The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාස්කු ප්‍රහාර පිලිබද විමර්ශන අපරාධ කල්ලිවල ගරිල්ලා ප්‍රහාරවලට යටවේ ද? | ජයශ්‍රී ප්‍රියලාල්

T

The Leader Desk

May 19, 2025 • 6:31 AM

පාස්කු ප්‍රහාර පිලිබද විමර්ශන අපරාධ කල්ලිවල ගරිල්ලා ප්‍රහාරවලට යටවේ ද? | ජයශ්‍රී ප්‍රියලාල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරය එල්ල වී වසර හයක් ගතවී තිබුනද ජීවිත අහිමි වූවන්ට සහ ආබාධිතයන්ට තවම යුක්තිය ඉටුකර වීමට අධිකරණයට අපහසුව ඇත.රටේ අනාරක්ෂිත බව මැතිවරණ වාසි වලට යොදාගැනීමේ උපක්‍රමයක් පාස්කු ප්‍රහාර සැළසුමේ අඩංගුවීද යැයි දැනගැනීම ජනතා අපේක්ෂාවෙකි.
  • යම් අපරාධයක් සිදුවුවිට එයට සෘජුව හෝ වක්‍රව පොලීසිය හෝ වෙනත් ආරක්ෂක අංශ සම්බන්ධ වීදැයි සැකහැර දැනගැනීම විමර්ශන නිලධාරීන් හමුවේ ඇති ප්‍රභල අභියෝගයකි.
  • විනය, නීතිය සහ අනුපිළිවෙල උඩුයටිකුරු වීම නීතිය, සාමය යුක්තිය යන්න පිළිබඳව පොදු මහජන විස්වාශය බිදවැටී ඇත.
  • මන්ද ලෙඩේ සුවකිරීමට නියමිත වෙඳාම ලෙඩේ වී ඇති බව මෙම ලිපියේ සඳහන් කරුණු වලින් පාඨකයින්ට පැහැදිලි වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


පාස්කු ප්‍රහාරය එල්ල වී වසර හයක් ගතවී තිබුනද ජීවිත අහිමි වූවන්ට සහ ආබාධිතයන්ට තවම යුක්තිය ඉටුකර වීමට අධිකරණයට අපහසුව ඇත.රටේ අනාරක්ෂිත බව මැතිවරණ වාසි වලට යොදාගැනීමේ උපක්‍රමයක් පාස්කු ප්‍රහාර සැළසුමේ අඩංගුවීද යැයි දැනගැනීම ජනතා අපේක්ෂාවෙකි. මන්ද මෙම ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇගයීම් බුද්ධිමය තොරතුරු පොලීසිය සහ ආරක්ෂක සේවාවන් සතුවීය. යම් අපරාධයක් සිදුවුවිට එයට සෘජුව හෝ වක්‍රව පොලීසිය හෝ වෙනත් ආරක්ෂක අංශ සම්බන්ධ වීදැයි සැකහැර දැනගැනීම විමර්ශන නිලධාරීන් හමුවේ ඇති ප්‍රභල අභියෝගයකි.

 

1612162820 PCoI report on Easter attack to President B

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කල පාස්කු ප්‍රහාර විමර්ශණ කොමිසම් වාර්තා කොටස් වශයෙන් නිකුත් කිරීමට ඔහුගේ අනුප්‍රාප්තිකයා කටයුතු කිරීම, නියම අපරාධ කරුවන් සොයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය පිලිබඳ ජනතා විශ්වාසය තව දුරටත් බිඳවැටීමට හේතුවීය. වත්මන් ජනාධිපතිවරයා සම්පූර්ණ පරීක්ෂණ වාර්ථාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීම අගය කලයුතු අතර එය පාස්කු ප්‍රහාරයින් මිය ගිය සහ ආබාධිත පවුල්වල අයට යුක්තිය ඉටුවේවි යන බලාපොරොත්තුව අළුත් කරගත හැකිවේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින නඩු මොනවාද?

විනය, නීතිය සහ අනුපිළිවෙල උඩුයටිකුරු වීම

නීතිය, සාමය යුක්තිය යන්න පිළිබඳව පොදු මහජන විස්වාශය බිදවැටී ඇත. මන්ද ලෙඩේ සුවකිරීමට නියමිත වෙඳාම ලෙඩේ වී ඇති බව මෙම ලිපියේ සඳහන් කරුණු වලින් පාඨකයින්ට පැහැදිලි වනු ඇත. ලෙඩේ සහ ලෙඩා ඉතුරු කර වෙඳා පණ අදින තත්වයකට අප සමාජය තල්ලු කර තිබීම කනගාටුදායක තත්වයකි.

