මෙම එකකතාවය ඇති වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතන වලට අදාළ නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂ වල මහ ලේකම්වරුන් නැවත නැවත හමු වීමට තීරණය විය.

රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, පොදු ජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි තිගාම්බරන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, වීර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් .සී දොළවත්ත, නිමල් ලංසා, මොහොමඩ් මුසම්මිල්, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් , හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහභාගී වූහ.
හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන
පළාත් පාලන ආයතන වල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මෙම ඒකාබද්ධ රැස්වීම් කැඳවීමේ කාර්ය භාරය පැවරුනේ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධනටයි.
මාලිමාවට එරෙහිව සිටින සියලු කණ්ඩායම් සමග ඉදිරියේදී සාකච්ඡා කොට බලය පිහිටුවීමට අමතරව ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී තීරණය විය.
රනිල් ඉන්දියාවට ගොස් එනතුරු මේ ගැන අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි.පළාත් පාලන ආයතන වල බලය පිහිටුවිය යුතුව තිබියදී රනිල්ගේ මේ නිහඬතාවය බොහෝ දෙනකුට උභතෝකෝටිකයක් විය.
පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සම්බන්ධයෙන් එජාප සභාපති වජිර නායක රනිල්ගෙන් විමසීමක් කළේය. නමුත් ඒ අවස්ථාවේ රනිල් අනුගමනය කළේ නිහඬව සිටීම පමණි.

නමුත් ඉන්දීය සංචාරය නිම කොට පැමිණි සැණින් රනිල් කිසිවෙකුත් නොසිතූ පරිදි ශීඝ්‍රගාමීව වැඩ පටන් ගත්තේය. ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ කැඳවන ලෙස රනිල් උපදෙස් දුන්නේය. විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් මල් පාරට ආවේ ඒ අනුවයි.
තැන් තැන්වල හමු නොවන ලෙසත් වෙන වෙනම කතා කිරීමෙන් ඵලක් නැති බවත් නායක රනිල් එහිදී විපක්ෂයේ පක්ෂ වලට උපදෙස් දුන්නේය. සියල්ලන්ම එක්ව කතා කළ විට එක් තීරණයක් ගත හැකි බව රනිල්ගේ උපදෙස විය.

මේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවට පෙර රනිල් හිටපු ජනපති මහින්දගේ සුවදුක් බැලීමට ගියේය. මෙම ගමනේදී රනිල් -නාමල් හමුවක් ද සිදුවිය.
විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවට පෙර රනිල් පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයට කොපමණ සභික ධුර සංඛ්‍යාවක් තිබේදැයි විධිමත් අධ්‍යයනයක් කළේය. ඒ සභික ධුර ගණන හාරදහසකට වැඩි බව රනිල්ට පෙනී ගියේය. එය මාලිමාව ලබාගත් සභික ධුර ගණනටත් වැඩි ගණනකි.
ඊට අමතරව පසුගිය ජනපතිවරණයේදී මෙන්ම පළාත් පාලන ආයතන වලදී පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශත සම්බන්ධයෙන්ද රනිල් අධ්‍යනයක් කලේය. රනිල් විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවට ගියේ ඒ සියලු තොරතුරු වලින් සන්නද්ධවය. රනිල්ගේ මේ සූක්ෂම භාවිතාව ගැන අපි රැස්ව සිටි සියල්ලෝම පුදුමයට පත් වූහ.
" ලොක්කා අන්තිම මොහොතේ වැඩේට බැහැලා තියෙන්නේ ආයුධ ඔක්කොම අතට අරගෙන" විපක්ෂයේ පක්ෂ නායකයන් කනට කර එසේ කොඳුරනු දැක ගත හැකි විය.

විපක්ෂයේ බලය ලබා ගැනීමේ මේ මෙහෙයුම අනුව සජිත්ට ද එයින් ඉවත් වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි.
නිගම්බරන් මනෝ ගනේශන් වැනි ප්‍රබලයන්ද එම රැස්වීමට සහභාගී වී සිටි හෙයින් සජිත් ද යම් කොටුවීමකට ලක්ව තිබිණි.
මෙම නව ප්‍රවණතාවයට සජබ බොහෝ මන්ත්‍රී පිරිසක් කැමැත්ත පළ කරන බවක් පෙනෙන්නට තිබිණි.
පොදු ජන පෙරමුණේ නාමල් මෙහිදී සඳහන් කළේ ආණ්ඩුවට විරුද්ධව පොදු බලවේගයක් ලෙස ඉදිරියට පැමිණිය යුතු බවයි .එහි කිසිදු ප්‍රශ්නයක් නැති බවද නාමල් සඳහන් කළේය. එසේ එකතු වුවහොත් විශාල සභා සංඛ්‍යාවක් පිහිටුවිය හැකි බවද නාමල් කීය. අනුර ප්‍රියදර්ශන, නිමල් සිරිපාල වැනි නායකයන්ද සිටියේ එම ස්ථාවරයේමය.
රනිල් කරන්නට යන්නේ කුමක්දැයි බොහෝ දෙනෙක් සාවධානව බලා සිටියේය. රනිල් වැඩ කරන්නේ යම් සැලැම්සුමකට අනුව බව මේ හමුවෙන් පසු ඒ සියලු දෙනාට අවබෝධ කරගත හැකි විය.

විපක්ෂයේ පක්ෂ එක්තැන් කිරීමේ කාර්යභාරය පැවරුණේ හිටපු කතානායක මහින්ද යාපාටයි. ඔහු ඉතා උනන්දුවෙන් එය භාරගත්තේය.
ජවිපෙ පක්ෂ සංවත්සරයේදී අනුර කීවේ තුනෙන් දෙකක් තිබෙන නිසා තමන්ට නීති හදන්නට වුවත් හැකි බවයි.
ඒ කතාවට ඇහුම්කන් දුන් බොහෝ විපක්ෂයේ පක්ෂ නායකයන් කීවේ අනුර වැටී ඇති තැන ඉතා නරක බවයි.
එදත් අදත් පාවා දෙන්නම් සිටින බව අනුර එම රැළියේදී තවදුරටත් සඳහන් කර තිබුණි.අද සිටින පාවා දෙන්නන් කවුදැයි හෙළි කරන ලෙස අනුරට අභියෝගයක් කරන බව තලතා එහිදී සඳහන් කළේය. අද ඇඟ බේරගන්න කතා කරන අනුර එදා පුංචි ආණ්ඩුවල වරමක් ඉල්ලුවේ මොකටදැයි විපක්ෂයේ පක්ෂ නායකයෝ එහිදී ප්‍රශ්න කළහ.
එක මිටක් ගැන කතා කළේ මාලිමාව උනත් අවසානයේදී සියල්ල එක මිටට ගැනීමට හැකි වූයේ රනිල්ට බව විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකමතික අදහස විය.



