The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිය ජීවන අත්දැකීම් ලේඛන ගත කරමින් දියත පතල වූ ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩ් | නිලක්ෂි බණ්ඩාර

T

The Leader Desk

May 13, 2025 • 11:17 AM

සිය ජීවන අත්දැකීම් ලේඛන ගත කරමින් දියත පතල වූ ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩ් | නිලක්ෂි බණ්ඩාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය ලියූ වචන තුළින් ඔවුන්ගේ පවුලේ සබඳතා, ඔවුනොවුන් අතර තිබුන විශ්වාසය, අවබෝධය ,ඇමරිකාවේ එකල පැවති සමාජ හා සංස්කෘතික වටපිටාව පිළිබඳව සිතුවම් නිර්මාණය කළේ ඉතා අපුරු අන්දමිනි.
  • උපත, පාසල් විය සහ යෞවනත්වය ලෝරා පෙපින් නගරයට සැතපුම් හතක් උතුරු දිසාවෙන් පිහිටි විස්කොසින් ප්‍රාන්තයේ බිග් වුඩ්ස් හිදී 1867 පෙබරවාරි හත්වන දින උපත ලැබුවා ය.
  • සිට 1880 දක්වා ලෝරා හැදී වැඩෙන්නේ රටේ බටහිර ප්‍රාන්ත වූ විස්කොන්සින්, කැන්සාස්, මිනෙසෝටා සහ සවුත් ඩැකෝටා යන ප්‍රාන්තවල ය.
  • දී අක්කර 160ක නිදහස් භූමියක් රජය විසින් ලබා දුන්නේ ගොවිතැන් කළ හැකි පුද්ගලයින්ට ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය ලියූ වචන තුළින් ඔවුන්ගේ පවුලේ සබඳතා, ඔවුනොවුන් අතර තිබුන විශ්වාසය, අවබෝධය ,ඇමරිකාවේ එකල පැවති සමාජ හා සංස්කෘතික වටපිටාව පිළිබඳව සිතුවම් නිර්මාණය කළේ ඉතා අපුරු අන්දමිනි. මෙම කතා ඇගේ ම ජීවිත අත්දැකීම් තුළ මුල් බැස ගත්, ජීවිතයේ සරල, සුන්දර මතකවල සුන්දරත්වය අපට සිහිපත් කර දෙයි.

උපත, පාසල් විය සහ යෞවනත්වය

 

Laura solo 1117 1024x658

ලෝරා පෙපින් නගරයට සැතපුම් හතක් උතුරු දිසාවෙන් පිහිටි විස්කොසින් ප්‍රාන්තයේ බිග් වුඩ්ස් හිදී 1867 පෙබරවාරි හත්වන දින උපත ලැබුවා ය. ඇයගේ දෙමවුපියන් වුයේ: චාල්ස් සහ කැරොලින් ය. 1870 සිට 1880 දක්වා ලෝරා හැදී වැඩෙන්නේ රටේ බටහිර ප්‍රාන්ත වූ විස්කොන්සින්, කැන්සාස්, මිනෙසෝටා සහ සවුත් ඩැකෝටා යන ප්‍රාන්තවල ය. ලෝරා පැවත එන්නේ පිටියුටරින් පෙළපතෙන් වන අතර ඔවුන් සමාජ අදහස් අගය කළ තම දියුණුව සහ ශ්‍රමය අගය කෙරූ පිරිසකි.

1872 දී අක්කර 160ක නිදහස් භූමියක් රජය විසින් ලබා දුන්නේ ගොවිතැන් කළ හැකි පුද්ගලයින්ට ය. මින් සතුටට පත් චාල්ස් තම පවුලේ සාමාජිකයින් සමගින් තැනිතලාවේ පදිංයට ගිය අතර මොවුන්ගේ ඉඩම පිහිටියේ කැන්සාස් හි නිදහස්  ප්‍රදේශයෙන් සැතපුම් 12ක් එපිටින් වූ ඔසාජා නම් රතු ඉන්දියානුවන්ගේ සීමාව තුළ ය. පසුව නැවතත් ඔවුන්හට එම ප්‍රදේශයෙන් යන්නට වුයේ රජයෙන් ගත් පදිංචිකරුවන් ඉවත් කර දැමීමේ තීරණයත් සමගිනි. මොවුන් නැවතත් බිග්වුඩ්ස්වල පදිංචි වූ පසු ලෝරා සහ මේරි එහි පාසලට ඇතුළත් කළේ ය.