මෙම තත්වය විකාශය වුයේ විශේෂයින්ම 1977 බලයට පත් එ ජා ප රජය සිය දේශපාලන ආධිපත්‍ය රඳවා ගනුවස් කල අනීතික ක්‍රියාධාමයන් මුල් කොට ගෙන බව පැහැදිලිව සදහන් හැක. එම අකටයුතු කම් විස්තර කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එහෙත් නීතිය සහ අනුපිලිවෙල (Law and Order) කඩාවැටීමට පාදක වූ විශේෂ සිද්ධීන් කිහිපයක් පමණක් පාඨක අවධානය පිණිස සටහන් කරමි. දේශපාලකයින් සිය බල තන්හාව උදෙසා ජනතාවට යුක්තිය ඉටුකරවීමට පිහිටුවා ඇති අධිකරණ පද්ධතියම හිතාමතාම කඩා බිදදමා දුර්වල කර ඇත.

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන කඹ ඇදිල්ලක් !

මෙහි වඩාත්ම අවාසනාවන්ත තත්වය වනුයේ රාජ්‍ය බලය හොබවන අයවළුන් සිය දේශපාලන බලය ග්‍රහණය කරගැනීමට නීතිය, අධිකරණ පද්ධතිය, පොලීසිය සහ බන්ධනාගාර පද්ධතිය මුළුමනින්ම අවභාවිත කිරීමය.

එහි සමස්ත ප්‍රථිපලය මෙම ආයතන වලට පත්වෙන නිලධාරීන් තමන්ගේ සේවය වෘත්තීය ප්‍රශස්ථ භාවයෙන් යුත් ජනතා සේවාවක් බවට ඉටු නොකට හුදෙක් සිය දේශපාලන හාම්පුතුන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් ඉෂ්ඨ කිරිමට පෙළැඹීමය.

කොපමණ නීතිරීති තුබුනත් ඵ්වා ක්‍රියාවේ යෙදවීමට ඇති අනුපිලිවෙල කඩා බිද දැමීම යුක්තිය ජනතාවගෙන් ක්‍රමයෙන් ඈත්කර හුදෙක් මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයින් කොටු කරගැනීමේ පොළිස් ක්‍රියාන්විතයක් බවට පත්වීය.එවන් අයහපත් ක්‍රියාවල අනිටු ප්‍රතිවිපාක අප සමාජය භුක්තිවිදිමින් සිටී. අතීතයේදී සිදුවු ක්‍රියාධාමයන් සහ එවා ව්‍යාප්තවූ ආකාරය සහ සෙසු රටවල් වල නීතිවේදී කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයින් නීතිය සහ අනුපිලිවෙළ ශක්තිමත් කරවීමට කටයුතු කර ඇති ආකාරය පිලිබඳ පසු විපරමක් කිරීමට මෙම ලිපිය යොදාගනිමි. ශ්‍රී ලාංකිකයින් පද්ධතිමය වෙනසකට කෑ මොරදෙන්නේ මෙම අවාසනාවන්ත තත්වය අප්‍රමාදව වෙනස් කරගැනීම සඳහාය. එම ක්‍රියාවලියට සම්බන්ධ සියළුම දෙනාට මෙකී තොරතුරු අත්වලක් සපයනු ඇත.

 

පසුගිය මාස කිහිපයේදී ජනමාධ්‍ය වාර්තාකල කුරිරු මිනිස් ඝාතන මේ පිළිබඳ පැහැදිලි අනතුරු ඇඟැවීමක් සපයයි. කොළඹ අධිකරණ සංකීරණයේ සිදුකල වෙඩිතබා කල මිනිස් ඝාතනය එක්තරා ගරිල්ලා ප්‍රහාරයක් යැයි අර්ථ දැක්විය හැක.  මරණයට පත්වූ තැනැත්තාගේ තරාතිරම කුමක් වුවද ඔහු අධිකරණය වෙත ගෙන එනුයේ යුක්තිය පසිඳලීමටය. අධිකරණය අනාරක්ෂිත වීම පාස්කු දින දේවස්තානයට දේව ආශිර්වාදයන් පතා ගිය අයට අත්වූ ඉරණමම අත්විය.

