The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කැසැන්ඩ්‍රා සහ ළඟ එන අර්බුදය | රොහාන් සමරජීව

T

The Leader Desk

May 14, 2025 • 8:30 AM

කැසැන්ඩ්‍රා සහ ළඟ එන අර්බුදය | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, ශ්‍රී ලාංකික මහජනතාව ලෙබනනයේ ජනයා තරම් පීඩාවට පත් වූයේ නැත.
  • හිටිහැටියේ විදුලිය කප්පාදු කිරීම වැනි අර්බුදයේ ප්‍රකාශනයන් ලෙබනනයේ දිගටම පවතී.
  • ඇපලෝගේ ශාපය 21වන සියවසේදී ඇති කළේ අසම්පූර්ණ බලපෑමක් පමණක් බව පෙනේ.
  • ඊළඟ අර්බුදය තම විශාලතම අපනයන වෙළඳපොළ වන ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු සියයට 10කින් වැඩි කර ඇති අතර එය ඊටත් වඩා ඉහළ යා හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත්, ශ්‍රී ලාංකික මහජනතාව ලෙබනනයේ ජනයා තරම් පීඩාවට පත් වූයේ නැත. හිටිහැටියේ විදුලිය කප්පාදු කිරීම වැනි අර්බුදයේ ප්‍රකාශනයන් ලෙබනනයේ දිගටම පවතී. ආර්ථිකය බිඳ දැමූ දේශපාලනඥයන් සහ නිලධාරීන් වෙනුවට පත් කරන ලද අය අනතුරු ඇඟවීම්වලට අවනත වූහ. ඇපලෝගේ ශාපය 21වන සියවසේදී ඇති කළේ අසම්පූර්ණ බලපෑමක් පමණක් බව පෙනේ.

ඊළඟ අර්බුදය
 
ට්‍රම්ප්ගේ බද්ද : ශ්‍රී ලංකා ආර්ථිකයේ නව හැරවුම් ලක්ෂ්‍යය - සහන කාලයේ  එක්සත් ජනපදයට හොද හිත පෙන්වා ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනගා ගමු
තම විශාලතම අපනයන වෙළඳපොළ වන ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු සියයට 10කින් වැඩි කර ඇති අතර එය ඊටත් වඩා ඉහළ යා හැකිය. වෙළඳ යුද්ධය එක්සත් ජනපදය අවපාතයකට තල්ලු කළ හැකි අතර එමගින් ඉල්ලුම තවදුරටත් හැකිලෙන්නට ඉඩ තිබේ. අනෙකුත් ඇඟලුම් අපනයනකරුවන් සාකච්ඡා මගින් අපට වඩා අඩු තීරුබදු ලබාගැනීමට ඉඩ ඇති අතර එමඟින් අපට සාපේක්ෂ අවාසියක් ඇති වේ.
 
අපනයන ආදායම් පහත වැටෙනු ඇති අතර රැකියා අහිමි වනු ඇත. ආර්ථිකය හැකිලීමට හෝ අපේක්ෂා කළාට වඩා අඩුවෙන් වර්ධනය වීමට ඉඩ තිබේ. ණය ආපසු ගෙවීම් සඳහා අවශ්‍ය බදු ආදායම් අඩු විය හැකිය. රුපියල අවප්‍රමාණය වීමෙන් ණය ආපසු ගෙවීමට සහ අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීමට අපහසු විය හැක. කරුණු එසේ වුවහොත් දෙවන වරටත් ණය පැහැර හැරීමක් සිදුවීමේ අපගේ ඉරණම වැළැක්විය නොහැකිය.
image 118bb5a4c4
 
එහෙත්, අලුතින් පනවන ලද තීරු බදු අත්හිටුවීම සම්බන්ධ දින 90 තවමත් ගෙවී අවසන් වී නැත. ට්‍රම්ප් පරිපාලනය සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතී. ප්‍රතිව්‍යුහගත කරන ලද ණය ආපසු ගෙවීමට තව කල් තිබේ. මේ අවස්ථාවේ සාකච්ඡාකරුවන්ට සුභ පතනවා හැර වෙනත් කිසිවක් කළ නොහැකි නිසා, නූතන කැසැන්ඩ්‍රාලා අනාවැකි නොකියා මුව ගොලු කරගත යුතුද?

