The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වීදි සුනඛ ගැටළුව හමුවේ ආණ්ඩුව 'වලිගය පාගාගෙන බලු නොවිය' යුතුය | නිරංජන් කරුණාතිලක

T

The Leader Desk

May 25, 2025 • 9:04 AM

වීදි සුනඛ ගැටළුව හමුවේ ආණ්ඩුව 'වලිගය පාගාගෙන බලු නොවිය' යුතුය | නිරංජන් කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමති වරයා ගේ එම ප්‍රකාශය අනුව මෙතරම් මුදලක් වසරකට වියදම් කළ ද අයාලේ යන වීදි සුනඛයන්ගේ ගැටලුව මෙතෙක් විසඳී නොමැති බව පෙනෙන්නට තිබීම තුළින් සෞඛ්‍ය අමාත්‍යංශය මෙය මනා කළමනාකාරිත්වයකින් යුක්තව, ක්‍රමවත් ආකාරයකින් සිදු නොකරන බවට පෙනෙන්නට තිබේ.
  • සෞඛ්‍ය අමාත්‍යංශය මේ සඳහන් කරන ලද මුදල් නිවැරදි ආකාරයෙන් නිසි කලට යොදා ගත්තේ නම් සමාජය තුළ මේ ආකාරයෙන් වීදි සුනඛ ගැටලුවක් ඇති වන්නට ඉඩක් නැති බව පැහැදිලි ය.
  • නමුත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ මෙම ප්‍රකාශය අසරණ සුනඛ ප්‍රජාව ඉලක්ක කර ගත් එකක් වීම මත එය අපගේ විශේෂ අවධානයට යොමු ව තිබේ.
  • වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ සතුන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී සෑම විටකම “වලිගය පාගා ගන්නා” බව පෙනෙන්නට තිබීම ද ඊට ආසන්නතම හේතුවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ වීදි සුනඛයන් හට ජලභීතිකා එන්නත ලබා දීම සහ ඔවුන්ව වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 200 ක් ද, වීදි සුනඛයන් සපෑකෑම සහ ඔවුන් නිසා සිදු වන අනතුරුවලින් තුවාල වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 280 ක් ද වැය කරන බවත් මේ සඳහා අමත්‍යංශයේ වූ අනෙකුත් වියදම් ද එකතු වූ පසු වසරකට රුපියල් මිලියන 800 ක් වියදම් කරන බවත් සඳහන් කළේය.

ඇමති වරයා ගේ එම ප්‍රකාශය අනුව මෙතරම් මුදලක් වසරකට වියදම් කළ ද අයාලේ යන වීදි සුනඛයන්ගේ ගැටලුව මෙතෙක් විසඳී නොමැති බව පෙනෙන්නට තිබීම තුළින් සෞඛ්‍ය අමාත්‍යංශය මෙය මනා කළමනාකාරිත්වයකින් යුක්තව, ක්‍රමවත් ආකාරයකින් සිදු නොකරන බවට පෙනෙන්නට තිබේ.

මේ අරඅඳින්නේ ආයිමත් අසරණ සුනඛයන් ලක්ෂයක් මරා දමන්න ද? - (පශු වෛද්‍ය චමිත්  නානායක්කාර)

සෞඛ්‍ය අමාත්‍යංශය මේ සඳහන් කරන ලද මුදල් නිවැරදි ආකාරයෙන් නිසි කලට යොදා ගත්තේ නම් සමාජය තුළ මේ ආකාරයෙන් වීදි සුනඛ ගැටලුවක් ඇති වන්නට ඉඩක් නැති බව පැහැදිලි ය. නමුත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ මෙම ප්‍රකාශය අසරණ සුනඛ ප්‍රජාව ඉලක්ක කර ගත් එකක් වීම මත එය අපගේ විශේෂ අවධානයට යොමු ව තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ සතුන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී සෑම විටකම “වලිගය පාගා ගන්නා” බව පෙනෙන්නට තිබීම ද ඊට ආසන්නතම හේතුවකි. මෙයට ඇති හොඳම නිදසුනක් නම් රිළා – වඳුරු ගැටලුව ය. මේ සඳහා විශේෂඥ උපදෙස් ලබාගෙන ක්‍රියා කරන්නේ යැයි පැවසුව ද ඒ සඳහා වූ ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනා දෙස බලන විට පෙනෙන්නේ එවැනි විශේෂඥ උපදෙස් හත් ගව්වකට වත් වැද්ද ගත් බවක් පෙනෙන්නට නැත.

