පළාත් පාලනය සඳහා උචිත ජන නියෝජනයක් ලබා ගත හැක්කක් නොවේ. එය අල්ලටත් නැති මල්ලටත් නැති මැතිවරණ ක්‍රමයකි. මැතිවරණ මගින් සෑම පළාත් පාලන සභාවකටම පත් කරගත යුතු යැයි තීන්දුකර ඇති කාන්තා ප්‍රතිශතය හෝ එමගින් පත්කර ගත නොහැක.
පළාත් පාලන සභා යනු අපගේ ආණ්ඩු පාලනයේ ජනතා නියෝජනයක් සහිතව ස්ථාපිත කෙරෙන තුන් වන ව්‍යවස්ථාපිත ආයතනය වේ. එය පළාත් සභාවට පහළින් බිම් මට්ටමේ සෘජු ජනතා නියෝජනයක් සමගින් පැවතිය යුතු ආණ්ඩු පාලනයකි. පළාත් පාලන සභා ඡන්දයෙන් තෝරා පත් කර ගත යුත්තේ අදාල පළාත් පාලන බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධනය හා සුව පහසුව දියුණු කර ගැනීම වෙනුවෙන් ජනතාවගේ ඓන්ද්‍රීය නියෝජනයක් ලබා ගැනීමට ය. ඒ සඳහා වැදගත්ම කාරණාව වන්නේ, තම නියෝජිතයා තෝරා ගැනීමේ මැතිවරණ ක්‍රියාවලිය විවෘත, සරළ, සෘජු ඡන්ද ක්‍රමයක් වීම ය.
පළාත් පාලන මැතිවරණයක තමන් පදිංචි කොට්ඨාශය සඳහා එක් මන්ත්‍රී සභිකයෙකු හෝ සභිකාවියක් පත්කර ගැනීමේ අවකාශය ඡන්දදායකයාට තිබිය යුතුය. ඒ අයිතිය, “පළමුව පක්ෂය, අනුපාත, කාන්තා සළාක” වැනි අතුරු තේරීම් මගින් අවුල් නොකළ යුතුය. ඒ මැතිවරණ ක්‍රමය 1977 මහ මැතිවරණයට හා ඊට පෙර මැතිවරණ සඳහා ඡන්දය භාවිත කළවුන් හොඳින් දන්නා මැතිවරණ ක්‍රමයකි. එය තවමත් ඉන්දියාවේ, මහ බ්‍රිතාන්‍යයේ සහ තවත් රටවල් ගණනාවක ක්‍රියාත්මක කෙරෙන සරළ ඡන්ද ක්‍රමයකි. එය, ආසනයකට තරග කරන අපේක්ෂකයින් කිහිප දෙනා අතුරින් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගන්නා, ආසනයේ මන්ත්‍රී ලෙස තෝරා පත් කෙරෙන ක්‍රමයකි.
ඉංග්‍රීසියෙන් එයට යොදාගෙන ඇති ජනප්‍රිය හැඳින්වීම වන්නේ “පළමුවෙන් දිනුම් කණුව පසු කරන්නා” යන්න ය. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණවලදී එහි ඇති වැදගත්කම අන් කවරක්වත් නොව, කවර පක්ෂයක මන්ත්‍රීවරයෙකු මන්ත්‍රීවරියක වූවත් ඔහු හෝ ඇය කොට්ඨාශයේ ඡන්දදායකයින් හොඳින් හඳුණන සහ එනිසාම ආසනයේ ඡන්දදායකයාට වගකියන්නට බැඳී සිටින්නෙනෙකු වීමය.

අප තේරුම් ගත යුතු වැදගත්ම කාරණාව නම්, 1977 මහ මැතිවරණයෙන් අසීමිත බලයක් ඇතිව ආණ්ඩුව පිහිටවූ අගමැති ජයවර්ධන, සියල්ලට පෙර ඒ බලය යොදා ගත්තේ 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග පූර්ණ බලැති විධායක ජනාධිපති ධූරයක් හදා ගනිමින් ජනතාවට තිබූ වගකීමෙන් නිදහස්වීමට බවය. එවගේම ඔහුට, විවෘත වෙළඳපල ආර්ථිකයෙහි නිදහස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඡන්දදායකයාට තිබූ වගකීමෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය විය. ඔහු මැතිවරණ ආසනය දිස්ත්‍රික්කයක් දක්වා විශාල කොට, පක්ෂයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව මත මන්ත්‍රීවරුන් පත් කිරීමේ අනුපාත ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ ඒ සඳහාය.
පක්ෂයට ලබා දෙන ඡන්ද අනුපාතය මත මන්ත්‍රීවරුන් පත් කිරීමේ මැතිවරණ ක්‍රමයෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ “ජනතා පරමාධිපත්‍ය” අහෝසි කරනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් “අත්හළ නොහැකි” ලෙස ජනතා පරමාධිපත්‍ය තහවුරු කර ඇත්තේ පළමු පරිච්ඡේදයේ 03 වන අනු ව්‍යවස්ථාව යටතේ “පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය” පරමාධිපත්‍යයට අයත් යැයි කෙරෙන සඳහනකින් ය. ඡන්ද බලය වූ කලී, ජනතාව විසින් තම නියෝජිතයා ලෙස තෝරා පත්කරන මන්ත්‍රීවරයා එම ඡන්දදායකයින්ට ඇති වගවීමට බැඳී ඉන්නා තෙක් වලංගු වන්නකි.
