The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බදු සතියේ සතියෙන් බදු ගෙවීම | දිල්මිණී අබේරත්න

T

The Leader Desk

June 12, 2025 • 8:11 AM

බදු සතියේ සතියෙන් බදු ගෙවීම | දිල්මිණී අබේරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සතියෙන් බදු ගෙවමු කලබල වෙන්න එපා!
  • අපි මේ කියන්නේ සතියක් ඇතුළත බදු ගෙවන්න කියලා එහෙම නෙමෙයි.
  • ඇත්තටම බදු කියන්නෙ කරදරයක්ද?
  • ඒ වගේම බදු කියලා කියන්නේ අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 


සතියෙන් බදු ගෙවමු

කලබල වෙන්න එපා! අපි මේ කියන්නේ සතියක් ඇතුළත බදු ගෙවන්න කියලා එහෙම නෙමෙයි. සතියෙන් එහෙම නැත්තම් හොඳ සිහියෙන් බදු ගෙවන්න නම් අපි දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා පැහැදිලි කරගන්න ඕන කියන කතාවයි අපි මේ කියන්නෙ.

 


සාමාන්‍යයෙන් බදු කියපු ගමන් හුඟක් අයට හිතෙන්නෙ, ඒක අපි මග ඇරලා යන්න ඕන කතාවක් කියලයි. තවත් සමහරු හිතනවා අපි කොහොමද බදු නොගෙවා ඒකෙන් මිදෙන්නෙ කියලා. අපිට එහෙම හිතෙන්නේ බදු අපට කරදරකාරී සහ නරක දෙයක් නම් විතරයි. අපි ආසා කරන, අපිට ප්‍රතිලාභයක් තියෙන දෙයක් මග ඇරලා යන්න මිනිස්සු විදිහට අපි කැමති නෑ. හැබැයි අපිට කරදරයක් වෙන ඕනම දේකින් මිදෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඇත්තටම බදු කියන්නෙ කරදරයක්ද? නැත්තම් ඒකේ හොඳක් තියෙනවද? අද අපි මේ අවුල ලිහාගමු. 

බදු කියන්නේ මොනවද?

බදු කියලා කියන්නේ රජයක් විසින් ආදායම් උපයාගන්න ප්‍රධාන ක්‍රමයක්. රජයේ වියදම් පියවා ගැනීම සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම කියන කාරණාවලදි රජයට ආදායම් බදු ආදායම වියදම් කරන්න සිද්ධ වෙනවා.

Education lanka

ශ්‍රී ලංකාවේ බදු සලකලා බැලුවම ලංකාවේ රජයට බදු ආදායම අවශ්‍ය වෙන්නේ, සුභසාධන වියදම් පියවා ගැනීමට. උදාහරණයක් විදිහට නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට, යටිතල පහසුකම් සංවර්ධනයට වගේම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළවල් වෙනුවෙන් යොදවන්න බදු මුදල් අවශ්‍ය වෙනවා. ලංකාවේ බදු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින්.

Screenshot 2025 06 12 121227
බදු කියලා කියන්නේ තනි පුද්ගලයන් සමාගම් හෝ පාරිභෝගිකයින් විසින් රජයට ගෙවනු ලබන අනිවාර්ය මූල්‍ය ගෙවීමක්. ඒක මගාරින්න හැකියාවක් අපිට නෑ. බදු ගෙවීම පැහැර හැරියොත් ඒ වෙනුවෙන් දඩ මුදල් ගෙවන්න හෝ නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම බදු කියලා කියන්නේ අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. රජ කාලේ පවා නොයෙක් හේතු මත මිනිස්සුන්ට බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.

බදු වර්ග

බදු කිව්වම එකක් කියලා නෑ; වර්ග කිහිපයක් තියෙනවා. බදුවල තියෙන ප්‍රධාන ම කොටස් දෙක තමයි සෘජු බදු සහ වක්‍ර බදු කියන්නේ. ඍජු බදු කියලා කියන්නේ ඍජුව ම පුද්ගලයන් හෝ කිසියම් ඒකකයක් මත පනවන බදු. ඒ කියන්නේ කෙනෙකුගේ ආදායමට එහෙම නැත්නම් ලාභයට සෘජුවම පනවන බදු.

ax on good

වක්‍ර බදු කියලා කියන්නේ එහෙම බැලූ බැල්මට එකපාරට ම පේන්නෙ නැති බදු වර්ගයක්. ඒක අපේ ආදායමට පනවන එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් වක්‍ර බදු පනවන්නේ අපි පාවිච්චි කරන භාණ්ඩ හා සේවාවලට. එතකොට අපි කඩේට ගිහින් හරි ඔන්ලයින් හරි ක්‍රමයකට මොකක් හරි භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් මිලට ගනිද්දි, ඒ භාණ්ඩයේ හෝ සේවාවේ මිලට බදු එකතු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපිට භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නකොට වක්‍ර බදු ගෙවන්න සිද්ධ වෙනවා. 

