The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රඹුටන් වාරයට මල්වානට බැලුම් හෙළන අඟල් පහලොවේ රීරියකා | තිලක් සේනාසිංහ

T

The Leader Desk

June 20, 2025 • 9:08 AM

රඹුටන් වාරයට මල්වානට බැලුම් හෙළන අඟල් පහලොවේ රීරියකා | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මල්වාන හා අවට සදාහරිත තුරු ලිය අතුරින් අධික රතු සහ කහ පැහැයෙන් යුතු රඹුටන් වලු පිටින් එල්ලී තිබෙනු දකින අපට හැඟී යනුයේ මෙවන් දසුනකින් සිතට දැනෙන මිහිරියාව අතිශය දුලබ වූවක් බව ය.
  • එමෙන්ම රඹුටන් වාරයට මල්වානට මිනිසුන් ගේ වවුලන් ගේ ලේනුන් හා කුරුල්ලන් ගේ මෙන්ම රීරි යකාගේ බැල්ම පවා යොමුවන බවට පැවති විශ්වාසයක් පිළිබඳව මීට දශක තුනකට පෙර මා හා පවසා සිටියේ මල්වානේ “සීගිරි”නිවසේ පදිංචිව සිටි භාෂා ශාස්ත්‍ර ප්‍රේමියෙකු සහ සාහිත්‍යධරයෙකු වූ ජී.ටී.
  • එම ජන විශ්වාසය අනුව සෑම රඹුටන් වාරයක් අවසානයේම මල්වානේ රඹුටන් වගා කරුවන් කතරගම දෙවියන් වෙනුවෙන් දේව දානයක් දුන් බව ද ඔහු මා හා කීය.
  • එනිසා ඔහු ඒ සඳහා ඔහු යොදා ගෙන ඇත්තේ වෙනම මාධ්‍යයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


මල්වාන හා අවට සදාහරිත තුරු ලිය අතුරින් අධික රතු සහ කහ පැහැයෙන් යුතු රඹුටන් වලු පිටින් එල්ලී තිබෙනු දකින අපට හැඟී යනුයේ මෙවන් දසුනකින් සිතට දැනෙන මිහිරියාව අතිශය දුලබ වූවක් බව ය.

එමෙන්ම රඹුටන් වාරයට මල්වානට මිනිසුන් ගේ වවුලන් ගේ ලේනුන් හා කුරුල්ලන් ගේ මෙන්ම රීරි යකාගේ බැල්ම පවා යොමුවන බවට පැවති විශ්වාසයක් පිළිබඳව මීට දශක තුනකට පෙර මා හා පවසා සිටියේ මල්වානේ “සීගිරි”නිවසේ පදිංචිව සිටි භාෂා ශාස්ත්‍ර ප්‍රේමියෙකු සහ සාහිත්‍යධරයෙකු වූ ජී.ටී. වික්‍රමසිංහ සූරීන් විසිනි. එම ජන විශ්වාසය අනුව සෑම රඹුටන් වාරයක් අවසානයේම මල්වානේ රඹුටන් වගා කරුවන් කතරගම දෙවියන් වෙනුවෙන් දේව දානයක් දුන් බව ද ඔහු මා හා කීය. මේ සිරිත අදත් එපරිද්දෙන්ම තිබේ දැයි මම නොදනිමි.

නමුත් මිනිසුන් ලක්ෂයක් මරා ලේ බීමේ වරම වෙසමුණි වෙතින් රැගෙන පන්සියයක යක් පිරිවර ද සමඟ කිහිරි ඔරුවකින් අප රටට ආ රීරි යකා ගෙන් මෙරට ජනතාවට වන විනාශය දුටු කතරගම දෙවියන් රීරි යකාට පැන වූ අපූරු කොන්දේසියක් ගැන අසන්නට තිබේ. එනම් “තට මිනිස් ලේ බීමේ වරම තිබේ. එහෙත් ඒ සඳහා මිනිසුන් මරන්නට වරම් නැත” යන්න ය.

