The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සැලූන් දොරේ දේශපාලනය

T

The Leader Desk

May 11, 2025 • 7:15 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සැලූන් දොරේ දේශපාලනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ දකුණු පසින් ඇති පුටුවේ කෙනකු හිඳ සිටී.
  • ප්‍රතිඵල ආවම තමයි බලාගන්න වෙන්නෙ.” ඉන් පසුද අතරින්පතර වූ කතාවලින් මට තේරුම් ගියේ, ඒ පුද්ගලයා ලොකු උනන්දුවකින් ඡන්දයට ඉදිරිපත් වූවකු නොවන බවය.
  • ඔහුගේ හිතවත් දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය නායකයකුගෙන් “නාමයෝජනා චාන්ස්” එකක් ලැබෙන්නට ඇත.
  • බොහෝ විට සල්ලි ටිකකුත් සාක්කුවට වැටෙන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මගේ දකුණු පසින් ඇති පුටුවේ කෙනකු හිඳ සිටී. ඔහු කවරකු දැයි මට හොඳින් බලාගත නොහැක්කේ, හිසකෙස් කැපීම ඇරඹූ මොහොතේ සිට මගේ බෙල්ල හැරවීම පාලනය කරන්නේ බාබර් උන්නැහේ විසින් බැවිනි.

මොහොතකින් සැලූනයට පිවිසි පුද්ගලයෙක් මගේ දකුණුපස සිටි තැනැත්තා දැක, සරදම් ස්වරයෙන් ඔහු ඇමතීය.

 

Hairstyle for men

“ආ... කොණ්ඩෙහෙම කපාගෙන ලෑස්ති වෙනව වගේ. හෙටින් පස්සෙ මන්ත්‍රීතුමානෙ.”


ඒ ඇසූ බාබර්ලා ද, මඳ සිනාවක් පාමින් එය අනුමත කළහ. “මොන පිස්සුද? මට ඇපත් නැතිවෙයිද දන්නෑ.”

Db7Ad kVwAAsubO

දකුණු අසුනේ සිටි “මන්ත්‍රීතුමා” ද, උපහාසයට උපහාසයෙන්ම පිළිතුරු දුන්නේය.


“ඇයි එහෙම කියන්නෙ. අපිත් ඡන්දෙ දෙන්නෙ ඔයාගෙ පක්ෂෙටනෙ.”

“ඔක්කොමලා මූණට කියන්නෙ නම් එහෙම තමයි. ප්‍රතිඵල ආවම තමයි බලාගන්න වෙන්නෙ.”

ඉන් පසුද අතරින්පතර වූ කතාවලින් මට තේරුම් ගියේ, ඒ පුද්ගලයා ලොකු උනන්දුවකින් ඡන්දයට ඉදිරිපත් වූවකු නොවන බවය. ඔහුගේ හිතවත් දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය නායකයකුගෙන් “නාමයෝජනා චාන්ස්” එකක් ලැබෙන්නට ඇත. බොහෝ විට සල්ලි ටිකකුත් සාක්කුවට වැටෙන්නට ඇත. ඒ නිසා ඔහු දින්නත් පැරදුණත් දිනුම්ය.

 

s9t29 h05 tptc451ana 2 1
එම පුද්ගලයා මන්ත්‍රීතුමකු වීද නැද්ද මට දැනගැනීමට හැකි වන්නේ, ඊළඟ වතාවේ හිසකෙස් කැපීමට ගිය විටය.

මෙසේ තමන්ගේ උවමනාවට වඩා අනුන්ගේ උවමනාවට මන්ත්‍රීවරු වූ කිහිප දෙනකු ගැනම මම දනිමි. පොල්පිත්තක් ඉල්ලුවත් දිනන කාලවල ඇතැම් පක්ෂවලින් ඉදිරිපත් වූ ඔවුහු ගොඩේගොඩ ගියේ තනිවම නොවේ. පරම්පරා දෙක තුනකුත් එක්කමය. දැන් ඒ ‘අහම්බ මන්ත්‍රීලා’ රටෙත් නැත.

