The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පෙරහන්කඩේ : එළිය පෙට්ටි කඩ සහ ඛෙහෙත් සාප්පු | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

May 22, 2025 • 4:26 PM

පෙරහන්කඩේ : එළිය පෙට්ටි කඩ සහ ඛෙහෙත් සාප්පු | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඛෙහෙත් නතර කළොත් ලෙඩේ මතු වෙයි කියන වෛද්‍ය වෘත්තිකයන් අතර ''දැන් සනීපයි තවත් ඛෙහෙත් අවශ්‍ය නැත'' යයි විශ්වාසයෙන් යුක්තව තමන් ප්‍රතිකාර කළ රෝගීන් නිරෝගී සුවය පතමින් පිටත් කර යවන බෝසත් වරුන් වෛද්‍යවරුන්ද ගැනද අනන්තවත් අසන්නට ලැබේ.
  • හය හැවිරිදි සහ දෙ හැවිරිදි දියණියන් දෙදෙනාත් සමග වික්‍රම කොළඹ 7 ධර්මපාල මාවතේ පිහිටි වෛද්‍ය වරියගේ පුද්ගලික නිවසේ පැවති සායන පෝලිමට එක් විය.
  • සමහර විට සතියේ එක් දිනක මධ්‍යම රාත්‍රීයේ දොළහේ කනිසම තෙක් අවදිව සිට එකී අංක ලබා ගත යුතු අතර, විනාඩි කිහිපයක් ඇතුළත එකී සතියේ අංක සියල්ල අවසන් වේ.
  • අම්මලා එයාට වැඩි ඇටෙන්ෂන් එකක් දෙනවා ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඛෙහෙත් නතර කළොත් ලෙඩේ මතු වෙයි කියන වෛද්‍ය වෘත්තිකයන් අතර ''දැන් සනීපයි තවත් ඛෙහෙත් අවශ්‍ය නැත'' යයි විශ්වාසයෙන් යුක්තව තමන් ප්‍රතිකාර කළ රෝගීන් නිරෝගී සුවය පතමින් පිටත් කර යවන බෝසත් වරුන් වෛද්‍යවරුන්ද ගැනද අනන්තවත් අසන්නට ලැබේ.

ගිය සතියේ පසු වෙසක් ලිපියෙන් කියැවෙන සංස්කෘතික ඛේදවාචකය කාලයේ රිද්මය නිසා අපට අහිමි වූ යමක් වේ. කාලය විසින් අපට අහිමි කළ සමහර අතීත වටිනාකම් තුළ උත්තම මිනිස්කම් දිරාපත් වී යමේ පිළිබඳ ඛේදවාචකයන් අද සාකච්ඡා කෙරෙයි.

 

හොර වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්
මා මිත්‍ර කේ.ජී.වික්‍රම (වික්‍රම ගාල්ලගේ) සිය කුඩා දියණියන් දෙදෙනා රැගෙන ළමා රෝග විශේෂඥ වරියක වෙත ගෙන සිද්ධියක් කලකට පෙර සිය වට්ස්ඇප් ගිණුමට එක් කර තිබිණ. මේ කියන්නේ නවසිය හැත්තෑ අසූ ගණන්වල සිද්ධියකි. මේ කාලයේ අද මෙන් අසංඛ්‍යෙයක් වෛද්‍ය විශේෂඥයන් දිවයින පුරා විසිරී නො සිටියහ. වික්‍රම හමු වීමට ගියට ළමා විශේෂඥ වෛද්‍ය ස්ටෙලා ද සිල්වා වැඩිපුර කතා නො කරන බොරුවට හිනා නොවන ආනුභාව සම්පන්න හෙවත් ප්‍රභූ පෞරුෂයකට හිමිකම් කී කාන්තාවකි.  

මේ යුගයේ උපදේශන වෛද්‍ය ගාස්තුව එක් රෝගීයෙකු සඳහා රුපියල් විසිපහක් වන අතර එකී මිල වර්තමානයේ පාරේ කඩයක බුලත් විටක මිල වන රුපියල් හැටකටත් වඩා දෙ ගුණයක් වැඩිය. හය හැවිරිදි සහ දෙ හැවිරිදි දියණියන් දෙදෙනාත් සමග වික්‍රම කොළඹ 7 ධර්මපාල මාවතේ පිහිටි වෛද්‍ය වරියගේ පුද්ගලික නිවසේ පැවති සායන පෝලිමට එක් විය. මෙම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි රෝගින් පැමිණි පිළිවෙලට අසුන් ගත යුතු අතර, අද මෙන් අංක ලබා දීමක් සිදු නො වීය.