නමුත් කතරගම දෙවියන් ගේ ඒ නියමය අනුව මදුරුවකු මෙන් මිනිස් ලේ සුලු ප්‍රමාණයක් බී සෑහීමකට පත් වන්නට රීරි යකාට නොපුළුවන. එනිසා ඔහු ඒ සඳහා ඔහු යොදා ගෙන ඇත්තේ වෙනම මාධ්‍යයකි. එනම් ඔසප් වූ කතුන් පසුපස යාම ය. ඒ අනුව රඹුටන් වාරය පුරා තමනට ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් කතරගම දෙවියන් හට තුති පුදන්නට දේව දානයක් දෙන මල්වානේ ගැමියන්ට අප තුති පිදිය යුතු ය.

 

Homo floresiensis female. Reconstruction
මහසෝනා හැරුණු කොට අපට හිඳින බිහිසුණුම යක්ෂයා වුව ද රීරි යකා ලොකු කඳක් බඩක් ඇත්තෙක් නොවේ. කාටත් වැටහෙන ලෙස කීවොත් ඒකා අතේ ගේන යා හැකි ප්‍රමාණයේ “පෝටබල්”යකෙකි. ‘නිට්ටෑවන්’ නමින් හැඳින්වෙන අර්ධ මනුෂ්‍යරූපී වාමන කොටසක් හිඳිනා බවට පසුගිය කාලයේ විවිධ ප්‍රදේශ වලින් තොරතුරු වාර්තා විය. එහෙත්, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ මතය වූයේ ‘නිට්ටෑවන්’ යනු අතීතයේ අපේ රටේ ජීවත් වූ බව පැවසෙන වානර වර්ගයක් මුල්කොටගෙන වත්මන් ජන මනැසේ ඉපැදුණු මායාකාරී සංකල්පයක් බව ය. ඒ හැරුණුකොට නිට්ටෑවන් නම් වන වාමන කොට්ඨාසයක් මෙලොව නොමැති බවක් තවත් පිිරිසක් කියන්නට වූහ.

Picture 12 e1493983087396ඒ හැරුණුකොට සාමාන්‍ය වැඩුණු මිනිසෙකුගේ ප්‍රමාණය මෙන් දහ දොළොස් ගුණයක් හෝ ඊටත් වඩා විශාල ප්‍රමාණයේ මානවයන් සේම සාමාන්‍ය මිනිසුන්ට වඩා දහ දො‍ළොස් ගුණයකින් කුඩා මානව විශේෂ ද මේ මිහි පිට වෙසෙන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. හිමාලයේ ජීවත්වන බව පැවසෙන ‘යෙටී’ නම් අද්භූත හිම මිනිසා එවැන්නෙකි. ලෝක ප්‍රකට සාහිත්‍ය කෘතියක් වන ‘ගලිවර්ගේ චාරිකා’ වල එන ‘ලිලිපුට්’ යනු එබඳු කුරු මිනිස් විශේෂයකි.

අප රටේ ජන සම්මතයට අනුව එවැනි කුරු මිනිසුන් සේම කුරු යකුන්ද සිටින අතර අද ඒ කුරු යකුන් කවුරුන්ද කියා කිසිවෙක් නම් වශයෙන් නොහඳුනති.

3881536034 9d819c8886 z

එහෙත් අපගේ ජන විඥානයේ එන අන්දමට නම් මේ රීරි යකා ද ඉතා කුඩා සිරුරකින් යුතු යකෙකු වන අතර සිංහල මිනුම් ක්‍රමවලට අනුව වියතකුත් අඟල් හතරක් පමණ උස වන රීරි යකාගේ ශරීර ප්‍රමාණය නූතන ව්‍යවහාරයට අනුව අඟල් පහළොවක් නැතහොත් සෙන්ටිමීටර් තිස්පහක් පමණ වෙයි. කොතරම් ප්‍රබල යක්ෂයෙකු වුව උසින් එතරම් කුඩා නම් ඔබට වුව පහසුවෙන් ඔහු උස්සා පොළොවේ ගසා කුඩු පට්ටම් කර දැමීමට හැකි විය යුතුය. එහෙත් මෙරට ජන විඥානයෙන් රීරි යකා පිළිබඳව ගොඩනගා ඇති ප්‍රතිරූපය අනුව ඔබට එසේ කළ නොහැක.