නමුත් අපගේ අනෙකුත් භාණ්ඩ අපනයනයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් අනාවැකි නොකියා නොසිටීමට කිසිදු හේතුවක් නැත. 2025දීද කැසැන්ඩ්‍රාලාට කාර්යභාරයක් තිබිය හැකිය.
 
ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය සඳහා දෙවන විශාලතම ගමනාන්තය යුරෝපා සංගමයයි. යුරෝපා සංගමය ට්‍රම්ප්ගේ මට්ටමේ අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට ඉඩක් නැත. 2010 දී, අවසන් වරට යුරෝපා සංගමය GSP+ සහනය ඉවත් කළ අවස්ථාවේදී, ඔවුන් රජයට විවිධ අනතුරු ඇඟවීම් සිදු කරමින් තම පොරොන්දු ඉටු කිරීම සඳහා අවස්ථා ද ලබා දුන්හ.
GSP + උගුලෙන් ගැලවීමට ආණ්ඩුව වෘත්තීය සමිති පිහිට පතයි
 
2017 දී GSP+ සහනය නැවත ලබා දීමේදී, අපගේ රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල ත්‍රස්ත විරෝධී නීති පැනවීම ඇතුළු බොහෝ පොරොන්දු ලබා දුන්නේය.
 
මෙම ගැටලුවේ විශේෂත්වය සහ වර්තමාන රජය ඇතුළු විවිධ රජයන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිතා කිරීම, GSP+ පිළිබඳ සියලු සාකච්ඡාවල ප්‍රමුඛස්ථානයේ ඇත. කෙටි දැනුම්දීමකින් GSP+ ඉවත් කර ගැනීමේ අනතුරක් නැති නමුත් දැනට සහනදායී තීරුබදුවල ප්‍රතිලාභ භුක්ති විඳින රටවල් අටටම 2026දී නැවත අයදුම් කිරීමට සිදුවනු ඇත. මේ අනුව, එය අහිමි වීමේ අවදානමක් නැතැයි නිගමනය කළ නොහැකිය.
ශ්‍රී ලංකාව වරක් GSP+ සහනයෙන් ඉවත් වූ බව සත්‍යයකි. කර්මාන්තශාලා වැසී ගිය අතර රැකියා අහිමි විය. එහෙත්, ආර්ථිකය කඩා වැටුණේ නැත. ඉතින්, මෙම සහනය නොමැතිව අපට පැවතිය නොහැකිද? නැහැ. එවකට ගැටලුව වූයේ GSP+ පමණි. දැන් එය ට්‍රම්ප් දින 90න් පසු පනවන සියයට 10ක තීරුබදු සහ ට්‍රම්ප් පනවන අමතර "අන්‍යෝන්‍ය තීරුබදු" නිසා ඇති වන ගැටලු ද තිබේ.
 
VAKARAI, SRI LANKA: Sri Lankan President Mahinda Rajapakse (C) speaks to Special Forces troops at the former Tamil Tiger rebel stronghold of Vakarai, 03 Feb 2007.  Sri Lanka's President Mahinda Rajapakse visited a former Tamil Tiger bastion and offered fresh peace talks to end decades of ethnic bloodshed.  AFP PHOTO/Sudath SILVA (Photo credit should read SUDATH SILVA/AFP/Getty Images)
දෙවනුව, ආර්ථිකය එදාට වඩා අද දුර්වලය. වත්මන් රජයට පශ්චාත් යුද සමයේ මහින්ද රාජපක්ෂ රජයට තරම් විකල්ප නැත. ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් ගොඩ එමින් සිටින රාජ්‍යයකි.
 
