The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැව්ගම් පුබුදුවෙන් ගොවි ජන ජීවිතයට ආලෝකයක් - චන්දන එදිරිසූරිය

T

The Leader Desk

June 10, 2025 • 3:19 PM

වැව්ගම් පුබුදුවෙන් ගොවි ජන ජීවිතයට ආලෝකයක් - චන්දන එදිරිසූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ, වැව්ගම් පුබුදුව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය අවධාරණය කරයි.
  • ගෝලීය උෂ්ණත්වය වැඩි වීමට බලපාන හේතු ප්‍රදේශයක පවතින දේශගුණ තත්ත්වයන්ට අනුගත ව සත්ත්ව සහ ශාක ප්‍රජාව බිහි වි ඇති අතර ප්‍රදේශයේ දේශගුණික සහ අනෙකුත් ‌භෞතික තත්ත්වයන්ට අනුව මිනිස් ක්‍රියාකාරකම් හැඬ ගැසි ඇත.
  • ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් පාලනයට යටත් කළ පාරසරික සාධක යටතේ සිදු කිරීමට තරම් නූතන මානවයා තාක්ෂණයෙන් සහ විද්‍යාවෙන් දියුණු ය.
  • ක්‍රමික ව චක්‍රීය ව සිදු වූ පාරසරික ක්‍රියාකාරකම් ක්ෂණිකව සිදු වීම නිසා වායුගෝලීය සංයුතියෙහි සිදු වන වෙනස්කම් මත ගෝලීය උෂ්ණත්වය වැඩි වී දේශගුණයෙහි අන්තගාමි තත්ත්වයන් ඇති වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ, වැව්ගම් පුබුදුව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය අවධාරණය කරයි.

ඔහු මෙම කරුණු අවධාරණය කළේ හිරු එළියෙන් පිබිදෙන වැව්ගම් පුබුදුව යන මැයෙන් වූ ව්‍යාපෘතියේ විවිධාංගිකරණය වූ සේවා පිළිබඳ අදහස් දක්වමිනි.

මතු පළ වන්නේ එම අවස්ථාවේ දී චන්දන එදිරිසූරිය දැක්වූ අදහස් ඇසුරෙන් සැකසුණු ලිපියකි.

ගෝලීය උෂ්ණත්වය වැඩි වීමට බලපාන හේතු

xcbdsfdvcv

ප්‍රදේශයක පවතින දේශගුණ තත්ත්වයන්ට අනුගත ව සත්ත්ව සහ ශාක ප්‍රජාව බිහි වි ඇති අතර ප්‍රදේශයේ දේශගුණික සහ අනෙකුත් ‌භෞතික තත්ත්වයන්ට අනුව මිනිස් ක්‍රියාකාරකම් හැඬ ගැසි ඇත. ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් පාලනයට යටත් කළ පාරසරික සාධක යටතේ සිදු කිරීමට තරම් නූතන මානවයා තාක්ෂණයෙන් සහ විද්‍යාවෙන් දියුණු ය. ක්‍රමික ව චක්‍රීය ව සිදු වූ පාරසරික ක්‍රියාකාරකම් ක්ෂණිකව සිදු වීම නිසා වායුගෝලීය සංයුතියෙහි සිදු වන වෙනස්කම් මත ගෝලීය උෂ්ණත්වය වැඩි වී දේශගුණයෙහි අන්තගාමි තත්ත්වයන් ඇති වී තිබේ.

දේශගුණික විපර්යාස  සහ පාරසරික විනාශ සිදු විම කෙරෙහි  සම්පත් ක්ෂය වීම සහ බලශක්ති ඉල්ලුම ඉහළ යෑම විශාල බලපෑමක් සිදු කරයි. සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් නිරතුරුවම සංවර්ධන කටයුතුවල නිරත වී සිටී. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සංවර්ධන උපාය මාර්ග අනුගමනය කිරීමේ දී ගෝලිය උණුසුම වැඩි වීම සහ දේශගුණික වෙනස්කම් ඇති වීම කෙරෙහි සෑම රටක් ම පාහේ දායක වී ඇති බව රහසක් නොවේ. සංවර්ධන කටයුතුවල දී එක් එක් රටවල් යොදා ගනු ලබන පොසිල ඉන්ධන සහ බලශක්ති පරිභෝජනයේ ධාරිතාව අනුව දේශගුණික වෙනස්කම් ඇති කිරීමට දක්වන දායකත්වය ද වෙනස් වේ.