 

1990 : කුහකයිනි, දැන්වත් තේරුණාද? - හර්ෂ ද සිල්වා අසයි

අලුත් අවුරුද්දට කැවුම් කොකිස් මෙන් වෙසක් සතියට අට පට්ටම් තාරුකා මුදලට විකිනෙන අද දවසේ සමහර වෛද්‍ය වෘතිකයන් හමුවීමට අංකයක් ලබා ගත හැක්කේ දින ගණනාවකට පළමුව මාර්ගස්ථ ක්‍රමය හරහා පමණකි. සමහර විට සතියේ එක් දිනක මධ්‍යම රාත්‍රීයේ දොළහේ කනිසම තෙක් අවදිව සිට එකී අංක ලබා ගත යුතු අතර, විනාඩි කිහිපයක් ඇතුළත එකී සතියේ අංක සියල්ල අවසන් වේ. මාරාන්තික රෝගී තත්වයක් මතු වී නම් සුවසැරිය ගෙන්වා රජයේ රෝහලකට යා යුතුවේ. සමහර විට අංකයක් ලබා හමු වූ වෛද්‍ය වරයා ගෙන් අපෙක්ෂා කරන්නේ රජයේ රෝහලක ඇඳක් මිස හදිසි ප්‍රතිකාර නම් නොවේ.

විශේෂඥ වෛද්‍ය ස්ටෙලා ද සිල්වා තමන් වෙත පැමිණි කුඩා දරුවන්ට ඛෙහෙවින් කාරුණික වූවාය. වික්‍රමගේ ලොකු දුවට පැවතියේ නිරන්තරව බඩ රිදෙන අපහසුවකි. රෝගී දරුවා පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍ය ස්ටේලා ද සිල්වා දැරිය දෙස බලා මෙසේ කීවාය.

 

v5767

''නංගි කෙනෙක් ඉන්නවානේ. අම්මලා එයාට වැඩි ඇටෙන්ෂන් එකක් දෙනවා ඇති. වෙන අසනීපයක් නම් නෑ වාගේ. ....'' එසේ කී වෛද්‍ය වරිය, සිය රෝගී පරීක්ෂණය අවසන් කළේ... ''අපි මෙයාට පණු ඛෙහෙත් ටිකක් දෙමු...'' කියාය. ඉන්පසුව වෛද්‍ය වරිය දෙවන දැරිය පරීක්ෂාවට ලක් කළාය.

''මෙයාගේ නම් වයසට නියමිත බරත් තියෙනවා. ගුඩ්. ..'' වෛද්‍ය වරිය එසේ කියනවාත් සමග දරුවන්ගේ අම්මා කතා කරන්නට විය.

''මෙයාට කවන්න හරි අමාරුයි ඩොක්ටර්......''

''දරුවන්ට බලෙන් කවන්න යන්න එපා. කන්න අදි මදි කරන දරුවෙකුට එයාගේ පංගුව වෙන් කර තියන්න. පොඩි දරුවන් බඩගිනි වුණාම කනවා. වැඩිහිටියන්ට හිතෙන වෙලාවට දරුවන්ට බඩගිනි නො වෙන්න පුළුවන්නේ...'' වෛද්‍යවරිය රෝගී පරීක්ෂාව අවසන් කොට ඛෙහෙත් නියම කළ පසුව රෝගී පරීක්ෂාව සඳහා නියමිත රුපියල් පනහක මුදල වික්‍රම වෛද්‍ය වරියගේ මේසය මත තැබීය. වෛද්‍ය ගාස්තුව අතට නො ගත් විශේෂඥ වෛද්‍ය ස්ටේලා ද සිල්වා,  සිය මේස ලාච්චුව විවෘත කර දැරියන්ගේ දෙමාපියන්ට පෙන්වා එහි විසිරී තිබුණ රුපියල් දහසේ පහේ කොළ සහ කාසි දැකීමට සැලස්වා මෙසේ කීවාය.

''බලන්න. මට මොකටද මෙච්චර සල්ලි. මට මේ දරුවන් දෙන්නා ගෙන්ම සල්ලි ගන්න පුළුවන්ද? එක ළමයෙක් පරීක්ෂා කළාට විතරක් මම සල්ලි ගන්නම්.... ''  එසේ කී විශේෂඥ වෛද්‍ය වරිය මේසය මත තිබූ අඩි කෝදුවකින් විසි පහක් පමණක් ලාච්චුවට තල්ලූ කළාය.