මෙලෙස පියාගේ උවමනාවට රටේ තැනින් තැන මොවුන් පදිංචියට යන අතර 1879 ඩැකෝටා ප්‍රාන්තයේ පියාට ලැබෙන දුම්රිය මාර්ග කළමනාකාර රැකියාව හේතුවෙන් එහි පදිංචියට ගොස් ඉන්ග්ලස් ඩී ස්මෙට් ප්‍රදේශයෙන් සැතපුම් 3ක් එපිටින් පිහිටි අක්කර 160ක ඉඩමක් ගෙන සියලු දෙනා එහි පදිංචි වූහ.

 102196896 gettyimages 600026859
යෞවනියක වූ ලොරාට සමාජශීලි බව අඩු කුලෑටි ස්වරුපිත තරුණියක් නිසා මුලින් සමාජයේ ගැවසීම අපහසු වුවත් පාසලේ දී ඉතා හොඳින් ඉගෙන ගත් තරුණියක් වූ ඇය වඩාත්ම දක්ෂ වුයේ ඉතිහාසය, කවිය සහ ඉංග්‍රීසි විෂයන්ට ය.

පළමු රැකියාව, විවාහය සහ ලේඛනයේ ආරම්භය

වයස අවුරුදු 15 දී ගුරු සහතිකය ලබා ගත්  ඇය පාසල් ගුරුවරියක් ලෙස පත්වීම ලබා ගත්තා ය. පසුව ඔවුන්ට හිතවත්ව උපකාර කරන පුද්ගලයකු වූ අල්මාන්සෝ සමගින් 1885 අගෝස්තු 25 වැනි දින ඇය විවහා වුවා ය. ඔවුන් 1894 ජුලි 17 වැනි දින මිසුරියේ ඔස්කාස් පෙදෙසේ මෑන්ස්ෆීල්ඩ් වෙන පැමිණ රොකි රිජ් ගොවිපළ මිලට ගත්තේ ය. ඔවුන් එම ගොවිපොළෙහි ඉදිකළ නිවාස අද දක්වාම කෞතුකාගාරයක් ලෙසින් ප්‍රචලිතව ඇත.

 

465654702 9516623028352771 2367958071910022604 n

ඒ සමයේ දී ලෝරා Missouri Ruralist සඟරාවට සහ වෙනත් සඟරාවලට ලිවීම ඇරඹුවා ය. 1930දී Missouri Ruralist සඟරාවේ තීරු ලිපි රචිකාවියක ලෙසද ක්‍රියා කළ ඇය එහි කර්තෘ ධුරයට ද පත්විය. ඒ් සමග ම ඇය, සිය ජිවිත කතාව වූ ''පයනියර් ගර්ල්'' නම් කෘතිය රචනා කිරීම ඇරඹී ය. ඉන් කොටසක් ලිට්ල් හවුස් ඉන් ද බිග් වුඩ්ස් (Little House in the Big Woods) නමින් ප්‍රකාශනයට පත් කළ පසු එය ලොව පුරා වේගයෙන් සුප්‍රසිද්ධ වූ කෘතියක් බවට පත්විය.

1930 රටේ ආර්ථික අවපාතය බොහෝ ලෙස පැවතී යුගයක ලෝරා ඉන්ගල්ස් වයිඩ්ලර්ගේ පුංචි නිවාස කතා පෙළේ මුල්ම කෘතිය රචනා කිරිම අරඹන විට ඇය හැටවන වියෙහි සු වූවා ය. ඇය මෙම කෘති පෙළපෙළ රචනා කරන ලද්දේ තමා ළමා කාලයෙදී ගත කළ සුන්දර මෙන්ම දුෂ්කර අවධීන් පිලිබඳවය. ඔවුන් ජීවත් වූ ප්‍රදේශවල පැවතී දේශගුණික තත්ත්ව, ස්වභාව සුන්දරත්වය යන කරුණු කැටි කරගෙන ය.