වරෙන්තු නාඩගම පොලීසියේ බැරිකම ද- රැවටිල්ල ද ? | ලොකු කුමා

 

පාස්කු ප්‍රහාරය එල්ලවන බව බුද්ධිමය තොරතුරු ආරක්ෂක අංශ වලට ලැබී තිබියදී අහිංසක කිතුණු බැතිමතුන්ගෙගේ ජීවිත බේරා ගැනීමට ආරක්‍ෂාකාරී පියවර ගැනීමට අපොහොසත් වු පොලීසිය දැන් අපරාධ කල්ලිවල නොපනත් කම් වලට ගොදුරු වෙමින් සිටී.මහත් ආන්දෝලනයකට මුල්වී ඇති 2023 දෙසැම්බර් මස වැලිගම W15 හෝටලයේ සිදුවු වෙඩිතැබීම සහ එකී විමර්ශණයට දායකවූ පොළිස් නිලධාරියාගේ මරණය ඉහතින් විස්තර කල සංසිද්ධියේම තවත් පැතිකඩකි. වර්තමාන පොළිස්පතිවරයා සැකපිට අත්අඩංගුවට පත්වන්නෙනේ මෙම අපරාධය හා සම්බන්ධවය.

මෙම ලිපිය ලියන මොහොත වන විට ගම්පහ ප්‍රදේශයේ තවත් එක් මිනීමැරුමක් සැළසුම් කල හමුදාවෙන් පැන ආ කොමාණ්ඩෝ හේවායින් සමඟ අපරාධ කල්ලියක් හසුව ඇත.

අපරාධ කල්ලි වලට අවි ආයුධ පොලීසියෙන්ම සැපයීමේ නූතන ගරිල්ලා ප්‍රහාර

 

art of war
අධිරාජ්‍ය විරෝධී සටන් සහ විප්ලවවාදීන් අනුගමනය ගරිල්ලා ප්‍රහාර සිය ප්‍රතිවාදීන්ගේ දුර්වලතාවන් සිය ශක්තියක් කරගනිමින් අනපේක්ෂිත අවස්ථාවන් වල එල්ල කරන ප්‍රචණ්ඩත්වයන් මගින් දියත් කරනු ලැබේ. ගරිල්ලා යන වචනය ස්පාඤ්ඤ  බසින් අසම්මත කෙටි සංග්‍රාමයන් හැටියට වරනැඟෙන අතර මෙම යුධ උපක්‍රමය ක්‍රි.පූ තුන්වෙනි සිය වසරේදී  චීනයේ ෂන්ට් ෂූ ගේ The Art War කෘතියේ සටන් ක්‍රමයේ වැදගත්කම පෙන්වාදී  ඇත.

ස්පාඤ්ඤ බසින් අප සිංහලට එකතු කරගත් වචන අතුරින් බූරුවා යන්නද තවත් එක් පදයකි. මන්ද බූරුවන් ලංකාවට ආවේණික සතුන් විශේෂයක් නොවේ. පෘතුගීසීන් සහ ස්පාඤ්ඤ සොල්දාදුවන් සිය යටත් විජිත වල භාණ්ඩ ප්‍රවාහන කටයුතු වලට බූරුවන් යොදාගත්හ. ලංකාවට බූරුවන් ගොඩ බස්සවා ඇත්තේ පුත්තලමින්ය. ජනවහරේ බූරු වැඩ පිළිබඳව සඳහන පුත්තලමට පමණක් සීමා නොවේ. නමුත් බූරුවාගේ මෙහෙය කොතරම් අගේ කර ඇති දැයි වටහා ගැනීමට හැකි හොදම සාධකය ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ සලකුණට බූරුවෙකු යොදාගෙන තිබීමය.

