The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මොකක්ද මේ ආණ්ඩුවේ දඩි බිඩි වන අලි මෙහෙයුම? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

June 22, 2025 • 10:19 AM

මොකක්ද මේ ආණ්ඩුවේ දඩි බිඩි වන අලි මෙහෙයුම? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධ නවතම පුවත වනුයේ වන අලි ගැටලුව විසඳීම සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 20 වන දා පස්වරුවේ කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් දීම ය.
  • මෙහි දී මෙම ගැටළුව මිනිස් අලි ගැටුම (Human elephant conflict ) යන ජාත්‍යන්තර ව්‍යවහාරයෙන් හෝ අලි මිනිස් ගැටුම (Elephant human elephant conflict) යන දේශීය ව්‍යවහාරයේ එන මිනිස් ගැටුම ලෙස නොව හුදු මානව කේන්ද්‍රීය පදනමින් වන අලි ගැටලුව ලෙස හඳුන්වා ඇති බව පෙනේ.
  • එමෙන්ම මෙය කෙතරම් කඩිනමින් කළ යුතු කාරියක් ද කිව හොත් වන ජීවී දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු, රථ වාහන අවශ්‍යතා සහ රාජකාරී කර ගෙන යාමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහි දී සාකච්ඡා වී ඇත.
  • ඒ අනුව ඉදිරි මාසයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මෙම කටයුතු සිදු කිරීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පත් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද පැවසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සම්බන්ධ නවතම පුවත වනුයේ වන අලි ගැටලුව විසඳීම සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 20 වන දා පස්වරුවේ කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් දීම ය.

මෙහි දී මෙම ගැටළුව මිනිස් අලි ගැටුම (Human elephant conflict ) යන ජාත්‍යන්තර ව්‍යවහාරයෙන් හෝ අලි මිනිස් ගැටුම (Elephant human elephant conflict) යන දේශීය ව්‍යවහාරයේ එන මිනිස් ගැටුම ලෙස නොව හුදු මානව කේන්ද්‍රීය පදනමින් වන අලි ගැටලුව ලෙස හඳුන්වා ඇති බව පෙනේ.

 

wild eli 1

මෙහිදී මෙම “වන අලි ගැටලුව” බහුල ව පවතින අනුරාධපුර, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබඳ විශේෂ අවධානය යොමු වූ අතර ඊට අදාළව, ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින ගැටලු දිසාපති වරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට තිබේ. එහි දී වන අලි ගැටලුව විසඳීම විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි ද ජනාධිපති වරයා ගේ විශේෂ අවධානයට යොමුවී තිබේ.

එමෙන්ම මෙය කෙතරම් කඩිනමින් කළ යුතු කාරියක් ද කිව හොත් වන ජීවී දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු, රථ වාහන අවශ්‍යතා සහ රාජකාරී කර ගෙන යාමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහි දී සාකච්ඡා වී ඇත. වන අලි ගැටලුව විසඳීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතා සහසම්බන්ධතා සහිතව මෙම ‌වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

 

නියඟයෙන් අලි 6000ක් අනාථයි
 ඒ අනුව ඉදිරි මාසයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මෙම කටයුතු සිදු කිරීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පත් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද පැවසෙයි. ඒ අනුව වත්මන් ආණ්ඩුවේ මෙම වන අලි යාන්ත්‍රණය ඉතා වේගවත් ක්‍රියාකාරී මෙහෙයුමක් සේ ඇරඹීමට වෙර දරන බවක් පෙනේ.

එම සාකච්ඡාවේදී ඒ කාරිය සඳහා අවශ්‍ය ශ්‍රම බලකායට ඌණ පූරණයක් ලෙස දැනට වන ජීවී දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙස ද උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, ඒ සඳහා කඩිනම් ක්‍රියා මාර්ගයක් ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් ද නිශ්චිත පුහුණුවක් සමඟ වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටත්, ඊට අදාළ නීති සම්පාදනය කිරීමටත් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

wild eli2

 

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ, යුද හමුදාපති ‌මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හා දිසාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

වන අලින් නිසා දේශීය ආර්ථිකයට කෙසේ වෙතත් ග්‍රාමීය ආර්ථිකයට යම් බලපැමක් වන බව සත්‍යයක් වුව වයස අවුරුදු හැත්තෑවක ආයු කාලයක් සපුරන එක් වන අලියකු ගෙන් ඩොලර් මිලියන එකොලහක හෙවත් රුපියල් මිලියන 3307 ක විදේශ විනියමක් රටට ගලා එන බවන් ද එක් සමීක්ෂණ වාර්තාවක සඳහන් ය.