භාෂා හතළිහකින් ලොව පුරා අලෙවි වූ ''ලිට්ල් හවුස් ඉන් ද බිග් වුඩ්ස්'' කතා මාලාව

wilder laura ingalls little house 1
19 වන සියවසෙහි අග භාගයේ ජිවත් වූ තරුණ ගෑනු ළමයකුගේ ජිවිතයේ ඇතිවන පෙරළි, ඇය මුහුණ දෙන සිදුවීම් ආශ්‍රිතව ලියැවෙන මෙම කෘති පෙළෙහි ඇති සත්‍යවාදී බව,  ඇමරිකානු ඉතිහාසයේ අවසන් වූ පුරෝගාමී යුගයේ ඓතිහාසික වටිනාකම් සහ සමාජ සාධක ඇසුරෙන් මවා පෑ අපුරු කතා පෙළකි. 1943 දී වෙළුම් අටකින් යුතු මෙම කතා පෙළ ඇය අවසන් කරන අතර ඇයගේ කතාමාලාව භාෂා 40කට අධික ප්‍රමාණය කින් පරිවර්තනයට ලක් වීම සුවිශේෂී කරුණකි.

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් වරක්  “සියල්ලටම පසුව ජීවිතයේ මිහිරි, සරල දේවල් යනු ජිවිතයේ අත්දකින සැබෑ අත්දැකීම් බව මම ඉගෙන ගැනීමට පටන් ගෙන ඇත්තෙමි.” යනුවෙන් ලිව්වා ය. දකුණු ඩැකෝටා දරුණු ශීත කාලය, ජැක් නම් බුල්ඩෝග් සමග වනය පුරා සිදුකල ගවේෂණ , තාත්තාගේ වීණාවෙන් නැගෙන මියුරු ස්වර සප්තකයන්ගේ සොඳුරු බව , පාඨකයින්ගේ මුදු මොළොක් පරිකල්පනයන් වැඩි දියුණු  කිරීමට හේතු විය. ලෝරා  වයිල්ඩර්ගේ ජීවිත කතාවේ සරල බව සහ අව්‍යාජත්වය තුළ සැනසීමක් ලැබූ ලොව පුරා සිටින  දරුවන්ගේ මනසෙහි ජීවිතය පිළිබඳව ගැඹුරු හැඟීමක් ඇති කලේ ය. මිචිගන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය මිෂෙල් මැක්ලෙලන් ද , ළමා කාලයේ දී ලිට්ල් හවුස් කතා මාලාවට ආදරය කළ මිලියන සංඛ්‍යාත ජනතාවගෙන් කෙනෙකි.

 

laura signing books De Smet scaled 1 e1608570910918

"මම ප්‍රාථමික පාසලේ සිටිය දී මගේ දෙමව්පියන්ගෙන් නත්තල් තෑග්ගක් ලෙස මෙම පොත් කට්ටලය තෑගී ලැබුණා. මම ඔවුන්ට ආදරය කළා, ප්‍රධාන හේතු කිහිපයක් කියලා මම හිතන්නේ. ලෝරා හරිම සජීවී ගුණයෙන් යුතු බහුවිධ හැකියාවන්ගෙන් යුතු වීරවරියක්, ඒ නිසා ඇයගේ ලියවිලිවලට  මාව ආකර්ෂණය වුණා.. මම දැනටත් ඉතිහාසයට කැමතියි. නමුත් අතීතයේ  ඇමරිකාවේ ජිවත් වුණ ගැහැණු ළමයින් හෝ පවුල් පිළිබඳ කතා මට හමු වී තිබුණේ නැහැ. ඒ හේතුව නිසා ලිට්ල් හවුස් පොත් පෙළට මම නොදැනීම ආකර්ෂණය වුණා.'' යැයි මැක්ලෙලන් පැවසී ය.

RWL 022 0රෝස්

 

ලෝරා ඇගේ දෙමව්පියන් මිය යන තුරු ම ඔවුන් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය අතර, අවසානයේ එය ඇගේ ලිට්ල් හවුස් කතා මාලාව පිටුපස ඇති අභිප්‍රේරණය බවට පත්විය. 1886 දෙසැම්බර් පසවන දින ඇයගේ දියණිය වූ රෝස් ඉපදුණා ය. The first four years නම් කෘතිය රචනා කරනු ලැබුවේ එම අවධියේ දී ය.මහා තැනිතලා පෙදෙස් හෙවත් ප්‍රෙයරීවල වැවෙන ලස්සන කැලෑ රෝසමල් නිසා දියණියට රෝස් යන නම තබන්නට ඇය පෙළඹුණා ය.

The Little House in the Big Woods.

Little house on the prairie,

On the banks of plum creek,

By the shores of silver Lakes

The Long Winter

The Happy Golden Years.

