The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ලුණු නැති ඇඹුල් කතා

T

The Leader Desk

May 25, 2025 • 7:24 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ලුණු නැති ඇඹුල් කතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒත් මේ දවස්වල ලුණු හිඟයකි.
  • මේවා ගැන මිනිස්සු කතා කරන්නේ ලුණු ඇඹුල් ඇතිවය.
  • කලකට ඉහත ලංකාවට ආසන්න මුහුදේ තෙල් නැවක් ගිලී යාම නිසාද, ලුණු හා මාළු කෑමෙන් වැළකී සිටින ලෙස ජනතාවට අවවාද කෙරුණි.
  • කඩකාරයෝ කියන්නේ ඔවුන් සතුව තිබූ සියලුම ලුණු විකිණී අවසන් වූ බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒත් මේ දවස්වල ලුණු හිඟයකි.
රට වටේම මුහුදය.
ඒත් මාළු ගිනි ගණන්ය.

මේක මාර කෙළියකි. රට්ටු පමණක් නොව ලෝකයාම හිනස්සන පිස්සුවකි.

මේවා ගැන මිනිස්සු කතා කරන්නේ ලුණු ඇඹුල් ඇතිවය. එහෙත් මේ දිනවල ලුණු නැති නිසා, මුහුණ ඇඹුල් කරගෙන බලා සිටිති.

ලුණු හිඟයට හේතු, විසඳුම් සහ අනාගත ක්‍රියාමාර්ග ගැන දැන් දැන් නොයෙක් කතා අසන්නට ලැබෙයි.

 

X-PRESS PEARL නැව ගැන මේ කතාව ඔබ දන්නවා ද ? - (වීඩියෝ)
කලකට ඉහත ලංකාවට ආසන්න මුහුදේ තෙල් නැවක් ගිලී යාම නිසාද, ලුණු හා මාළු කෑමෙන් වැළකී සිටින ලෙස ජනතාවට අවවාද කෙරුණි.

මේ වතාවේද නොයෙක් හේතු කියැවෙයි. කඩකාරයෝ කියන්නේ ඔවුන් සතුව තිබූ සියලුම ලුණු විකිණී අවසන් වූ බවය. කිසියම් භාණ්ඩයක හිඟයක් ගැන ආරංචි වූ සැණින්, ඒවා හැකි තරම් ගොඩගසා ගැනීම, අපේ පාරිභෝගිකයන්ගේ ආත්මාර්ථකාමී පුරුද්දකි.

ලුණු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

 

ලුණු වෙනුවට විකල්ප සෙවීම ලෙහෙසි නැත. ලුණු රස දෙන දේවල් ශරීරයේද ඇත. කඳුළු ඉන් එකකි. එහෙත් කඳුළුයි බතුයි කෑමට කිසිවකු කැමැති නැත. හිරේ වැටුණු අයට නම් ලුණුයි බතුයි කෑමට සිදුවූ කාලයක් ද ඉතිහාසයේ තිබුණි.

උඩරටට ලුණු ආවේ පහතරටිනි. ලන්දේසින් සමඟ යුද්ධ කරන සමයේ, පහතරටින් ලුණු ගෙන ඒම නතර කෙරුණි. එවිට, උඩරැටියෝ ලුණු වෙනුවට පොල්පිති පුළුස්සා ගත් අළු, ආහාරයට යොදාගත් බවට කතාවක් ඇත.

ඊසොප්ගේ උපමා කතාවක එන පරිදි, එක් වෙළෙන්දෙක් ලේවායේ සිට ලුණු ගෝනි බූරුවකු පිට පටවා, පොළට ගෙන යාමට පුරුදුව සිටියේය. මේ බූරුවා බර වැඩට අකැමැති, කම්මැලියෙකි. ඔවුන් යන මග අතරමග ගංගාවක් තරණය කිරීමටද සිදුවෙයි. මෙහිදී බූරුවා ඕනෑකමින්ම ගඟේ වැටෙමින් බොහෝ වේලාවක් ගත කරයි. එවිට ලුණු දියවී, බර අඩුවෙයි.

 

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක් නිකුත් කරයි
මේ බව තේරුම්ගත් වෙළෙන්දා, ලුණු සමඟ හරි හරියට පුළුන් ගෝනිද බූරුවා පිට පැටවීය. බූරුවා පුරුදු පරිදි ගඟට බැස්සේය. සිදුවූයේ ඌ නොසිතූවකි. දියේ පෙඟුණු පුළුන් බරෙන් වැඩි විය. එතැන් සිට බූරුවා තම උපක්‍රමය අතහැරියේය.

වර්තමාන සිරි ලංකාවේත්, ලුණු නාස්ති කර ගැනීම පමණක් නොව, ගොඩගසා ගැනීමද බූරු වැඩක් ලෙස සලකන්නට වෙයි. ලුණු කන ප්‍රමාණයක් ඇත. ලුණු අඩු වූ විට වගේම වැඩි වූ විටත් කෑම අප්‍රිය වෙයි. රස ගුණ නැතිවෙයි.

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත. ලුණු හිඟය ද වැඩි කල් නොපවතී. එවිට, වැඩිපුර ගොඩගසාගත් ලුණුවලින් කරන්නට වෙන්නේ කැඳ හැදීමය. ලුණු කැඳ දෙන්නේ අසනීපකාරයන්ට බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොරුවට කලබල වී, බඩු ගොඩගසා ගැනීමද එක්තරා විදිහක “සමාජ රෝගයකි.’

ළඟදීම බරපතල දියලුණු හිඟයක් !

