The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගැරඩි ඇල්ල බස් රථ ඛේදවාචකය යටපත් වීමට පෙර : රේණුකා දමයන්ති

T

The Leader Desk

May 14, 2025 • 9:04 AM

ගැරඩි ඇල්ල බස් රථ ඛේදවාචකය යටපත් වීමට පෙර : රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ මියගියවුන් සිහි කොට ඔවුනට පින් අනුමෝදම් කිරීම පිණිස පහන් දැල්වීමේ වැඩසටහනක් ඉකුත් වෙසක් පුන් පොහෝ දා එම ප්‍රදේශවාසීන් එක්ව එම ස්ථානයේ දී සිදු කරන ලදී.
  • හැටන් ගම්පොළ ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික වාහන ගමන් ගන්නා මඟීන් ද ඒවායින් බැස ඊට දායක වූ බව පැවසෙයි.නමුත් මානුෂීය බවින් පිරිපුන් එම සිදුවීමට අප රටේ ජන මාධ්‍ය මඟින් එතරම් පුළුල් ප්‍රචාරයක් නොලැබීම ද කණගාටුදායක තත්වයකි.
  • එමෙන්ම මෙම සටහන සකසන විටත් එම අනතුරින් තුවාල ලැබූ තවත් 40 නට ආසන්න පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේත්, නුවරඑළිය,නාවලපිටිය, ගම්පොළ යන මූලික රෝහල් වල සහ පේරාදෙණිය, මහනුවර, යන ශික්ෂණ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්.
  • ඒ අනුව වටිනා මිනිස් ජීවිත හා දේපල රැක දෙමින් මෙවැනි ගමන්වල යෙදෙන බස්රථ පදවමින් අති දුෂ්කර සේවයක යෙදෙන රියැදුරන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ එවැනි දිගු ගමනකට පෙර සහ ගමනේ අතර මඟදී ඔවුන්ට නිසි විවේකයක් ලැබෙනවාද?
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ මියගියවුන් සිහි කොට ඔවුනට පින් අනුමෝදම් කිරීම පිණිස පහන් දැල්වීමේ වැඩසටහනක් ඉකුත් වෙසක් පුන් පොහෝ දා එම ප්‍රදේශවාසීන් එක්ව එම ස්ථානයේ දී සිදු කරන ලදී. හැටන් ගම්පොළ ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික වාහන ගමන් ගන්නා මඟීන් ද ඒවායින් බැස ඊට දායක වූ බව පැවසෙයි.නමුත් මානුෂීය බවින් පිරිපුන් එම සිදුවීමට අප රටේ ජන මාධ්‍ය මඟින් එතරම් පුළුල් ප්‍රචාරයක් නොලැබීම ද කණගාටුදායක තත්වයකි.

 

එමෙන්ම මෙම සටහන සකසන විටත් එම අනතුරින් තුවාල ලැබූ තවත් 40 නට ආසන්න පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේත්, නුවරඑළිය,නාවලපිටිය, ගම්පොළ යන මූලික රෝහල් වල සහ පේරාදෙණිය, මහනුවර, යන ශික්ෂණ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්. එම රෝගීන්ගෙන් කිහිප දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව අනාවරණය වී තිබේ.එම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ කොන්දොස්තරවරයා ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, අනතුරින් පසු අස්ථානගත වූ බස් රථයේ ටිකට් පොත කොත්මලේ පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් කොත්මලේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක වජිර දේවප්‍රිය මාධ්‍යයට පවසා තිබේ. 

එමෙන්ම එම අනතුරට බස් රථයේ කාර්මික දෝෂයක් හේතු වී නොමැති බවත්, බස් රථයේ ආසන සංඛ්‍යාවට වඩා මගින් විශාල පිරිසක් බස් රථය තුළ සිටගෙන යෑම නිසා බස් රථය අනතුරට පත් වූ අවස්ථාවේ වැඩි පිරිසක් මිය ගොස් වැඩි පිරිසක් තුවාල ලැබීමට හේතු වූ බවත් මෙම බස් අනතුර සිදු වී ඇත්තේ රියදුරාට නින්ද යෑම නිසා බව දැනට කරන ලද මූලික පරික්ෂණවලදී අනාවරණය වූ බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මාධ්‍යයට පවසා ඇත.