විශේෂඥ වෛද්‍ය ස්ටේලා ද සිල්වලා වර්ණවත් කළ ගෞරවනීය වෛද්‍ය වෘත්තිය වර්තමානයේ කාලය විසින් කැවුම් කොකිස් අතිරහ වෙසක් කූඩු කඩ මට්ටමට පහළ වැටී ඇති බව රහසක් නොවේ.

stalla
ස්ටේලා ග්රේඩ්රූඩ් ද සිල්වා (1918. 06. 02 - 2012. 04. 12.) යනු විසිවෙනි සියවස ආරම්භයේ යටත් විජිත පාලන සමයේ රටම දැන සිටි ධනවත් ප්‍රභූ පවුලක දියණියකි. බලපිටියේ උපන් ඇය කීර්තිමත් සිවිල් නිලධාරියෙකු මෙන්ම ප්‍රකට දේශපාලනඥයෙකු වූ චාර්ල්ස් පර්සිවල් සිල්වා හෙවත් සී.පී. ද සිල්වා නමින් රට දැන සිටි ප්‍රකට මිනිසාගේ සොහොයුරියයි.  

ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ස්ටෙලා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් ඉහළින් සමත් වුවද, උසස් පෙළ සහතික පත්‍ර විභාගය සඳහා තෝරා ගත් ජීව විද්‍යා විෂය ධාරාව හැදෑරීමට ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ අවශ්‍ය පහසුකම් තිබුණේ නැත.  මේ නිසා ගාල්ලේ රිච්මන්ඩ් බාලක විද්‍යාලයේ දොර ස්ටේලාට විවෘත වුණේ එකී පාසලට බඳවා ගත් පළමු සිසු දැරිය හැටියටය. වර්තමාන අර්ථයෙන් නම් එය ධනාත්මක විප්ලවයකි.

මෙසේ වෛද්‍ය වෘත්තියට පිවිසි ස්ටේලා ඉහතින් විස්තර කළ සිද්ධිය අනුව වෘත්තීය ගෞරවයට ප්‍රමුඛත්වය දී කටයුතු කළා මිස කිසි විටෙක මුදල් පසුපස දිව ගියේ නැත. ඇය කලක් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග අංශයේ ප්‍රධානියා හැටියට මෙන්ම ශ්‍රී  ලංකා ළමා සෞඛ්‍ය සඟරාවේ ළමා රෝග විශේෂඥ උපදේශක කර්තෘ හැටියට කටයුතු කළාය. ඇය පිළිබඳ පසු කලෙක පළවූ ලිපියක උපුටා දැක්වූ ඇයගේ දැක්ම ඇතුළත් ප්‍රකාශයක් මෙසේය. ''කැපවීම වඩාම වැදගත් වේ. එසේම පරිත්‍යාශීලිව වැඩ කිරීමට කැමැත්තේ නම් විවේකය සහ මුදල් ගැන කිසි විටෙක නො සිතිය යුතුවේ.''  ස්ටේලා රාජ්‍ය සේවය අතර, කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රධානියා ලෙසද කටයුතු කළ බව එකී ලිපියේ දැක්වේ.  

අද වෛද්‍ය සේවයේ සාමාන්‍ය හැඩය විශේෂඥ වෛද්‍ය ස්ටේලා ද සිල්වාලා ගොඩ නැගූ වෛද්‍ය සේවා ආකල්පයන්ට ඛෙහෙවින් වෙනස් ය. තම දරුවෙකුට අපේක්ෂා කළ ආකාරයට නගරයේ ඉහළ පහසුකම් සහිත කීර්තිමත් පාසලක් ලබා ගත නොහැකිවූ අවස්ථා ගණනාවකදී රජයේ වෛද්‍ය වෘත්තිකයන් රෝහල් සේවා අඩපන කොට වෘතීය සමිති ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වන්නාහ. 

 
ඔවුන් සිය වෘත්තිය ශක්තිය ඔසවා අභියෝග කරන්නේ ආණ්ඩුවට බදු ගෙවන සාමාන්‍ය පන්තියේ ජනතාවගේ දරුවන්ට හිමි පාසල්  ඉඩකඩ උදුරා ගැනීමටය. රාජකාරි කාලය අතරතුර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල අතපිට මුදලට වෙදකම් කරන රජයේ වෛද්‍ය වරුන්ට මුදල් ගෙවන පුද්ගලික පාසල් වලට සිය යැවීමට බැරිකමක් නැතද නිදහස් අධ්‍යාපන පහසුකම් වලින් ඉහළට ගිය ඔවුන් එසේ නො සිතති.

වර්තමානයේ කිසිදු අය කිරීමකින් තොරව පන්ති භේදයක් නැතිව අසාධ්‍ය රෝගියෙකු රෝහලක් වෙත ගෙන යාමට ඇමතුමක් දුන් සැනින් රෝගියාගේ නිවෙස වෙත ලඟාවන සුව සැරිය ගිලන් රථ සේවය ඉන්දීය රජය 2016දී ලබා දුන් සත්කාරක පරිත්‍යාගයකි.  
 
