The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකා බලශක්ති අර්බුදය: අනාගත අපේක්ෂා

T

The Leader Desk

May 11, 2025 • 9:15 AM

ශ්‍රී ලංකා බලශක්ති අර්බුදය: අනාගත අපේක්ෂා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මානිත මහාචාර්ය අයි.එම්.
  • ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස නිසා ඉහල අවදානමට ලක්ව ඇති බැවින්, එම අවදානමට තුඩුදෙන ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්ව 2050 වන විට 100% පුනර්ජනනීය බලශක්තිය කරා බලශක්ති සංක්‍රාන්තිය වෙනුවෙන් ජාත්‍යන්තර කැපවීම් කර ඇත.
  • යෝජිත න්‍යෂ්ටික වැනි අනෙකුත් බලශක්ති විසඳුම් ශ්‍රී ලංකාවට ඉතා නුසුදුසු, දැරිය නොහැකි මිල සහ භයානක ප්‍රතිපල ඇති කල හැකිය.
  • පියවරෙන් පියවර සුහුරු ජාලයක් කරා යොමුවීමෙන්, ශ්‍රී ලංකාවට අනාගත බලශක්ති වාහකය වන හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීම සදහා, අතිරික්ත පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතා කිරීමට සහ එමගින් බලශක්තිය අතින් ස්වාධීන හා සුරක්ෂිත වීමට මෙන්ම, බලශක්ති අපනයනය කරන රටක් ලෙස පරිවර්තනය වීමටද හැකි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
සම්මානිත මහාචාර්ය අයි.එම්. ධර්මදාස; සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක; සම්මානිත මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම; මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර; නිල්මිණි රොලෙන්ස් මහත්මිය; සරෝජ් පතිරණ මහතා; මහාචාර්ය චූලානන්ද ගුණසේකර; ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ; ආචාර්ය කීර්ති දේවේන්ද්‍ර; ආචාර්ය ජිවානන්ද ගුණවර්ධන; ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු; ආචාර්ය විධුර රලපනාව සහ ආචාර්ය අජිත් වීරසිංහ.

සාරාංශය:

වර්තමානයේ ශ්‍රී ලංකාව සඳහා අදාළ බලශක්ති තාක්‍ෂණ මිශ්‍රණය වන්නේ දේශීය විශාල ජලවිදුලි සහ කුඩා ජලවිදුලි පද්ධති, ජෛව ස්කන්ධ, සූර්ය බල උද්‍යාන සහ පියස  මත සූර්ය බල පද්දති, සුළං බලය සහ ආනයනයනික තෙල් සහ වෙනත් පොසිල ඉන්ධන හා ගල් අඟුරු  බලාගාරයය.
 
සුර්යය බල විදුලියට විනාශය කැදවයි - පියවරෙන් පියවර ක්‍රියාවට නැගෙන ආකාරය  මෙන්න
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස නිසා  ඉහල  අවදානමට ලක්ව ඇති බැවින්, එම අවදානමට තුඩුදෙන ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්ව  2050 වන විට 100% පුනර්ජනනීය බලශක්තිය කරා බලශක්ති සංක්‍රාන්තිය වෙනුවෙන් ජාත්‍යන්තර කැපවීම් කර ඇත.
 
ජාතික විදුලිබල ජාලය, සොබාදහමෙන් නොමිලේ ලැබෙන පුනර්ජනනීය බලශක්තිය වැඩිමනත්ව අවශෝෂණය කල හැකිවන පරිදි, අදියර වශයෙන් වැඩිදියුණු කළ යුතු අතර එය සුහුරු ජාලයක් කිරීම සාක්ෂාත් කර ගැනීමට අවැසි පියවර ගත යුතුය.

වර්තමාන සියලු ප්‍රයත්නයන් හා ව්‍යාපෘති, පුනර්ජනනීය බල ශක්ති භාවිතය වේගයෙන් පුළුල් කිරීම සහ ආනයනික, මිල අධික සහ පරිසර දූෂණයට දායක වන පොසිල ඉන්ධන භාවිතය ක්‍රමයෙන් අඩු කිරීම කෙරෙහි ඉලක්කගත විය යුතුය. යෝජිත න්‍යෂ්ටික වැනි අනෙකුත් බලශක්ති විසඳුම් ශ්‍රී ලංකාවට ඉතා නුසුදුසු, දැරිය නොහැකි මිල සහ භයානක ප්‍රතිපල ඇති කල හැකිය.
Green hydrogen 2048x1366
 
පියවරෙන් පියවර සුහුරු ජාලයක් කරා යොමුවීමෙන්, ශ්‍රී ලංකාවට අනාගත බලශක්ති වාහකය වන හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීම සදහා, අතිරික්ත පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතා කිරීමට සහ එමගින් බලශක්තිය අතින් ස්වාධීන හා සුරක්ෂිත වීමට මෙන්ම, බලශක්ති අපනයනය කරන රටක් ලෙස පරිවර්තනය වීමටද හැකි වේ. ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන් විප්ලවයට දායක වීම අතපසු නොකළ යුතු අතර, තවදුරටත් භූ දේශපාලනික හා ආර්ථික අවධානමට ලක්වියහැකි ගෝලීය වශයෙන් ක්‍ෂය වමින් පවතින ආනයනික පොසිල ඉන්ධන මත යැපීමෙන් මිදීම, නොවහලා ඇරඹිය යුතුය.

1.0 හැඳින්වීම


ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල ජාලය, පසුගිය වසර පහ තුළ දිවයින පුරා විදුලිය විසන්ධිවීම් හයක් නිසා මුළු රටම අන්ධකාරයට භාජන කර ඇත.
490120724 10171444579565092 5331335446666291205 nමෑතදී සිදූවූ එවැනි බිඳ වැටීමට හේතුව ලෙස  ලංකා විදුලිබල මණ්ඩලය (වි බ ම ය) පවසන්නේ විශාල ලෙස ව්‍යාප්ත වූ කුඩා පරිමාණ පුනර්ජනනීය බලශක්ති අවශෝෂනය දරාගත නොහැකි වීම නිසා, ජාලය අස්ථාවරත්වයට හේතු වන බවයි. ඔවුන්ගේම විමර්ශන කමිටුවට අනුව මෙය ව්‍යාජ පදනමක් බව ඔප්පු විය.

