The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ ආරක්ෂාවට හා තෙවන ලෝක යුද්ධයක් වැළකීමට අප මැදිහත් විය යුතුයි | කුසල් පෙරේරා

T

The Leader Desk

June 22, 2025 • 3:34 PM

අපේ ආරක්ෂාවට හා තෙවන ලෝක යුද්ධයක් වැළකීමට අප මැදිහත් විය යුතුයි | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය කෙළවර කිරීම පිළිබඳව නෙතන්යාහුටත් ට්‍රම්ප්ටත් අයතොල්ලා කමෙයිනිටත් නිශ්චිත අරමුණු තිබුණත් එය එළෙසින්ම සිදුවනු ඇතැයිද එසේ වන්නේ කවදද, කෙසේද යන්න ඒ කිසිවකුවත් දන්නේ නැත.
  • ඉරානයේ හයිය මත ඊශ්‍රායලයට එරෙහිව සිටි ඉරාකය, ලෙබනනය, සිරියාව සහ යේමනය දැන් පසුබැස ඇත.
  • එහෙත් ඉරානය වහා සුදු කොඩියක් ඔසවා ගෙන ට්‍රම්ප් කියන්නාවූ සාම සාකච්ඡා වල අසුන් නොගනු ඇත.
  • යුක්රේන යුද්ධය අවසන් කරගත නොහැකිව ඉන්නා රුසියාව ඉරානයට සහාය වනු ඇතිද යන්නත් ප්‍රශ්න සහගත ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එය කෙළවර කිරීම පිළිබඳව නෙතන්යාහුටත් ට්‍රම්ප්ටත් අයතොල්ලා කමෙයිනිටත් නිශ්චිත අරමුණු තිබුණත් එය එළෙසින්ම සිදුවනු ඇතැයිද එසේ වන්නේ කවදද, කෙසේද යන්න ඒ කිසිවකුවත් දන්නේ නැත.

vnfdgd
ඊශ්‍රායලය වෙනුවෙන් ට්‍රම්ප් යුද්ධයට හවුල් වීම, ඉරානය තනි කෙරුණකි. ඉරානයේ හයිය මත ඊශ්‍රායලයට එරෙහිව සිටි ඉරාකය, ලෙබනනය, සිරියාව සහ යේමනය දැන් පසුබැස ඇත. එහෙත් ඉරානය වහා සුදු කොඩියක් ඔසවා ගෙන ට්‍රම්ප් කියන්නාවූ සාම සාකච්ඡා වල අසුන් නොගනු ඇත.

 ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පොරොන්දු වන්නේ මැද පෙරදිග මුහුණත සහමුලින් වෙනස් කිරීමට ය. එහි එක කතාවක් වන්නේ ඊශ්‍රායලයේ මුල්ලාවරුන්ගේ පාලනය කෙළවර කරන්නේය යන්නය. අනෙක, මැද පෙරදිග දේශපලනය ඊශ්‍රායලය තීන්දු කරන්නේය යන්නය.

එකක් පැහැදිලිය. මා මීට පෙරදීද කියූ පරිදි එක්සත් ජාතීන්ගේ මේ ආරක්ෂක මණ්ඩලය සමග මේ යුද්ධය සඳහා උත්තර සෙවිය නොහැක. ට්‍රම්ප් යුද්ධයට හවුල් වූවා යනු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අකර්මණ්‍ය යැයි කීම ය.

cvsdfxcvxv
යුක්රේන යුද්ධය අවසන් කරගත නොහැකිව ඉන්නා රුසියාව ඉරානයට සහාය වනු ඇතිද යන්නත් ප්‍රශ්න සහගත ය.

එවැනි පසුබිමක, මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව මැද පෙරදිග ලක්ෂ 03 ක පමණ අපගේ සංක්‍රමණික සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව ගැන කියන්නේ මොනවාද? ලක්ෂ 03 ම වහා ගෙන්වා ගැනීමට අවශ්‍ය නොවිය හැකිය. එනමුත් සවුදි අරාබිය, කටාර් රාජ්‍ය, බහරේනය, කුවේටය වැනි රටවල් කිහිපයක ලාංකීය ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට ඉදිරියේදී සිදුවුවහොත් ඒ කෙසේදැයි පැහැදිලි සැළසුමක් තිබිය යුතු.