අප සිරි ලක් මවගේ නළලත බැඳි මුතු පොටක් බඳු වන අලින් සම්බන්ධ විශේෂඥ දැනුම ඇතුළු සාමාන්‍ය මට්ටමේ පුහුණුව, පළපුරුද්ද සහ අත්දැකීම් වන ජීවී දෙපාර්තමේන්තුව සතු වන අතර වන වන සත්ව සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ ඒ සම්බන්ධ නීතිමය බලය ඇත්තේ වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයා සතුව පමණි.,


එවන් පසුබිමක් යටතේ අපරාධ මර්දනය සඳහා කැප වී ක්‍රියා කරන පොලීසිය සේම ත්‍රස්තවාදී උවදුරු වලින් රට මුදා ගැනීමට කැපවී ක්‍රියා කරන ආරක්ෂක අංශ කැඳවා වන අලින් සම්බන්ධයෙන් හුදු අපරාධ කරුවන් ත්‍රස්තවාදීන් මැඩලන විධිමත් සහ කාර්යක්ෂම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දීම විශේෂත්වයකි.

නමුත් ඉහත සඳහන් සංසිද්ධිය සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ මෙය අප රටේ ජනතාවගෙන් කොටසක් මුල් කොට ගැනීමට සැරසෙන අතිශය බරපතල සේම දඩි බිඩි ක්‍රියා මාර්ගයක් බව ය.

 

අලියාට ඇහැ තියන ක්‍රමයට අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද? | ප්‍රණීත්  අභයසුන්දර
එහෙත්, මිනිසා සහ සොබා දහම මුල් කොට ගත් මෙවන් කරුණු පිළිබඳ තීරණ ගැනීම සම්බන්ධයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂය බලය පිහිටුවන පළාත් පාලන ආයතන සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් මැතිවරණ ප්‍රචාරක වේදිකාවලදී ජනාධිපති වරයා කී අන්දමට “එක සැරයක් නෙවෙයි කීප සැරයක් හිතන්න වෙනවා “යන්න හරියටම හරියන බව කිව යුතු ය. එසේ නොමැති නම් මෙවන් දඩිබිඩි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවට වන අලින් සම්බන්ධයෙන් ඇති කෝන්තරය පිළිබඳව මනෝ විද්‍යාතමක ව සිතා බැලීමට ද යමකු පෙළඹෙනු නියත ය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමේ දී ඒ සඳහා ප්‍රවාද හා ප්‍රලාප මාධ්‍ය උපරිම ලෙස යොදා ගත් බව නොරහසකි. නිදහසින් පසු අප රටේ දේශපානලන තුළ පැවැති සාධනීය සහ නිශේධනීය ලක්ෂණ වෙනම විශ්ලේෂණය කිරීමේ දී ඒ මත හැත්තෑ වසරක ශාපය යන ප්‍රවාදය ගොඩ නැංවූ වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් එය තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට යොදා ගත් අයුරු මේ වන විට සමාජය හමුවේ කෙමෙන් කල එළි බසිමින් තිබේ. ඒ අතරේ අප රටේ මහා ධන කුවේර සහල් මෝල් හිමියන් දෙතුන් දෙනකු මෙරට ලෂ ගණන් වන වී ගොවීන් හමුවේ ලේ පිශාචයන් සේ ඔවුන් ගේ රුහිරු උරා බොන බව වත්මන් ආණ්ඩුවේ බලධාරීන් පසුගිය කාලය මුළුල්ලේ සමාජය හමුවේ ගොඩ නැඟූ ප්‍රවාදයකි. එම පුවත් ඇසූ කෘෂිකාර්මික නොවන සාමාන්‍ය ජනයාට එම ව්‍යාපාරිකයන් ජාති ද්‍රෝහීන් සේ පෙනී යාමට තරම් දරුණු ලෙස ගිනි ඇවිලීමට එවක වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් කටයුතු කළ බව අපේ මතක සීමාවන් වල මෑත කෙලවරේම තිබේ.

