The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලුණු හිඟයට හේතුව කුමක් ද? ඒ සඳහා ප්‍රායෝගික විසඳුම කුමක් ද? - ඇඩ්වොකාටා විග්‍රහයක්

T

The Leader Desk

May 19, 2025 • 4:32 PM

ලුණු හිඟයට හේතුව කුමක් ද? ඒ සඳහා ප්‍රායෝගික විසඳුම කුමක් ද? - ඇඩ්වොකාටා විග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විග්‍රහ කරයි; ආණ්ඩුව ද අනෙක් සියලු ම ප්‍රශ්නවලට මෙන් මෙම ප්‍රශ්නයට ද පැවති ආණ්ඩුවලට දොස් පවරන තරමේ බාල තත්ත්වයට පත්ව ඇත.
  • මේ අතර ඇඩ්වොකාටා ආයතනය ද අදාළ කරුණ සම්බන්ධයෙන් සිය විග්‍රහය දක්වා ඇත.
  • මෙම තත්ත්වයට හේතු වී ඇති ආර්ථික විද්‍යාත්මක සහ දේශගුණික සාධක පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු.
  • ලංකාවේ ලුණු අවශ්‍යතාවය සහ පරිභෝජනය ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක් පමණ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විග්‍රහ කරයි; ආණ්ඩුව ද අනෙක් සියලු ම ප්‍රශ්නවලට මෙන් මෙම ප්‍රශ්නයට ද පැවති ආණ්ඩුවලට දොස් පවරන තරමේ බාල තත්ත්වයට පත්ව ඇත. මේ අතර ඇඩ්වොකාටා ආයතනය ද අදාළ කරුණ සම්බන්ධයෙන් සිය විග්‍රහය දක්වා ඇත.

මතු පළවන්නේ ඒම විග්‍රහය යි.

ශ්‍රී ලංකාව මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ලුණු හිඟයකට මුහුණ දී සිටින අතර, මෙය එදිනෙදා ගෘහස්ථ කටයුතුවලට මෙන්ම විවිධ කර්මාන්ත සඳහාද සෘජුව බලපා තිබේ.

සාමාන්‍යයෙන් ලුණු බතුයි කමුකො රත්තරන් යැයි පැවසූව ද, මේ දිනවල බත් තිබුණ ද ලුණු සොයාගැනීමේ අපහසුවක් පවතී. මෙම තත්ත්වයට හේතු වී ඇති ආර්ථික විද්‍යාත්මක සහ දේශගුණික සාධක පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු.

ලංකාවේ ලුණු අවශ්‍යතාවය සහ පරිභෝජනය

dty5464gg

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක් පමණ වේ. මෙයින් වැඩිම ප්‍රමාණයක් වන මෙට්‍රික් ටොන් 155,000ක් පමණ *ගෘහස්ථ පරිභෝජනය* සඳහා යොදා ගැනේ. ඉතිරි මෙට්‍රික් ටොන් 25,000 පමණ කෝස්ටික් සෝඩා, විවිධ රසායනික ද්‍රව්‍ය සහ කරවල යනාදි කර්මාන්ත සඳහා අවශ්‍ය වේ.

ඖෂධ කර්මාන්තය යනාදි විශේෂිත ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සමහර විශේෂිත ලුණු වර්ග ආනයනය කරනු ලැබේ.

ලංකාවේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ප්‍රමාණයට වඩා දෙගුණයකට ආසන්න බව සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ දවසකට ග්‍රෑම් 5ක් වුවද, ලංකාවේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 10කට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන බව කියවේ.

ලුණු නිෂ්පාදනය සහ අභියෝග

serw454

ලංකාවේ ලුණු නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ හම්බන්තොට සහ පුත්තලම යනාදි ප්‍රදේශවල පිහිටි ලුණු ලේවාවල දී ය. ලංකාව වටා මුහුද තිබීම සහ සූර්ය රශ්මිය භාවිත කිරීම නිසා ලුණු නිෂ්පාදනයේ පිරිවැය සාපේක්ෂව අඩු ය. නිෂ්පාදන ක්‍රියාවලියේ දී මුහුදු ජලය ගෙන එය සූර්ය රශ්මියෙන් වාෂ්ප කර ලුණු නිපදවනු ලැබේ. රජය (50% පමණ) සහ පුද්ගලික අංශය ලුණු නිෂ්පාදනයට දායක වේ.

කෙසේ වෙතත්, මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ *එක දිගට දින 40-50ක් පමණ වන වැසි රහිත වියළි කාලගුණයක්* පැවතීමයි. මුහුදු ජලය පමණක් ලුණු නිෂ්පාදනයට ප්‍රමාණවත් නොවේ. නිෂ්පාදනයට අමතරව තාක්ෂණික කරුණු සහ ශ්‍රමයද වැදගත් වේ.

වත්මන් ලුණු හිඟයට හේතු

පවතින ලුණු හිඟයට ප්‍රධානතම හේතුව ලෙස පහත වීඩියෝවේ සඳහන් වන්නේ *පසුගිය කාලයේ ඇති වූ දේශගුණික විපර්යාස ය.* විශේෂයෙන් ම ලුණු ලේවා පිහිටා ඇති හම්බන්තොට බඳු වියළි කාලගුණයක් පැවති ප්‍රදේශවලට පසුගිය කාලයේ එක දිගට වර්ෂා පතනය ලැබීම නිසා ලුණු වේළා ගැනීමට නොහැකි වී නිෂ්පාදනය අඩාල වී ඇත.