 



කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව මේ රජය රිළා – වඳුරු සංගණනයක් පසුගිය දිනක සිදු කළ අතර තම ගෙවත්තට පැමිණෙන සතුන් ගණනය කොට දැක්වීම මෙහි දී සිදු කළ යුතු විය. මෙය විවිධ උසුළු විසුළු මධ්‍යයේ පැවැත්වුන ද තවමත් එහි ප්‍රතිඵල නිකුත් වීමක් පෙනෙන්නට ද නැත.

ඉන් පසු මේ සතුන් අල්ලා රන්දෙනිගල ජලාශයේ දූපතක රඳවන්නට ද රජයේ පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් විය. නමුත් ජලාශයේ ජලය සිඳී යන කාලයට මේ සතුන්ට පිහිනාගෙන නැවත මිනිසුන් ජීවත් වන ප්‍රදේශවලට පැමිණීමට ඉඩ ඇති බවට බාහිර පාර්ශ්ව විසින් කරුණු ඉදිරිපත් කිරීමේ දී ඔවුන්ට දූපතෙන් පිටවිය නොහැකි සේ වැටවල් ඉදි කළ යුතු බව ආණ්ඩුව සඳහන් කළේය.

 



මේ දූපත්වල ඔවුනට සුදුසු කෑම බීම තිබේ ද යන ගැටලුව බාහිර පාර්ශ්ව විසින් මතු කිරීමේ දී ආණ්ඩුව දැක් වූ ප්‍රතිචාරය වූයේ මිනිසුන් එකතුව බෝට්ටුවලින් ගොස් ඔවුනට ආහාර ලබා දීමේ වැඩසටහනක් දියත් කළ යුතු බව ය.ආණ්ඩුව ඒ අවස්ථාවේ දී සිතෙන කුමක් හෝ පවසන බවක් මේ ප්‍රකාශනවලින් පෙනෙන්නට තිබේ.

සල්ලි අහේනිය ලංකාවේ අලි වෙඩිවලටත් ගිනි තියන ලකුණු

තවත් අවස්ථාවක දී වන අලි, මානව ජනාවාසවලින් වන රක්ෂිත කරා පළවා හැරීමේ වැඩසටහනක් දියත් කරන්නට ගොස් ආණ්ඩුව මේ ආකාරයෙන්ම විවේචනවලට ලක්වනු දකින්නට හැකි විය. මෙයට නිසි විශේෂඥ උපදෙස් ලබා ගත්තේ නම් කිසිම විටෙක මෙවැන්නක් ක්‍රියාත්මක කරන්නට කිසිදු බුද්ධිමත් විශේෂඥයකු උපදෙස් ලබා දෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ මානව ජනාවාස බවට පත්ව ඇත්තේ කලක් වන අලින්ගේ නිජබිම් පැවති ප්‍රදේශයන්ය. සැබවින්ම සිදුව ඇත්තේ වනාන්තර ප්‍රදේශ එළිපෙහෙලි කිරීමේ මගින් මනාව ජනාවාස ඇතිවීමක් මිසක වන අලින් මානව ජනාවාසවලට පැමිණීමක් නොවේ. සිය නිජබිම් අතැර යන්නට වන අලින් මැලිකමක් දක්වන බැවින් ඒ සඳහා හුදෙක් ඔවුන්ව විවිධ උපක්‍රමවලින් පලවා හැරීමට කටයුතු කිරීම කිසිසේත්ම විශේෂඥ උපදෙසක් වන්නේ නැත.

