ඒකට හේතු එකක් කියලා නෑ. ගොඩක් තියෙනවා. කොහොමත් මාස හයෙන් හයට විදුලිබල මණ්ඩලය විසින් මිල සංශෝධන ඉදිරිපත් කරන නිසා, මණ්ඩලේ ගැන කතාව යට යන්නෙම නෑ; ආයෙමත් කරළියට එනවා.
විදුලි ඒකකයක මිල වෙනස් වන හේතු
විදුලි මිල අනුව විදුලි බිල තීරණය කරද්දි දේශගුණික තත්ත්ව, ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන්වල වෙනස් වීම් සහ ලංකාවේ රුපියල උච්ඡාවචනය වීම වගේ මෙකි නොකී බොහොමයක් දේවල් නිසා අපි පාවිච්චි කරන විදුලි ඒකකයක මිල වෙනස් වෙනවා. ඒ නිරන්තර වෙනස්වීම් නිසා ගෘහස්ථ, කර්මාන්ත ආදී ඕනෑම අංශයකට අභියෝගවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද කලින් කලට මිලේ වෙනසක් වෙද්දි, විශේෂයෙන් ම කර්මාන්තකරුවන්ට දිගු කාලීන තීරණ ගැනීමේ ප්‍රශ්න ඇති වෙනවා.

ඉතින් මේ මෑතකදී ම අහන්න ලැබුණු කතාව තමයි ලංකා විදුලි බල මණ්ඩල පෞද්ගලීකරණය කිරීමේ වගන්ති ඉවත් කරමින් නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරන වැඩේ. ලංකාවේ අතිවිශාල ආර්ථික අර්බුදයක් ඇතිවුණ වෙලාවේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය පිළිබඳ දැඩි කතාබහක් ඇතිවුණා. ඒ වෙලාවෙදි පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියන කාරණයට යෝජනාවත් ආවා. මොකද පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරවල පාඩුව සෘජුව හෝ වක්‍රව දරන්න සිද්ධ වෙන්නේ රජයට බදු ගෙවන ජනතාවට.
ඒ කියන්නේ ඔබට සහ මට. අපි විසින් ඒ පාඩුවල බර දරන තාක් කල් අපේ ජීවන වියදම ඉහළ යනවා; ජීවන මට්ටම් පහල යනවා. ඉතිං අද අලුතෙන්ම මේ ඇති වෙලා තියෙන කතා බහත් එක්ක ලංකා විදුලි වල මණ්ඩලයේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය එක්ක බැඳුණු ලංකාවේ ආර්ථිකයේ ඉදිරි ගමන ගැන අපි මේ සටහනින් කතා කරනවා.
ලංකාවේ විදුලිබලය සහ එහි ආරම්භය
ලංකාවේ විදුලිබලය සහ එහි ආරම්භය

එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයට තමයි වාසනාව තිබුණේ ලෝකයේ විදුලි බලයෙන් අලෝකමත් වූ පළමු නගරය විදිහට ඉතිහාසයට එකතු වෙන්න. ඒ 1881 ජූනි 26 වෙනිදා. ඒ කාලේ ලංකාව තිබුණේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් හැටියට. 1882දී ශ්‍රී ලංකාවේ කොළඹ වරායට යාත්‍රා කරපු SS Helios කියන නැවේ තිබුණ විදුලිබල පහසුකම ප්‍රථම වරට දැකගන්න ලංකාවට අවස්ථාවක් ලැබුණා. ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් භාවිතයෙන් ශ්‍රී ලංකාව තුළ මුල්ම විදුලි බල්බය දල්වන්න 1890 වර්ෂය තරම් කල් ගත වුණා. ඒ කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරය තුළ. 1895 අවුරුද්දේ බූස්ටඩ් සහෝදරයෝ ආයතනය විසින් කොළඹදී ප්‍රථම වරට විදුලි සැපයුම ආරම්භ කළා.
පසුකාලීනව ඉංජිනේරු ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහත්මාගේ ගවේෂණ මගින් අපේ රටේ මධ්‍යම කඳුකරයේ තියෙන ජල විදුලිබල විභවය, සහ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ අනාගතයට එහි ඇති වැදගත්කම හඳුනාගත්තා. ඔය විදිහට කාලාන්තරයක් තිස්සේ ක්‍රමිකව දියුණු වුණ ලංකාවේ විදුලිබල උත්පාදන ක්‍රියාවලිය 1969 නොවැම්බර් පළවෙනිදා 1969 අංක 17 දරණ පාර්ලිමේන්තු පනත මගින් ලංකා විදුලිබල මණ්ඩලය ස්ථාපිත කළා.