 එක දිගට වැස්ස ලැබීම නිසා ලුණු වතුර වාෂ්ප කර ලුණු කැට හෝ කුඩු සදා ගැනීමට නොහැකි වී තිබේ.

drt56h

හිඟයේ බලපෑම සහ විසඳුම්

ලුණු හිඟය හේතුවෙන් වෙළඳපොලේ ලුණු මිල ඉහළ ගොස් තිබේ. සාමාන්‍යයෙන් රුපියල් 180-200 අතර පැවති ලුණු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300-400 දක්වා හෝ ඊටත් වඩා වැඩි වී ඇති බව සඳහන් වේ.

එසේම ලුණු සොයාගැනීම දුෂ්කර වී ඇති අතර, සමහර සුපිරි වෙළඳසැල්වල ලුණු මිලදී ගත හැකි ප්‍රමාණය සීමා කර ඇත (උදා: පැකට් 2කට සීමා කිරීම). ගෘහස්ථ කටයුතුවලට අමතරව සංචාරක කර්මාන්තය යනාදි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා ද මෙය බලපා ඇත.

මෙම සැපයුම් දාමයේ බාධා හේතුවෙන් සිදුවන පාඩුව ඉතා විශාලය.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මෙට්‍රික් ටොන් 3,000ක් පමණ ලුණු ආනයනය කිරීමට සාකච්ඡා පැවතුණි. කෙසේ වෙතත්, මැයි මාසය වන විට මාස 5-6ක් ගතවී ඇතත් මෙම ආනයන ක්‍රියාවලිය සාර්ථක වී නොමැත.

රජය මැදිහත්වී ලුණු ආනයනය කිරීමට උත්සාහ කිරීම (සමහරවිට සුළු ලාභයක් තබාගෙන) වෙනුවට *ලුණු ආනයනය සඳහා පුද්ගලික අංශයටද අවස්ථාව ලබා දීම* වඩා යෝග්‍ය විසඳුමක් වන්නට තිබූ බව වීඩියෝවේ අදහසයි. රජය පමණක් මැදිහත් වීම නිසා ගැටලුව උග්‍ර වී ඇත.

දිගින් දිගටම සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් ලුණු නිෂ්පාදනය පිළිබඳව අනාගතයේ දී වෙනස් ආකාරයකට සිතීමට සිදු විය හැකි බව සඳහන් වේ. වියළි කාලගුණයක් ලැබෙන උතුරු හෝ නැගෙනහිර ප්‍රදේශ (යාපනය බඳු) නිෂ්පාදනය සඳහා වඩාත් සුදුසු විය හැකි බවට යෝජනාවක් ඉදිරිපත් වේ.

සූර්ය රශ්මිය වෙනුවට විදුලිය භාවිත කර ලුණු නිෂ්පාදනය කිරීම බඳු ක්‍රම වත්මන් අධික විදුලි මිල හේතුවෙන් ප්‍රායෝගික නොවේ. කාලගුණය (වැසි හෝ වියළි) අනුව ලුණු නිෂ්පාදනය සහ විදුලි බිල අතර අවස්ථා පිරිවැයක් (opportunity cost) පවතින බව පෙන්වා දේ.

නව ක්‍රමෝපා අත්හදා බැලිය යුතු ය

පවතින සම්පත් උපරිම ආකාරයෙන් කළමනාකරණය කර ගැනීම සඳහා *වෙළඳපොළ බලවේගයන් සමඟ සිතීම* වැදගත් බව අවධාරණය කෙරේ.

 ශ්‍රී ලංකාවේ පවතින ලුණු හිඟය සෘජුව ම දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වන අතර, එයට මුහුණ දීම සඳහා කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් අවශ්‍ය වේ.

රජය මැදිහත්වී ආනයනය ප්‍රමාද වීම ගැටලුව උග්‍ර කර ඇති බැවින්, පුද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීම සහ වෙළඳපොළ බලවේගවල ඉඩ දීම මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට උපකාරී වනු ඇත.

 දිගුකාලීනව දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වෙමින් ලුණු නිෂ්පාදනය සඳහා නව ක්‍රමෝපා සලකා බැලීමද අත්‍යවශ්‍ය වේ.

සටහන සඳහා මතු පළ වෙන වීඩියෝවේ කරුණු පාදක කරගෙන ඇත.

Janath c Perera(වචන | ජනත් පෙරේරා)
Assistant Manager (Communication) - Advocata Institute

janath@advocata.org

 

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

ලුණු හිඟය: මුහුදෙන් වටවූ ශ්‍රී ලංකාවේ වෙළෙඳසල්වල ලුණු රාක්ක හිස් වුණේ ඇයි?

දිවයින පුරා ලුණු හිඟයක්? - රට ලුණු එන දවස මෙන්න

ලුණු ඔබේ ශරීරයට කරන්නේ කුමක් ද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලුණු හිඟයට හේතුව කුමක් ද? ඒ සඳහා ප්‍රායෝගික විසඳුම කුමක් ද? - ඇඩ්වොකාටා විග්‍රහයක් | The Leader