 

ලෝකයේ භාවිතයට ගැනෙන ලුණු වර්ග 6 කි. සිරි ලංකාවේ අප අතර ජනප්‍රිය අයඩින් මිශ්‍ර මේස ලුණුය. කළු ලුණු යනු, ස්වභාවික ලාවා මුහුදට ගලා ඒම නිසා නිපදවෙන වර්ගයකි.

හිමාලය කඳු පාමුල, ගොඩබිමෙහි ඇති රෝස ලුණු ද ජනප්‍රිය ලුණු වර්ගයකි. ලෝකාරම්භයේ එහි පැවති සාගර, කාලයාගෙ ඇවෑමෙන් ගොඩවීම නිසා, මෙම හිමාලයානු රෝස ලුණු හටගෙන ඇත.

ස්මෝකි ලුණු නොහොත් මධ්‍යධරණී ලුණු ලෙස හැඳින්වෙන්නේ, දුම් ගසා නිපදවන කැට ලුණු විශේෂයකි. හවායන් දූපත් ආශ්‍රිත ලුණු, හවායන් රතු ලුණු ලෙස හැඳින්වෙයි.

ලුණුවලට කුඩා ඖෂධීය පැළ වර්ග ද යොදාගන්නා ලුණු විශේෂයක් බ්‍රයින් ලුණු ලෙස හැඳින්වෙයි.

24 66c20f85672ad
මේ විස්තර කිව්වේ අපේ සමහරු ලුණු පොල්කට්ටට එහා දෙයක් ලුණු ගැන නොදන්නා නිසාය.

ලුණු හිඟය නිසා කඩයෙන් කඩයට ගොස් ලුණු සොයන මිනිසුන්ද මේ දිනවල හමුවෙයි. අපේ පිරුළක කියැවෙන ආකාරයට, “ලුණු හොයන්න ලේවායට ගියා වාගෙයි” යන්නෙන් අදහස් වන්නේ, පලක් නැති රස්තියාදු ගමනක් ගැනය. මේ පිළිබඳව FB කමෙන්ටුවක දැක්වුණු රසවත් කියුමකි මේ. “ග්‍රාම නිලධාරිගෙන් කරගන්නා වැඩේට අමාත්‍යාංශ ලේකම් හමුවන්නට ගියා වාගේයි.”

“ලුණු ලේවායේ ඉඳගෙන කිවුලෙන් කෑවා වාගෙයි” යනු ද, අපේ ජනවහරේ එන පිරුළකි. ඇති තරම් තිබියදීත්, ඉන් පලක් නොගන්නා සිරි කාලකණ්නිලාටද මේ පිරුළ ගැලපේ.

1733626620 salt L
‘ලුණු’ ගැන රසවත් මෙන්ම උපදේශාත්මක කවියක් රණස්ගල්ලේ හිමියන්ගේ ‘ලෝකෝපකාරයෙ’හි ද එයි.

“නිරිඳුන්ගෙන් ඉසිරු
ලත් සත් නැසෙත්
එම රදුන්ගෙන්
දියෙන් ඉපදුණ ලුණු
දියට පත, දියවන විලස්නෙන්”

රජවරුන්ගෙන් වස්තුව ලැබුණු ජනයා, එම රජවරුන්ගෙන්ම විනාශයට පත්වන්නා සේ ජලයෙන් හටගත්තා වූ ලුණු, එම ජලයෙන්ම දියවී විනාශ වන්නා සේය, යනු එම කවියේ අරුතයි.

රජවරුන් සමීපයෙහි සිටින අයට, ’රාජ ඌෂ්ණය’ නම් රෝගයක් වැළඳෙයි. එය සනීප වන්නේ රජාට කෙළ වූ විටය. නැතිනම් රජා උදහස් වූ විටය.

 

මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21 දින තුනෙන් එකක?

දේශපාලනඥයෝද මැතිවරණ කාලයේදී ආධාරකරුවන් සමඟ හැසිරෙන්නේ, එක මල්ලේ ලුණු කෑවුන් සේය. එහෙත් දිනුවායින් පසු ලුණු කැටයකටවත් මායිම් කරන්නේ නැත.

ස්කන්ධ කුමාර හා ගණ යනු, ශිව දෙවියන්ගේ පුතුන් දෙදෙනාය. එක් දිනක්, තම පුතුන්ගෙන් වඩා නුවණක්කාරයා කවුදැයි බැලීමට සිතූ ශිව දෙවියෝ තරම් ඉක්මනින් කරදිය වළල්ල වටා දිවගොස් එන මෙන් ඔවුනට කීහ.

මොණරා පිට නැගි ස්කන්ධ කුමාරයා ඉතා වේගයෙන් සත් සමුදුර වටා යාමට පටන් ගත්තේය. ගණ දෙවියන් කළේ, ගෙදර මුළුතැන්ගෙයි තිබූ ලුණු පොල්කට්ට වටා දිවගොස්, වහා ඒමය. ශිව දෙවියන් ගණට දිනුම දුන්නේය. ඉන් කෝපයට පත් ස්කන්ධ, ගණට පහර දී, එක් දළයක් කඩා දැමුවේය. ගණ දෙවියන්ට කැඩුණු දළයක් ඇත්තේ ඒ නිසාලු.

සූප ශාස්ත්‍රයේදී ද ලුණු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. මංගල යෝජනාවකට එකඟ වීමෙන් පසු, තරුණිය තරුණයා අමතා මෙසේ කීවාය.

 

Wholesale Sea Salt Flakes

“ඒයි මට උයන්න පුළුවන්. ඒත් ලුණු බලන්න නම් දන්නෙ නෑ.”

“නෝ ප්‍රොබ්! ඒකට මං තව කෙනෙක් හොයා ගන්නං.”
තරුණයා ගාණකට නැතුව කීවේය.


කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් පීපල්ස්(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...