The First Four years

මෑන්ස්ෆීල්ඩ් හි ඔවුන් ජිවත් වූ රොකි රිජ් ගොවිපළ ලෝරාගේ ලිට්ල් හවුස් කතා මාලාව ගොඩනැගීමට පදනම ගොඩ නැගුණු ස්ථානය විය. මෙම නිවස වන සුන්දර, වනගත ග්‍රාමීය ප්‍රදේශයක  නිවසක ජිවත් වීමට  ලොරාගේ  ජීවිත කාලය පුරාම දුටු  සිහිනයේ විසල්  කූටප්‍රාප්තියක්  විය.

දියණිය ද ලේඛන දිවියට

RWL 141
1910 දී, ලෝරා සහ ඇගේ දියණිය වන රෝස් යන දෙදෙනා ම ඔවුන්ගේ ලේඛන කටයුතු ආරම්භ කළහ. රෝස් සැන් ෆ්‍රැන්සිස්කෝ බුලටින් පුවත්පත සඳහා ලිවීම ආරම්භ කරන අතරතුර, ලෝරා මිසූරි ග්‍රාමීය පුවත්පතේ තීරු ලිපි රචිකාවක් ලෙස සේවය කිරීම ඇරඹුවා ය. ග්‍රාමීය පුවත්පතේ සේවය කළ කාලය තුළ, ලෝරා ගොවිපළවලසේවය කළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් තීරු ලිපි ලිව්වා ය. ලෝරා ගේ කතන්දර පෙළ සරල සහ අව්‍යාජ බවකින් පිරි විශිෂ්ඨ කතාන්ද පෙළකි.

ජීවිතයේ ඇය දකින ,විඳින නොස්ටැල්ජික් චමත්කාරය ගැඹුරින් රසිකයා වෙත ඉදිරිපත් කරන්නේ වින්දනාත්මක ලෙස ය. එම චිත්තවේග ඉතා ගැඹුරු බවකින් යුක්තව, විචක්ෂණශීලීව පාඨක හදවත ස්පර්ශ කරයි. මෙම කතා පෙළ ජීවිතය, පවුල, ප්‍රජාව ස්වභාවික ලෝකය සමග  ඇය ඇති කරගෙන තිබෙන අන්තර් සබඳතාව පිළිබඳව මනා අවබෝධයකින් පිරුණු පොහොසත්  කතා ය.

සාහිත්‍යකරණයේ ගුණ වරුණ

RWL 023

ලොරා සතු වුණේ කාව්‍යමය භාෂා රටාවකි. ඒ ඔස්සේ ග්‍රාමීය ජිවිතයේ හරවත් බව පිළිඹිබු කෙරිණි. පයට පෑගෙන හිම කැටයේ සිට නිවසේ සිතල මැඩලීමට ඔවුන් භාවිතා කරන ගිනි උදුනෙන් දැනෙන උණුහුම දක්වා දුරාතීතයකට පාඨකයින්ව ගෙන යන්නේ චිත්ත රූප මවමිනි. එදිනෙදා ජිවිතයේ ඇය ලත් අත්දැකීම් ඔස්සේ ඇය ජීවිතය ගැන අපුරුවට කියා දෙන බව,  දුෂ්කර සිත සමයේදී එකිනෙකා හා සමගිව ජීවිතය බෙදාහදාගෙන ගෙවන ආකාරය මෙම කතා පෙළ ඔස්සේ අපිට දැකගත හැකිය.

මෙම කතා පෙළ  ඔස්සේ  ඉන්ගල්ස් පවුල මුහුණ දෙන අභියෝග, පළගැටි කුණාටුවට මුහුණ දෙන ආකාරය, විනාශකාරී හිම කුණාටුවලට මුහුණ දුන්න ද ස්වයංපෝෂිත ජිවන රටාවක් ගෙන ගිය ආකාරය, සියලු බාධක මැඩලමින් තම ජීවිතය ගෙන ගිය ආකාරය, නොපසුබට වීර්ය සහ මානව ප්‍රේමය පිළිබඳ අපුරු හෙළිදරව්වකි. ලෝරාගේ කතා මාලාව පුරා ශුභවාදී බව සහ හාස්‍යය විහිදී ඇති වන අතර, කතුවරියගේ ජීවිතය පිළිබඳව අද්විතීය ලෙස සුන්දර දෘෂ්ටිකෝණයකින් හෙළි කරයි.