රීරි යකාට ‘රීරි’ යන නම ලැබී ඇත්තේ රුධිරය යන්න හඟවන ‘රුහිරු’ යන වදන පරිණාමය වීමෙනි.මිනිසුන්ගේ රුධිරය උරා බොන මිනිස් යකුන් අද සමාජයේ දුලබ නොවන බව වර්තමාන සමාජය දෙස බැලීමෙන් පෙනී යයි.

 

demons
එහෙත් මිනිසුන්ගේ රුධිරය උරා බොන ලේ පිසාචයන් (Vampire )පිළිබඳ පොදු විශ්වාසයක් ලොව පුරා තිබේ. එම ලේ පිසාචයන් වවුලන්ගේ වෙස්ගෙන පැමිණෙතැයි යන විශ්වාසයක්ද ඇත. එහෙත් අපගේ රීරි යකා එබඳු වවුල් වෙස් ගන්නා බවක් ජන විඥානයේ සඳහන් නොවේ. එමෙන්ම රඹුටන් වාරයේ රාත්‍රී කාල වලට මල්වානට රොද බඳිනවවුලන් රීරියකුන් හෝ ලේ පිසාචයන් නොවන බව ද කිව යුතු ය.

women bathing papara river 161 12460

අපගේ ජන සම්මතයට අනුව එක් එක් යකුන්ගේ බලය පැතිරෙන වේලාවන්, යාම හෙවත් ජාම තිබේ. ඒ අනුව මහසෝනාගේ යාමය හෙවත් ජාමය වනුයේ මධ්‍යම රාත්‍රියයි. එහෙත් දහවල් මධ්‍යහ්නය හෙවත් ඉර මුදුන් යාමය ද රීරි යකාගේ ජාමයකි. ඒ ජාම වේලාවන් තුළ කාන්තාවන් දිය නාන ස්ථාන වෙත හෙමිහිට ඇදෙන රීරි යකා ඒ ස්ථාන වෙතින් නැගෙන කාන්තා රුධිර ගන්ධයට ඉව අල්ලන බවත් පසුව එසේ රුධිර ගන්ධයට මුල්වන කතුන් තම ග්‍රහණයට ලක්කරගන්නා බවත් පැවසෙයි.

මෙසේ කතුන් දිය නාන ස්ථාන වෙතින් රීරි යකාට ඉව වැටෙන රුධිර ගන්ධයක් නික්මෙනුයේ ඔසප් සමයේ පසුවන කාන්තාවන් එහි පැමිණ සිටියහොත් පමණි. ඉන්පසු ඒ කාන්තාවන්ට ලේ මාලය (අධික මාස් ශුද්ධිය) කිළි මාලය (අක්‍රමවත් මාස් ශුද්ධිය) ඇති කිරීමෙන් රීරි යකා නිරතුරුවම ඒ කතුන් වෙත ඇල්ම බැල්ම හෙළමින් පසුවන බව පැරණි ජන විශ්වාසයයි. ඒ අනුව එසේ මාස් ශුද්ධියට පත් කාන්තාවන් අතීතයේ වැව් පොකුණු ආදියේ දිය නෑමට නොපැමිණි අතර සාමාන්‍ය කාන්තාවන් පවා හිරු මුදුන් යාමයේ ප්‍රසිද්ධ ස්ථානවල දිය නාන්නට පැමිණියේ නැත.

15735454983880738991 dee243befb z

ඒ කෙසේ වුවද කෙතරම් කුඩා වුවද මිනිසුන් හට විපත් පැමිණවීම සම්බන්ධයෙන් දැවැන්ත කාරය භාරයක් ඉටු කරන රීරි යකා රඹුටන් වාරයට මල්වානය බැල්ම හෙළනුයේ ඒවායේ රතු පාටට රැවටී මිස රඹුටන් රීරියකාගේ ප්‍රියතම ආහාරයක් නිසා නොවන බව පැවසෙයි.


Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...