ලංකා විදුලිබල මණ්ඩලය වර්තමානය

ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) 2022 අවුරුද්දේ නිකුත් කරපු වාර්ෂික වාර්තාවලට අනුව මෙගාවොට් 1378.4ක ස්ථාපිත ධාරිතාවක් සහිත විදුලි බලාගාර 17ක්, මෙගාවොට් 654ක ස්ථාපිත ධාරීතාවක් සහිත තෙල් බලයෙන් ක්‍රියාත්මක තාප බලාගාර 7ක්, මෙගාවොට් 900ක ස්ථාපිත ධාරිතාවක් සහිත එක් ගල් අඟුරු බලාගාර විදුලි බලාගාරයක් සහ මෙගාවොට් 103.5 ස්ථාපිත ධාරිතාවක් සහිත සුළං බලාගාර එකක් අප සතුව තියෙනවා.
මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය විසින් යාපනය අර්ධද්වීපයේ වටේ පිහිටලා තියෙන දූපත්වල ඩීසල් විදුලි බලාගාර කීපයකුත් ක්‍රියාත්මක කරනවා. 2022 අවුරුද්දේ අවසානය වෙද්දී ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාරවල සමස්ත ධාරිතාවය මෙගාවොට් 3036ක්.
ආයතනයේ මිලට ම පාරිභෝගිකයාට එකඟ වීමට බලපාන හේතු
ආයතනයේ මිලට ම පාරිභෝගිකයාට එකඟ වීමට බලපාන හේතු

ගණන් මිනුම් ඇරුණාම, ලංවිම ගැන කතාබහ හරි ගැඹුරු එකක්. මොකද පහුගිය කාලයේ ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතියට දරාගන්න බැරි කම්පනයක් ආපු ගමන් මුළු රටටම විදුලිය විසන්ධි වෙන බව තහවුරු වුණා. ඉතින් ලංකාව තුළ ජල විදුලියෙන් සහ අනෙකුත් ක්‍රමවලට විදුලි නිෂ්පාදනය වෙනවා.
රාජ්‍ය අංශය ඇරුණහම පෞද්ගලික අංශයේ සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ සූර්ය බල ශක්තිය පවා ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතියට එකතු කිරීමේ දී ධාරිතාව දරා ගැනීමට බැරිවීම කියන ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙලා. මේ වෙද්දි ලංකාවේ රැහැන් පද්ධතිය, සම්ප්‍රේෂණ ජාලය ආදී සියල්ලක් අයිති වෙන්නේ රජයට; ලංකා විදුලි බල මණ්ඩයට. ඒකට තරගකාරයෙක් නැහැ. ඒ තුළ තියෙන්නේ ඒකාධිකාරියක්. ඕනෑම වෙලාවක මිල තීරණය කිරීම, පාලනය කිරීමේ හැකියාව ඒ ආයතනයට තියෙනවා. පාරිභෝගිකයින් විදියට ඒ මිලට එකඟ වෙනවා ඇර අපිට වෙන විකල්පයක් නෑ.
ජාතික ආරක්ෂාවට එල්ල වන සැබෑ තර්ජනය
ලෝකය පුරා: විදුලි බල සම්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම කියන අංශවල නොයෙකුත් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඒවාට පෞද්ගලික ආයෝජකයන් ඔස්සේ නවීන තාක්ෂණය සහ තරගකාරීත්වය ලැබිලා තියෙනවා. ඒත් ලංකාවේ මේ වෙනකොට තියෙන ලංකා විදුලිබල පනත යටතේ නව ආයෝජකයින්ට ඊට සම්බන්ධ වීමේ හැකියාවි සීමිතයි. මේ නිසා ලංකාවේ විදුලිබල මණ්ඩලය තුළට නවීකරණය, නවෝත්පාදනය, තරගකාරීත්වය කියන දේවල් ඇතුළත් කිරීම කරන්න බැරි දෙයක් බවට පත් වෙලා.