ශ්‍රී ලංකාවේ ගරිල්ලා ප්‍රහාර වල ආරම්භය 1971 ජනතා විමුක්ති පෙරමුණ දියත් කල අසාර්ථක තරුණ කැරැල්ල හා සම්භන්ධ වේ. ප්‍රාථමික මට්ටමේ අවි ආයුධ යොදාගනිමින් පොලිස් ස්ථානවලට අනපේක්ෂිත ප්‍රහාරයන් එල්ල කොට පොලිස් ස්ථානවල ආයුධ කොල්ලකෑම එහි මුල් පියවර වීය. එවකට පැවැති සිිරිමා බණ්ඩාරනායක රජය කැරැල්ල මැඩ පවත්වා ජ වි පෙ නායක රෝහණ විජේවීර ඇතුළු කැරළි නායකයින්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දුන්හ. මෙම ගරිල්ලා ප්‍රහාර පසුකලෙක කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාර සැළසුම් කිරීමට LTTE සංවිධානයට පූර්ව ආදර්ශයක් සැපයීය යන්න මෙම ලියුම් කරුගේ මතයයි. (වැඩි විස්තර සඳහා ලින්කුව කියවන්න). 

1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා - (ආචාර්ය  ලයනල් බෝපගේ)
ගරිල්ලා ප්‍රහාර වලින් ඔබිබට ගොස් භීෂණය සහ ත්‍රස්තවාදය සිය දේශපාලන අරමූණු මුදුන් පත් කරගැනීමට ජ.වි.පෙ සහ LTTE සංවිධානය 1983 පසු කාල වකවාණුවේ යොදාගැනීම ශ්‍රී ලංකේය ජන සමාජයේ වටිනා ජීවිත සහ දේපල හාණි රැසකට මුල්වීය. හුදු ත්‍රස්තවාදයෙන් හෝ භීෂණයෙන් විමුක්තිය උදාකරගත නොහැකි බව බොහෝ විප්ලවවාදීන් ප්‍රමාදවී තේරුම් ගැනීම කනගාටුවට කරුනෙකි.

1971 හා 1988/89 ජ.වි.පෙ ගරිල්ලා ප්‍රහාර ඉලක්ක කර ගත්තේ පොලීසි, බන්ධනාගාර වලට ප්‍රහාරදී එම ස්ථානවල තුබූ අවි ආයුධ කොල්ල කෑමටය. නමුත් වර්තමානයේ අපරාධ කල්ලිවලට ගිණි අවි ලැබෙන්නේ පොලීසියේ හෝ ආරක්ෂක සේවාවන් වලින් පැණයන අයවළුන්ගෙනි. පසුගිය දින පොලිස් නිළධාරියෙක් සිය සේවා ආයුධය අපරාධ කල්ලියකට විකුණා රටින් පැණෙගාස් සිටින වග ජනමාධ්‍ය වාර්තාකර තිබේ.

නීතිය (LAW) බලාත්මක කිරීමට යුක්තිය පසඳලීමේ අනුපිලිවෙල (ORDER) ශක්තිමත් නොකිරීම

 

වහාම අධිකරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි

නීති රීති, විණිසුරුවන්, අධිකරණ ඇමතිවරුන්, අධිකරණ පද්ධති උසාවි, පොලීසි තිබුනත් ජනතාවට හිමි යුක්තිය ඉටුනොවේ නම් සමාජයේ යහපැවැත්ම පවත්වාගෙන යාම අභියෝගකාරීවනු ඇත. මත්ද්‍රව්‍ය ව්‍යාපාර වල යෙදෙන අපරාධ කල්ලි ශක්තිමත්ව ඇති ආකාරය විමර්ශණය කිරීමේදී ඉහතින් විස්තර කරඇති කඩාවැටීම් පැහැදිලිවම දායකවී ඇත.

සමහර මීනීමැරුම් සැළසුම් කර ඇත්තේ බන්ධනාගාරගත අපරාධෙකරුවන්ය. මේවනවිට දිවයිනේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරකයින් සිය අපරාධ මෙහෙයවන්නෙනේ විදෙස්ගතව සිටය. 2004 මහාධිකරණ විණිසුරු සරත් අඹේපිටිය ඝාතනය සැළසුම් කලෝ බන්ධනාගාරගතව සිටි මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකි.

නීති සහ විනය ගරුකවීම ඉහළ සිට පහලට ගලන දිය දහරාවක් සේ විය යුතුවේ

 

අනුරගේ 'Clean Sri Lanka' සහ ලී ක්වාන් යූගේ 'Keep Singapore Clean' අතර  සමානකම් තිබේ ද?ලී ක්වාන් යූ
ආසියාවේ කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම දක්ෂ නීතිඥයෙකු වූ සිංගප්පූරුවේ  නිර්මාතෘ ලී ක්වාන් යූ හිටපු අගමැතිවරයා සිය පරිපාලන නිළධාරීන්ට සහ මැති ඇමති වරුන්ට නීති සහ විනය ගරුක වීම එත්තු ගැන්වීමට යොදාගත් උපහැරණය සමකලේ නීති සහ විනය ගරුකවීම ඉෂ්ඨකල යුතුතේ ඉහළ සිට පහලට ගලන දිය දහරාවක් බඳුය.

එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදුණු නීති විශාරදයින් ක්‍රියාකර ඇති ආකාරය වර්තමානයේ අප මුහුණ දෙන කඩාවැටීම් වලට අඩිතාලම සපයා ඇත.අධිකරණයේ  ස්වාධීනත්වය වෙනුවෙන් සෘජුව කටයුතු කල 1984 එවකට සිටි අගවිණිසුරු වරයා වූ නෙවිල් සමරකෝන් මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් තුලින් වරදකරුවෙකු කොට දේශායෝගයකට ලක් කොට සේවයෙන් ඉවත් කිරීමට බලපෑම් කිරීමට ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා උත්සහ කලේය.  

sri lanka 17jan13ශිරාණි බණ්ඩාරණායක

එවකට පැවැති එ ජා ප රජයට අවාසි නඩු තීන්දු දුන් මහාධිකරණ විණිසුරු වරුන්ගේ ගෙවල් වලට මැරයන් ලවා ගල් ගැසීම, සුනිල් සමාව, සිරිමා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගෙගේ ප්‍රජා අයිතිය තහනම් කිරීම අධිකරණ ක්‍රියාධාමයන් ඉක්මවා පාර්ලිමේන්තු බලය අවභාවිතා කොට ක්‍රියාත්මක කිරීම මින් කිිහිපයකි. මේ හා සමාන ක්‍රියාවලියක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරණායක අගවිණිසුරු වරිය ඉවත් කිරීමට යොදාගත්තෙතෝය. එතැන් පටන් ශ්‍රී ලාංකේය ජනසමාජයේ නීති රීති දුර්වල කරවීම නීතිය බලාත්මක කිරීමට යොදා ඇති අනුපිළිවෙල කඩා දමා ක්‍රම ක්‍රමයෙන් පරිහාණියට පත් කර ඇත. සිංගප්පූරුවේ නීති සහ යුක්ති ගරුක වීම ඉහළ සිට පහලට ගලන සුනිල දිය දහරාවක් වනවිට ශ්‍රී ලංකාවේ ගලායනුයේ ඉහළින් ඇද දමන ඕජස් දහරාවකි.

මෙම තත්වය  සිය අනීතික සහ සමාජ විරෝධී ව්‍යාපාර කටයුතු සඳහා උපයෝගී කරගැනීමට දැන් සංවිධානාත්මක අපරාධ කල්ලි යොදාගෙන තිබේ. පසුගිය මාස කිහිපය තුල මෙකී මත්ද්‍රව්‍ය ව්‍යාපාර වල යෙදෙන අපරාධ කල්ලි විසින් කරනු ලබන මිනීරුම්, පොලිස් නිලධාරීන්ට සහ බන්ධණාගාර නිලධාරීන්ට කරන මරණ තර්ජන පිළිබද ජනමාධ්‍ය නිතර වාර්තා කර ඇත.මෙම තත්වය සීඝ්‍රයෙන් බරපතල වන බවට ඇතිතරම් සාධක මතුකර තිබේ. ජාතික ජනබලවේග රජය මෙම කඩාවැටීම පාලනය කරගැනීම වේගවත් නොකලහොත් කොලොම්බියාවේ, ඉක්වදෝයේ මත්ද්‍රව්‍ය කල්ලි වල අණපනත් කම් හා සමාන අපරාධ දියත් කරමින් ශ්‍රී ලංකාවේ ජනසමාජය සුණු විසුණු කිරීමට මගපාදනු ඇත.

(සටහන | ජයශ්‍රී ප්‍රියලාල්)
jayasripriyalal59@gmail.com

මැයි, 2025

|ජයශ්‍රී ප්‍රියලාල් :  යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා වන අතර, ඔහු ලිපි රචකයෙක් හා පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාස්කු ප්‍රහාර පිලිබද විමර්ශන අපරාධ කල්ලිවල ගරිල්ලා ප්‍රහාරවලට යටවේ ද? | ජයශ්‍රී ප්‍රියලාල් | The Leader