ඒ සම්බන්ධයෙන් මුල් වරට ප්‍රබලතම සංවාදාත්මක ප්‍රවේශයක් ඇති වූයේ අප රට බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව පැවැති සමයේ ය. ඒ පාලන සමය තුළ අප ජන සමාජය තුළින් බිහි වූ ඉංග්‍රීසි අධ්‍යාපනය පදනම් ව බටහිර සංස්කෘතික නැඹුරුවක් සහිත නව ඉහළ මධ්‍යම පන්තිය එවක ඉහළ සමාජමය අවශ්‍යතාවක් ව පැවැති වික්ටෝරියානු සුචරිත වාදය මුල් කොට මෙම ජන සංස්කෘතීන් දැඩිව හෙළා දුටු බවට සාක්ෂි තිබේ.
කිරිඳිවැල කනිටු විදුහලේ ඇම්. ඇල් සිල්වා නම් ගුරු භවතෙකු විසින් 1985 රචනා කරන ලදුව 1909 වසරේ සිට ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව මගින් පාසල් සිසුන්ගේ භාවිතයට ගෙන ඇති අති සුප්‍රකට ‘සිරිත් මල් දම’ සංග්‍රහයෙහි එන 17 වන මෙම පද්‍යය ඊට කදිම නිදසුනකි.
නාඩගම් බැලුමට
විහිළු කෝලම් බැලුමට
යක් තොවිල් බැලුමට
නොයෙන් නොහොබින එවැනි තැනකට
මෙම සිරිත් මල්දම පාසල් සහ පිරිවෙන් සිසුන්ගේ අතිරේක කියැවීම් පොතක් ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කරන ලදුව එය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස 1995 වසරේ සිට 2015 තෙක් පස් වතාවක් ම මුද්‍රණය කොට ප්‍රකාශයට පමුණුවා ඇත.

බලි, තොවිල් ශාන්තිකර්ම යනු එක් අතකින් රෝග සමනකාරක චිකිත්සාවක් ( Healing therapy ) මෙන්ම අනෙක් අතින් කලා රසාස්වාදන හා විනෝද මාධ්‍යයක් ද විය. විශේෂයෙන් අප ගැමි සමාජයට උරුම ඉතා සීමිත විනෝදාස්වාද මාධ්‍ය අතුරින් බලි තොවිල්, ශාන්තිකර්ම ද මුල් තැනක් ගෙන තිබූ බව පැහැදිලි ය.‘සිරිත් මල් දම’ කතුවරයා පවසන අන්දමට එවන් “නොහොබින කම්” වැඩිපුරම දක්නට ඇත්තේ යක් තොවිල් වල ය. එහෙත්, ඒ නොහොබින කම් තුළ අදත් බොහෝ දෙනෙක් නොදන්නා හරයක් හා ගැඹුරක් තිබේ.
නවීන මනෝ චිකිත්සක ප්‍රතිකාර අතරේ මනෝ විශ්ලේෂණය (Psycho analysis) සඳහා හිමි වනුයේ ප්‍රධාන තැනකි. එහෙත් නවීන මනෝ විද්‍යාව මෙලොවට බිහිවීමට බොහෝ කලකට පෙර මෙලොව එළිය දුටු තොවිල් වැනි අභිචාරාත්මක චිකිත්සාවන් තුළ ද භාව විෂමතා ඇති කොට ඒවා සමනය කිරීම මුල් කොට ගත් නොවිධිමත් මනෝ විශ්ලේෂණ ක්‍රියාවලියක් මනාසේ ගැබ්ව තිබේ.
විශේෂයෙන් යක් තොවිල් වල දී නැට්ටුවා (යක්ෂයා) සහ ඇදුරා අතර සිදුවන සංවාදය ඔස්සේ මිනිස් චිත්තාභ්‍යන්තරය විහිදා දැක්වෙන අන්දම විස්මය ජනක ය. අප හමුවේ පැන නඟින පෞරුෂ, පවුල්, ප්‍රජා සමාජ අර්බුද අපේ මනැස්වලට පීඩාකාරී ය. ඒවාට සෘජුව මුහුණ දීමට අපට නොහැක. එබැවින් ඒවායින් අත්මිදීමට අපි නොයෙකුත් උපක්‍රම යොදමු. යක් තොවිලයක දී ඇදුරා ඉදිරියට එන යක්ෂයා ගෙන් නිරූපණය වනුයේ මෙයම මිස අන් කිසිවක් නොවේ.
ඒ සඳහා ගත හැකි නිදසුන් දහස් ගණනින් මේ එක් නිදසුනක් පමණි.
ජේ. කේ. සුමනපාල සමරසේකර මහතා සිය ‘තොවිල්’(1995 එම්.ඩී ගුණසේන සහ සමාගම ) නම් ග්‍රන්ථයෙහි ගරා යක් ශාන්ති කර්මය ඉදිරිපත් වන අයුරු විමසා බලමු.
ගරා යකුම ශාන්ති කර්මය
“වරෙක පූජා වට්ටියේ ඇති පොල් රවුම අතට ගන්නා යකු තම මුහුණ කණ්ණාඩියෙන් බලන බව අඟවා බියපත්ව,
යකා :
ගුරුන්නාන්සේ :
යකා :
කළුකුමාර සමයෙහි විස්තර වන කළු යකා, සන්නි යකුමෙහි එන ප්‍රබල යක්ෂයෙකි. ඔහු රඟමඬලට එන අවස්ථාව හාස්‍යජනක ඉංගිත ප්‍රේක්ෂකයා තුළ ඇති කරන්නකි.

