The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පළාත් පාලන කොමසාරිස්වරු නීතිය නැවුවාද? නීතිය කැඩුවාද? | රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

June 21, 2025 • 6:03 AM

පළාත් පාලන කොමසාරිස්වරු නීතිය නැවුවාද? නීතිය කැඩුවාද? | රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය සේවයේ තීරණ ගන්නා ඉහළම නිලධාරීන් බලපෑම්කාරී හා සංකීර්ණ නෛතික තත්වයක් යටතේ කටයුතු කළ ආකාරය ගැන සුවිශේෂ අත්දැකීමක් කො.ම.ස.
  • පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට 50% ඉක්මවන බහුතර බලයක් දිනාගත නොහැකි තැන් බොහෝ ය.
  • මේ කටයුත්ත සඳහා “යෝජනා සම්මතයක්” ලබාගතයුතු ආකාරය සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ ( 262 වන අධිකාරය) පැහැදිළි කර නැත.
  • මහා නගර සභා ආඥා පනතේ (252 වන අධිකාරය) රැස්වීම් ගැන කියැවෙන 17 සිට 25 වගන්ති දක්වාද එම ක්‍රියාවලිය පැහැදිළි කර නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


රාජ්‍ය සේවයේ තීරණ ගන්නා ඉහළම නිලධාරීන් බලපෑම්කාරී හා සංකීර්ණ නෛතික තත්වයක් යටතේ කටයුතු කළ ආකාරය ගැන සුවිශේෂ අත්දැකීමක් කො.ම.ස. ඡන්දය විසින් මතු කර ඇත.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර කොළඹ දී කටයුතු කළ ආකාරය ආණ්ඩුවට අනුව ‘නිවැරදි’ ය. විපක්ෂයට අනුව ‘වැරදි’ ය! පිළිගත් ‘පරිපාලන ව්‍යවහාරයන්ට’ අනුව නම් ඇයගේ ක්‍රියාවේ නිරවද්‍ය භාවය ගැන අවසන් තීරණය ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.  




 2025 පළාත් පාලන මැතිවරණයෙන්  කිසිදු දේශපාලන පක්ෂයකට 50% ඉක්මවන බහුතර බලයක් දිනාගත නොහැකි තැන් බොහෝ ය. සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ ( 262 වන අධිකාරය)  (2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් ( සංශෝධන) පනත)  66 ඇ (1) වගන්තිය අනුව “යම් පළාත් පාලන ආයතනයක සමස්ථ ආසන සංඛ්‍යාවෙන් සියයට පනහකට වඩා අඩු සංඛ්‍යාවක් යම් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ යම් ස්වාධින කණ්ඩායමක් විසින් ලබාගෙන ඇති අවස්ථාවකදී, එකි පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේදි එම පළාත් පාලන ආයතනයේ නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කරගනු ලැබිය යුතුය”

එසේම එකි සංශෝධිත ආඥාපනතේ 66 ඈ (1) වගන්තිය අනුව නගරාධිපතිවරයා තෝරා පත්කරගනු ලබන තෙක් එම රැස්වීමේ මුලසුන පළාත් පාලන කොමසාරිස්වරයා විසින් දැරිය යුතු අතර 66 ඈ (2) අනුව “සභාවේ සභිකයන් එම පළමු රැස්වීමේදි තම සභිකයන්ගෙන් එක් තැනැත්තෙකු එම සභාවේ නගරාධිපතිවරයා වශයෙන් තෝරා පත් කළ යුතුය.”

එම සංශෝධිත ආඥාපනතේ 66 ඈ (6) වගන්තිය අනුව “සභිකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකගේ නම් නගරාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගැනිම සදහා යෝජනා කොට ස්ථිරකරනු ලැබූ අවස්ථාවක තෝරා පත්කර ගැනීමේ ක්‍රමය පැමිණ සිටින සාමාජිකයන් විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන විවෘත හෝ රහස් ඡන්දයක් මගින් විය යුතුය”



කො.ම.ස. පුරපති ධූරයට නම් නම් දෙකක්  යෝජනා වි තිබූ බැවැනි නගරාධිපතිවරයා තෝර ගැනිම විවෘත ජන්දයකින් කරන්නේද යන්න හෝ රහස් ඡන්දයකින් කරන්නේද යන්න තීරණය කරන්නට පැමිණ සිටි සාමාජිකයන්ගේ “යෝජනා සම්මතයක්” අවශ්‍ය විය.