කෙසේ වෙතත්, උත්සව කාලවලදී විදුලිබල ඉල්ලුම අඩු වන විට පියස මත සූර්ය පද්ධති සහ කුඩා ජල විදුලි පද්ධති දෙකම වසා දැමීමට වි බ මය මාධ්‍ය නිවේදන නිකුත් කර ඇති අතර, යෝජනාව වන්නේ කුඩා පුනර්ජනනීය බලශක්ති කෙසේ හෝ ගැටලුවට හේතුව බවයි.
 
vy5
කුඩා පරිමාන සැපයුම්කරුවන් මගින් ජනනය කරන  පුනර්ජනනීය බලශක්තියට වි බ ම ය කැමැත්තක් නොදක්වන බව පැහැදිලිය.
 
කෙසේ වෙතත්, ආනයනික පොසිල ඉන්ධන මත යැපීම නිසා උද්ගතවී ඇති  ඉහළ බලශක්ති උත්පාදන මිල සහ සමගාමීව ඉහල පාරිභෝගික විදුලි බිල තවදුරටත් පවත්වා ගැනීම පිළිගත නොහැකිය. වඩා ව්‍යාප්ත කල හැකි, සියලුම පුනර්ජනනීය බලශක්ති ක්‍රම, අඩු ජනන වියදම් සහ තිරසාර වන අතර, එමගින් සාක්ෂාත් කල හැකි ලාභදායී විදුලි මිල ගණන් සියලු දෙනාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ රටට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට පමණක් නොව, රැකියා අවස්ථා සහ ජාතික ආදායම වැඩි දියුණු කිරීමට ද උපකාරී වනු ඇත.
 
මෙම ලිපිය වත්මන් බලශක්ති අර්බුදය,
 
*විවෘතව සාකච්ඡා කරමින්, 

*මෙම තත්වයට මූලික හේතු සලකා, 

*ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල වත්මන් ප්‍රවණතා කිරා මැන බලන අතර,  

*බලශක්ති අවශ්‍යතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා යෝග්‍ය, සුභ වාදී ඉදිරි මාවත් නිර්දේශ කරයි.
 
2.0 ශ්‍රී ලංකාව සඳහා බලශක්ති සැපයුම් විකල්ප

2030 වන විට හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීම, 2030 වන විට විදුලි උත්පාදනයට 70% ක් පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම සහ 2050 වන විට කාබන්ශුද්ධ-ශුන්‍ය විමෝචනය ඉලක්ක කිරීම ඇතුළුව, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තරයට, බලශක්ති සම්බන්ධ කැපවීම් කිහිපයක් කර ඇත.
MS BanKi
ශ්‍රී ලංකාව නව ගල් අඟුරු බලාගාර ඉදිකිරීම නොකිරීමටද ජාතික වශයෙන් කැපවී සිටී. මෙම කැපවීම් පැරිස් ගිවිසුම සහ තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ ඇති බැඳීම් සමඟ සමපාත වේ.

වත්මන් බලශක්ති ප්‍රතිපත්තිය මෙම කැපවීම්වලට අනුකූලද?

අදාළ බලශක්ති තාක්‍ෂණ මිශ්‍රණය දැනට, දේශීය විශාල ජලවිදුලි සහ කුඩා ජලවිදුලි පද්ධති, ජෛව ස්කන්ධය, පියස මත සූර්ය බල පද්ධති  සහ සූර්ය බල උද්‍යාන, සුළං සහ ආනයනික පොසිල ඉන්ධන හා ගල් අඟුරු බලාගාර වේ.

මුහුදු රළ සහ වඩදිය බාදිය වැනි අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ශ්‍රී ලංකාව සඳහා තවමත් ප්‍රායෝගික හා සාක්‍ය බව තහවුරු කළ නොහැකි ය. බලධාරීන් විසින් ආනයනික ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) පිරිසිදු ඉන්ධනයක් ලෙස සාවද්‍ය අර්ථ දැක්වීමට මුවාවී ප්‍රවර්ධනය කරනු ලබන අතර, එහි ජනන පිරිවැය පිළිබඳ තොරතුරු ඉතාමත් සාවද්‍ය හා නොමඟ යවන සුළුය.
 
fukushima japan 1ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර ව්‍යසනය (2011) - ඡායාරූපය: 2023
භූ-තාප සහ න්‍යෂ්ටික වැනි අනනෙකුත් බලශක්ති තාක්ෂණයන් අපගේ දූපත්-ජාතියට සුදුසු නොවේ, මන්ද  එවැනි තාක්‍ෂණ සදහා අපට දැරිය නොහැකි අවැසි (විදේශීය භූ-දේශපාලනික අවශ්‍යතා මත යැපීමෙන් හා ඒවාට ගොදුරු නොවී)  ලබාගතයුතු විශාල ප්‍රාග්ධන නිසා පමණක් නොව, ඒවායේ ආවේණික අනතුරුවල අධික ප්‍රවනතාව  නිසාය. එවැනි ව්‍යාපෘති තමන්ට අවශ්‍ය කරුණු පමණක් ඉදිරිපත් කරමින් සහ සමස්තය වසන් කරමින් යෝජනා කරනු දැකිය හැකිය.  
එවැනි විශ්ලේෂණයකින් න්‍යෂ්ටික බලශක්තිය "පිරිසිදු" බලශක්තියක් නොවනබව පැහැදිලි වන නමුත්, එහි යෝජකයින් එය වසන් කර ඉදිරිපත් කිරීමට උත්සාහ කරති.

3.0 ලෝක බලශක්ති අවස්ථා
 
fossil fuel hero
කාර්මික විප්ලවයේ සිට, පොසිල ඉන්ධන ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකගේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට පත්ව ඇත. එබැවින් කාබන් මත පදනම් වූ පොසිල ඉන්ධන (ගල් අඟුරු, ඩීසල් සහ පෙට්‍රල් සහ ස්වාභාවික වායු) භාවිතා කිරීම සඳහා යටිතල පහසුකම් බොහොමයක් ස්ථාපිත කර ඇත.

මෙම කාබන් ආර්ථිකය, වායු හා පරිසර දූෂණය, බරපතල සෞඛ්‍ය ගැටළු සහ ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස වැනි පුළුල් ගැටළු රාශියක් ඇති කර තිබේ. ශ්‍රී ලංකාවේ දේශීය පොසිල ඉන්ධන සම්පත් නොමැති අතර එම නිසා ආනයන මත දැඩි ලෙස යැපීම හේතුවෙන් අපගේ බලශක්ති ආරක්ෂාව බරපතල තර්ජනයකට ලක්ව ඇත.
 