Screenshot 2025 06 12 121825
සාමාන්‍යයෙන් රටක බදු පැනවීම නිසා සිද්ධ වෙන ප්‍රතිඵල කීපයක් තියෙනවා. ඒ අතර තියෙනවා,

*  රජයේ ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අරමුදල් සපයා ගැනීම.

*  ආර්ථික අසමානතාවයන් තුලනය කිරීම.

* පරිභෝජනය නියාමනය කිරීම සහ හානිකර භාණ්ඩ හෝ සේවාවන් පරිභෝජනය අධෛර්යමත් කිරීම.

මේ කාරණා ටික අපි පැහැදිලි කර ගත්තොත්, අපි කලින් කතා කළා වගේ ලංකාවේ තියෙනවා විශාල සුභසාධන ආර්ථිකයක්. අපි බොහෝ දෙනෙක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය. ඒ දේවල් වෙනුවෙන් වැය වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයත් ඒ වගේ.

දෙවනි කාරණය තමයි සමාජයක තියෙන ආර්ථික අසමානතා තුලනය කිරීම. එතනදි සිද්ධ වෙන්නේ වැඩි ආදායම් උපයන කාණ්ඩවලින් අය කරගන්නා බදු මුදල් සමාජ ආරක්ෂණ ජාල වෙනුවෙන්; සමාජයේ ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්වෙලා සිටින දුප්පත් සහ අන්ත දුගී කොටස්වලට සහනයක් සැපයීම.

Bengale 2020.04.11

මීට අමතරව තුන්වෙනි කාරණය විදිහට කතා කරපු හානිකර භාණ්ඩ හෝ සේවා වෙනුවෙන් බදු පැනවීම සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට දුම්වැටි සහ මත්පැන් වැනි භාණ්ඩ මත ඉතා විශාල බද්දක් පැනවීමෙන් බලාපොරොත්තු වෙනවා ඒවායේ පරිභෝජනය සීමා කරවීමට.


බදු පැන ලිහමු

බදු කියලා කිව්වට එක් එක් බදුවල කාර්‍යය, ක්‍රියාත්මක වන ස්වරූපය, පනවනු ලබන පිරිස සහ අරමුණ අනුව ඒවා වෙනස් වෙනවා. අපි ඒ වෙනස්කම් කෙටියෙන් පැහැදිලි කර ගමු.

Screenshot 2025 06 12 122345
රටක දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආනයනය කරන තරගකාරී භාණ්ඩ මත තීරු බදු පැනවීමත් එක්තරා විශේෂ බදු ක්‍රමයක්. මේ වෙද්දි මුළු ලෝකයේ ම කතාබහට ලක් වෙලා තියෙන ඇමරිකන් තීරු බදුවලිනුත් ඇමරිකාවේ තියෙන දේශීය නිෂ්පාදනවලට විදෙස් රටවල භාණ්ඩවලින් එල්ල වෙන බලපෑම අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවෙන් උදාහරණයක් ගත්තොත් දේශීය කහ නිෂ්පාදකයා රැක ගැනීම වගේ උද්ධෘත පාඨ යටතේ ආනයනය කරන කහවලට බදු පැනවීම කළොත් සිද්ධ වෙන්නේ, ආරක්ෂණවාදී බද්දක් පැනවීම.

 

මෑත කාලයේදී ලංකාව බදු සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීල තියෙනව ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ බදු ගෙවෙන පිරිස වැඩිකර ගැනීම, බදු ආදායම වැඩි කර ගැනීම සහ පීඩාවට පත් ආර්ථිකය යළි ගොඩනැංවීම කියන දේවල්. කාර්යක්ෂම බදු ප්‍රතිපත්තියක් සහ කළමනාකරණයක් පැවතීම, රටේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් වැදගත් වෙනවා වුණත්, වැඩි වැඩියෙන් බදු පැනව්වාම සහ හැම අතින්ම බදුවලින් මිරිකෙනකොට මිනිසුන්ට බදු කරදරකාරී බවක් දැනෙනවා.

tax 221016

සාමාන්‍යයෙන් මේ නිසා බදු ගෙවීමේ අනුකූලතාව ඇති වෙලා, ඒ ගැන කැමැත්තෙන් මිනිස්සු බදු ගෙවන්න නම් බදුවල තිබිය යුතු ලක්ෂණ කීපයක් තියෙනවා. බදුවල ස්වරූපය, බදුවලින් බලපෑමක් ඇතිවන සමාජ කණ්ඩායම, අය කර ගන්නා බදු විය පැහැදම් කරන ආකාරය, ඒවායේ විනිවිදභාවය සහ බදුවල සාධාරණත්වය කියන කාරණා මෙතනදි වැදගත් වෙනවා. සාර්ථක බදු ක්‍රමයක් පවත්වා ගැනීම වෙනුවෙන් බදු මූලධර්ම අනුගමනය කිරීම අවශ්‍ය වෙනවා. දැන් අපි හොයලා බලමු මොනවද බදු මූලධර්ම කියලා කියන්නේ කියලා.