එහෙත් ඒ සම්බන්ධ අරුම පුදුම දේශපාලනික ප්‍රකාශයක් ද අපට පසුගිය දා අසන්නට ලැබිණ. ඒ රට පුරාම කතා කරන වී, හාල් මාෆියාව පිටු පස සිටින බව කියන ඩඩ්ලි සිරිසේන යනාදි පෞද්ගලික මෝල් හිමියන් නොසිටියා නම් ලංකාවේ වී, හාල් ප්‍රශ්නය ඉතා බරපතළ තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබූ බව වත්මන් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඞී. ලාල් කාන්ත රට පුරා සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කරමින් නිරීක්ෂණ වැඩ රැසකට එක්වෙමින් පැවැති මාධ්‍ය හමුවකදී පැවසීමය. ඒ අනුව තම ගේ එම හාල් මාෆියා කතාව ජනතාව පොදු සමාජය හමුවේ ඇටවූ බොරු වලක් බව දැන් ආණ්ඩුව පිළිගෙන තිබේ.

ඒ අතරේ තව දුරටත් තම සත්‍යවාදී බව පිළිබඳ පුන පුනාම පවසන ආණ්ඩුව කිසිදු විද්‍යාත්ම තබා සදාචාරාත්මක පදනමක් නොමැතිව. හුදු දේශපාලණික ක්‍රියා මාර්ගයක් ලෙස දඩි බිඩියේ සිදු කිරීමට වෙර දරන මෙන වන අලින් නෙරපා හැරීමේ සොබා දහමට එරෙහි මෙම වැඩ සටහන වත්මන් ආණ්ඩුවේ බලධාරීන් ගේ හුදු දේශපාලනික හෝ අන්තගාමී මානසික අවශ්‍යතා මත වුව සිදු කළ හොත් එහි අවසන් ප්‍රතිඵලය අප බොහෝ දෙනකු සිතනවාට වඩා ජාතිය අතිශය ඛේදනීය ඉරණමක් වෙත රැගෙන යාමක් බව ඒකාන්ත ලෙසම කිව යුතු ය.


ශ්‍රී ලංකාවේ මිනිස් – වන අලි ගැටලුව සම්බන්ධයෙන් එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරු පසුගිය මැයි 23 වන දා සිදු කළ එක්තරා වැඩසටහනක් අතරතුරදී වන අලින් සුරැකීම සම්බන්ධයෙන් වැඩකටයුතු සිදු කරන අඩවි වන නිලධාරීන්ගේ කාර්යය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර එය ලෝකයේ විශේෂ අවධානයකට ලක්ව තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර තිබිණි.

 

1748075037 prince 6විලියම් කුමරු
“යථාර්ථය නම්, අපගේ ස්වාභාවික ලෝකය ආරක්ෂා කිරීම මිහි තලයේ ඇති භයානකම රැකියාවක් බවට පත්ව තිබීම ය.. සොබාදහමේ ආරක්ෂකයන් සහ ඔවුන් කරන තීරණාත්මක කාර්යය අප තේරුම් ගෙන හඳුනාගත යුතු වේ”

නමුත් ශ්‍රී ලංකාවේ වන අලින් සම්බන්ධයෙන් මතු වන මෙවන් ගෝලීය ප්‍රවණතා ඉතා නිවැරදිව වටහා ගෙන ඒ අනුව ක්‍රියා කිරීම මේ වන විට ඒ සම්බන්ධයෙන් කිසිදු ව්‍යක්ත බවක් පළ නොකරන වත්මන් ආණ්ඩුවේ වගකීම ය. අප එසේ පවසනුයේ හුදු පක්ෂ දේශපාලනික තීන්දු තීරණ මත මානව බුද්ධි පරිනාමය හා සබැඳි වන මෙවන් ගෝලීය ප්‍රවණතාවන් යටපත් කිරීම දැලකින් සුළං බැදීමක් වන බැවිනි.

z PraneethAbayasundara(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...