ජයවර්ධනගේ අනුපාත ඡන්ද ක්‍රමයෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන් ඒ වගවීමෙන් නිදහස් වූ විට, ජනතාවගේ පරමාධිපත්‍යයද එතැන් සිට අවලංගු වන්නකි. එබැවින් 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ සිට පැවැත් වූ සියලු මැතිවරණ හුදෙක් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් අනුව පැවැත් වූ නෛතික පටිපාටයක් පමණි. ඡන්දයදීම ජනතාවගේ අයිතියක් වගකීමක් යැයි කියුවාට, මේ මැතිවරණවල එවැනි වටිනාකමක් නැත.
එනිසා, වගේ වගක් නැති මේ අනුපාතයද ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමය වහා අහෝසිකර පළාත් පාලන ආයතන ජනතා නියෝජනයක් සහිත සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස තහවුරු කිරීම, ආරම්භ කළ යුතුව ඇත.
ඒ වෙනුවෙන්,
පළාත් පාලන සභා සංයුතිය -
1. පළාත් පාලන සභා (ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා) සඳහා කොට්ඨාශ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් හැර වෙනත් කිසිදු ආකාරයකින් සභිකයින් පත් නොකිරීම ඃ නිදසුනක් ලෙස, ප්‍රාදේශීය/නගර/මහ නගර සභාවක කොට්ඨාශ ඇත්තේ 25 ක් නම්, එහි සිටිය හැක්කේ කොට්ඨාශයට එක් මන්ත්‍රී සභිකයෙකු ලෙස තෝරා පත් කළ මන්ත්‍රී සභිකයින් 25 ක් පමණි.
2. පළාත් පාලන සභා කොට්ඨාශයකට එක් මන්ත්‍රී සභිකයෙකු හෝ සභිකාවියක් පත්කර ගැනීමේ අයිතිය ඡන්දදායකයාට ලබාදීම
3. තරග වදින අපේක්ෂක අපේක්ෂකයින්ට පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ අවම අවුරුදු 10 ක ස්ථිර පදිංචියක් තිබීම - එය ගෘහ මූලික ලැයිස්තුවට සීමා නොවන, භෞතික පදිංචියක් නඩත්තු වන බවට සාධක ඉදිරිපත් කිරීම
“ජන සහභාගී” පළාත් පාලන ආයතන -

01. පළාත් පාලන ආයතනවල නිල කාලය අවුරුදු 04 ට වඩා වැඩි නොවිය යුතු අතර, මැතිවරණ ප්‍රතිපල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ දින සිට සති 03 ක් ඇතුළත පළාත් පාලන කොමසාරිස්ගේ අත්සනින් පළමු සභා රැස්වීම කැඳවිය යුතුය.
02. පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සියලු සභිකයින් දිවුරුම් දීමෙන් පසු, සහකාර පළාත් පාලන කොමසාරිස්ගේ මූලාසනයෙන් රැස්වන පළමු සභා රැස්වීමේ පළමු කාර්ය වශයෙන් නගරාධිපතිවරයෙකු/ සභාපතිවරයෙකු සහ උප නගරාධිපතිවරයෙකු/උප සභාපතිවරයෙකු වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතුය.
03. පළමු සභා රැස්වීමෙන් සති 04 ක් ඇතුළත නගරාධිපති/සභාපති විසින් සිය සභාවේ සිව් වසරක සැළසුම ඒ සඳහාවන වැයවීම් සමග සභාගත කර, ප්‍රසිද්ධ කළ යුතුය.
04. වැයවීම් සමග සිව් වසරක සැළසුම සභාගත කළ දින සිට සති 04 ක් ඇතුළත එය බල ප්‍රදේශයේ ඡන්දදායකයින් හමුවේ ජනමතයකට තැබිය යුතුය. ඡන්දදායකයින්ට අවශ්‍ය නම්, ඒ සති 04 ඇතුළත බල ප්‍රදේශයේ ඡන්දදායකයින් 500 ගේ අත්සනින් සංශෝධන ඉදිරිපත් කළ හැකිය.
05. සෑම අඩ වසරකම සභාවේ කාර්ය සාධන වාර්තාව සභාවට ඉදිරිපත් කර, ඉන් දින 03 ක් ඇතුළත ප්‍රසිද්ධ කළ යුතුය.
06. සෑම පළාත් පාලන සභාවක්ම තම තොරතුරු විස්තර හා දැන්වීම් නොපමාව පළ කෙරෙන නිල වෙබ් අඩවියක් පවත්වා ගෙන යා යුතුය.
පළාත් පාලන සභා මැතිවරණ ක්‍රමය සහමුලින් වෙනස් කළ යුතුයැයි වන මූලික යෝජනාව පිළිගන්නේ නම් සහ මෙම අදහස් සමග යම් එකඟතාවක් තියේ නම්, මෙම යෝජනාව තව දියුණු කළ යුතු යැයි සිතන්නේ නම්, ඔබේ අදහස් මා වෙත නොපමාව යොමු කරන්න.(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 මැයි 16