The Leader | We Lead the Nation - Results from #630

මෙවර ඡන්දයේ එතරම් උණුසුමක් පෙනෙන්නට නොවූ බව බොහෝ දෙනාගේ මතය විය. මනාප පොරයකින් තොරවීම ද ඊට එක හේතුවක් විය හැකිය. ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය අඩු වීමෙන්ද පෙනෙන්නෙ, මිනිසුන්ට ඡන්දය එපා වී ඇති බවකි. විශිෂ්ට තීරු ලිපි රචකයකු වන නීතිඥ එස්.ජී. පුංචිහේවා කලකට ඉහත ලියූවක් මගේ මතකයට නැගේ. එහි මැය “නිදහසේ ඡන්දය” ය.

“මොකද කල්පනා කරන්නෙ?”

“මගේ ඡන්දය දැමිය යුත්තේ කාටද කියා හිතාගන්න බැරිව.”

“ඒ මොකද?”

“දෙන්නම කියන්නෙ එක වගේ දේවල්.”

“පෙර පුරුදු විදිහට, වැඩියෙන් බොරු කියන එක්කෙනාට ඡන්දෙ දෙන්න.”

“අපොයි, එතකොට බොරුව රජ වෙනවනෙ.”

“වෙන තෝරාගන්න දෙයක් නෑ.”

නීතිඥ එස්.ජී. පුංචිහේවා

“එතකොට මගෙ නිදහස් ඡන්දෙ?”

“නිදහස් ඡන්දය කියන්නෙ, රවටනු ලැබීමේ නිදහසටයි.”

මේ දෙබසට පසු, පුංචිහේවා මෙසේ ද කියයි.

“පවතින දේශපාලන පක්ෂ ක්‍රමය හා මැතිවරණ ක්‍රමය ඇතුළත ‘නිදහස් ඡන්දය’ යනු හුදු වචන මාත්‍රයක් පමණි. ඡන්දදායකයා එක් බොරු වළකින් ගොඩ වී වැටෙන්නේ තවත් එවැනිම බොරු වළකටය. ඡන්දය නිදහසේ කර ගැනීමේ අරගලය තවමත් ඉතිරිව පවතී.”

තවත් අවස්ථාවක, පුංචිහේවා කියා සිටියේ, මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදය වචනය වෙනුවට චෞරතන්ත්‍රවාදය කීම වඩා අර්ථාන්විත බවයි.

 

Gqe5nMGXwAAW L

ඡන්දයකට පසු, බලය ලබා ගැනීම සඳහා ඇතිවන පොරය ද මේ රටේ අලුත් තත්ත්වයක් නොවේ. ආණ්ඩුවක් හෝ සභාවක් පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩු වූ විට, එය පුරවා ගැනීම සඳහා විවිධ උපායමාර්ග යොදා ගැනේ. බාබර් සාප්පුවෙන් ජනවහරට එක්වූ “සැලූන් දොර” (Salon door) ද එක් උපක්‍රමයකි. ඉන් අදහස් වනුයේ, ඕනෑම කෙනකුට ඇතුළට ඒමටත්, පිටව යාමටත් අවස්ථාව ඇති බවය. සැලූන් දොර ද එසේය. ඉතා පහසුවෙන් දෙපසට තල්ලු කළ හැකිය. මේ එළඹ ඇත්තේද සැලූන් දොරේ කාලයකි.

ජේ. ආර්. : ඉස්සර දුෂ්ටයා අද වීරයෙක්? - (ගාමිණී වියන්ගොඩ)

 

ජනාධිපතිවරණ, මැතිවරණ කල් දැමීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, චෞරතන්ත්‍රවාදී ලෙස යොදා ගත්තෙකි, ජේ.ආර්. ජයවර්ධන.

ඔහුගේ හිසකෙස් කැපීමට යන බාබර්, සිය කටයුත්තට සැරසී මෙසේ අසයි.

“සර්, ළඟදි ඡන්දයක් හෙම නැද්ද?”

“තමුසෙ හැමදාම ඔය ප්‍රශ්නෙ අහන්නෙ මොකද?”

“ඒක අහනකොටම, සර්ගෙ ඉසකෙස් කෙළින් හිටිනවා. එතකොට මගෙ වැඩේ පහසුයි.”

(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...