මෑතකදී යෝජනා වුණ විදියට, විදුලිබල පනත සංශෝධනය වීම කියන කාරණයත් එක්ක විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ කිසිදු වගන්තියක් ඒ තුළ අන්තර්ගත වෙන්නෙ නැහැ. ඒ වෙනුවට නව පනතින් මණ්ඩලයේ කොටස් හතරකට වෙන් කරලා, 100% රජය සතුව තබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් ගේන තර්කය තමයි විදුලිබලය වගේ උපායමාර්ගිකව වැදගත් ආයතනයක් වෙනත් කෙනෙක්ගේ පාලනයට ගෙන යෑම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන කාරණය. හැබැයි විදුලිබල මණ්ඩලයේ නිරන්තර මිල වෙනස් වීම් නිසා සමස්ත ආර්ථිකයටම මුහුණ දෙන්න සිද්ධ වෙන පාඩුවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්.
ලංවිම සහ ඈත්වීම
ලංකාවේ විදුලි බල මණ්ඩලය කියපු ගමන් අපිට අමතක කරන්න බැරි ආයතනයක් තියෙනවා. ඒක තමයි මහජන උපයෝගිතා කොමිසම. මේ ආයතනය තුළත් ඉන්නේ රජය විසින් පත්කරපු නිලධාරීන්. මිල තීරණය කරන අවස්ථාවල මේ ආයතන දෙක අතරේ හැල හැප්පීම් ඇතිවන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. වෙනකොට තියෙන තත්ත්වය අනුව පිරිවැයට සරිලන මිලක් අය කරන්න ඕනේ. ඒ කියන්නේ පිරිවැයට වඩා වැඩි මිලකට යන්නත් බෑ. අඩු මිලකට යන්නත් බෑ.
ඉතින් හැම මාස හයකටම සැරයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිල වෙනස් කරලා බලාපොරොත්තු වෙන්නෙ, ඒ පිරිවැයට සරිලන මිල පවත්වා ගැනීම. කොහොමත් ලංකාවෙ තියෙන්නේ ඉහළ නිෂ්පාදන පිරිවැයක්. ඒ නිසා ඒ පිරිවැය කොහොමත් දරන්න වෙන්නේ සාමාන්‍ය ජනතාවට. පිරිවැය ඉහළ යන වාරයක් වාරයක් පාසා මිල ඉහළ යනවා.
ලංවිම සහ ආර්ථිකය
ලංවිම සහ ඈත්වීම
ලංකාවේ විදුලි බල මණ්ඩලය කියපු ගමන් අපිට අමතක කරන්න බැරි ආයතනයක් තියෙනවා. ඒක තමයි මහජන උපයෝගිතා කොමිසම. මේ ආයතනය තුළත් ඉන්නේ රජය විසින් පත්කරපු නිලධාරීන්. මිල තීරණය කරන අවස්ථාවල මේ ආයතන දෙක අතරේ හැල හැප්පීම් ඇතිවන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. වෙනකොට තියෙන තත්ත්වය අනුව පිරිවැයට සරිලන මිලක් අය කරන්න ඕනේ. ඒ කියන්නේ පිරිවැයට වඩා වැඩි මිලකට යන්නත් බෑ. අඩු මිලකට යන්නත් බෑ.
ඉතින් හැම මාස හයකටම සැරයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිල වෙනස් කරලා බලාපොරොත්තු වෙන්නෙ, ඒ පිරිවැයට සරිලන මිල පවත්වා ගැනීම. කොහොමත් ලංකාවෙ තියෙන්නේ ඉහළ නිෂ්පාදන පිරිවැයක්. ඒ නිසා ඒ පිරිවැය කොහොමත් දරන්න වෙන්නේ සාමාන්‍ය ජනතාවට. පිරිවැය ඉහළ යන වාරයක් වාරයක් පාසා මිල ඉහළ යනවා.
ලංවිම සහ ආර්ථිකය

සාමාන්‍යයෙන් අනෙකුත් ක්ෂේත්‍ර වගේ නෙමෙයි. ලංකාව විදුලිබල මණ්ඩලය එහෙම නැත්නම් විදුලි බලයෙන් තොරව කිසිම කර්මාන්තයකට පවතින්න බැරි තත්වයක් තමයි අද වෙනකොට තියෙන්නේ. මේ නිසා විදුලි බිලේ සිදුවන වෙනසක් අපි කන කෑම එකකට, හෝදන රෙදිවලට, මිලට ගන්න භාණ්ඩයකට, පාවිච්චි කරන සේවාවලට අදාළ මිල ගණන්වලට බලපානවා. ඒ අනුව වෙළඳපළේ හැමදේකම මිල ගණන් තීරණය වෙන්න විදුලි බිල විශාල බලපෑමක් කරනවා.
