The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : හරිම ලස්සනයි කොළොම්පුරේ - රෑ ශ්‍රියා

T

The Leader Desk

June 1, 2025 • 8:02 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : හරිම ලස්සනයි කොළොම්පුරේ - රෑ ශ්‍රියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයමාන්නයන්ට පසුව, තවත් ගායකයන් කිහිප දෙනකු විසින්ම එය නැවත ගායනා කරනු ලැබිණි.
  • කලකට පසු මට මේ ගීතය මතකයට නැගුණේ, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කොළඹ නොනිදන නගරයක් බවට පත් කරන්නට සූදානම් වන බව මාධ්‍ය මගින් අසන්නට ලැබීම නිසාය.
  • අන්තිම බසය මිස්වන අසරණ මගීන් ලබන ඇතැම් අත්දැකීම් ධනංජය කරුණාරත්නගේ “ලාස්ට් බස් එකේ කතාව” නමැති විශිෂ්ට කෙටි නාට්‍යයට ද පාදක වී ඇත.
  • කොළොම්පුරේ නැතිවූ ශ්‍රියාව යළි ඇතිකළ යුතු බව කතාවට ලක්වුණේ අද ඊයේ නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජයමාන්නයන්ට පසුව, තවත් ගායකයන් කිහිප දෙනකු විසින්ම එය නැවත ගායනා කරනු ලැබිණි.

 



හර්බට් එම්. සෙනෙවිරත්න විසින් රචිත මේ ගීතය අද අසන්නකුට මැවෙන්නේ එදා පනහේ දශකයේ පැවති කොළඹ පුරවරයේ දසුන්ය. බර කරත්ත, ට්‍රෑම් රථ ආදියෙන් පිරුණු කොළඹය. එදා තත්ත්වය කෙසේ වෙතත්, එඩී ජයමාන්නයන්ගේ ගීතයට අනුව කොළඹ බොහොම ලස්සනය.

කලකට පසු මට මේ ගීතය මතකයට නැගුණේ, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කොළඹ නොනිදන නගරයක් බවට පත් කරන්නට සූදානම් වන බව මාධ්‍ය මගින් අසන්නට ලැබීම නිසාය. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධයක් නැතත්, ඒ පුවතින් මා තුළ උපන්නේ මහත් සතුටකි. කොළඹ පමණක් නොව, මහනුවර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, දඹුල්ල ආදී අනෙකුත් නගර ද නොනිදන තත්ත්වයට ගෙන ආ යුතුය.

6RM7tYF

 

රාත්‍රී කාලවල අන්තිම බස් එක මිස් වී බංකුවක් උඩ රැය ගෙවූ බොහෝ දෙනාද මා හා එකඟවනු නොඅනුමානය. අන්තිම බසය මිස්වන අසරණ මගීන් ලබන ඇතැම් අත්දැකීම් ධනංජය කරුණාරත්නගේ “ලාස්ට් බස් එකේ කතාව” නමැති විශිෂ්ට කෙටි නාට්‍යයට ද පාදක වී ඇත.

කොළොම්පුරේ නැතිවූ ශ්‍රියාව යළි ඇතිකළ යුතු බව කතාවට ලක්වුණේ අද ඊයේ නොවේ. එහෙත් එය වරින් වර මතුවී මැකී ගියේ, “උමතු විශ්වාසයක්”ම බවට පත් කරවමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ කාලයේද, කොළඹ ලස්සන වන්නට පටන් ගති. එහෙත් එය ද ටික කාලයකි. “දියත උයන” පමණක් ඒ ලස්සන තවමත් ඉතිරි කරගෙන සිටී. පිටකොටුවේ “පාවෙන මාරකට්ටුව” ජල්තරස් වී ගියේය.

Pettah Floating Market Colombo Sri Lanka

 

පරංගි හිටි කාලේ කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගිය බව අසා ඇති අපි, ඔය බේරේ කෑලි ගැන ගණන්ගත යුතු නැත. කොටුවේ මුහුදෙනුත් කෑල්ලක් චීනයට ගිය එකේ, ඔය පොඩි පොඩි කෑලි ගැන කරදර වීම සංවර්ධන විරෝධීය.

ඕනෑම හොඳ වැඩකට පඬි වදන් කියමින් හරස්වීම අපේ සිරි ලංකාවේ හැටියකි. දැන් එය වඩාත් දක්නට ලැබෙන්නේ සෝෂල් මීඩියා තුළය. හැම බක පණ්ඩිතයකුටම ඕනෑම මඟුලක් ලියා තැබිය හැකි හෙයින් සමහරු කියන විදිහට, සෝෂල් මීඩියා නොහොත් සමාජ මාධ්‍ය ද දොස්තර අර්චුනා කෙනෙකි.