1990 සුවසැරිය පණ අදී ! - 'Adopt an ambulance' නව ව්‍යාපෘතියක් එයි ! 
ගාස්තු අය කිරිමකින් තොරව ඇමතුමක් දුන් සැනින් නිවෙසට පැමිණෙන සුවසැරිය ගිලන් රථ සේවය ගෙන එන රෝගින් රෝහලට ඇතුළත් කර ගැනීමට තමන් දෙවරක් කල්පනා කරන බවත් ඒ නිසාම සුවසැරිය  සේවය ගැන විශ්වාසය නො තබන ලෙස රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය පාදෙනිය ජනතාවට නිල වශයෙන් දැනුම් දුන්නේය. මේ හේතුව නිසා සුවසැරිය ගිලන් රථ සේවය රජයේ වෛද්‍ය වරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඇති කළ විධිවිධාන අනුව අදටත් පවත්නේ පොලිස් ස්ථාන භාරයේය.  

2016 ඉන්දීය රාජ්‍ය ප්‍රදානයක් වූ සුව සැරිය ගිලන් රථ සේවය ලංකාවට ලැඛෙනවාට රජයේ වෛද්‍ය නිලධාරින් විරුද්ධ වුණේ ඉන්දීය විරෝධි දේශපාලකයන්ගේ උවමනාවට මිස විෂය බද්ධ විද්‍යාත්මක ඇගයීමකින් නොවේ. හේතුව හැටියට කීවේ ගිලන් රථයේ පවත්නා විදුලි පද්ධතිය දෝෂ සහගත නිසා එය භාවිතයට ගන්නා රෝගින්ට අනුකම්පාවෙන් එකී දැනුම්දීම කරන බවය.  

 ආණ්ඩුවේ දොස්තරලා විදුලිය විෂය සම්බන්ධව දන්නේ මොනවාදැයි එදා කිසිවෙකු අසන්නට ඉදිරිපත් නො වුණේ ප්‍රතිකාර සඳහා  රෝහලට ගිය අවස්ථාවක ඛෙහෙත් වෙනුවට වස දෙතී යයි ඇතිවූ සැකය නිසා බව සමහරු කීහ.
 
Stella 2
විශේෂඥ වෛද්‍ය ස්ටේලා ද සිල්වා කියන්නේ විශේෂඥ වෛද්‍ය  ආර්.එල්. ස්පිට්ල්, විශේෂඥ වෛද්‍ය නිකලස් ආටිගල ආදි ප්‍රකට වෛද්‍ය වෘත්තිකයන් ජීවත්වූ ගෞරව සම්පන්න යුගය දීප්තිමත් කළ විශිෂ්ඨ චරිතයකි. ඒ විශිෂ්ඨයන් නිර්මානය කළ විශිෂ්ඨ වෛද්‍ය වෘත්තිය 1945ට පසුව සී.ඩබ්.ඩබ්.කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ක්‍රමයට අනුගත  මධ්‍ය විද්‍යාල හරහා ග්‍රාමීය පන්තිය නියෝජනය කළ නව පරම්පරාවේ ප්‍රවේශය සමග උඩුයටිකුරු විය. 
 
නිදහස්  අධ්‍යාපන වරමෙන් වෙද නලාව අතට ගත් සාමාන්‍ය පන්තියේ   වෛද්‍ය වෘතිකයක් රජයේ වෛද්‍ය වෘතික වෘතීය සමිති මානසිකත්වයට අනුගත වීම හේතුවෙන් ස්ටේලා සිල්වලා ගොඩ නැගූ විශිෂ්ඨත්වය පවත්වා ගෙන යාමට සමස්තයක් හැටියට අසමත්ව සිටිති.

ස්ටේලා සිල්වලාගේ අනු ප්‍රාප්තිකයන්  රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයන්ට අභියෝග කරමින් සේවා ස්ථානයට පැමිණ රාජකාරි වාර්තා කිරීම සඳහා ඇඟිලි සලකුණ තැබීම ප්‍රතික්ෂේප කරමින් සම්මතයට අභියෝග කරති. හේතුව සෞඛ්‍ය සේවය අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සම නො වීම සහ රාජකාරි වේලාවේ කඩින් කඩ මුදලට රෝගීන්ට ප්‍රතිකාර කිරිමට අවකාශ ලබා ගැනීම සඳහාය.  මේ තත්වයට හැම වෛද්‍ය වෘත්තිකයෙකුම වගකිව යුතු නොවේ.  

chandrasiri senevirathne(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...