එකක් කඩතොලු වසා ගත්ත ද...?
ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වුණ කාරණා බොහොමයක් අතරේ ලංකා විදුලිබල මණ්ඩලය, පිරිවැය ආවරණය නොවෙන මට්ටමක මිල අඩුවෙන් පවත්වා ගැනීම නිසා විශාල වශයෙන් පාඩු ලැබුවා. ඒ පාඩුව නිසා විදුලි නිෂ්පාදනය වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ණයට ඉන්ධන ලබාගත්තා. ඒ වෙලාවෙදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් පාඩුවක් සිද්ධ වුණා. එයාලා ඒ පාඩුව පියවගන්න හිතාගෙන ලෝක වෙළඳපලේ සාමාන්‍යයෙන් පවතින මිලට වඩා වැඩියෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමට jet fuel විකුණපු නිසා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් පාඩු ලැබුවා.

මේ විදිහට එක ආයතනයක පාඩුවක් තවත් රාජ්‍ය ආයතන ගණනාවකට පැතිරිලා ගිහින් තියනවා. මේ ආයතන තුනම පාඩු ලබන කොට ඒ ආයතනවල මෙහෙයුම් කටයුතු කරගෙන යන්න සල්ලි නැති නිසා ඔවුන් භාණ්ඩාගාරයට ගිහිල්ලා ණය ඉල්ලනවා. නමුත් භාණ්ඩාගාරයටත් ඒ සම්බන්ධයෙන් වියදම් කරන්න සල්ලි නෑ. නමුත් රජය සතුව රජයේ බැංකු දෙකේ මහජනතාවගේ තැන්පත් මුදල් තියෙනවා. ඒ තමයි මහජන බැංකුව සහ ලංකා බැංකුව.
ඉතින් භාණ්ඩාගාරය ඇප වෙලා කලින් අර අපි කතා කරපු ආයතන තුනට ණය දෙන්න කියලා කියනවා. මේ වෙලාවෙදි රජයේ බැංකු දෙකත් ඒ නිසා පාඩු ලබනවා. 2024 අයවැයෙන් බිලියන 450ක් වෙන් කරන්න සිද්ධ වුණා මේ කියන බැංකු ක්ෂේත්‍රය වැටිලා තියෙන අර්බුදයෙන් ගොඩගන්න.
ලංවිම සහ අනාගතය
ඉතින් භාණ්ඩාගාරය ඇප වෙලා කලින් අර අපි කතා කරපු ආයතන තුනට ණය දෙන්න කියලා කියනවා. මේ වෙලාවෙදි රජයේ බැංකු දෙකත් ඒ නිසා පාඩු ලබනවා. 2024 අයවැයෙන් බිලියන 450ක් වෙන් කරන්න සිද්ධ වුණා මේ කියන බැංකු ක්ෂේත්‍රය වැටිලා තියෙන අර්බුදයෙන් ගොඩගන්න.
ලංවිම සහ අනාගතය
කොහොමත් මේ වෙනකොට කලාපයේ විදුලි මිල එක්ක සසඳලා බලද්දී ලංකාවේ විදුලි බිල ඉහළ මට්ටමක තියෙනවා. ඒකේ අදහස ලංකාවේ හැම දෙයක් ම මිල අධික වෙනවා කියන එක. ඒ අනුව කර්මාන්තකරුවන්ට, නව ආයෝජකයින්ට අපේ රටේ කර්මාන්ත කිරීමේ ගැටලු පැන නගිනවා. ඒ තත්ත්වය අපේ ආර්ථික වර්ධනයට හොඳ නෑ.
හැමදේක ම මිල වැඩි වෙනකොට උද්ධමනය ඉහළ ගිහිල්ලා ජනතාවගේ ජීවන මට්ටම් පහළ යනවා. මේ සියලු ම දේවල්වලට හේතුව හොයාගෙන ගිහින් බැලුවහම ලංකාවේ විදුලිබල මණ්ඩලය සැලකිය යුතු භූමිකාවක් රඟ දක්වන බව අපිට පේනවා.