ගුරුන්නාන්සේ :
යකා :
ගුරුන්නාන්සේ :
යකා :
ගුරුන්නාන්සේ :
යකා :
ඇදුරා හමුවේ මෙලෙස නොයෙකුත් උපාය මාර්ග යොදමින් පලා යාමට වෙර දරන යක්ෂයා කෙසේ හෝ සංවාදයට එක්කර ගැනීමට ඇදුරා සමත් වන අතර පසුව යක්ෂයා මගින් නිරූපණය කෙරෙන රෝගියාගේ කායික හෝ මානසික අර්බුදයට මුල්වන මානසික ගැටුම (Conflict ) ඒ ඔස්සේම නිරාකරණය කිරීමටත් ඇදුරා සමත් වනු ඇත.
පුද්ගල, පවුල් හා ප්‍රජා ආදී වශයෙන් ස්ථාපිත වන මනෝ කායික අසමතුලිතතා සමනය කරනු පිණිස සම්පාදනය වූ බලි තොවිල්, ශාන්තිකර්ම උඩරට, පහතරට හා සබරගමු වශයෙන් සම්ප්‍රදායන් තුනක් හා සිය ගණනින් දැක්විය හැකි වර්ගීකරණයකට නතු කළ හැක්කකි.
මුල දී බුද්ධාභිවන්දනා ආදී වශයෙන් වන මෙම යාතුකර්ම පසුව ගායන, වාදන සහ නර්තන මාධ්‍යයෙන් ත්‍රාසය, භීතිය, ලිංගිකත්වය හා ප්‍රහසනය හුවා දැක්වෙන විවිධාංග සහිත සංදර්ශනයක් ලෙසින් රැයක් පහන් වන තුරුම දක්නට ලැබේ. මේවා අතුරින් ත්‍රාසය, භීතිය, ලිංගිකත්වය සහ ප්‍රහසනය වඩාත් තීව්‍ර ලෙස කරලියට නැංවෙනුයේ යක් තොවිල් වල දීය.
ගරා යක් මුහුණ ඒ කෙසේ හෝ මෙරට ශාන්ති කර්ම අතුරින් ලිංගිකත්වය සහ ශෘංගාරය මුසුවූ ගරා යකුම ශාන්ති කර්මය කාන්තාවන්ගේ වඳ දෝෂ පවා දුරලීමට සමත් වන බවට ජන විශ්වාසයක් තිබේ. කාන්තාවන් තුළ ප්‍රජනන ශක්තිය වඩවාලීම පිණිස කාමරාගය හෙවත් ලුබ්ධතාව (Libido) ප්‍රවර්ධනය වීම ශරීරයේ හෝමෝන ක්‍රියාවලිය ද ඉවහල් වන බව පැවසෙයි. ඒ අනුව මෙවන් ශාන්ති කර්ම මඟින් කාන්තාවනට දරු ඵල හිමි කරවන කතාව ද නිසරු ප්‍රලාපයක්ම නොවිය හැකිය.
ඇතැම් විට බුරුල්ල අතු ද ආවරණ සේ යොදා ගනිමින් පොල් ලී ආදිය ද ආධාරක කොට සිටුවා ගන්නා ගොරොක් අතු දෙකක් මත හරස් ලීයක ආධාරයෙන් තනන ‘අයිලය’ මත නැගී පැද්දෙමින් සිදුකරන ගරායකුගේ රැගුම් පෑම එක් අතකින් ත්‍රාසයෙන් යුක්ත වූවකි. එමෙන්ම ශාන්ති කර්මය මෙහෙයවන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේ සමග අතිශය විනෝදමත් සංවාදයක යෙදෙන ගරා යකු ලෙස සමාරෝපණය වන නළුවා අනියමින් ලිංගිකත්වය හුවා දැක්වෙන වාගාලාප ඉදිරිපත් කිරීම මෙම ගරා යකුම ශාන්ති කර්මවල සාමාන්‍ය සංසිද්ධියකි.
යක් තොවිල් අංගයක්මේ මීට කලකට ඉහත ගණේමුල්ල ප්‍රදේශයේදී මා දුටු ගරා යකුමකින් මතු වූ මෙම දෙබස් ඛණ්ඩය ඒ සඳහා ගත හැකි කදිම සාක්ෂියක් වනු ඇත.
ගුරුන්නාන්සේ :
ගරා යකු :
ගුරුන්නාන්සේ :
ගරා යකු :
ගුරුන්නාන්සේ :
ගරා යකු :
ගුරුන්නාන්සේ :

