The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගෙන් අමුතු විදියේ ඉඟියක්... !

T

The Leader Desk

May 23, 2025 • 8:04 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගෙන් අමුතු විදියේ ඉඟියක්... !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ගෙදර ලුණු පොලොත්ත සැලකෙන්නේ සෞභාග්‍යයේ සංකේතයක් විදිහට.
  • විපක්ෂයට බහුතර බලය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවීමට අදාළව සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ සාකච්ඡා ඇරඹුණේ ඉකුත් සඳුදාය.
  • මෙහිදී පක්ෂයේ බිම්මට්ටම ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා වූ අතර පළාත් පාලන නිලධාරීන්ගේ පත්වීම් කටයුතු අවසන් වීමෙන් පසු සියලුම නායකයින් ඒ ඒ දිස්ත්‍රික්කවල සංවිධාන ජාලය ගොඩනැංවීමට උපරිම කැපවී කටයුතු කළ යුතු බවට කතිකා විය.
  • කොළඹ මහ නගර සභාවේ විපක්ෂයේ බලය පිහිටුවීමේ කටයුතු බොහෝ දුරට සාර්ථක බව අභ්‍යන්තර ආරංචි මාර්ග රනිල්ට තහවුරු කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


"ගෙදර ලුණු පොලොත්ත සැලකෙන්නේ සෞභාග්‍යයේ සංකේතයක් විදිහට. ගෙදර ලුණු පොලොත්ත කවදාවත් හිස් වෙන්න ඉඩ දෙන්නේ නෑ" රනිල් කියන්නේ කුමක්දැයි වටහා ගැනීමට සියල්ලෝම ඔහු දෙස බලා සිටියහ.

" අපේ රටේ ලුණු හිස් වුනා. ඒ කියන්නේ ලුණු හිස් වෙන එක හොඳ නෑ" රනිල් එසේ කියා නිහඬව බලා සිටියේය.

 118762420 143a1119

" ඒ කියන්නේ ආපහු භාණ්ඩාගාරයේ හිස් වෙනව කියන අසුභ ලකුණ ද? වජිර එසේ විමසූයේ රනිල් නොකියා කියූ කතාවයි.

" ඔව් මේක එහෙම පෙර නිමිත්තක් වෙන්නත් පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු එහෙම නොවේවා කියලා" රනිල් කීය.

 

294b8baa 7fff 459e abcf b923d7ebebfa
විපක්ෂයට බහුතර බලය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවීමට අදාළව සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ සාකච්ඡා ඇරඹුණේ ඉකුත් සඳුදාය.

එජාපය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක සහභාගී වූහ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, මුජිබර් රහුමාන් සහභාගී වූහ.

සභා පිහිටුවීම ගැන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනුණි. විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන්  සමඟ එක්ව  සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවයට ද මෙම හමුවේදී එළඹුණි.

අනතුරුව එජාප මධ්‍යම කාර්යංශයේ රැස්වීමක් පැවැත්වුණේ නායක රනිල්ගේ ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ මල් පාර කාර්යාලයේදීය.

මෙහිදී පක්ෂයේ බිම්මට්ටම ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා වූ අතර පළාත් පාලන නිලධාරීන්ගේ පත්වීම් කටයුතු අවසන් වීමෙන් පසු සියලුම නායකයින් ඒ ඒ දිස්ත්‍රික්කවල සංවිධාන ජාලය ගොඩනැංවීමට උපරිම කැපවී කටයුතු කළ යුතු බවට කතිකා විය.

මේ අතර පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹියේය.

UNP 250522

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන වලට පත්වීමට සුදුසුකම් ලබන්නේ පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකය.

මේ තීරණය ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත් කිරීම සඳහා පත් කරන ලද කමිටුවයි. ඒ රනිල්ගේ උපදෙස් අනුවයි.

ගත් ප්‍රතිශතය අනුව පළාත් පාලන ආයතන වලට සභිකයන් පත් කිරීමට එජාපයේ සියලුම දෙනා එකඟත්වය පළ කළහ.

 



කොළඹ මහ නගර සභාවේ විපක්ෂයේ බලය පිහිටුවීමේ කටයුතු බොහෝ දුරට සාර්ථක බව අභ්‍යන්තර ආරංචි මාර්ග රනිල්ට තහවුරු කර තිබිණි. මාලිමාව සමඟ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් සාකච්ඡා කොට තිබුණද සාකච්ඡාවෙන් දින දෙක තුනකට පසුව එම කණ්ඩායම් යළි ප්‍රකාශ කර තිබුණේ අඩමාන මතයකි.