මේ කටයුත්ත සඳහා “යෝජනා සම්මතයක්” ලබාගතයුතු ආකාරය සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ ( 262 වන අධිකාරය) පැහැදිළි කර නැත. මහා නගර සභා ආඥා පනතේ (252 වන අධිකාරය) රැස්වීම් ගැන කියැවෙන 17 සිට 25 වගන්ති දක්වාද එම ක්‍රියාවලිය පැහැදිළි කර නැත. එම ක්‍රියාවලිය පැහැදිළි කරන්නේ 2013. 05. 17 දින ශ්‍රී ලංකා පුජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද මහා නගර සභා සම්මත අතුරු ව්‍යවස්ථාවේය.

එහි සභා රැස්වීම්වල කටයුතු කරගෙන යාම පිළිබඳ අතුරු ව්‍යවස්ථාවේ 16 වගන්තිය මෙසේ කියයි.

 



16 (1) “ කිසියම් කාරණයක්, ප්‍රශ්නයක්, හෝ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව රැස්වීමේ නගරාධිපතිවරයා විසින් ප්‍රශ්නය ලැබිය යුතු අතර, එසේ විමසනු ලැබීමෙන් අනතුරුව කවර හෝ සභිකයෙකු විසින් ඒ පිළිබඳව බෙදීමක් ඉල්ලා නොසිටියහොත් ඒ යොජනාව ඒකමතිකව සම්මත වූ ලෙස සැලකිය යුතුය. එසේ වුවද එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් කිසියම් සභිකයෙකු විසින් බෙදීමක් ඉල්ලා සිටින්නේ නම් හෝ රහස් ජන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නම් හෝ රැස්වීමේ නගරාධිපතිවරයා විසින් ඡන්දය විමසීමට සලස්වනු ලැබිය යුතුය. ”

 

MC 250513කොළඹ මහ නගර සභාව
16(2)  “ (1) වැනි ඡෙදයේ සඳහන් ආකාරයෙන් කිසියම් කාරණයක්, ප්‍රශ්නයක් හෝ යෝජනාවක් සම්බන්ධයෙන් ඡන්දය විමසීමක් අවශ්‍ය වන විටක
(i) එකී ඡන්ද විමසීම රහස් ඡන්ද විමසීමක් නොවන විට. නාගරික ලේකම්වරයා විසින් 7 වන අතුරු ව්‍යවස්ථාවේ සඳහන් සභිකයන්ගේ ප්‍රමුඛත්ව අනුපිළිවෙල අනුව එක් එක් සභිකයාගේ කැමැත්ත ඒ සභිකයාගෙන් වෙන් වෙන්ව අසා ඒ අනුව ඡන්දය සටහන් කිරීමෙන් ඡන්දය ගත යුතුය. නැතහොත්

(ii) එකී ජන්ද විමසීම රහස් ඡන්ද විමසිමක් වනවිට, නාගරික ලේකම්වරයා විසින් එක් එක් සභිකයා වෙත වෙන්  වෙන්ව නිකුත් කරනු ලබන ඡන්ද පත්‍රිකා මත ඒ සභිකයාගේ රහස් ඡන්දය සටහන් කරවාගෙන ඒ අනුව ඡන්දය ගණන් ගැනීම කළ යුතුය.
Screenshot 2025 06 21 110001

මෙහි සඳහන්ව ඇත්තේ මහා නගර සභාවක සාමාන්‍ය රැස්වීමක යෝජනා සම්මත කර ගන්නා ආකාරය වුව ද, මේ හැර මහා නගර සභාවක ‘යෝජනා සම්මුතියක් ලබා ගන්නා ආකාරය’ පැහැදිළි කරන වෙනත් රීතියක් නොමැත. මෙයට අනුවද යෝජනා සම්මුතියක් ලබා ගැනිමට මේ ක්‍රම දෙකම භාවිතා කිරීමට ඉඩකඩ පවතින බව පැහැදිළිව පෙනේ. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර ඇති විවාදාපන්න මාර්ගෝපදේශය ද මෙම අතුරු ව්‍යවස්ථා ගුරු කොටගෙන සකසන ලද්දක් බව බැලු බැල්මට හඳුනාගත හැකිය.


පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නීති අංශය විසින් සකස් කරන ලද මාර්ගෝපදේශය පිළිබඳ මගේ මතය නම් එහි නිත්‍යානුකූලභාවය විවාදාපන්න බවය. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උප ලේඛණයේ පළාත් සභා ලයිස්තුවේ පවතින පළාත් පාලන විෂය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සැකසීමේ බලයක් රේඛීය අමාත්‍යාංශය සතු නොවේ. අඩු තරමින් එය පළාත් සභාවක් තුළ බලාත්මක විමට නම් පළාතේ ආණ්ඩුකාරවරයා එය පිලිගත යුතුය. පළාත් පාලනයේ භාෂාවෙන් කියන්නේ නම් වැලඳගත (ratification)  යුතුය. බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ඇතුළු කිසිදු පළාත් සභාවක ආණ්ඩුකාරවරයෙක් ‘පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයේ  මාර්ගෝපදේශය’ වැලඳගත් බවට තොරතුරක් නැත.

‘ජන්ද පැවැත්වීම මධ්‍යම රජයේ කාර්යයක් යයි’ යමෙක් තර්ක කරන්නේ නම්’  මාර්ගෝපදේශ සකස් තළ යුත්තේ මැතිවරණ කොමිසන් සභාව මිස පළාත් පාලනය ගැන කිසිදු බලයක් නැති අමාත්‍යාංශය විසින් නොවේ.  විපක්ෂ නායකවරයා ද, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද, සීතාවක සභිකයින් ද, තම නොදැනුවත්බව දක්වමින්  ඉදිරිපත් කළ තර්කය කිසි ලෙසකින් හෝ වලංගු වන්නේ නැත!

 



නැවතත් ප්‍රස්තුත කාරණයට ගියහොත් කොළඹ මහා නගර සභාවේ පළමු රැස්වීම තුළ දක්නට ලැබෙන ව්‍යාකූලතාවය මැද නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සුදුසු ඡන්ද ක්‍රමය තෝරා ගැනිමට යෝජනා සම්මුතිය ලබාගත් ආකාරය අපැහැදිළිය. එසේම පනත නිහඬවන තැනෙකදි කොමසාරිස්වරයාට අභිමතය භාවිතා කිරීම හැර වෙනත්  මගක් තිබේද? යන්න විවාදිතය.


daily work 1 1

කෙසේවුවද  2012 අංක 22 අරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66ඈ (6) වගන්තිය අර්ථ නිරූපනය කිරීමේ බලය සතු එකම බලාධිකාරය ශ්‍රේෂඨාධිකරණයයි.  මේ සිද්ධියෙන් අගතියට පත්වූවෙකු වෙතොත් අධිකරණයේ පිහිට පැතිය හැකිය. එවැනි තත්වයක් තුළ වුව ද ස.ජ.බ නාගරික මන්ත්‍රී රෝයි බෝගහවත්ත රහස් ජන්දයක් ඉල්ලා සිටීමේ තත්වය කොමසාරිස්වරියට වාසිදායක බව පෙන්වා දිය යුතුමය. නීතිය පැත්තකින් තබා දේශපාලනිකව ගන්නේ නම්, පැවැත්විය යුත්තේ ‘විවෘත ඡන්දයක් ද? රහස් ඡන්දයක් ද? යන්න තීරණය කිරීමට පවත්වන රහසිගත ඡන්දයක ප්‍රතිඑලය  විසින් නගරාධිතිවරණයේ ප්‍රතිඑලයට බලපෑම් සිදු කරන්නේ ය.

විපක්ෂය විසින් කො.ම.ස. ඡන්දයට සම්බන්ධයෙන් පලාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරට විරුද්ධව  ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නම් පනතේ දැක්වෙන ‘යෝජනා සම්මුතියක් ලබා ගන්නා ආකාරය’ පිළිබඳ අර්ථ දැක්වීමක් ලැබේ.  

රටේ සියළුම පරිපාලන ගැටළු රහස් පොලීසිය, අල්ලස් කොමිසම හරහා විසඳාගන්න ව්‍යවහාරයක් ඇත. කිසිදු නෛතික පදනමක් නොමැති ‘මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීම’ ගැන ‘කුමන්ත්‍රණයක් - අපහසුතාවයට පත් කිරීමක් ‘ යැයි කියමින් තවම කිසිවෙකුත් පැමිණිලි නොකිරීම පුදුමයකි!

Rajith Keerthi
(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
දකුණ සහ ඌව හිටපු ආණ්ඩුකාර සහ

හිටපු විධායක අධ්‍යක්ෂ
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )
rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පළාත් පාලන කොමසාරිස්වරු නීතිය නැවුවාද? නීතිය කැඩුවාද? | රජිත් කීර්ති තෙන්නකෝන් | The Leader