ලෝක ජනගහනයෙන් ඉතිරි තුනෙන් එකක් විදුලිබල ජාලයන්ට සම්බන්ධ වී නොමැති අතර, ඔවුන් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, දේශගුණික විපර්යාස මගින් ඇති කරන දැඩි කුණාටු, හදිසි ගංවතුර, සුළි කුණාටු, සහ සුළි සුළං වලට ගොදුරු වේ. අනෙක් තුනෙන් දෙකේ "දියුණුව" සඳහා ව්‍යාප්ත වූ අධික පොසිල ඉන්ධන භාවිතය, මෙම දේශගුණික විපර්යාස වලට ප්‍රධාන හේතුව බව නොරහසකි.

දේශගුණික විපර්යාසවලින් වැඩිම අවදානමක් ඇති හයවන රට ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත.
දේශගුණික විපර්යාස අවදානම් අවම කිරීම සඳහා කාබන් විමෝචනය අවම කිරීමට ලෝක ප්‍රජාව දැන් උත්සාහ දරමින් සිටිති.

4.0 ගෝලීය බලශක්ති සංක්‍රාන්තිය
irina
ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති ඒජන්සිය (IRENA) විසින් 2024 දී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක ඉදිරිපත් කරන ලද දත්ත සමඟ මෙම සාකච්ඡාව ආරම්භ කිරීම අදාළ වනු ඇත. මෙය 2022 දී ලෝකයේ බලශක්ති භාවිතය 2050 දී ප්‍රක්ෂේපිත ඉලක්කගත භාවිතය සමඟ සංසන්දනය කර ඇත.

වගුව: 2022 සහ 2050 වසරවල ලොව පුරා බලශක්ති භාවිතය සංසන්දනය කිරීම

energ1
මෙම බලශක්ති සංක්‍රාන්තියේ ප්‍රධාන ප්‍රවණතා බොහෝ හේතු නිසා වේ.

දේශගුණික හේතූන් මෙන්ම සමාජ සාධාරණත්වය යන කරුණු දෙකම නිසා, පොසිල ඉන්ධන භාවිතය 63% සිට 12% දක්වා විශාල ලෙස අඩු කරනු ලබන අතර, සෘජු පුනර්ජනනීය බලශක්තියට පක්ෂව එය 23% සිට 52% දක්වා දෙගුණ කරනු ඇත.

නවීන ජෛව ස්කන්ධය සහ හයිඩ්‍රජන් ද වක්‍ර පුනර්ජනනීය බලශක්තිය වන අතර එබැවින් පුනර්ජනනීය බලශක්තියේ මුළු භාවිතය 81% දක්වා වර්ධනය විය හැකිය.

5.0 හරිත හයිඩ්‍රජන් අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට ඇති අද්විතීය අවස්ථාව
 
como funciona 1
ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව දෙක වන සූර්ය හා සුළං බලය පිළිබඳ ප්‍රධාන මැසිවිල්ල ඒවායේ ඇති  විචල්‍යතාවයයි. එසේ වෙතත්, මෙම ගැටළුව විසඳීමට, දැනටමත් භාවිතවන, ගබඩා විකල්ප වලට අමතරව, ඉදිරියේදී ස්ථාපනය කල හැකි හරිත හයිඩ්‍රජන් අගනා විකල්පයක් වනු ඇත.
 
අනාගත අති පලදායි බලශක්ති වාහකයා, සූර්ය හා සුළං බලයෙන් නිපදවන හරිත හයිඩ්‍රජන් වන අතර, ඒවා අපට බහුලව ලබා ගත හැකිය. දැනටමත් ලොව පුරා හරිත හයිඩ්‍රජන් විප්ලවයක් සිදුවෙමින් පවතී.

විදුලි බලය නිපදවීමට හෝ තාප ශක්ති ප්‍රභවයක් ලෙස, අවශ්‍ය විටෙක භාවිතයට, අධි පීඩන හයිඩ්‍රජන් ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීමට සහ අවැසි විට තාප ශක්ති ජනනය, යෝජිත තාක්ෂණයයි.
Green Hydrogenpp
වැදගත්ම වාසිය  නම්, බලශක්තිය සඳහා හයිඩ්‍රජන් දහනය කරන විට, කිසිදු වායු දූෂණයකින් තොරව ජල වාෂ්ප පමණක් නිපදවීමයි. ශක්තිය අවශ්‍ය විටෙක, විශේෂයෙන් රාත්‍රී කාලයේදී  භාවිතය පිණිස හයිඩ්‍රජන්  ගබඩා කර තබා අවැසි විටක දහනය කල  හැකිය.

පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා දැනටමත් දැඩි සීමාවන් පනවා ඇති නැව් කර්මාන්තයේ, හරිත හයිඩ්‍රජන් සඳහා දැනටමත් සැලකිය යුතු වෙළඳපොළක් පවතී. හරිත හයිඩ්‍රජන්, ඇමෝනියා සහ මෙතනෝල් නිෂ්පාදනය කිරීමට ද භාවිතා කරන අතර, එමඟින් කෘෂි කර්මාන්තයට අවැසි  පොහොර සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයට හැකියාව ලැබේ. හයිඩ්‍රජන් අනාගත බහුකාර්ය ඉන්ධනයක් වන බැවින්, මෙම නව්‍ය බලශක්ති ප්‍රභවය සදහා ගෝලීය අවධානය සහ ඉල්ලුම  ශීග්‍රයෙන් වැඩිවෙමින් පවතී.

වසර පුරා හිරු එළිය හෝ මෝසම් වැසි සහ සුළං බලයෙන් ආශිර්වාද ලත් ශ්‍රී ලංකාව, මෙම වෙළඳපොළවල් වලින් විශාල කොටසක් අත්පත් කර ගැනීමට දූරදර්ශි සහ උපක්‍රමශීලි විය යුතුය.
 
sri lanka drives its first ever agrivoltaics project in hanthana 1
ශ්‍රී ලංකා සුනිත්‍ය  බලශක්ති අධිකාරිය (SLSEA) විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, සූර්ය හා සුළං බලයේ විභවය, පිළිවෙලින් මෙගාවොට් 104,000 ක් සහ මෙගාවොට් 102,000 කි. සංසන්දනාත්මකව  වර්තමාන ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදන ධාරිතාව ඇත්ත වශයෙන්ම මෙගාවොට් 5,100ක් පමණි.
 