පළාත් පාලන ආයතන බලය පිහිටුවීම සඳහා එජාප සජබ සාකච්ඡා වලට සජිත්ට ද අවසානයේ එකඟ වන්නට සිදුවිය. ඔහු මෙලෙස එකඟ වී ඇත්තේ බල්ලන් නාවන්නට ගෙනියනවා වගේ බවට කනින් කොනින් ආරංචි පැතිර ගියේය.

විපක්ෂයේ සාකච්ඡා ලහි ලහියේ සිදුකෙරෙන අතරවාරයේ මෛත්‍රී  -රනිල් හමුවක්ද මල් පාරේ කාර්යාලයේදී පැවැත්විණි. එහිදීද සාකච්ඡා පැවැත්වී ඇත්තේ පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සම්බන්ධවයි.

220719221359 01 sri lanka president election parliament restricted

" විපක්ෂයට වැඩි බලයක් තියෙන හැම සභාවකම අපි බලය පිහිටුවන්න ඕන. එහෙම බැරි ඒවා අත හැර දැම්මට කමක් නෑ. ගොඩක් සභාවල ඉතා ළඟින් ප්‍රතිඵල වාර්තා කරලා තියෙනවා. ඒ වගේ සභා හතළිහක් පනහක් පිහිටුවා ගන්න විපක්ෂයට බැරි කමක් නෑ" රනිල් විපක්ෂයේ පක්ෂ නායක හමුවකදී එසේ පවසා තිබිණි.

" ආණ්ඩුවේ කිසි ගැම්මක් නෑ... ලුණු නැති හොද්ද වගේ "චාමර සම්පත් එසේ කීවේ ඈනුමක්ද අරිමිනි.

" හැමදාම ජේ.වී පි යට උනේ ඕක තමයි. කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ දෙයක් තමයි හැමදාම වෙන්නේ" රුවන් එසේ කීවේය.

 



විද්‍යා හා තාක්ෂණ ඇමති ක්‍රිෂාන්ත අබේසේන මැති සබේදී කී කතාවක් සම්බන්ධයෙන්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවී තිබුණේ නොසන්සුන්තාවකි. ඔහු එහිදී කියා තිබුණේ උතුරේ බලහත්කාරයෙන් සිංහලයන් පදිංචි කළේ කවුද? යන කතාවයි.

බොහෝ දෙනාගේ මතය වූයේ ජනතා විමුක්ති පෙරමුණ දැන් සම්පූර්ණයෙන්ම හැව ඇර වෙනත් මතයක් කරපින්නා ගෙන සිටින බවයි.

mahinda 240213

" ⁣ජේ.වී.පී එක මහින්ද එක්ක එකතුවෙලා යුද්ධ කළා. යුද්ධය ආරක්ෂා කළා. 2009 වනතුරු ආණ්ඩුවේ නොහිටියත් යුද්දේ පැත්තෙ හිටගෙන හිටියා" රනිල් එසේ කීවේ ආණ්ඩුවේ උදවියගේ අතීතය ගෙනහැර දක්වමිනි.

ආණ්ඩුවට රණවිරුවා වචනය ඇලජික් වීම ගැනත් එහිදී කතා බහට ලක්විය

"ඇමරිකාවේ, ඇෆ්ගනිස්ථානයේ ඉරාකය වියට්නාමයේ සෝවියට් දේශයේ, යුක්‍රේනයේ ඔක්කොම ඉන්නේ රණවිරුව තමයි. පකිස්ථානයේ රණවිරුවා අපේ වගේම ෆිල්ඩ් මාර්ෂල් කළා." තලතා ඒකට පිළිතුරක් බැන්දේය.

" එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිබඳව ද මේ දිනවල කතාබහට ලක් කෙරෙයි.

" අපි අලුත් යූඑන්පියක් හදන්න ඕන. ඒක පරණ ක්‍රමයට යන්න බෑ. හතළිහට අඩු අය ඉන්නේ වෙන ලෝකෙක" නායක රනිල් පැවසූයේ ඉදිරියේදී එන රික්තක පිරවීම සඳහා පක්ෂයේ ප්‍රතිසංවිධානය කළ යුතු බවයි.

පාර්ලිමේන්තුව දිනෙන් දින හිස් කාන්තාරයක් බවට පත්වෙමින් තිබේ.

ef5719d3456382202a273a184d7cc601

" පාර්ලිමේන්තුව කර ගහලා ගෙනියන්න ඕන සභානායක. අනිත් පැත්තෙන් විපක්ෂ නායක. ඔය දෙන්න පණ නැතුව මේක ගෙනියන්න බෑ. සභානායක තනියම වෛරයෙන් කෑගහනවා.  විපක්ෂ නායක බයේ හැංගෙනවා. හරියට ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් එක වගේ.

රනිල් කීවේ උපහාසයක් ද මතුකරමිනි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...