garadi ella kedawachakaya21

එමෙන්ම අනතුරට ලක්වීමට පෙර මෙම බස් රථය අපරික්ෂාකාරී ලෙස ධාවනය කොට තිබේ ද යන්න පිළිබඳව එම ගමන් මාර්ගයේ ස්ථාන කිහිපයක සවිකර තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කළ මුත් එම බස් රථය එලෙස ධාවනය කර නොමැති බව මෝටර් රථ පරික්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් එක් වී එම අනතුර පිළිබඳව සිදු කළ විමර්ශණයේ දී තහවුරු වී තිබීම ද විශේෂත්වයකි.කතරගම ලංගම ඩිපෝ කළමණාකරු තුසිත චාමින්ද පවසා ඇත්තේ අනතුරට පත්වූ ලංගම බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ රියැදුරු කැලුම් චන්දන වසර 15 කට ආසන්න කාලයක් සේවය කළ හා කතරගම-කුරුණෑගල බස් සේවාවේ වසර හතරක් තිස්සේ සේවය කළ දක්ෂ හා විනීත රියැදුරකු බව ය.එනිසාම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක පුරසිංහ සහ අවස්ථා ගණනාවක් ලංගම සභාපති ධුරය හෙබවූ රමාල් සිරිවර්ධන ද එම අවමඟුලට සහභාගී වී එම අනතුර සම්බන්ධයෙන් යුක්ති සහගත හා මානුෂීය ලෙස සළකා එම රියැදුරු වරයා ඒ සම්බන්ධ සියළු චෝදනා වලින් “නිදොස් කොට නිදහස්” කොට ඔහුට අවසන් ගෞරව දැක්වීම ද අප ගේ නොමඳ පැසසුමට ලක් වේ.

 

496254793 1258180986308887 7441679371111667304 n

එමෙන්ම මෙම අනතුරින් ඛේදනීය තම සැමියා ද සමඟ ඛේදනීය අකල් මරණ වලට ලක් වූ ඥාන මුත්තු ලෙච්චමී ගේ උතුම් මාතෘ ගුණය පදනම් ව මේ වන විට ජාතික වශයෙන් විශාල කම්පාවක් ශෝකයක් ඇති කර තිබේ.සිය ඉණෙන් පහළ කොටස පෙරළුණු බස් රථයට යට වී දරුණු වේදනාවක් විඳිමින් සිටිය දී පවා තම සයමස් වියැති බිළිඳිය ආවරණය කරගෙන සිටි අයුරු සමාජ මාධ්‍ය මඟින් නිකුත් වූ ඇගේ සංවේදී දර්ශන බොහෝ දෙනාගේ හදවත් කම්පා කරවීමට සමත් විය.ඒ සම්බන්ධයෙන් පසුගිය වෙසක් දින වල රූපවාහිනී දම් දෙසුමක් පැවැත්වූ හිමි නමක පවසා සිටියේ ඒ උතුම් මාතාව මතු බුදු වන බෝසත් වරියක බඳු බව ය.ඒ සම්බන්ධ අප ගේ පිළිගැනීම ද එයම වේ.