මේ අනුව, ඉදිරි හරිත හයිඩ්‍රජන් විප්ලවයේදී අපේ රටට වටිනා නිධානයක් සතුය. කෙසේ වෙතත්, පොසිල ඉන්ධන කෙරෙහි තවමත් දැඩි අවධානය යොමු කරන ශ්‍රී ලංකාවට, මෙම නිධානයද අහිමිවීමේ සැලකිය යුතු අවදානමක් ඇත.

මිල අධික පොසිල ඉන්ධන ආනයනය කිරීම දිගටම කරගෙන යාම වෙනුවට, අපගේ නිදහසේ ලබා ගත හැකි සූර්ය හා සුළං බලය භාවිතයෙන් නිපදවන හරිත හයිඩ්‍රජන් අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට ඉහළ හැකියාවක් ඇත.
යුරෝපය සහ උතුරු ඇමරිකාව වැනි උතුරු අර්ධගෝලයේ එවැනි ස්වභාවික බලශක්ති සම්පත් නොමැති රටවලට අපනයනය කළ හැකිය. පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවන හරිත හයිඩ්‍රජන්, ශ්‍රී ලංකා ආර්ථිකය වේගයෙන් වර්ධනය වීමට උපකාරී වනු ඇති අතර, විදේශ ආදායමේ දැවැන්ත වැඩිවීමක් සහ දැනට අපේ ජාතියට බලපාන සෘණ වෙළඳ ශේෂය පියවා ගැනීමට උපකාරී වනු ඇත.
 
hdhc
මෙය ඉන්දියාව සමඟ යෝජිත බලශක්ති ආරක්ෂාව සහ ජාතික ස්වෛරීභාවය පිළිබඳ ගැටළු රාශියකට තුඩුදිය හැකි  අධි වොල්ටිය විදුලි (HVDC)කේබල් සම්බන්ධතාවයට වඩා බෙහෙවින් පළදායි  සහ ආරක්ෂිත විකල්පයකි.

6.0 දැන් ශ්‍රී ලංකාවේ බලශක්තියේ සංයුතිය කුමක්ද?

පුද්ගලික අයිතිය ඇති පියස මත සූර්ය බල කට්ටල සහ කුඩා ජල විදුලි පද්ධති වලින් නිපදවන සහ ජාලයට සපයන බලය හේතුවෙන් ඔවුන්ට ජාලය සමතුලිත කළ නොහැකි බව ලංවිම හි ස්ථාවරයයි. එහෙත් මෑත කාලීන විදුලිය ඇනහිටීම් පිළිබඳ කමිටු වාර්තාව මගින් මෙම ප්‍රකාශය සහමුලින්ම නිෂ්ප්‍රභා කර ඇත.

1990 දශකයේ මුල් භාගයේ කුඩා සූර්ය බලශක්ති සමාගම් තුනකින් ඇරඹි මෙම කර්මාන්තය, දේශීය වශයෙන් තාක්ෂණ මට්ටමේ රැකියා 40,000 ක් පමණ සපයන ක්‍රියාකාරී සූර්ය බලශක්ති සමාගම් 650 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇත.
 


කුඩා පුනර්ජනනීය බලශක්තිය තවදුරටත් සංවර්ධනය කිරීම ඉංජිනේරුවන්ට සහ කාර්මිකයින්ට තවත් රැකියා දහස් ගණනක් සහතික කරනවා පමණක් නොව, තිරසාර සංවර්ධන ඉලක්කවල කොටසක් ලෙස ස්ථාපනය සහ ඒ ආශ්‍රිත ඉංජිනේරු කටයුතු සඳහා, වැඩිවශයෙන් දේශීය කාන්තාවන්ට පුහුණුව ලබා දීමට, අවස්ථා ලබා දෙනු ඇත.

පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ලංවිම දක්වන "අකමැත්ත"සහ  විරෝධාකල්පය ඉතා පැහැදිලිය. මෙය එසේ නොවේ නම්, පිරිසිදු හා පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් සමඟ තරඟ කල හැකිවන පරිදි, ජාතික ජාලය වැඩිදියුණු කිරීමට තම ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරන ලෙසත්, සැබෑ කැමැත්තක් සහ සහයෝගයක් ලබා දෙන ලෙසත් අපි ලංවිමෙන් ඉල්ලා සිටිමු.

එපමණක් නොව, අපි නව රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රජය සතු සංවිධානයක් ලෙස ලංවිම ජාත්‍යන්තර කැපවීම් සහ ප්‍රවණතාවලට අනුකූල වන පරිදි කලමනාකාරිත්ව  වෙනසකට ලංවිම යට විධානයන්  ලබාදෙන ලෙසයි.
මෙම ලිපියේ ඉතිරි කොටස මෙම ගැටළු ගැඹුරින් විමසා නිර්දේශ සපයයි.

7.0 ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සඳහා ඇති ප්‍රධාන ගැටළු
 

7.1 ආනයනික හා මිල අධික පොසිල ඉන්ධන කෙරෙහි ලංවිමයේ අතාර්තික අවධානය යොමු කිරීම

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ මුල් අවධියේදී, මෙම තාක්ෂණයන් වෙනත් ඕනෑම නව තාක්ෂණයක් මෙන් සාපේක්ෂව මිල අධික බැවින්, යම් “දූරදර්ශී ප්‍රවේශයක්” අවශ්‍ය වනු ඇතැයි කෙනෙකුට සිතෙන්නට ඇත.

කෙසේ වෙතත්, ක්ෂේත්‍රයේ දුරදක්නා නුවණැති පර්යේෂකයන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා පුනර්ජනනීය බලශක්තිය හරහා ඇති අසීමිත දිනාගත හැකි විභවය සහ බලපෑම් දුටු අතර දැන් පුනර්ජනනීය බලශක්තිය ලාභම, පිරිසිදුම සහ ආරක්ෂිතම බලශක්ති විකල්පය බවට පත්වී ඇත.

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ උනන්දුව, කාලයත් සමඟ වැඩි වූ අතර 2007 දී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවීම, සහ 2011 දී ශුද්ධ මිනුම්කරණය සහ 2016 දී ශුද්ධ ගිණුම්කරණය සහ ශුද්ධ ප්ලස් යෝජනා ක්‍රම සමඟ තවදුරටත් පුළුල් කිරීමත් සමඟ “සූර්ය බල සංග්‍රාමය” වැනි වැඩසටහන් හඳුන්වා දීමට හේතු විය.
 