අමාත්‍ය හංසක විජේමුනි

 

මේවාට විශේෂඥ උපදෙස් ලබා ගත්තේ යැයි පැවසුන ද මෙවැනි විහිළු සහගත උපදෙස් ලබා දෙන විශේෂඥයින් කවුරුන්දැයි සොයා බැලිය යුතුය. ජාතික වශයෙන් පවතින ගැටලු සඳහා රජය විසින් ඉදිරිපත් කරන්නේ බොහෝ විට මෙවැනි රිළා වඳුරු විසඳුම් බවට සමාජය තුළ කතාබහක් පැතිර යන්නට පටන් ගෙන තිබේ. එසේ හෙයින් අනෙක් ගැටලු කෙසේ වෙතත් අඩුම තරමේ සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ හෝ හැකියාවක් නොමැති සතුන් වෙනුවෙන් හෝ තවදුරටත් විහිළු බවට පත් නොවෙන ආකාරයේ විසඳුම් ඉදිරිපත් කිරීම වර්තමාන ආණ්ඩුව සතු වගකීම වන්නේය.

නමුත් ඒ වෙනුවෙන් මේ වන විට විශාල ජන බලයක් ඒකරාශී වෙමින් තිබේ.ඉතා දියුණු සමාජ ලක්ෂණයක් හා ගෝලීය නව ප්‍රවණතාවක් බව ආණ්ඩුව තරයේම සිතට ගත යුතු ය.

මේ අතර ‘මානුෂීය ක්‍රම මගින් සත්ව ගහනය කළමනාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව’ (The Association of Veterinarians for Humane Management of Animal ) නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය දැඩි දෝෂ දර්ශනයකට ලක් කරමින් ප්‍රකාශයක් නිකුත් කළේ ය.

 

මනුස්සකම රැක ගෙනම වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම් සොයමු | ප්‍රණීත් අභයසුන්දර

එම සංගමයේ නිර්මාතෘ සහ උපදේශකවරයකු වන වෛද්‍ය චමිත් නානායක්කාර පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කුමක් පැවසුව ද එමගින් වීදි සුනඛයන් වෙනුවෙන් මේ මුදල් නිසි පරිදි යොදවා නොමැති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කතාවේ එක් තැනක සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ද අයාලේ යන සුනඛයන් සිටින අතර සෞඛ්‍ය අමාත්‍යංශය මේ මුදල් නිසි කළමනාකාරීත්වයකින් යුක්තව යොදා ගත්තේ නම් මෙතරම් ආරක්ෂාවක් සහිත පාර්ලිමේන්තුව තුළ අයාලේ යන විදී සුනඛයින් ගැවසීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවත් වෛද්‍ය චමිත් නානායක්කාර පැවසුවේය.

මෝදි එන එකට අනුරාධපුරේ බල්ලෝ ඉවත් කරන එක මෝඩ වැඩක්! | පශු වෛද්‍ය චමිත්  නානායක්කාර

වෛද්‍ය චමිත් නානායක්කාර

 

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඔබ්බට ගිය වැඩසටහනක් මේ සඳහා දියත් කළ යුතු බව ද නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සිය කතාවේ දී පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් වෛද්‍ය චමිත් නානායක්කාර පැවසුවේ වීදි සුනඛයන් පාලනය කිරීමේ කාර්ය හොඳින්ම සිදු කළ හැක්කේ ‘සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට’ ( Department of Animal Production and Health – DAPH) බව ය. මෙය මහනුවර ගැටඹේ පිහිටා ඇති අතර සෑම පළාතකම ශාඛා පිහිටුවා තිබේ. මෙහි ප්‍රධාන කාර්යභාරයන් අතරින් එකක් වන්නේ සෞඛ්‍ය සම්පන්න සත්ත්ව ගහනයක් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යාමය.