ගරා යකු :
මෙවන් දෙබස් හමුවේ එම තොවිලය නැරඹීමට පැමිණි කාන්තාවන් ලජ්ජාවෙන් මුහුණු ඉවතට හරවා ගන්නා මුත් එම ස්ථානයෙන් ඉවත් නොවෙති. ඉන් පසුව එම දෙබස තව දුරටත් ඉදිරියට ඇදී යනුයේ මෙලෙසිනි.
ගුරුන්නාන්සේ :
ගරා යකු :
ගුරුන්නාන්සේ :
ගරා යකු :
ගුරුන්නාන්සේ :
මෙතන ඉන්නේ බොහොම වැදගත් අය.
ගරා යකු :
ගුරුන්නාන්සේ :

ගරා යකු :
බස් එකේ උන්නු ඒ සුදු නාඹර තරුණි
(ලජ්ජාවෙන් ඇඹරෙයි)
ගුරුන්නාන්සේ :
ගරා යකු :ඇස් දෙක පල්ල දුටුවම මට කෙළ ගිලිණි
බස් එක පිටින් උස්සන් යන්නට සිතුණි

එමෙන්ම මෙම ගරා යකු ඉදිරියේ තබන ලද ගරා තටුවේ ඇති කැවුම් සහ කෙසෙල් ගෙඩි අතුරින් එක බැගින් ගෙන එකි`නෙක ගටමින් ස්ත්‍රී සහ පුරුෂ ලිංගේන්ද්‍රියන් සම්බන්ධ දෙපිට කැපෙන කතා කීම ද මෙම ගරා යකුමේ ප්‍රධාන අංගයකි.
මෙම බොහෝ බලි තොවිල්, ශාන්තිකර්ම පුද්ගල කේන්ද්‍රීය බවක් පළ කරනු දක්නා ලැබේ. ඒ එම ශාන්තිකර්මය කේන්ද්‍ර ගත පුද්ගලයා ‘ආතුර’ නමින් හඳුන්වමිනි.
එහෙත් මෙම සංස්කෘතික ක්‍රියාදාමය සම්බන්ධයෙන් සියුම් ලෙස විමසීමේ දී පෙනී යනුයේ මේවායේ රුමේනියානු, ඇමරිකානු මනෝ චිකිත්සක වරයකු සමාජ මනෝ විද්‍යාඥයකු සහ අධ්‍යාපනඥයකු සේම මනෝ නාට්‍ය (Psychodrama ) නම් වන මනෝ චිකිත්සක මාධ්‍යය ලොවට හඳුන්වා දුන් ජේකබ් ලෙවි මොරෙනෝ (1889-1974) ගේ කණ්ඩායම් චිකිත්සක ( Group therapy ) අංග පවා මනාව අන්තර්ගත වී ඇති බවකි.
ඒ අනුව මෙම ජන සම්ප්‍රදායන් පුහු නිසරු ලෙස නම් කිරීමේ බරපතල දෝෂ සහගත බවක් තිබේ. අප සමාජයේ බලි තොවිල් වල ගැබ් වූ මෙම සාධනීය අංග සම්බන්ධයෙන් එවක පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා අංශාධිපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහයනට කී අතර ඒ බව ප්‍රායෝගිකව සනාථ කිරීම පිණිස එම වෛද්‍ය පීඨයේ ගරා යකුම ශාන්ති කර්මයක් ද සංවිධානය කළෙමි.
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ සහ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහපේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, පේරාදෙණිය, මහනුවර හා කුරුණෑගල රෝහල් වල මනෝ වෛද්‍ය වරුන් ඇතුළු පිරිසක් එක් වූ එම ශාන්ති කර්මයේ “ආතුරාගේ භූමිකාවට සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මේ වන විට අංගොඩ මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ ජ්‍යෙෂ්ට විශේශඥ මනෝ වෛද්‍ය වරයා ය.
නමුත් මෙම බලි තොවිල්, ශාන්ති කර්ම වශයෙන් ජනප්‍රිය සංස්කෘතිකාංග ලෙස මේ වන විට ප්‍රවර්ධනය වන නූතන අංග බොහොමයක් තුළ සාම්ප්‍රදායික ඉක්මවන විපරීතතාවන් බහුලවම දක්නට පුළුවන. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හිමි කර ගත් ජනප්‍රියත්වය පදනම් කර ගනිමින් ජනතාව හමුවට පැමිණෙන බොහෝ දෙනකු මෙම බලි තොවිල්, ශාන්ති කර්ම කලාවේ වැදගත් ම අංග වන පාරම්පරික හා සාම්ප්‍රදායිකත්වය ඉවත් කොට එහි සමාජ මනෝ විද්‍යාත්මක හරයන් උල්ලංඝනය කරනුයේ රස ඵලයක මදය ඉවත හෙලා ජනතාවට රස බැලීමට එහි ලෙල්ල දක්වන්නාක් මෙනි.