ගල් අඟුරු නව සැපයුම්කරුවෙකු තෝරාගැනීම නීතිපතිගේ නිර්දේශමත
1990 දශකයේ මුල් භාගයේදී, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර උසස් අධ්‍යාපන සබැඳි වැඩසටහනක් භාවිතා කරමින් පුනර්ජනනීය බලශක්ති සංසදයක්  ස්ථාපිත කරන ලද අතර, ඒ හරහා ඉහළ පෙළේ සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරනු ලැබිය .
 
මෙම සමුළුවකදී, විදුලි බල මණ්ඩලයේ ප්‍රතිපත්ති සම්පාදකයා "ශ්‍රී ලංකාවේ අනාගතය ගල් අඟුරු, ගල් අඟුරු සහ ගල් අඟුරු" බව ප්‍රකාශ කළේය. තවමත් එම ස්ථාවරය වෙනස් වී නැති බව පැහැදිළිව පෙනේ. මෙම ප්‍රතිගාමී ප්‍රවේශයට හේතුව කුමක්ද? ගල් අඟුරු බලශක්ති සැපයුම් සහ ප්‍රවණතා අඳුරු යුගයට අයත් බැවින් සංවර්ධිත රටවල් ඔවුන්ගේ ගල් අඟුරු පතල් වසා දමමින් සිටිති.
 
පොසිල ඉන්ධන සීමිත සම්පත් වන අතර, ගල් අඟුරු වඩාත්ම හානිකර ඉන්ධනය වන අතර එමගින් කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, රසදිය සහ වෙනත් විෂ ද්‍රව්‍ය සහ අංශුමය ද්‍රව්‍ය වායු ගෝලයට  එකතු වන අතර, එමඟින් පරිසර දූෂණය සහ ශ්වසන රෝග යන දෙකටම දායක වේ. ලක්විජය බලාගාරයෙන් වසරකට නිපදවන ගල් අඟුරු අළු ටොන් 291,000  තවත් අනතුරක් වන අතර එය දැනට විවෘත භූමියකට බැහැර කරනු ලැබේ.
නොරෝච්චෝලේ අවුලක් නැ ! - ගල් අඟුරු නැවක් 24 දා දිවයිනට
 
7.2 පුනර්ජනනීය බලශක්තියට විදුලි බල මණ්ඩලයේ ප්‍රතිරෝධය

විදුලි බල මණ්ඩලය යනු ජාතියට සේවය කිරීම සඳහා පිහිටුවන ලද රජයට අයත් ආයතනයකි. තම ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් සැපයීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන එම කාර්ය මණ්ඩලයේ කාර්යය ශ්‍රී ලංකාවේ පුරවැසියන් අගය කරති. කෙසේ වෙතත්, වෙනස් වීමට විදුලි බල මණ්ඩලයේ ඇති අකමැත්ත සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි දක්වන අඛණ්ඩ ප්‍රතිරෝධය, බලාපොරොත්තු සුන් කරවන සුළු වූවා පමණක් නොව, දැන් සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි තත්වයකට පැමිණ තිබේ.

වත්මන් රජයේ ප්‍රකාශිත බලශක්ති ප්‍රතිපත්ති මගින් පුනර්ජනනීය බලශක්තිය න්‍යාය පත්‍රයේ ඉහළින්ම තබා ඇති අතර, නිසැකවම 2050 වන විට ශ්‍රී ලංකාව සිය අවශ්‍යතාවයන්ගෙන් 100% ක් පුනර්ජනනීය බලශක්තිය හරහා සැපයීමට සහ 2030 වන විට 70% ක් පුනර්ජනනීය බලශක්තිය හරහා සැපයීමට ජාත්‍යන්තර කැපවීම් කර ඇත.
 
යල කන්නයට වින කරන විදුලිබල මණ්ඩලය
එහෙත්, විදුලි බල මණ්ඩලය පුනර්ජනනීය බලශක්ති වර්ධනයට පහසුකම් හෝ අවශ්‍ය යටිතල පහසුකම්  සඳහා  ආයෝජනය කිරීමට, සුළු උත්සාහයක් හෝ ගෙන නොමැති බව පැහැදිලිය.
 
ජාත්‍යන්තර කැපවීම් සහ සාමාන්‍ය බුද්ධියේ නියමයන්ට අනුකූලව විදුලි බල මණ්ඩලය කඩිසරව කටයුතු කළේ නම්, තනි වානරයකුට හෝ කාලගුණික රටාවක් නිසා රට පුරා විදුලිය ඇනහිටීම් ඇති කළ නොහැක. එක වානරයකු නිසා මුළු ජාතියම දින තුනක් අඳුරේ වැටීම කිසිසේත් විශ්වාස  කල නොහැකි තර්කයකි.



8.0 සංඛ්‍යාමය හරඹයක්

2025 ජනවාරි මාසයේදී, ස්වාධීන විදුලිබල නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංවිම සඳහා රුපියල් බිලියන 44 ක ලාභයක් පුරෝකථනය කළ අතර මිල අඩු කිරීමක් පාරිභෝගිකයාට ලබා දිය යුතු බව නිර්දේශ කළේය. ලංවිම විසින් මුලින් දැක්වූ ප්‍රතිරෝධයක් මත උවද පසුව, මහජන උපදේශනයකින් පසුව විදුලි බිල 21% කින් අඩු කෙරිණි.

2024 දී රාජ්‍ය මූල්‍ය අංශය වාර්තා, ලංවිම සඳහා රුපියල් බිලියන 34.5 ක කාර්තුමය ලාභයක් වාර්තා කළ අතර රුපියල් බිලියන 93 ක වාර්ෂික මුළු ශුද්ධ ලාභයක් වාර්තා කළේය.

“ආදායමේ පහත වැටීමක් තිබියදීත්, 2024 ජුනි මාසයෙන් අවසන් වන කාර්තුව සඳහා ලංවිම බොහෝ දුරට මූල්‍ය වියදම් සහ පිරිවැය අඩුවීම හේතුවෙන්, සියයට 67 ක ලාභ වැඩිවීමක් මත රුපියල් බිලියන 34.5 ක ලාභයක්  වාර්තා කළේය.”
 
