The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

‘ලෝකේ කොහේවත් නැති’ වන සත්ව සංගණන අපේ රටේ | නිරංජන් චාමින්ද කරුණාතිලක

T

The Leader Desk

June 28, 2025 • 7:39 AM

‘ලෝකේ කොහේවත් නැති’ වන සත්ව සංගණන අපේ රටේ | නිරංජන් චාමින්ද කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය ‘දීප ව්‍යාප්ත මහා සත්ව සංගණනය’ නම් වු අතර එහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ වන සතුන්, විශේෂයෙන් වඳුරන්, මොණරුන්, දඬුලේනුන් වැනි නිතර දකින්නට ලැබෙන සතුන් සංගණනය කිරීමකි.
  • මේ සංගණනයට අනුව ශ්‍රී ලංකාව තුළ රිළව් (toque macaques) මිලියන 5.17, වඳුරන් (gray langurs) මිලියන 1.74, දඬුලේනුන් මිලියන 2.66, මොණරුන් මිලියන 4.24 සිටින අතර එහි විශේෂත්වය වන්නේ ඔවුන්ගෙන් බොහොමයක් ජීවත් වන්නේ මිනිස් ජනාවාස පවතින ප්‍රදේශ ආශ්‍රිතව වීමය.
  • වනාන්තරවල සිටින මෙකී සතුන්ගෙන් ගහනය මෙයට ඇතුළත් නොවේ.
  • විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණාවක් වන්නේ ලෝකයේ කිසිදු රටක් මේ ආකාරයේ රාජ්‍ය අනුග්‍රහය ඇති මහා පරිමාණ සත්ව සංගණනයක් පිළිබඳ, විශේෂයෙන් වඳුරන් සහ රිළව් සම්බන්ධ සංගණනයක් පිළිබඳ අසන්නට නොලැබීමය.
අකුරු ප්‍රමාණය (Font Size):


එය ‘දීප ව්‍යාප්ත මහා සත්ව සංගණනය’ නම් වු අතර එහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ වන සතුන්, විශේෂයෙන් වඳුරන්, මොණරුන්, දඬුලේනුන් වැනි නිතර දකින්නට ලැබෙන සතුන් සංගණනය කිරීමකි.

එහි ප්‍රතිඵල මෑත දිනක නිකුත් වූ අතර එය අමුතුම ආකාරයේ සංගණන වාර්තාවක් වූ අතර එහි වූ අමුත්ත වූයේ එය සහමුලින්ම විපරිත ප්‍රතිඵලයක් වීමය.

monkeys 250621

මේ සංගණනයට අනුව ශ්‍රී ලංකාව තුළ රිළව් (toque macaques) මිලියන 5.17, වඳුරන් (gray langurs) මිලියන 1.74, දඬුලේනුන් මිලියන 2.66, මොණරුන් මිලියන 4.24 සිටින අතර එහි විශේෂත්වය වන්නේ ඔවුන්ගෙන් බොහොමයක් ජීවත් වන්නේ මිනිස් ජනාවාස පවතින ප්‍රදේශ ආශ්‍රිතව වීමය.



එසේ පවසන්නට හේතුව වන්නේ මේ සංගණනය පවත්වන ලද්දේ මිනිස් ජනාවාස ආශ්‍රිතව වීම නිසාය. වනාන්තරවල සිටින මෙකී සතුන්ගෙන් ගහනය මෙයට ඇතුළත් නොවේ. මහත් පුදුමයකට හේතුවක් වූ මේ වාර්තාව ශ්‍රී ලංකාවේ ජීවත්වන විද්‍යාත්මක කටයුතු සහ සංරක්ෂණ කටයුතුවල යෙදී සිටින්නන්ගේ දෑස් බැම ඉහළ ඔසවන්නට සමත් විය.

මිනිස් ජනාවාස ප්‍රදේශ ආශ්‍රිතව මේ තරම් ප්‍රමාණයක වඳුරන් සිටින්නේ කෙසේදැයි බොහෝ දෙනෙකුට සැක පහළ වූයේ නම් එහි අරුමයක් නැත. වඳුරන් අධික ගහනයක් දක්නට සිටින මිහින්තලේ හෝ පොළොන්නරුවේ පවා වරකට දුසිම් කිහිපයක් විනා දහස් ගණනක් දක්නට ලැබෙන්නේ නැත. අනෙක මේ සංගණනය සිදු කිරීම සඳහා භාවිත කළ ක්‍රමවේදය පවා විද්‍යාත්මක වූයේ නැත.

විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණාවක් වන්නේ ලෝකයේ කිසිදු රටක් මේ ආකාරයේ රාජ්‍ය අනුග්‍රහය ඇති මහා පරිමාණ සත්ව සංගණනයක් පිළිබඳ, විශේෂයෙන් වඳුරන් සහ රිළව් සම්බන්ධ සංගණනයක් පිළිබඳ අසන්නට නොලැබීමය.

AFP 20230830 33TY2QB v1 Preview IndiaG20SummitMonkeys

නිදසුනකට ඉන්දියාව සැලකිල්ලට ගෙන බැලුවහොත් එහි මිනිස් ජනගහනය බිලියන 1.4ක් පමණ වන අතර එහි පරිසර අමාත්‍යංශයට අනුව එහි වඳුරු ගහනය මිලියන 5 – 8 අතර ප්‍රමාණයක් පවතින්නේ යැයි ගණන් බලා තිබේ. වඳුරු ගහනයක් දැඩිව දක්නට ලැබෙන දිල්ලියේ පවා ජීවත් වන්නේ වඳුරන් දහසක් පමණ යැයි පැවසේ.

හිම වඳුරන්ට අතිශය ජනප්‍රිය ජපානයේ පවා ජීවත් වන්නේ එකී වර්ගයේ වඳුරන් ලක්ෂයක් පමණ ප්‍රමාණයකැයි ගණන් බලා තිබේ. මේ වඳුරන් ගණනය කොට ඇත්තේ ඉහළ තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙනි. කෙසේ නමුත් ජපානයේ කිසිම අවස්ථාවක අපේ රටේ මෙන් මහා පරිමාණ සත්ව සංගණනයක් සිදු වී නැත.

වද වීමේ තර්ජනයට පවා මුහුණ දී ඇති රන් නැහැයක් සහිත වඳුරන් ද ඇතුළුව වඳුරන් විශේෂ ගණනාවක් ජීවත්වන චීනයේ පවා එක් විශේෂයක ගහනය ලක්ෂ දෙකකට වඩා වැඩි නොවන බව ගණන් බලා තිබේ. වන ජීවය නිරීක්ෂණය කිරීම ජෛව විවිධත්ව වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වනවා මිසෙක අප රටේ වැනි මහා පරිමාණ සත්ව සංගණන ලෙස පැවැත්වෙන්නේ නැත.

Monkey 250128

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශය වන වර්ග කිලෝ මීටර් 65,000ට සාපේක්ෂව වඳුරු සහ රිළව් ගහනය එකතුව මිලියන 6.91කට අධිකය. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 3.2ක් පමණ වන ඉන්දියාවේ ජීවත් වන්නේ මිලියන 5 – 8 අතර ප්‍රමාණයකි. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 148,000 ක් පමණ වන භූමි ප්‍රදේශයක් පවතින බංග්ලාදේශයේ වඳුරු ගහනය 150,000කට ආසන්න පමණ වන බවත් මේවා පාරිසරික අවශ්‍යතා මත කරන ලද ආදර්ශ සංගණන පමණක් වූ බවත් දැන ගන්නට ලබේ. එමෙන්ම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 9.5 ක් වූ චීනයේ පවා සිටින්නේ ලක්ෂ පහක පමණ වන වඳුරු ගහනයක් බව ගණන් බලා තිබේ.