Dog Care Clinic' : විසිඑක් වසරක් සපුරන ජලභීතිකාව තුරන් කරන මානුෂීය මෙහෙවර |  සුපුනි ඉෂාරා

සතුන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් තිබිය දී ඒ කටයුතු මිනිසුන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් වූ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ තවමත් පැවතීම විමතියට කාරණයකි. එහි පශු වෛද්‍ය කාර්යාල 337ක පළපුරුදු පශු වෛද්‍යවරුන් 600ක් රට පුරා සේවය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක් ඔවුන්ගේ කිසිදු සහයක් ලබාගෙන නොමැති බවත් වෛද්‍ය චමිත් නානායක්කාර පවසා සිටියේය.

අමාත්‍යංශයට මේ පිළිබඳ නිසි අවබෝධයක් සහ වැඩපිළිවෙළක් තිබුණේ නම් එමගින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා වහා සම්බන්ධ කර ගන්නා බවත් පවසා ඔහු පවසා සිටියේය.

මේ සඳහා අති විශාල පිරිවැයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දරනු ලබන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද වෛද්‍ය චමිත් නානායක්කාර පවසා සිටින්නේ 2025 අයවැයෙන් මේ සඳහා වෙන් කළ මිලියන 200 මෙතෙක් කිසිදු දෙයක් සිදු වී නොමැති බව ය. පසුගිය වසරේ දී සිදු වූයේ ද මෙයම බවත් එහි දී මිලියන 100 ක් පමණක් වැය කර තිබෙන බවත් ඉතිරි මිලියන 100 අපතේ ගොස් තිබෙන බවත්ය.

අනුරපුර පුදබිමේ සුනඛ පක්ෂාගාත රෝගය මැඬලීමට වෙර දරන යස හාමුදුරුවෝ

මේ තරම් මුදලක් වැය කළ ද සුනඛ ගැටලුව තවමත් පවතින්නේ එන්නත්කරණයේ දෝෂයක් නිසා නොව ඒවා නිසි පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉටු නොකිරීම නිසා බව වෛද්‍ය චමිත් නානායක්කාර චෝදනා කළේය.

මේ එන්නත්කරණ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ව්‍යාපාරයක් බවට පත් කර ගෙන ඇති බවත්, ඔවුන් මෙය ‘සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා නොදෙන්නේ මේ නිසා බවත් වෛද්‍ය චමිත් නානායක්කාර පවසා සිටියේය. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් ද මේ වැඩසටහන නිසි පරිදි ඉටු නොවන තැනට කටයුතු යොදන බවත් ඔහු පවසා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙන් කළ මුදල්වලින් කිසිවක් පළාත් මට්ටමින් බෙදා නොමැති බවත් එන්නත් කිරීම් කිසිවක් මේ වසරේ තවමත් ආරම්භ වී නොමැත්තේ මේ නිසා බවත් වෛද්‍ය චමිත් වැඩිදුරටත් පවසා සිටියේය.

 

sunaka1
ඒ අනුව අප මෙහි දී ද අවධාරණය කරනුයේ ආණ්ඩුවේ බලධාරීන් මෙම වීදි සුනඛ ගැටළුවට ද අවිචාරවත් විසඳුම් සෙවීමට ගොස් “වලිගය පාගා ගැනීමෙන් “වැලකී සිටිය යුතු බවය. අප එසේ පවසනුයේ විවිධ අවිචාරවත් ප්‍රකාශ හා ක්‍රියාමාර්ග හමුවේ ආණ්ඩුවේ කටයුතු කිසිවකුත් ගණන් නොගන්නා තත්වයකට (Non Recognition ) පත් වීම අනිවාර්‍යයෙන් සිදු වන බැවිනි.අපේ ජන වහරට අනුව “බලු වීම “ලෙස හැඳින්වෙන්නේ ද මෙයම ය.

(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...