29THBUSOLAR
මෙම ලාභ තිබියදීත්, සති කිහිපයකට පෙර, ජාලයට පියස මත සූර්ය බලශක්ති සැපයුම් ගෙවීමේ යෝජනා ක්‍රම සඳහා ඒකක මිල සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව හෝ තවදුරටත් අඩු කරන බව ලංවිම නිවේදනය කළේය, එය නිදහසේ ලබා ගත හැකි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් භාවිතා කිරීම අධෛර්යමත් කිරීමේ පියවරක් ලෙස පැහැදිලිය. මේ පිළිබඳ වැඩි විස්තර සදහා යොමු වන්න.

ශ්‍රී ලංකාවේ පියස මත  සූර්ය බල කට්ටල 100,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර, ඒවා ප්‍රධාන වශයෙන් පෞද්ගලික නිවාසවලට අයත් වන අතර, ඒවා ඔවුන්ගේ වෙහෙස මහන්සි වී උපයාගත් ආදායමෙන් හෝ බැංකු ණයක් භාවිතා කර ස්ථාපනය කර ඇත.

රට තුළ විදුලි පාරිභෝගිකයින් මිලියන 7 ක් පමණ සිටින බැවින්, පියස මත සූර්ය පැනල 100,000 ක් පමණක් මුළු ජාතික විදුලිබල පද්ධතියම මෙතරම් අභියෝගයක් කරන්නේ කෙසේදැයි නොතේරේ.

ජාතික ලෙස  2030 න්‍යාය පත්‍රයට කැපවන බවට  දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාලගුණ සම්මන්ත්‍රණ (COP)රැස්වීම්වලදී පොරොන්දු වී ඇති වාතාවරණයක, ලං වි ම වැනි රාජ්‍ය ආයතනයක් පුනර්ජනනීය බලශක්ති අංශය අධෛර්යමත් කර කඩාකප්පල් කර දැමීමට උත්සාහ කිරීම ගෝලීය ප්‍රභාවට කරන අවමානයක් හා කපටිකමකි.
 
විදුලි ගාස්තු සංශෝධනය අත ළඟ
2024 ජූලි මාසයේදී, ලං වි ම ය විසින් සූර්ය බලශක්ති ගාස්තුව ඒකකයකට රු. 37 සිට රු. 27 දක්වා අඩු කරන ලද්දේ එවැනි අඩු කිරීමක් PUCSL (මහජන උපයෝගිතා කොමිසම) විසින් අනුමත කළ යුතු යයි කරනලද කැබිනට් තීරණයක් උල්ලංඝනය කරමිනි. මෙම හැසිරීමෙන් ඇඟවෙන්නේ ලං වි ම ය අදාළ නීති උල්ලංගනය කරමින් තමන් PUCSL වෙත පවා වගකිව යුතු නොවන බව සලකන බවයි. ලං වි ම ය හි නවතම යෝජනාව වන්නේ නිෂ්පාදන මට්ටම අනුව ඒකකයකට ආපසු ගෙවීම රු. 19, 17 හෝ 15 දක්වා තවදුරටත් අඩු කිරීමයි, නැතහොත් එය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමයි.
ඒ අතර , විදුලිබල මණ්ඩලය ඒකකයකට රුපියල් 70 කට වඩා වැඩි මිලකට පොසිල පාදක විදුලිය මිල දී ගැනීමට උත්සාහ කරන බව අපට වැටහේ.
පුනර්ජනනීය බලශක්ති අංශය පුළුල් වීම වළක්වමින් පොසිල ඉන්ධන ආනයනය සඳහා මෙතරම් විශාල මුදලක් ගෙවීමට කිසිදු තාර්කික පැහැදිලි කිරීමක් අපට හමු නොවේ.

නව ශ්‍රී ලංකා රජය පුනර්ජනනීය බලශක්තිය ලබා දීම සඳහා COP ජාත්‍යන්තර කැපවීම්වලට අනුකූල වීම වියයුතු අවස්තාවක හා, පිවිතුරු  ශ්‍රී ලංකා උපාය මාර්ගයේ කොටසක් විය යුතු,  ශ්‍රී ලංකා බලශක්ති අංශය තුළ කිසියම් විභව “ලැදියා ගැටුමක් ” තිබෙන බව ඉතා පැහැදිලිය.
 
විදුලිබල පනත මැයි අග පාර්ලිමේන්තුවට
වසර 2050 දී කාබන් ශුද්ධ ශුන්‍යය කරා යන ගමනේ වාසිය ලබා ගැනීමට, පුරවැසියන් දිරිමත් කිරීමේ සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ මාධ්‍යයක් ලෙස පුනර්ජනනීය බලශක්තියේ විශ්වීය භාවිතය ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙස ලොව පුරා ශුද්ධ ප්ලස් හෝ ශුද්ධ ප්ලස් ප්ලස් වලට සමාන බල ශක්ති මිල දී ගැනීමේ යෝජනා ක්‍රම තිබේ.

පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය අඩපණ කිරීමට සහ ආපසු හැරවීමට විදුලිබල මණ්ඩලය දරන ඒකාබද්ධ උත්සාහයන් තුල, 2050 වන විට 100% පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් කරා යන ගමනකට සහාය වීම සඳහා ජාලක යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමට අසමත් වීම සහ මැලි කම ඉතා පැහැදිලිය.

2024 නොවැම්බර් මාසයේදී ආසියානු සංවර්ධන බැංකුව රටේ බලශක්ති යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක තවත් ණයක් අනුමත කළ දා සිට, පුනර්ජනනීය බලශක්තිය ජාලයට මිල දී ගැනීමේ ඒකක මිල තවදුරටත් අඩු කිරීම සහ නිවාඩු කාලවලදී සුර්ය බල පද්දති අකර්මන්‍ය කල මෑත කාලීන මාධ්‍ය නිවේදන වඩාත් ව්‍යාකූල විය: බලන්න.

මෙම අරමුදල් දැන් නිදහස් කර තිබේද, සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් මෙම ණය මුදල ලබා දුන් අරමුණු සඳහා ඒවා  යොදවා තිබේද?

පුළුල් ලෙස ව්‍යාප්ත පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ජාලයට එක් කිරීම පිණිස යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ලබා දී ඇති ADB අරමුදල් බොහෝ දුරට ඉහළ ධාරිතාවයකින් යුත් HT සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධනය කිරීම සඳහා භාවිතා කර ඇති  අතර අපේක්ෂිත අරමුණ වූ  ලාභදායී පුනර්ජනනිය බලශක්ති අංශයේ සංවර්ධනය සඳහා නොවේ.
 
