - and walk each day to the Sistine Chapel, where voting takes place in secret.

සෑම කාදිනල්වරයෙක් ම තම තේරීම ඡන්ද පත්‍රිකාවක ලියා එය විශාල රිදී සහ රන් ආලේපිත බඳුනක බහාල යි.

Each cardinal writes his choice on a ballot and places it into a large silver-and-gilded urn.

තෝරා ගනු ලබන්නේ, තුනෙන් දෙකක බහුතර කැමැත්තක් ලැබූ කාදිනල්වරයෙකි.

The winner needs a two-thirds majority to be selected.

මේ සියල්ල සිදුවෙමින් පවතින අතරතුර, කතෝලික බැතිමත්හු අසල පිහිටි ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින අතර, සිස්ටීන් දේවස්ථානයේ චිමිනියෙන් සංකේතාත්මක දුම නැගී එන තෙක් බලා සිටිති: කළු දුමෙන් අදහස් කරන්නේ තීරණයක් නොමැති බව ය, සුදු දුමෙන් අදහස් කරන්නේ නව පාප්වරයෙකු තෝරාගෙන ඇති බව ය.

While all of this is happening, Catholics wait in nearby St Peter's Square, watching for the iconic smoke to rise from the Sistine Chapel's chimney: Black means no decision, white signals a new Pope has been chosen.

කාදිනල් සංසදය ඉදිරිපිට නිල වශයෙන් භූමිකාව භාර ගන්නා නව පාප් වහන්සේ, සාමාන්‍යයෙන් තේරී පත්වීමෙන් පැයක් ඇතුළත ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් පිහිටි බැල්කනියේ පෙනී සිටියි.

The new Pope, who has to formally accept the role in front of the College of Cardinals, normally appears on the balcony overlooking St Peter's Square within an hour of his selection.

 

ඉතිහාසයේ දීර්ඝතම සමුළුව 1268 දී ආරම්භ වී වසර දෙකක් සහ මාස නවයක් පැවතිණි. නමුත් මෑත කාලයේදී තෝරා ගැනීම් බොහෝ වේගවත් වී ඇති අතර, 20 වන සියවසේ මුල් භාගයේ සිට සාමාන්‍යයෙන් දින තුනක් ගත වී ඇත.

The longest conclave in history lasted two years and nine months, starting in 1268 - but in recent times they've been much quicker, averaging three days since the early 20th Century.

ෆ්‍රැන්සිස් සහ බෙනඩික්ට් පාප් වහන්සේ තෝරා ගනු ලැබුවේ දින දෙකක කාලයකිනි.

Pope Francis and his predecessor Pope Benedict XVI were elected in just two.


පැහැදිලි ජයග්‍රාහකයෙකු ගැන ඉඟියක් නැත No obvious front-runner

srt456g|  ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් වසර 12ක් පාප් පදවිය දැරීය Pope Francis's papacy lasted 12 years
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු, ඉතාලියේ සිට කැනඩාව දක්වා සහ ඝානාවේ සිට පිලිපීනය දක්වා මීළඟට පත්වීමේ විභයක් ඇති අනුප්‍රාප්තිකයින් ලෙස බොහෝ නම් යෝජනා වී තිබේ.

Since Francis's death, many names have been suggested as potential successors - from Italy to Canada and Ghana to the Philippines.

අපේක්ෂකයින් එක් අයෙකු හෝ දෙදෙනෙකුට සම ඡන්ද ප්‍රතිශතයක් හිමිවන්නේ දැයි බැලීමට කාදිනල්වරුන් අතර දැනටමත් සාකච්ඡා පැවැත්වෙන බව පැටෙන්ඩන් පවසයි.

Pattenden says discussions will already be taking place among cardinals to see if there is any consensus emerging behind one or two candidates.

කෙසේ වෙතත්, ප්‍රතිඵලය පුරෝකතනය කිරීම දුෂ්කර බව ය.

However, he says the result is hard to predict.

"දේශපාලන පක්ෂයක නායකයා තෝරා ගන්නා මැතිවරණයක් මෙන් නොව, අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමෙන් ජයග්‍රහණය සහතික කෙරෙනවා, මෙම ක්‍රියාවලියට සරල බහුතර නීතියට වඩා වැඩි යමක් ඇතුළත් වෙනවා," ඔහු පවසයි.

"Unlike a leadership election in a political party, where securing the required number of votes guarantees victory, the process involves more than simple majority rule," he says.

"පල්ලිය එකඟතාවයෙන් යම් දුරකට ගමන් කළ යුතු බවට හැඟීමක් තිබෙනවා, ඒ කියන්නේ සුළු ජාතීන් ඈත් නොකිරීම වැදගත්."

"There is a sense that the Church needs to move to some degree through consensus, which means it's important not to alienate minorities."

(සටහන | ලුයී බැරූෂෝ)
BBC World Service

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...