මේ රටවල් සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ ජාතික සත්ව සංගණනය අසාමාන්‍ය බව දැන් පැහැදිලිය. අනෙක මෙය සංඛ්‍යානමය වශයෙන් ගතහොත් හුරේ දැමිය යුතු ඉලක්කමක් ද නොවේ. මිනිස් ගහනයට සාපේක්ෂව‍ ලොව පවතින විශාලතම වඳුරු ගහනයක් නඩත්තු කරගෙන යාමේ බර ශ්‍රී ලංකාව මත පැටවී තිබේ.

monkey sri lanka afp 1211344 1681986269

ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ දී ගැටලු මතුවන එක් අවස්ථාවක වන්නේ නිවැරදි නොවන දත්ත යොදා ගැනීමය. ශ්‍රී ලංකාවේ වඳුරු ගහනය තුළින් ලද ප්‍රතිඵලය යොදා ගන්නේ ඔවුන්ගේ ගහනය පාලනය කරන්නට නම්, එයින් පාරිසරික සමබරතාව අවදානමකට ලක් වන අතර සත්ව හිමිකම් ද උල්ලංඝනය වෙයි. සංරක්ෂණ කටයුතු විද්‍යාත්මක ලෙද ලබා ගන්නා දත්ත මත මිස දේශපාලනිකමය අරමුණු වෙනුවෙන් ලබා ගත්තා දත්ත මගින් සිදු නොකළ යුතුය. ශ්‍රී ලංකාවේ වඳුරු සංගණනය ජයග්‍රහණයක් නොව විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය නොකර සංගණනයන් පවත්වන රටක අවදානම් සහගත ප්‍රතිඵලයකි.

ශ්‍රී ලංකාවේ සත්ව සංගණනය ස්වාධීනව නැවත පිරික්සා බැලිය යුතුව තිබේ. ඒ සඳහා වන ජීවී විශේෂඥයින්, පරිසර විද්‍යාඥයින්, පරිසරවේදීන් සහ සංඛ්‍යාන ශිල්පීන් එක් විය යුතුව තිබේ. විනිවිදභාවයෙන් යුක්ත ක්‍රමවේදයන් සහ විශ්ලේෂණය නොකළ දත්තවලට ප්‍රවේශ වීමේ හැකියාව මෙහි දී තිබිය යුතුය.

ආර්ථික අභියෝග, පාරිසරික හායනය සහ ඉහළ යන මානව-වනජීවී ගැටුම් සමඟ අරගලයක යෙදී සිටින රටක, ජාතික සත්ව සංගණනයක විශ්වසනීයත්වය සුළුපටු කාරණයක් නොවේ. එය වගකීමක් සහිත පාලන තන්ත්‍රයක මූලික කරුණකි. විකෘති හෝ විපරීත වූ සංඛ්‍යා නිසා ප්‍රතිපත්ති සම්පාදකයින් නොමග යනවා පමණක් නොව මහජන විශ්වාසය ද බිදී යයි.

වනජීවී දත්ත යනු සංරක්ෂණ කටයුතු සඳහා යොදා ගන්න දෙයක් පමණක් නොව සත්‍යය, විනිවිදභාවය සහ වගවීම යන කාරණා ඒ තුළ තිබිය යුතුවේ. සතුන්ව නිවැරදිව ගණනය කළ නොහැකි නම්, සාධනීය සැලසුම් සකස් කරන්නේ කෙසේද?

 

xdfere

මෙහිදී අප රටේ පවතින තවත් දැවැන්ත ගැටලුවක් වන මිනිස් – අලි ගැටුම ද සඳහන් කළ යුතුය. අප ඇති කළ යුත්තේ මිනිස් අලි ගැටුමක් නොව මිනිස් අලි සහයෝගිතාවක් බව බොහෝ පාර්ශ්වයන් පෙන්වුව ද, ආණ්ඩුව වන අලි සංහාරයකට සැරසෙන බවට දැක ගන්නට ලැබේ.

www.hdfinewallpapers.com

ආණ්ඩුව පාර්ශ්වයෙන් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ වන අලි ගහණය 7,000 පමණ වන බවය. මෙය ද කිසිදු ආකාරයක විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ලබා ගත් සංඛ්‍යාවක් නොවේ. එය හුදු ප්‍රලාපයක් පමණි. වඳුරන් මෙන් නොව ශ්‍රී ලංකාවට ආවේණික ආසියානු අලියා ශ්‍රී ලංකාව ලෝක අවධානයට ලක්වීමේ ප්‍රධාන භූමිකාවකට දායක වෙයි. ඒ නිසා වන අලින් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන මෙවැනි අවිචාරවත් ක්‍රියාවන් නිසා අපේ රටටත්, රජයටත් බරපතළ හානි සිදු විය හැකි බව තරයේ සිහි තබා ගත යුතු වේ.


Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...