මිනිසාට නොමිලේම ලබා ගත හැකි, පුනර්ජනනය කළ හැකි ශක්ති ප්‍රභවය

cvhthgg

ශ්‍රී ලංකාව තුළ  වාර්ෂිකව විශාල පිරිවැයක් බලශක්ති සඳහා වැය කරයි. මේ නිසා බලශක්ති අර්බුදයක් ඇති බවත්, ඒ සඳහා පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක්  බව සෑම විටක ම මාධ්‍ය මගින් මෙන් ම, දේශපාලකයින් ද සංවාදයට ලක් කරනු ලබන මාතෘකාවකි. මෙරටේ පවතින දේශගුණික තත්ත්ව හේතුවෙන් ශ්‍රී ලංකාව විවිධ පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභවයන්ගෙන් පොහොසත් ය.ඒවායින් ඇතැම් ප්‍රභව රටේ බලශක්ති අවශ්‍යතා සඳහා දුර අතීතයේ සිටම භාවිත කරයි.

තාක්ෂණයෙන් දියුණුව සහ ආර්ථික වෙනස්කම් සමග අනෙකුත් ප්‍රභව ද භාවිතය සඳහා සංවර්ධනය කිරීමේ ශක්‍යතාව පවතියි. මිනිසාට නොමිලේම ලබා ගත හැකි පුනර්ජනනය කළ හැකි ශක්ති ප්‍රභවය වන්නේ සූර්ය ශක්තිය යි. සූර්ය ශක්තිය පෘථිවියට බාධා වන වේගය මානව වර්ගයා බලශක්ති පරිභෝජනය කරන වේගයට වඩා දස දහස් ගුණයකින් ඉහළ ය. ලොව පුරා සිටින සියලුම දෙනා එක් වසරක් තුළ දී භාවිත කරන සියලු ම බලශක්ති ප්‍රමාණයට වඩා වැඩි බල ශක්ති ප්‍රමාණයක් සූර්යයා වෙතින් එක් දිනක් තුළ දී පෘථිවිය මත පතිත වෙයි.

සූර්ය තාක්ෂණයට තාපය, සිසිලනය, ස්වභාවික ආලෝකය, විදුලිය සහ යෙදුම් රාශියක් සඳහා ඉන්ධන සැපයිය හැකි ය. සූර්ය තාක්ෂණය මගින් සූර්යාලෝකය විද්යුත් ශක්තිය බවට පරිවර්තනය කරනු ලබන්නේ ප්‍රකාශ වෝලිටීයතාව පැනල හරහා හෝ සූරිය විකිරණ සාන්ද්‍රණය කරන දර්පන හරහා ය. සෑම රටක ම පාහේ සුර්ය බලශක්තිය එක හා සමානව නොතිබුණ ද ,ඍජු සූර්ය බලශක්තියෙන් බලශක්ති මිශ්‍රණයට සැලකිය යුතු දායකත්වයක් සෑම රටකටම සිදු කළ හැකි ය.

වියළි කලාපයේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන ගැටලුව

cfgdfgvv

මෙම සංකල්පය යොදා ගනිමින් හරිත දේශගුණ අරමුදලේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක “වැව්ගම්” පුබුදුව ව්‍යාපෘතිය යටතේ වියළි කලාපයේ එල්ලංගා පද්ධති මූලික කරගනිමින් වැව් පිළිසකර කරලීමේ ක්‍රියාන්විතයට අමතරව වියළි කලාපයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා විවිධ සංරචක ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

 
 වියළි කලාපයේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන ගැටලුවක් වන තම වගා ක්ෂේත්‍රවලට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා සුර්ය ශක්තිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

වියළි කලාපය යනු වසරේ වැඩි කාලයක් වර්ෂාව නොලබන ප්‍රදේශයකි. අනෙකුත් ප්‍රදේශ මෙන්ම මෙම ප්‍රදේශයේ ගොවි මහතුන් ද කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමේදී දැඩි දුෂ්කරතාවලා මුහුණ දෙති. ග්‍රාමීය වාරි පද්ධති ආශ්‍රිතව වෙසෙන සුළු ඉඩම් හිමි ගොවීන් ඉතාමත් දරිද්‍රතාවෙන් පෙළෙන අතර, වගාවට අවශ්‍ය ජලය සම්පාදනය කර ගැනීම යනාදි ප්‍රධාන අභියෝග රැසක් ඔවුන් හමුවේ පවතී. පවතින ආර්ථික තත්ත්වයත් සමග ඇතැම්විට මෙම ගොවි මහතුන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ වගා කටයුතුවල නිරත වේ.