වයිල්ඩර්ගේ ජීවිතයේ වඩාත්ම කැපී පෙනෙන අංගයක් වන්නේ ඇගේ පවුලේ තිබු සමීපතම බැඳීම ය. එමගින් ඔවුන්ටගේ ජිවිතවල සිදුවූ පසුබෑම්, ඇදවැටීම් විඳදරාගැනීමට හැකි විය. කූපාල්ගේ මතය අනුව, වයිල්ඩර්ගේ පොත්වල ප්‍රකාශිත මෙම න්‍යෂ්ටික  පවුල් සංස්ථාවේ පැවති සංහිඳියාව තුලින්  සියලු වයස්වල පාඨකයින්ව ආකර්ෂණය කරයි.

ඇගේ කෘති ඔස්සේ ඇමරිකාවේ ගත කළ දුෂ්කර ජීවිතය පිළිබඳව සියුම් ගවේෂණයකින් යුක්තව ඉස්මතු කර ඇත්තේ යථාර්ථයත්, විඤාණයත් එකට එක කරමිනි. ජීවිතය විවිධ අරගලවලින්, ඝට්ටනවලින් පිරුණත් ඒවාට නොබියව ඉදිරියට යන ලෙසට ඇය අපිව පොළඹවන්නී ය. මෙම කතා පෙළ  ඇමරිකානු සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් සනිටුහන් කර ඇත. ඒ ඔස්සේ ඇමරිකාවේ ඓතිහාසික කරුණු පිළිබඳව සේම සංස්කෘතික ලක්ෂණ, දේශ සිමා පිළිබඳව විසල් හෙළිදරව්වක් කර ඇත.

සජීවී අත්දැකිම් සඳහා ආරාධනා

v45y6

ඒ සියල්ලට ම වඩා ඇයගේ ආඛ්‍යානය තුළ නොපටබසු උත්සාහය, පවුලක ඇති බැඳීම , සිහින පසුපස හඹා යෑම, යනාදි කරුණු පිළිබඳව කාලනුරූපිව සත්‍යය සමගින් අනුරූපී වන අයුරින් මෙම කතා නිර්මාණය කර තිබීම සුවිශේෂී ලක්ෂණයකි. ඇය  පාඨක හදවතේ විශ්ව භාෂාව හඳුනා ගත් ලේඛිකාවක් ලෙස හඳුන්වා දිය හැකි ය. ඇගේ ලේඛනයේ ඇති පාඨක හදවත්  ස්පර්ශ කරන විලාසය පාඨකයා සහ ඇයගේ අත්දැකීම අතර අභ්‍යන්තර සම්බන්ධතාවයක් ගොඩනගන අතර, ඇයගේ කතාන්දර තුළින් ඒවා කියවීමකට පමණක් නොව සජීවී අත්දැකීමක් ලැබීමට ද පාඨකයන්ට ආරාධනා කරන්නී ය.

මේ සෑම ලියමනක්ම ඇමරිකානු සිහිනයේ පැවතෙන විඥානවාදයේ ලාංඡනයක් බවට පත් කරයි. ස්වදේශික ඇමරිකානුවන් පිළිබඳ ඇයගේ නිරූපණය, ඇගේ කාලයේ පැවති පක්ෂග්‍රාහීත්වය සහ ආකල්ප පිළිබිඹු කරයි. ඇය සරල, දුෂ්කර ජීවන රටාවක ජීවත් වූ  නොස්ටැල්ජික් වර්තාකරිනියක වන අතර ඓතිහාසික වෘතාන්තයේ සංකීර්ණතා පිළිබඳ විවේචනාත්මකව ආවර්ජනය කිරීමට පොළඹවන චරිතයකි.

මෙම කතා පෙළ ලාංකීය පරිවර්තිකාවන් අතර මුල් තැනක් හොබවන කතුවරියක වූ ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද මහත්මිය විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී

ලොවපුරා සිය දහස් ගණනක් වූ පාඨකින්ට ආදරණීය මිතුරියක වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, 1957 පෙබරවාරි 10 වනදින මෙලොවින් සමුගත්තා ය.

IMG 20230429 WA0022(සටහන | නිලක්ෂි බණ්ඩාර)
නිදහස් ලේඛිකා
nilakshibandara0710@gmail.com

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිය ජීවන අත්දැකීම් ලේඛන ගත කරමින් දියත පතල වූ ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩ් | නිලක්ෂි බණ්ඩාර | The Leader