Bus 1200x675px 13 05 25 1000x600
කතරගම සිට කුරුණෑගල දක්වා කිලෝ මීටර් 255 ක දුරක් ගෙවා දුෂ්කර මාර්ගයක් ඔස්සේ යන මේ බස් රථය රියදුරු පැය නවය හමාරක  පමණ කාලයක් තුළ කිලෝ මීටර් දෙසිය පනස් පහක පමණ දුරක් ධාවනය කළ යුතු වේ.ඒ අනුව එහි සාමාන්‍ය වේගය පැයට කි.මී 26 කටත් මඳක් වැඩි විය යුතු ය.නමුත් එය ධාවනය වන සෙසු මාර්ග කෙසේ වුවත් අප රටේ මධ්‍යම කඳුකරය හරහා වැටී ගත් දුෂ්කර මාර්ගයක් සම්බන්ධයෙන් බලන විට මෙය තරමක් වැඩි වේගයකි. එමෙන්ම පැය 4-5ක ධාවන කාලයෙන් පසු රියැදුරකුට ලැබෙන විවේක කාලය මේ රියැදුරාට ලැබුණේ ද යන්න ගැන සහ රියදුරු විඩාවට හෝ නිදිමතකට පත් වී සිටියේ ද යන්න ගැන ද විමර්ශනවල අවධානය යොමුව ඇත.ඒ අනුව මෙම බස්රථ අනතුරෙන් පසුව දුර ගමන් සේවා බස්රථවල සේවය කරන රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලැබෙන විවේක කාලය පිළිබඳව වි⁣ශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිඥ කමල් අමරසිංහ ද ප්‍රකාශ කොට තිබේ.එසේම මෙවැනි දුෂ්කර මාර්ග හරහා රාත්‍රි කාලයේදී සිදු කරන දුර ගමන් මගී ප්‍රවාහන සේවාවන් පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කොට ඇත.

 

garadi ella kedawachakaya5

 

කතරගම- කුරුණෑගල අතර කෙටිම බස් ගමන් මාර්ගය වනුයේ ඇඹිලිපිටිය, රත්නපුර` අවිස්සාවේල්ල` කෑගල්ල` හරහා වන බස් මාර්ගයයි.නමුත් ඊට අමතර බුත්තල,කදුරුවෙල,දඹුල්ල,හරහා කුරුණැගල තෙක් වැටීගත් බස් රථ සේවාවක් ද තිබේ.ඒ අනුව මෙම බස් රථය ගමන් කළ වැල්ලවාය,බණ්ඩාරවෙල,නුවරඑළිය හරහා වැටී ගත් බස් රථ සේවාව වැඩිම දුරක් දීර්ඝ කාලයක් වැයවෙන මුත් ඩිපෝවට හොඳම ආදායමක් ලැබෙන ප්‍රවාහන සේවාවක් බව හඳුනා ගෙන තිබේ. ඒ අනුව වටිනා මිනිස් ජීවිත හා දේපල රැක දෙමින් මෙවැනි ගමන්වල යෙදෙන බස්රථ පදවමින් අති දුෂ්කර සේවයක යෙදෙන රියැදුරන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ එවැනි දිගු ගමනකට පෙර සහ ගමනේ අතර මඟදී ඔවුන්ට නිසි විවේකයක් ලැබෙනවාද? ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් බස් ඩිපෝවලින් සැපයෙනවාද? යන්න කෙරෙහි මෙතෙක් විධිමත් විමසුමක් ලක් කොට ඇති බවක් අපි නොදනිමු.

 

garadi ella3

ඒ අනුව ජාත්‍යන්තර අවධානයට පවා ලක් ව ඇති බිහිසුණු ඛේදවාචකයක් වූ මෙම අනතුර සම්බන්ධයෙන් විදෙස් ප්‍රජාව විමසුම් කොට ඒ සම්බන්ධ සැඟවුණු ඛේදනීය යථාර්ථයන් වටහා ගනු නියත ය.එබැවින් මේ සම්බන්ධ තව දුරටත් විමසා බැලීම පිණිස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් හා තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ගෙන් යුතු කමිටුවක් පත් කළ බව පොලිසිය පවසයි.අදාළ කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩ කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදු කොට සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බවත් එමඟින් ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පොලිසිය නිවේදනය කරයි.නමුත් අනාගතයේ මෙවන් ඛේදවාචක වළක්වා ගැනීමේ වගකීම පොලීසියට පමණක් භාර කොට නිහඬ වීම කෙසේ වත් යුක්ති සහගත නැත.ඒ එය සමස්ත ජාතියේම අවධානය යොමු විය යුතු ජාතික වගකීමක් බැවිනි.අප එසේ පවසනුයේ හෙට අනිද්දා මතු වන වෙනත් පුවතක් හමුවේ ගැරඩි ඇල්ල බස් රථ ඛේදවාචකය යටපත්වීමට හැකි හැකියාව ද සැලකිල්ලට ගනිමිනි.


WhatsApp Image 2024 03 01 at 2.33.58 PM

(ඒ ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...