The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : හීනෙන් පෙනෙන මාංචු

T

The Leader Desk

June 15, 2025 • 8:59 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : හීනෙන් පෙනෙන මාංචු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, මා හිරේ විලංගුවේ වැටෙන වරදක් කර ඇති නිසා නම් නොවේ.
  • ඒවා ඔවුනට ගෙදර තරමටම ආරක්ෂිත ස්ථාන බවට පත්වන බවද එහෙන් මෙහෙන් අසන්නට ලැබේ.
  • එය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය.
  • සමාජ මාධ්‍යයක දැක්වුණු අන්දමට වෙසක් පෝයට සිරකරුවන් සමාව ලබා ගෙදර යද්දි, පොසොන් පෝයට හිරගෙදර ලොක්කෝ ‘ඇතුළට’ යති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, මා හිරේ විලංගුවේ වැටෙන වරදක් කර ඇති නිසා නම් නොවේ. සිරි ලංකාවේ දේශපාලනයේ නම් දරා සිටි ලොකු ලොක්කන් හා වෙනත් නිලධාරීන් මාංචු දමා සිරගෙවල්වලට දක්කාගෙන යන අයුරු දැන් දෛනික ප්‍රවෘත්තියක් වී තිබීම ඊට හේතුව විය යුතුය.

පුරවැසියන් උදේ නැගිටින්නේ “අද කාටද මාංචු, අද කවුද හිරේ යන්නේ” යන කුහුල් සිතින් යුතුවය.

 

අධිකරණ නියෝග නොතකා මහර බන්ධනාගාර ඝාතකයෝ තවම නිදැල්ලේ -(ජයනි අබේසේකර)

සමහර චූදිතයන් යන්නේ රක්ෂිත බන්ධනාගාරවලටය. ඒවා ඔවුනට ගෙදර තරමටම ආරක්ෂිත ස්ථාන බවට පත්වන බවද එහෙන් මෙහෙන් අසන්නට ලැබේ. සිරකරුවෝද මනුෂ්‍යයෝය. එහෙයින් ඔවුන් සුව පහසුව සිටීම ගැන අපගේ විරුද්ධත්වයක් නැත. එසේම සිරකරුවෝ යනු වරදකරුවෝද වෙති. ඔවුන් විඳින්නේ දඬුවමකි. එය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය. නැතිනම් එය මෙරට නීතියට අවමානයකි.

506318192 1133311865500451 2049481556228458085 n

සමාජ මාධ්‍යයක දැක්වුණු අන්දමට වෙසක් පෝයට සිරකරුවන් සමාව ලබා ගෙදර යද්දි, පොසොන් පෝයට හිරගෙදර ලොක්කෝ ‘ඇතුළට’ යති. මතුපිටින් මේවා හාස්‍යජනකය. ඇතුළතින් භයානකය. ප්‍රෙඩී සිල්වා කියූ අන්දමට මෙය ‘කොමඩි’ කන්ට්‍රියකි! “එහෙත් ජනතාව මේවාට සිනාසීමට සූදානම් නැත. මේ රට වැටී ඇති අගාධය පසුපස මේ සුදු රෙදි හොරුන් හා යුනිෆෝම්කාරයන් සිටිනා බව ඔවුහු දනිති. මේ පල දෙන්නේ කළ කම්ය. මේ ආත්මයේදීම විපාක දෙන කර්මයන්ය. බල්ලෙක් මළත් අනේ අපොයි කියන අපේ මිනිස්සු, හිත හදාගන්නේ එසේය.

ජනතාවගේ මුදල් හා දේපල මිලියන බිලියන ගණනින් කොල්ලකා ඇති අයුරු දැන් දැන් හෙළිදරව් වන විට මේ සිරි ලංකාව මෙහෙමවත් බේරී තිබීම මහා පුදුමයකැයි බොහෝ දෙනා ලියා කියා තිබුණි.

සැකකරුවකුට හෝ වරදකරුවකුට මාංචු දමන්නේ සිරගෙට ගෙනියන තුරු පමණි. ඉන්පසු මාංචු ගැලවේ. එහෙත් මාංචුවල බර හා සීතල, ජීවිත කාලය පුරා දැනෙන්නකි. එය නපුරු සිහිනයක් බඳුය.

 

th ering

මම ළඟකදි මනාලියක හා මුදු මාරු කරගනු සිහිනයෙන් දැක, දහදිය දමාගෙන අවදි වීමි. මඟුල් මුදුව යනු, ලෝකයේ ඇති පුංචිම මාංචුව යැයි කියමනක් ඇත.

