The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇමෝනියාවලින් දුවන නෞකාවක් නිපද වූ ඕස්ට්‍රේලියාවේ ධනවත්ම මිනිසා

T

The Leader Desk

June 12, 2025 • 6:21 AM

ඇමෝනියාවලින් දුවන නෞකාවක් නිපද වූ ඕස්ට්‍රේලියාවේ ධනවත්ම මිනිසා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දවල් දවසේ තියන රැස්වීම්වලින් පස්සේ, සවස් යාමයේ නගරය පුරාම වගේ තැනින් තැන networking events, සුහද හමු.
  • හැබැයි එහෙම සාද හමුවකට යන්න නම් විශේෂ ආරාධනයක් තියෙන්න ඕනේ. ඉතින් Pulitzer Centre එකේ Ocean Reporting Network Fellows ල විදියට එහෙම විශේෂ සාද කිහිපයකට සම්බන්ධ වෙන්න අපේ කණ්ඩායමේ 14 දෙනාටත් අවස්තාවක් ලැබුණ.
  • සාදයක් වුණාට ඇත්තටම ඒක සාදයක් නෙවෙයි.
  • සාගර සමුළුවට සහභාගි වෙන අය වෙනුවෙන් ඒක සංවිධානය කරලා තිබුණේ 2023 වෙනකල් ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයා විසින්.
අකුරු ප්‍රමාණය (Font Size):

දවල් දවසේ තියන රැස්වීම්වලින් පස්සේ, සවස් යාමයේ නගරය පුරාම වගේ තැනින් තැන networking events, සුහද හමු. ඒ තැන්වල රස මසවුලුත් එක්ක මධුවිතත් කිසිම අඩුවක් නැතුව සැපයෙනව. බොහෝ වෙලාවට මේ සාදවල බර පැන දරන්නේ රාජ්‍ය නොවන සංවිධානයක්, නැත්නම් ධන කුවේරයෙක්.

මොනාකෝ, නෝර්වේ සහ තවත් සමීප රටවල ඉඳල ආපු නෞකා ගණනාවකුත් ලිම්පියා වරායේ (Port Lympia) සම්මන්ත්‍රණ ශාලාව ඉස්සරහ නවත්තල තියෙනව. ඒ බොහෝ නැවුවලත් දවල් දවසටත් මධු සාද. හැබැයි එහෙම සාද හමුවකට යන්න නම් විශේෂ ආරාධනයක් තියෙන්න ඕනේ.  

amo1

 

ඉතින් Pulitzer Centre එකේ Ocean Reporting Network Fellows ල විදියට එහෙම විශේෂ සාද කිහිපයකට සම්බන්ධ වෙන්න අපේ කණ්ඩායමේ 14 දෙනාටත් අවස්තාවක් ලැබුණ.


සාදයක් වුණාට ඇත්තටම ඒක සාදයක් නෙවෙයි. සාගරය රැකගැනීම වෙනුවෙන් ගනිපු දැවැන්ත පියවරක් ගැන දැනුවත් කරන රැස්වීමක්. සාගර සමුළුවට සහභාගි වෙන අය වෙනුවෙන් ඒක සංවිධානය කරලා තිබුණේ 2023 වෙනකල් ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයා විසින්. රැස්වීම (සාදය) තිබුණේ නැවක. රැස්වීම පටන්ගත්තේ ශම්පේන් සහ කොක්ටේල් සංග්‍රහයකින්. කෑමත් අඩුවක් නැතුව තිබුණ.

 

amo2

Dr Andrew Forrest කියන්නේ 2020 ඉඳල 2023 දක්වා ඕස්ට්‍රේලියාවේ හිටපු ධනවත්ම ව්‍යාපාරිකයා. ඔහු මේ ධනය රැස් කළේ ලෝහ කැණීමේ ව්‍යාපාරයෙන්. ඒ කියන්නේ මෑතක් වනතුරුම Andrew පරිසරය ගැන තැකීමක් කළේ නැහැ. නමුත් දැන් ඔහු ඒ සියල්ල අත් හැරලා. දැන් ඔහු සාගරය රැකගැනීම වෙනුවෙන් කැපවුණ පරිසර ක්‍රියාධරයෙක්.

ලිම්පියා වෙරළට සැතපුම් දහයක් විතර දුරින් නැන්ගුරම් දාල තියෙන Green Pioneer නෞකාව ඒ නමේ කියන විදියටම පුරෝගාමියෙක්. ඉන්ධන විදියට ඒ නැව use කරන්නේ ඩීසල් සහ ඇමෝනියා. Green Pioneer කියන්නේ ලෝකේ ඇමෝනියාවලින් දුවන ලෝකේ පළවෙනි නෞකාව. මේ නව නිර්මාණයේ අරමුණ නෞකා කර්මාන්තයෙන් පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය අඩුකිරීම. ඒක නෞකා කර්මාන්තයට සම්බන්ධ තාක්ෂණයේ දැවැන්ත ඉදිරි පියවරක්.  



පොසිල ඉන්ධන භාවිතය සම්පූර්ණයෙන් නවතා දැමීම, ඒ වෙනුවට පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව හඳුන්වාදීම සහ නූතන වහල් මෙහෙය නිමා කිරීම වෙනුවෙන් Dr Andrew Forrest දැඩිව පෙනී ඉන්නවා.

2030 වනවිට ඔහුගේ Fortescue සමාගම පරිසර හිතකාමී සමාගමක් බවට පරිවර්තනය කරන්න ඔහු දැනටමත් ඩොලර් බිලියන් 6ක් ආයෝජනය කරලා. තමන් අනුගමනය කරන්න කියල ඔහු ලොව පුරා ධන කුවේරයින් ගෙන් ඉල්ලීමකුත් කරනවා. ආචාර්ය ෆොරස්ට් කියන විදියට ඉදිරි දශක කිහිපයේදී නෙවෙයි, ඉදිරි වසර කිහිපය ඇතුළත ලෝකය පොසිල ඉන්ධන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්විය යුතුයි.  

හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී (John Kerry), හිටපු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සැක් ගෝල්ඩ්ස්මිත් (Zac Goldsmith) ඇතුළු අගමැතිවරු, ඇමතිවරු ගණනාවකුත් මේ සාද සංවාදයට සම්බන්ධ වෙලා හිටිය.

ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)(සටහන | සරෝජ් පතිරණ
)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
(නීස් නගරයේ සිට)
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජුනි 11

සබැඳි ලිපි :

සාගරය හෝ ග්‍රීන්ලන්තය වෙළෙඳ භාණ්ඩයක් නොවේ - ප්‍රංශ ජනාධිපති

ලෝක සාගර සමුළුව ප්‍රංශයේ නීස් නගරයේ දී ඇරඹෙයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමෝනියාවලින් දුවන නෞකාවක් නිපද වූ ඕස්ට්‍රේලියාවේ ධනවත්ම මිනිසා | The Leader