බදු මූලධර්ම


රජය විසින් අය කරන බදුවලින් ඇතිවිය හැකි අයහපත් ප්‍රතිවිපාක හැකිතාක්  අවම කරගැනීම සහ බදු ක්‍රමය කාර්යක්ෂමව පවත්වාගෙන යෑම වෙනුවෙන් ‍යහපත් බදු ක්‍රමයක් තුළ අන්තර් ගත විය යුතු යැයි පිළිගැනෙන මූලධර්ම කීපයක් තියෙනවා. ඒ අතරින් වඩා වැදගත් මූලධර්ම හතරක් ගැන සොයා බලමු.

*  සරල බව (simplicity)

* විනිවිදභාවය (transparency)

*  මධ්‍යස්ථ බව (neutrality)

* නිශ්චිත වීම (stability)

සරල බව (simplicity)

ඕනෑම දෙයක් සරල වෙන තරමට පහසුවක් තියෙනවා. බදු පද්ධතිය එහෙම නැත්නම් බදු ගෙවන ක්‍රමය, බදු අනුපාතය කියන මේ කිසිම දෙයක් බදු ගෙවන මිනිස්සුන්ට තේරෙන්නේ නැත්නම් ඒක සරල නෑ. බදු ගෙවන මිනිස්සුන්ට විතරක්ම නෙමෙයි, බදු පරිපාලනයේ නිරත වෙලා ඉන්න නිලධාරීන්ට සහ බදු මෙහෙයුම් කටයුතු සිදු කරන ආයතනවලට, බදු පද්ධතිය එක්ක වැඩ කරන එක අමාරු වෙනවා නම් ඒ බදු පද්ධතිය අසාර්ථකයි. බදු පද්ධතිය සංකීර්ණ වෙන්න වෙන්න, මිනිසුන්ට ඒ ගැන තේරුම් ගන්න අමාරු වෙනවා. ඒ වගේම බදු පද්ධතිය ආකාරයක්ෂම වෙලා බදු පැහැර හැරීම් වැඩිවෙනවා.

විනිවිදභාවය (transparency)

tax pay

බදු ක්‍රමයක විනිවිදභාවයක් තියෙනවා කියන්නෙම අපි ගෙවන බදු සල්ලි යෙදවෙන්නේ මොනවටද, කොහොමද කියන එක අපි හොඳින්ම දන්නවා කියන එකයි. හැබැයි එහෙම නොවෙන තැන් ඕන තරම් තියෙනවා. ඒ විදිහට විනිවිදභාවයක් නැති බදු ක්‍රමයක, මිනිස්සු බදු ගෙවනවාට වඩා බදු පැහැර හරින්න පෙළඹෙනවා. ආදායම් බදු සම්බන්ධයෙන් නිරන්තරයෙන් වෙනස්කම් සිද්ධ වෙද්දිත්, මිනිස්සුන්ට ඒ ගැන තියෙන විශ්වාසය හීන වෙනවා. ඒ නිසා බදු ක්‍රමය නිතරම විනිවිදභාවයක් ඇතිව පවත්වා ගන්න ඕන.

මධ්‍යස්ථ බව (neutrality)

බදු අය කිරීමේ දී අපක්ෂපාතී සහ සාධාරණ පිළිවෙතක් අනුගමනය කිරීමයි වැඳගත් වෙන්නේ. බදු පැනවීම ඔස්සේ කිසියම් නිශ්චිත කර්මාන්ත හෝ නිෂ්පාදන  අංශ ඉලක්ක කරගෙන ඒවට විශේෂයෙන් බදු පැනවීම සිදු කළ යුතු නැහැ. 2015 අවුරුද්දේ පෙර වසරේ ලාභය සලකා බදු පැනවීමක් සිද්ධ වුණා. . බදු පැනවීමෙන් කිසිම වෙලාවක පවතින පද්ධතිය, ආර්ථික කටයුතු විකෘති කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. බදු පැනවීම සිදු  කරන්නේ රජයට ආදායමක් ලබා ගැනීමේ අරමුණින්. මේ නිසා පනවන බදු සාධාරණ වගේම  නිශ්චිත වීම බදු අනුකූලතාවය වැඩිකර ගැනීමටත් බදු ආදායම වැඩි කර ගැනීමටත් එකසේ වැදගත් වෙනවා.