නොනිදන කොළඹට විරුද්ධ වන ඇතැමුන් කියන්නේ එය සෞඛ්‍යයට අහිතකර බවය. මිනිස්සු නිදි මරමින් ආතල් ගත යුතු නැත. එහෙත් දැන් කලක සිට කොළඹ බොහෝ නිවෙස්වල ටී.වී. එක ‘ඕෆ්’ වන්නේ, රෑ දොළහෙන් පසුවය. ඔවුන්ට අමුතුවෙන් නිදි මැරිල්ලක් අවශ්‍ය නැත.

විදුලි ගාස්තු අඩු කිරීමේ පැණි වරකාව රස විඳීමට පෙර..

 

දෙවැනි චෝදනාව මෙය විදුලිය අපතේ යැවීමක් බවය. රටේ ජනතාව අයි.එම්.එෆ්. කාරයන් සනසන්නට වැඩිපුර විදුලි බිල් ගෙවන්නට සැරසෙද්දී, සංචාරකයන් පිනවන්නට අපේ විදුලිය පුදදිය යුතුද?

මගේ දකුණු මොළයට නම් සිතෙන්නේ, මෙය අපට විදුලි බිල අඩුකර ගැනීමට ලැබෙන මාර චාන්ස් එකක් බවය. මුලදී එය කොළඹට සීමාවිය හැකිය.

අපි මෙහෙම හිතමු. මුළු කොළඹම විදුලියෙන් ආලෝකමත් වී ඇත. දැන් අප කළ යුත්තේ, ගෙදර විදුලිය නිවා දමා කොළඹට ගොස්, කා බී විනෝද වී, කැමති තැනක නිදා ගැනීමය. ගෙදර විදුලි බිල බලා සිටියදී බහී. ළමයින්ට පොත් පත් රැගෙන ගොස් පදික වේදිකාවේ හෝ පාඩම් කළ හැකිය. පෙම්වතුන්ට රාත්‍රී කාලයේ ගාලු මුවදොර පිටියට යාමට මෙය කදිම අවස්ථාවකි.

f471268f87be08c7267149654af419e6

 

මට අපේ පුරාණ සාහිත්‍යයෙහි එන පුර වැනුමක් යාවත්කාලීන කරන්නට සිතෙයි.

තැන තැන කොත්තු කපන හඬය. තව තැනක බිත්තර ආප්ප තාච්චිය. තවත් තැනෙක, දුලබ සුරා අලෙවි කරන අවන්හල්ය. එම කව බොව හඬ දසතින් නැගේ. මධුර සංගීත රාව පතුරන වාදකයන් බොහෝය. අඩ අඳුරු මුළුවල සුවඳැති දුහුලින් සැරසී පුරඟනන්ය. විදෙස් රටවලින් පැමිණි නෙක දන, සතුටු සිනා පාමින් තැන තැන සරති. සිරිලක් වැසියෝද අතරින් පතර බලා සිටිති. මේ නොනිදන  නගරයේ නැති දෙයක් නැත. එහෙත් සිරිලක් වැසි අත නැති දෙයකි. ඒ, මුදල්ය.

රාත්‍රිය නොමිලේය. ආලෝකය නොමිලේය. අන් සියල්ල මුදලටය.

පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ : අස්වැසුම මුදල් ගෙවීම අද සිට
අරගල කාලයේද, සමුද්‍රාසන්න කොළඹ නොනිදන නගරයක්ව තිබිණ. එහිද කෑම බීම ඕනෑතරම් තිබූ අතර, ඒ නොමිලේය. එහෙයින්, අරගලකරුවන් නොවන අයද පවුල් පිටින් පැමිණ ගාලු මුවදොර නවාතැන් ගෙන සිටියහ.

කොළඹ ගාලු පාරේ ගසක පදිංචිව සිටි කපුටු යුවළක්ද “නයිට් සිටි” කතාවෙන් අවුලට පත්වූහ.

“ඒයි, දැන් අපිටත් රෑට නැගිටල ඉන්නයි වෙන්නෙ.” කපුටිය, කපුටාට කීය.

“ඔව් ඉතින්, ඒගොල්ලො මුලින්ම කිව්වනෙ සිස්ටම් එක චේන්ජ් කරනව කියලා.”

“ඒක මාර වැඩක්නෙ. කපුටෙක්ටවත් නිදහසක් නැද්ද මේ රටේ?”

bw45y4556nu56m
“කෑගහන්ඩ එපා. මෑන්ස් ඇවිල්ලලු ඉන්නෙ.”
කපුටා, කපටි සිනාවක් පෑවේය.

කපුටිය, “කපුටු කාක් කාක්” කීවාය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රතිඵල ආවා(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...