තෙවනුව, ඇඟලුම් කර්මාන්තය 2010දී මෙන් ශ්‍රී ලංකාවට සීමා වී නැත. අප ශ්‍රී ලාංකික යැයි සිතන සමාගම් ඉන්දියාව සහ වියට්නාමය වැනි වෙනත් රටවල කර්මාන්තශාලා ක්‍රියාත්මක කරයි. ඇඟලුම් කර්මාන්තයේ ස්වභාවය අනුව, ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා සඳහා යෙදවුම් ගෙන එන බහාලුම් වඩාත් හිතකර තීරුබදු සහිත රටවලට හරවා යැවීම සාපේක්ෂව වඩා පහසුය. පර්යේෂණ, සංවර්ධන සහ සැලසුම් කාර්යයන් ශ්‍රී ලංකාව පැවතිය හැකි නමුත්, කර්මාන්තශාලා විතැන් විය හැකිය. කම්හල් මට්ටමින් රැකියා අහිමිවීම් බොහෝ දුරට ස්ථිරය.
ඩොලරයේ වැටීම ඇඟලුම් කර්මාන්තයට ගැටලුවක්'
 
ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධයෙන් මෙන් නොව, ශ්‍රී ලංකාවට GSP+ සම්බන්ධයෙන් ක්‍රියාශීලී විය හැකිය. GSP+ සහනය සඳහා නැවත අයදුම් කිරීමට සිදුවන තෙක් ඉතිරිව ඇති කාලය භාවිතා කර, මතු විය හැකි අභියෝග වළක්වා ගත හැකිය. නව ත්‍රස්ත විරෝධී නීතිය ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවල වැදගත්කම සැලකිල්ලට ගෙන, GSP+ ලබාගැනීම සම්බන්ධයෙන් ඇති අපගේ අනෙකුත් අඩුපාඩුවලින් වෙනතකට අවධානය යොමු කළ හැකිය.

ආර්ථිකය පසෙකින් තැබුවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) නිවැරදි කල යුතුය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් පසු: ATA ද? සාමාන්‍ය නීතිය ද? | රොහාන් සමරජීව
සමහරවිට රජය අප වැනි කැසැන්ඩ්‍රාලාගෙන් ආර්ථිකය ගැන ඇති තරම් අනාවැකි අසා තිබිය හැකිය. එසේ නම්, අපි දේශපාලනය සහ සදාචාරය ගැන කතා කරමු.

උතුරු නැගෙනහිර පළාත්වල ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රතිඵලය සිත් ඇදගන්නා සුළු විය. බොහෝ දෙනෙකු සිතුවේ එම ප්‍රතිඵල කලාපීය දේශපාලනයේ අලුත් පෙළගැස්මක් පෙන්නුම් කරන බවයි.
 
එහෙත්, මාස හයක අක්‍රියතාව විසින් එම බලාපොරොත්තු අඳුරු කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසමානුපාතිකව පීඩාවට පත් සුළු ජාතීන් අතර ජාතික ජන බලවේගය වේගයෙන් තම ස්ථානය අහිමි කර ගනිමින් සිටී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමෙන් මෙම පසුබෑම නතර කරගත නොහැකිද?
ප්‍රති ත්‍රස්ත පනත සති කිහිපයකට කල්දමයි !
 
අවසාන වශයෙන්, මෙම කුරිරු නීතිය සදාචාරාත්මක හේතූන් මත ඉවත් කළ යුතු නොවේද? චූදිතයන්ට නොතේරෙන භාෂාවලින් බලහත්කාරයෙන් ලබාගන්නා ලද පාපොච්චාරණ සාධාරණීකරණය කළ හැක්කේ කාටද? චෝදනා ඔප්පු නොකර අධික කාලයක් රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම අනුමත කළ හැක්කේ කාටද?

කැසැන්ඩ්‍රාලාට සවන් දෙන්න. එසේ කළ යුත්තේ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට පමණක් නොවේ. නිවැරදි දේ කළ යුතු නිසාය.

20 අහෝසි කළ යුත්තේ ඇයි? (රොහාන් සමරජීව)(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
rohan@lirneasia.net

Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...