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ පැටිකිරිය
2024 ජනවාරි වන විට ඉලක්ක කරගත් 20 MW ජාල පරිමාණ බැටරි සහ 2026 වන විට MW 100 දක්වා ස්ථාපිත ධාරිතාව වැඩි කිරීමට කිසි උත්සාහයක් නොගැනීම ලං වී ම හි යටිතල පහසුකම් සැලසුම්වල ඇති බොහෝ ගැටළු සඳහා පාදක කරුණක් වන බව නිසැකය.
 
පසුගිය කෝප් කමිටු සාකච්ඡාවලින් එලිවූ කරුණක් නම්, ජ්‍යෙෂ්ඨ ලං වි ම  ඉංජිනේරුවන්ගේ වැටුප් මසකට ~රු. 400,000 ත් ~900,000 ත් අතර වූ අතර, ඔවුන්ගේ ආදායම් බද්ද ගෙවනු ලැබුවේ පුද්ගලයන් විසින්ම නොව ලං වි ම ය  විසින් බවයි. මෙය ආදායම් බදු රෙගුලාසි උල්ලංඝනය කිරීමකි. එය බදු ගෙවන්නන් සඳහා තනි වගකීම ඉවත් කරයි. ලං වි ම සෑම වසර තුනකට වරක් 25% ක ස්වයංක්‍රීය වැටුප් වැඩිවීමක් ද අනුමත කර ඇති බව හෙළි විය.
 මේ හා සංසන්දනය කිරීමේදී ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුගේ වත්මන් මාසික වැටුප රුපියල් 94,000  පමණ වන අතර උපාධිධාරී ගුරුවරුන්ගේ මාසික වැටුප රුපියල් 54,000 පමණ වේ. මෙවන් අත්‍යවශ්‍ය සේවාවන්අතර ඇති අති විශාල විෂමතාවන්, සියලුම රජයන් නොසලකා ඇති බව පෙනේ.
 
නව විදුලිබල පනතින් පුනර්ජනනීය බලශක්තිය දිරිගැන්විය යුතුය | පිරිසුදු හා හරිත  සමාජ ව්‍යාපාරය
ලංවිම කාර්ය මණ්ඩලයේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම අපි අගය කරන අතරම, බලශක්ති අංශයේ රාජ්‍ය සේවකයින් සඳහා එවැනි ලාභදායී වැටුප්වලට වඩා ජාතියට වඩා හොඳින් සේවය කිරීම සඳහා ජාලක යටිතල පහසුකම් සඳහා වැඩි මුදලක් නැවත ආයෝජනය කළ යුතුද යන ප්‍රශ්නය මතු වේ.

ඇත්ත වශයෙන්ම, පියස මත  සූර්ය සහ කුඩා ජල විදුලි පද්ධති තාවකාලිකව වසා දැමීමට උත්සාහ කරන මෑත කාලීන මාධ්‍ය නිවේදනය, පමණක් වුවද ජාතික විදුලිබල පද්ධතිය යාවත්කාලීන කිරීමේදී තමන්ගේම වගකීම් ඉටු කිරීමට ලංවිම අසමත් වීම, මැනවින් විදහා දක්වයි.
9.0 ශ්‍රී ලංකාවේ බලශක්තියේ අනාගතය සඳහා නිර්දේශ
 
I.  වර්තමානයේ අපට ඉතා අස්ථාවර  ජාලයක් ඇති අතර, විදුලිබල මණ්ඩලය බලශක්ති හානිය අවම කිරීමට සහ දුර්වල ට්‍රාන්ස්ෆෝමර් සහ ජාලක රේඛා ප්‍රතිස්ථාපනය කිරීමෙන් ජාලය වැඩිදියුණු කිරීමට දැඩි උත්සාහයක් දැරිය යුතුය. එවැනි අඛණ්ඩ වැඩිදියුණු කිරීම් මඟින් සුළං සහ සූර්ය බල වැනි නොමිලේ ලබා ගත හැකි පුනර්ජනනීය බලශක්ති විශාල ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමට හැකි වන පරිදි “සුහුරු  ජාලයක්” කරා ක්‍රමයෙන් ගමන් කිරීමට අපට හැකි වේ.
චීනයෙන් ගැලවුණු විදුලි ව්‍යාපෘතියත් ඉන්දියාවට !
 
II.  දැනට අප සතුව ප්‍රධාන ජල විදුලියට අමතරව  මෙගාවොට් 2050 ක පුනර්ජනනීය බලශක්ති බලාගාර ස්ථාපනය කර ඇත. දිවා කාලයේදී සූර්ය බලය බහුල වන විට, කිසිදු තාක්ෂණික දුෂ්කරතාවයකින් තොරව ජල ප්‍රවාහය පාලනය කිරීමෙන් ජල විදුලිය භාවිතය අඩු කළ හැකිය. එය ජාලය සමතුලිත කරන අතරතුර බලශක්ති ගබඩා කිරීම සහතික කිරීමේ එක් ක්‍රමයකි.

III.  මේ සඳහා තවත් විසඳුමක් වන පොම්ප කරන ලද ජල ගබඩා පද්ධති ස්ථාපනයට දශක තුනක් තිස්සේ කිසිදු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. නැවතත් ජල පොම්ප කරන ලද ගබඩා පහසුකමක් ඉදිකිරීමේ නව රජයේ ප්‍රකාශිත සැලැස්ම බෙහෙවින් ප්‍රශංසනීයයි. කෙසේ වෙතත්, සම්පුර්ණයෙන්ම නව ස්ථානවල එවැන්නක් සාක්ෂාත් කර ගැනීම සඳහා බොහෝ කාලයක් සහ ප්‍රාග් ධනයක් අවශ්‍ය වනු  ඇත.