නිශ්චිත වීම (certainty)

 

time tax

කාලෙන් කාලෙට බදු අනුපාත වෙනස් වෙනවා නම්, ගිය අවුරුද්ද 2% තිබ්බ අනුපාතය, මේ අවුරුද්දෙ 3% වෙලා, ලබන අවුරුදු 5% වෙනවා නම් බදු ගෙවීම ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය කඩ වෙනවා. අනාගතයේ දී ගෙවන්න තියෙන බදු ප්‍රමාණය කොච්චරක් ද කියලා හරියට හිතා ගන්න බැරි නිසා ආයෝජකයින් අධෛර්‍යමත් වෙලා, එවැනි කටයුතුවල නිරත නොවී ඉන්න පුළුවන්.

කාර්යක්ෂම බව / මධ්‍යස්ථ බව(efficiency)

මේකෙන් අදහස් වෙන්නේ බදු නිසා ආර්ථිකයේ තීරණවලට වැරදි බලපෑමක් ඇතිවෙන්න බැහැ කියන එක. උදාහරණයක් විදිහට ආයෝජන, ඉතුරු කිරීම් සහ පරිභෝජනය කියන තීරණවලට  අහිතකර බලපෑමක් ඇති වෙන්න බෑ. කෙනෙක්ට බදු ගෙවීම නිසා කන්න බොන්න පවා වියදම් කරන්න අමාරු වෙනවා නම්, ඉතුරු කරන්න සල්ලි නැති වෙනවා නම්, ආයෝජනය කරන්න මුදලක් නැති වෙනවා නම්, එතැනදී බදු කාර්‍යක්ෂමතාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉන්නේ මධ්‍යස්ථ භාවයෙන් ක්‍රියාත්මක වෙන බදු පද්ධතියක් තුළ නම්, බදු ගෙවීම කියන එක අපිට කරදරකාරී දෙයක් වෙන්නේ නෑ. බදු ගෙව්වා කියලා අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ ආර්ථික ගනුදෙනුවලට ඉතුරු කිරීම්, පරිභෝජනය කිරීම් සහ ආයෝජනවලට බාධාවක් වෙන්නේ නෑ.

 100636941 84368708.jpg
ආදායම් උපයාගැනීමේ මාර්ගයක් විදිහට බදු පැනෙව්වට මිනිසුන්ව බදු බරින් පීඩිත තත්ත්වයකට ගේන්න හොඳ නෑ. මොකද ඉතිරි කිරීම් සහ ආයෝජන කටයුතු වෙනුවෙන් මිනිසුන් අතේ සල්ලි තියෙන්න ඕන. එතකොට තමයි ආර්ථික වර්ධනයක් ඇතිවෙන්නේ. ඒ වගේම තමයි වෙළඳාමේ දී පනවන බදු. විශාල වශයෙන් වෙළඳ තීරු බදු පැනෙව්වම ඒක තරගකාරීත්වයට බාධාවක්. දේශීය නිෂ්පාදකයන් රැක ගැනීමේ අරමුණින් ආනයන භාණ්ඩවලට අනවශ්‍ය තරම් බදු පැනෙව්වම පීඩාවට පත්වෙන්නේ පාරිභෝගිකයා ම යි. ඒ වගේම දේශීය පාරිභෝගිකයාට ගුණත්වයෙන් වැඩි කාර්යක්‍ෂම භාණ්ඩ පරිභෝජනය කිරීමේ හැකියාවත් සීමා වෙන්න පුළුවන්. එතනින් පටන් ගත්තහම තීරු බදු යුද්ධ දක්වාම ඇදී යන්න පුළුවන් කියලා  අපිට අද ලෝකෙ දිහා බැලුවහම දකින්න පුළුවන්.
ඉතිං ‘බදු ශක්ති’ බදු සතියේ අරමුණත්: බදු ගෙවන්න මිනිස්සු කැමති කර ගන්න එකයි, බදු ආදායම වැඩි කරගන්න එකයි. ඒ වෙනුවෙන් බදු ගැන හරි අදහසක් ගන්න මේ බදු මූලධර්ම ගැන දැනුවත්ව ඉන්න එක වටිනවා. බදු ගැන අපි මින් පෙර පළ කරපු ලිපිවලට මේ පහත සබැඳි හරහා හැකියාව තියෙනවා.

 dilmini
(සටහන | දිල්මිණී අබේරත්න)
Advocata Institute
dilmini@advocata.org





මෙම ලිපියට අදාල තවත් විස්තර

ඔබත් බදු වාර්තා ගොනු කළාද?

එකතු කළ අගය මත බදු හරහා රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම: අවස්ථා සහ අභියෝග

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම: රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයට සහ ආර්ථික වර්ධනයට මාවතක් 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බදු සතියේ සතියෙන් බදු ගෙවීම | දිල්මිණී අබේරත්න | The Leader