විදුලි බල පනත සංශෝධනය විය යුත්තේ කෙසේ ද...?
විදුලි බල පනත සංශෝධනය විය යුත්තේ කෙසේ ද...?
ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයේ මුලට තමයි බෙහෙත් කරන්න ඕන. ලංකාවේ මේ වෙනකොට සම්ප්‍රේෂණ පද්ධතිය දියුණු වෙන්න ඕනෙ. ධාරිතාව දරා ගන්න බැරි වුණ ගමන් විදුලිය විසන්ධි වෙලා ඒක රටට ම බලපානවා නම් ඒක ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක්. නමුත් දුර්වල සම්ප්‍රේෂණ පද්ධතියක් නවීකරණය කරන එක රජයකට විතරක් තනියෙන් කරන්න බෑ. මොකද රජයට වෙන දේවල්වලටවත් ප්‍රමාණවත් තරම් සල්ලි නැහැ.
සම්ප්‍රේෂණ පද්ධතිය දියුණු කිරීම වගේ විශාල ආයෝජනයකට නම් පෞද්ගලික ආයෝජකයින්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් තරගකාරීත්වයක් ඇති වෙන්න සහ නවීන තාක්ෂණය ලංකාවට ලබා ගන්න නම් ලංකාවේ විදුලිබල මණ්ඩලයේ විදුලි බල පනත සංශෝධනය විය යුත්තේ ඒ පෞද්ගලික අංශවලටත් විදුලි බල උත්පාදනය සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම කියන දේවල්වලට පහසුකම් සැලසෙන විදිහට.
කොටු කරලා, හිර කරලා, පිටට ආවරණය වෙන්න නොදී පැළයක් හැදුවොත්...?
අපි හැමදාමත් කියනවා වගේ රජයක් වෙළඳාම් කටයුතුවලට එහෙම නැත්නම් ආර්ථික කටයුතුවලට මැදිහත් වෙනකොට ආර්ථිකයක් සංකෝචනය වෙනවා. ආර්ථිකයක් වර්ධනය වෙන්න නම් නිදහස තියෙන්න ඕන. ඒක හරියට නිදහසේ පැළයක් හැදෙන්න හිරු එළිය, ජලය, වාතය කියන දේවල් සමග නිදහසේ වැඩෙන්න ඉඩ තියෙන්න ඕන වගේ. එහෙම නැතුව කොටු කරලා, හිර කරලා, පිටට ආවරණය වෙන්න නොදී අපිට පැළයක් හදන්න බෑ. ඒක මැරෙනවා.
ඉතින් ලංකාවේ ආර්ථිකයේ ඉදිරි අනාගතයත් ඕකයි. ඒක තේරුම් අරගෙන අවශ්‍ය කාලයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කළේ නැත්නම් ලංකාවේ ආර්ථිකයත් ආයෙත් මළ ආර්ථිකයක් වෙන්න ඉඩ තියෙනවා.
(සටහන | දිල්මිණී අබේරත්න)
Advocata Institute
dilmini@advocata.org
අපි හැමදාමත් කියනවා වගේ රජයක් වෙළඳාම් කටයුතුවලට එහෙම නැත්නම් ආර්ථික කටයුතුවලට මැදිහත් වෙනකොට ආර්ථිකයක් සංකෝචනය වෙනවා. ආර්ථිකයක් වර්ධනය වෙන්න නම් නිදහස තියෙන්න ඕන. ඒක හරියට නිදහසේ පැළයක් හැදෙන්න හිරු එළිය, ජලය, වාතය කියන දේවල් සමග නිදහසේ වැඩෙන්න ඉඩ තියෙන්න ඕන වගේ. එහෙම නැතුව කොටු කරලා, හිර කරලා, පිටට ආවරණය වෙන්න නොදී අපිට පැළයක් හදන්න බෑ. ඒක මැරෙනවා.
ඉතින් ලංකාවේ ආර්ථිකයේ ඉදිරි අනාගතයත් ඕකයි. ඒක තේරුම් අරගෙන අවශ්‍ය කාලයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කළේ නැත්නම් ලංකාවේ ආර්ථිකයත් ආයෙත් මළ ආර්ථිකයක් වෙන්න ඉඩ තියෙනවා.
(සටහන | දිල්මිණී අබේරත්න)Advocata Institute
dilmini@advocata.org