මා දුටු සිහිනයේදී මුදු මාරු කළ මනාලිය මගේ බිරිඳමදැයි මට සිහිපත් කරගත නොහැකිය. සමහර විට එය දෙවැනි විවාහයක් විය හැකිය. එකම ගැහැනිය දෙවරක් විවාහ කර ගන්නේ නම්, ඒ මිනිහාට ‘ඩිමෙන්ෂියා’ විය යුතුය.

මීට දශක කිහිපයකට ඉහත පතිරාජ එල්.එස්. දයානන්ද විසින් ‘මාංචු’ නමින් චිත්‍රපටයක් කිරීමට සැලසුම් කරන ලද අතර, පසුව එය ප්‍රදර්ශනය කෙරුණේ, ‘ජෝඩු වළලු’ නමිනි. එහි ප්‍රධාන චරිත දෙකකි. ඒ චරිත රඟපෑවේ එකල ගායකයකු ලෙස ප්‍රකටව සිටි, වින්සන්ට් ප්‍රේමසිරි හා ජෝ අබේවික්‍රම විසිනි.

 

jodu walalu
‘ජෝඩු වළලු’ හි කතාව ගොඩනැගුණේ, සිරගෙයින් පැන යන පුද්ගලයන් දෙදෙනකු වටාය. සිර ගෙයින් පැන ගත්තද, එකිනෙකාගේ අත් එක්කර දැමූ මාංචු ගලවා ගැනීමට නොහැකිව ඔවුහු මහත් ගැටලුවකට මුහුණ පාති.

තමන්ට සුපුරුදු ජීවන රටාව අහිමිවීම, අලුත් සිරකරුවකු මුහුණදෙන කටුක තත්ත්වයකි. තරුපහේ කෑම කෑවකුට වුව සිරගෙදරදි හිමිවන්නේ ‘කල්දේරම් බත’ ය. සිරගෙදර ජීවිතය පිළිබඳ සිනා කතා ද බොහෝය.

එක් සිරගෙදරක සිටි සිරකරුවන් තිදෙනෙක් යහපත් කල්ක්‍රියාවෙන් වෙසෙන බව දුටු නිලධාරිහු, ඔවුනට තමන් කැමැති දෙයක් ලබාගන්නා ලෙස පැවසූහ. ඒ අනුව ඔවුනට සිරදඬුවම විඳින මුළු කාලය තුළම භාවිත කිරීමට කිසියම් දෙයක් ඇති තරම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙයි.

මත්පැනට ගිජුව සිටි සිරකරුවා, මිල අධික මත්පැන් වර්ග ඉල්ලා සිටියේය. තවකෙක්, රසවත් ආහාර ඉල්ලුවේය. තෙවැනියා ඉල්ලුවේ සිගරැට්ය.

 

සුරාබදු ආදායම අඩුවෙයි : රටපුරා 'හොර මත්පැන්' වැඩිවෙලා

සිරදඬුවම නිමවීමටත් පෙරම, මත්පැන් ලෝලියා සිරෝසිස් රෝගයට ගොදුරුව මිය ගියේය. ආහාර ඉල්ලාගත් සිරකරුවාද, කොලෙස්ටරෝල් වැඩිවීමෙන් මිය ගියේය. සිගරැට් ඉල්ලාගත් සිරකරු පමණක්, සුපුරුදු සුවයෙන් කල් ගෙවීය.

හේතුව, ඔහු ගිනි පෙට්ටියක් ඉල්ලා නොතිබීමය!

දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ජනපති, අගමැති මැදිහත්වීමක් ඉල්ලයි

 

වසර ගණනාවක සිරදඬුවමක් නියමව සිටි සිරි ලාංකික සිරකරුවෙක් වෙසක් උත්සවයට ආසන්නව, තම සිරකුටියෙහි බුදු පිළිමයක් අඹන්නට පටන් ගත්තේය. මේ පිළිබඳව විමසිලිමත් වූ නියාමක නිලධාරියකුට, පිළිමය ඇඹීමට පස් ලබාගන්නේ කෙසේද යන සැකය මතුවුණි. කුටිය පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ, සිරකරුවා බුදු පිළිමයට යටින් උමඟක් කණිමින් සිටි බවය.

අප්‍රිකානු සිරගෙදරක සිටි දේශපාලන සිරකරුවෙක්, තම කුටියෙහි වූ ඔරලෝසුව ගාඩ්වරයාට ආපසු දුන්නේය.

“හිරකාරයකුට වෙලාව බැලීමෙන් වැඩක් නෑ. පුළුවන් නම් මට කැලැන්ඩරයක් දෙන්න.”

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු(සටහන | කපිල කුමාර කාලිංග)

ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...