එහෙත් ලෙබනනය, ජෝර්දානය, ඉරාකය, වැනි රටවල ශ්‍රමිකයින් ලක්ෂයකට ආසන්න පිරිස වහා ගෙන්වා ගැනීම, අපට අහිමිවන ඩොලර් ආදායම කෙසේ වෙතත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට අත්‍යාවශ්‍ය වන්නකි.

ඊශ්‍රායලය සම්බන්ධයෙන් තව තවත් ශ්‍රමිකයින් ඊශ්‍රායලයට යැවීම නතර කරන මෙන්ද, ඊශ්‍රායලයේ ඉන්නා 10,000 ට අධික අපගේ ශ්‍රමිකයින් වහා ගෙන්වා ගන්නට යැයිද මා විදේශ කටයුතු ඇමතිගෙන් ලිඛිත ඉල්ලීමක් කෙරුවේ මීට දින 10 ට ඉහතින් ඉකුත් ජුනි 13 වන දින ය. මගේ එම ලිඛිත ඉල්ලීම ලැබුණේදැයි විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් නොකීවාට, දැන් ආණ්ඩුවේ තීන්දුව කුමක්දැයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් රටට වහා කිව යුතුය.

xcvsdfsd
ඊශ්‍රායලයේ ඉන්නා 10,000 ට වැඩි ලාංකීය ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් වහා ගෙන්වා ගැනීමට ආණ්ඩුව මේ මොහොතේ වහා පියවර ගත යුතුව ඇතැයි මම නැවත කියමි.

ඒ අතර, තව තවත් ඊශ්‍රායල ජාතිකයින්ට සංචාරක වීසා නිකුත් කිරීමද ආණ්ඩුව වහා නතර කළ යුතුය. යුද්ධයට මැදිවන රාජ්‍ය නායකයින් ඉලක්ක කරන න්‍යෂ්ඨික බලාගාර, හමුදා කඳවුරු, රාජ්‍ය අමාත්‍යාංශ, ජනාධිපති මන්දිර ආදිය නිල යුද්ධයේ ඉලක්ක වූවත් මැදපෙරදිග යුද්ධ දිග හැරෙන්නේ එළෙසින්ම නොවේ.

යුද්ධයට හවුල්වන හිස්බොල්ලා, හමාස්, හූතිස් (අන්සාර් අල්ලා), ඉරාකයේ කඨායිබ් හිස්බොල්ලා, පාකිස්තානයේ සෙයිනුබියුන් සේනාංකය වැනි ඉරානය විසින් ආධාර කරනු ලබන ත්‍රස්ත කණ්ඩායම්වල ඉලක්ක වෙන්නේ ඊශ්‍රායලයට හා ඇමෙරිකාවට හිතවත්කම් දක්වන රටවල ඊශ්‍රායල හා ඇමෙරිකානු මධ්‍යස්ථාන බව, අතීත අත්දැකීම් කියන්නකි.

එනිසා මේ යුද්ධය ආරම්භයේදීම, එය තව දිග් ගැසෙන්නේද නැතිද යන්න තීන්දු කිරීම ඉදිරි සති කිහිපයට ඉතිරිකර අපගේ විදේශ ප්‍රතිපත්තිය ඇමෙරිකානු-ඊශ්‍රායල ලැදියාවෙන් ස්වාධීන කර ගැනීම අනිවාර්ය වනු ඇත. අප වහා මැදිහත් විය යුත්තේ,

cbdgfcvb

1) ඇමෙරිකාව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් වහා යුද්ධයෙන් ඉවත් වීම

2) ඊශ්‍රායලය හා ඉරානය වහා සටන් විරාමයක් ප්‍රකාශ කිරීම

3) මැද පෙරදිග සන්නද්ධ ගැටුම් වහා පාලනය කර ස්ථාවර පසුබිමක් තහවුරු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙනුවට යුරෝපය, ලතින් ඇමෙරිකාව, අප්‍රිකාව, ආසියාව, හා මැද පෙරදිග නියෝජනය කරන අවි ආයුධ අලෙවියෙහි නිරත නොවන ස්වෛරී රාජ්‍ය නියෝජනයක් සහිත රටවල සාමාරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ හදිසි මහ මණ්ඩල රැස්වීමක් කැදවීමට ය.


kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 ජුනි 22      

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...