පොම්ප කරන ලද ගබඩා විකල්පය අනුගමනය කිරීම සඳහා දූර දර්ශී දැක්මක් සහ මුලික පහසුකම් සහිතව නිර්මාණය කරන ලද වික්ටෝරියා සහ රන්දෙණිගල පද්ධති භාවිතා කිරීමෙන්, සහමුලින්ම නව ස්ථාන ඉලක්කකර  දැනටත් වියදම් කර ඇති මිල අධික ශක්‍යතා අධ්‍යයනයන් හා ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය අධික වියදම මග හැරෙනු ඇත. දිය මත පාවෙන සූර්ය බල  පද්ධති, නියමු බලාගාරයක් දැනටමත් ආරම්භ කර ඇති අතර, එම තාක්ෂණය  ආශ්‍රයෙන් පොම්ප කරන ලද ගබඩා පද්ධතිවල අපේක්ෂිත වාසි ලබා ගැනීම සඳහා බෙහෙවින් ලාභදායී විකල්පයක් විය හැකිය.
 
shutterstock 1786937360 5 0
IV.  අනාගත බලශක්ති වාහකයා වන්නේ සුළඟ හෝ සූර්ය බලය යන ප්‍රභව  භාවිතා කරමින් ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් නිපදවන හරිත හයිඩ්‍රජන් (GH) ය. පොහොර නිෂ්පාදනය කිරීම සඳහා හරිත හයිඩ්‍රජන් GH ඇමෝනියා සහ මෙතනෝල් බවට පරිවර්තනය කළ හැකි අතර අනෙකුත් කාර්මික භාවිතයන් සඳහා සහ කර්මාන්තයේ තාප ශක්තිය සඳහා යෙදිය හැකිය.
ශ්‍රී ලංකාවේ දැනටමත් මෙගා වොට් 300 ක සෝබාධනවි LNG බලාගාරය ඇති අතර, එය දැනටමත් ක්‍රියාත්මක කර ඇති නමුත් LNG සැපයුම නොමැතිකම නිසා භාවිතා කළ නොහැක. එමගින් අපේක්ෂිත බලශක්ති සැපයුම කෙටි කාලයකදී ස්ථාපනය කල හැකි පුනර්ජනනීය බලාගාර ව්‍යාප්තිය මගින් පියවා ගත හැකිය.

V.  ශ්‍රී ලංකාවේ බලශක්තිය නිෂ්පාදනය කළ යුත්තේ විශාල ජලවිදුලි සහ කුඩා ජලවිදුලි පද්ධති, ජෛව ස්කන්ධ, සූර්ය, සුළං සහ සීමිත ආනයනික පොසිල ඉන්ධන ඇතුළු තාක්ෂණික මිශ්‍රණයකින් වන අතර  පොසිල ඉන්ධන භාවිතය හැකි ඉක්මනින් හා ක්‍රමයෙන් ඉවත් කළ යුතුය. පුනර්ජනනීය බලශක්ති භාවිතය වේගවත් කල යුතු  අතරතුර, අනාගත බල ශක්ති සුරක්ෂිතතාව  චිරස්ථායි කිරීම  පිණිස ආනයනික පොසිල ඉන්ධන මත යැපීම ක්‍රමයෙන් අඩු කිරීම අනිවාර්ය වේ.
 
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 40 ක් සමාලෝචනයට කමිටුවක්
VI. දේශීය සූර්ය බලශක්ති සමාගම් උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කර හොඳ අලෙවියෙන් පසු සේවා සැපයිය යුතුය. සුනිත්‍ය බල ශක්ති අධිකාරිය ප්‍රමාණවත් පාරිභෝගික ආරක්ෂණ මාර්ගෝපදේශ හඳුන්වා දිය යුතු අතර, සූර්ය බල සේවා සපයන්නන් නියාමනය කිරීමට දැනටමත් ඇති ප්‍රතිපාදන යොමු කල යුතුය.

VII. මෙම පද්ධති සඳහා අවශ්‍ය ඉන්වර්ටර් සහ අනෙකුත් සංරචක වැනි උපාංග නිෂ්පාදනය කිරීම, නව රැකියා නිර්මාණය කිරීම සහ පද්ධතිවල මුළු පිරිවැය අඩු කිරීම සඳහා සුර්ය බල ශක්ති සේවා සමාගම් දේශීය විශ්ව විද්‍යාල ඉලෙක්ට්‍රොනික අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දිරිමත් කළ යුතුය.

VIII. ජාලගත හා පියස මත සූර්ය බල පද්දති වලට අමතරව, එම සේවා සමාගම් උණු වතුර පද්ධති සහ ජල පොම්ප පද්ධති ද අලෙවි කළ යුතුය. ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය මත යැපෙන රටක් ලෙස, සූර්ය ජල පොම්ප කිරීම සහ බිංදු වාරිමාර්ග පද්ධති, විශේෂයෙන් වියළි කලාපයේ, ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා විශාල විභවයක් සපයයි.
 
IX.  පුනර්ජනනීය බලශක්තියේ ප්‍රශස්ත භාවිතය සහ පොසිල ඉන්ධන වලින් ඉවත් වීම සඳහා විදුලි වාහන භාවිතය සංවර්ධනය කිරීම සහ දිරිගැන්වීම ඇතුළත් විය යුතුය. විදුලි වාහන( EV ක්‍රමයෙන් හඳුන්වා දෙන අතරතුර සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආරෝපණ මධ්‍යස්ථාන සැපයිය හැකිය. එමගින් දැනට ෆොසිල ඉන්ධන සදහා වැයවන විශාල විදේශ විනිමය අවම කල හැකිය.
Smokestacks blowing smoke into the atmosphere at sunset
 
X.  වත්මන් ජාතික ජාලය අස්ථායි, බිඳෙනසුලු සහ දුර්වල බැවින්, සූර්ය සමාගම් ගබඩා බැටරි සහිත ස්වාධීන පද්ධති සංවර්ධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. ජාල යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය කරන තෙක් මෙය දිරිමත් කළ හැකිය.

XI.  රජයේ අරමුදල් සහිත ව්‍යාපාර සහ පාසල් වැඩසටහන් හරහා මහජන දැනුවත්භාවය වැඩි කිරීම වැදගත් වේ. ආනයනික සහ මිල අධික පොසිල ඉන්ධන භාවිතා කිරීමේ අවදානම් සහ පුනර්ජනනීය බලශක්තියේ ප්‍රතිලාභ පිළිබඳව මහජනතාව දැනුවත් විය යුතුය. පිරිසිදු පරිසරයක්, සෞඛ්‍ය ප්‍රතිලාභ සහ වැඩිදියුණු කළ ජීවන තත්ත්වයන් සාක්ෂාත් කර ගැනීම සඳහා පොසිල ඉන්ධන භාවිතය ක්‍රමයෙන් අඩු කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන වැඩි කිරීමට තනි පුද්ගල උත්සාහයන් දිරිමත් කළ යුතුය.
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...