ගොවියන්ට අවශ්‍ය සියලුම උපදෙස් සහ අධීක්‍ෂණ කටයුතු ව්‍යාපෘතිය මගින්      
xfgdrgrr
ව්‍යාපෘතියෙහි ක්‍රියාත්මක සංරචකයක් වන දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය යටතේ හඳුන්වා දුන් දේශගුණික සුහුරු ගෙවතු වගා ක්‍රමය වැව් ඉහත්තාවේ පෝෂක ප්‍රදේශ මූලික කරගනිමින් ක්‍රියාත්මක කරයි. මෙම ගෙවතු වගා සඳහා අවශ්‍ය ජල සම්පාදනයේ දී පොසිල ඉන්ධන දහනය නිසා සිදු වන කාබන් විමෝචනය මෙන් ම අධික පිරිවැයක් දැරීමට ද සිදු වේ. 
 
මෙම තත්ත්වයෙන් වන බලපෑම අවම කිරීම සඳහා තිරසාර ශක්ති ප්‍රභවයක් ලෙස සූර්ය ශක්තිය යොදා ගැනීම සිදුකරයි. එහි දී සුර්ය ශක්තිය උපයෝගී කරගනිමින් සුර්ය පැනල යොදා ගෙන විදුලිය උත්පාදන කිරීම සඳහා ජංගම සූර්ය ජල පද්ධති (Green Energy Mobile Sola) ලබා දීම සිදු කරයි.

එක් එක් ප්‍රතිලාභීන් සඳහා අවශ්‍ය ජංගම සූර්ය ජල පද්ධති සහ වගා ක්ෂේත්‍ර තුළට අවශ්‍ය මොහොතේ දී මෙම උපකරණ රැගෙන යා හැකි වන පරිදි එය සවි කිරීමට අවශ්‍ය ට්‍රැක්ටර් ට්‍රේලර් ලබා දීම ව්‍යාපෘතිය මගින් සිදු කරනු ලබයි. මෙයට අමතරව වගා ක්ෂේත්‍රයන්හි සවි කිරීම සඳහා අවශ්‍ය සූර්ය පැනල පද්ධති ලබා දීමෙන් වගා ළිංවලින් වගා සඳහා අවශ්‍ය කරන ජලය ලබා ගනී. 
 
මෙම කර්තව්‍යයේ දී  ත්‍රිකුණාමලය, රොට වැව යනාදි ප්‍රදේශවල තෝරා ගත් ප්‍රතිලාභීන් සඳහා අවශ්‍ය කරන සූර්ය පැනල සහ අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන් ම ගොවිමහතුන්ට අතරමැදි කන්න සඳහා අවශ්‍ය බිජ වර්ග ලබා දෙමින් ඔවුනට අවශ්‍ය සියලුම උපදෙස් සහ අධීක්‍ෂණ කටයුතු ද ව්‍යාපෘතිය මගින් ලබා දීමටත් අමතක කර නොමැත.

ඒ ඔස්සේ වියළි කාලගුණයක් පවතින කාලවල දී, බලශක්ති අර්බුදයට මෙන්ම ඉන්ධන ලබා ගැනීමට වියදම් වන මුදල්, වගාවට අවශ්‍ය ජලය සම්පාදනය කිරීමට ඇවසි බලශක්ති සපයා ගැනීමටත්, සුර්ය පැනල භාවිතය මගින්, වායුගෝලයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය ශුන්‍ය කිරීමට සුළුවෙන් හෝ දායක වීමටත් ව්‍යාපෘතියට හැකියාව ලැබී ඇත.

(සටහන | ජේ.මුණසිංහ)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...