The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාමය සඳහා යුද්ධය

T

The Leader Desk

June 29, 2025 • 8:42 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාමය සඳහා යුද්ධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ මොහොතේ ඔහු ඉදිරිපස අඩි පාරේ වියපත් ගැමියෙක් ගමන් කරමින් සිටියේය.
  • මේවා මතුපිටින් මෙසේ පෙනුණද, යටින් සැඟවුණු න්‍යාය පත්‍ර තිබෙන බව දන්නෝ දනිති.
  • සිරි ලංකාවේ අපට ද ඒ අත්දැකීම් ඇත.
  • අප, සාමයට බෙහෙවින් ආදරය කරන බව ලෝකයට පෙන්වා සිටීමටය.” ඇත්තෙන්ම, යුද්ධයට මැදිහත් වන ලෝක නායකයන්ගේ අරමුණ වන්නේද සාමය උදා කරලීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ මොහොතේ ඔහු ඉදිරිපස අඩි පාරේ වියපත් ගැමියෙක් ගමන් කරමින් සිටියේය. ඔහු දුටු අර ගණන්කාරයා, තමා ඉදිරිපස තිබූ ගලක් පෙන්වා, “මේ ගල මගේ” යැයි කීය.

“එහෙනං තමුසෙම ඒක තියාගන්නවා” යැයි කියමින් ගැමියා, පිටව ගියේය.

ඔහු ද, “නෑ ඒ ගල මගේ” යැයි කීවේ නම් එතැන ‘වලියකි’.

 

war46345

යුද වදින මිනිසුන්ටද කුමක් හෝ හේතුවක් අවශ්‍යය. එක්කෝ, ගංගාවක ප්‍රශ්නයකි. නැත්නම් දේශසීමා අර්බුදයකි. එහෙමත් නැත්නම් දේවාලයක, කෝවිලක අයිතිය පිළිබඳ ගැටලුවකි. මේවා මතුපිටින් මෙසේ පෙනුණද, යටින් සැඟවුණු න්‍යාය පත්‍ර තිබෙන බව දන්නෝ දනිති.

ඊශ්‍රායල, පලස්තීන හෝ ඉරාන අවුල ද එසේමය. ගාසා තීරයේ උරුමය නැත්නම්, න්‍යෂ්ටික බලාගාර හෝ යුද්ධයට හේතු කර ගනී. යුක්රේන, රුසියා ගැටුමේද තවම ඉවරයක් නැත. අලුත් යුද්ධයක් ඇවිලෙන හැමවිටකම පරණ යුද්ධ අමතක වෙයි. එහෙත් ඉන් හටගන්නා තුවාල නම්, කාලයක් යනතුරු සුව නොවෙයි. සිරි ලංකාවේ අපට ද ඒ අත්දැකීම් ඇත.

යුද්ධය කාගේද, කුමක් සඳහා ද යන ප්‍රශ්නය මේ දිනවල මාධ්‍ය ඔස්සේ සාකච්ඡා වෙයි. එක් කාටූනයක, සාමාන්‍ය පුරවැසියෙක් සාමයේ දෙවඟන හමුවී මෙසේ අසයි.

irenic eirene goddess of peace jacques dumont peace 1749 via lawhimsy
“මිනිස්සු යුද්දෙට කැමති නෑ. ඒත් ලෝකෙ කොහේ හරි යුද්ධයක් තියෙනවා. මොකක්ද හේතුව?”

“ආයුධ වෙළෙඳුන්ගෙන් අහල බලන්න.”

සාමයේ දෙවඟන, ඉවත බලාගනී.

“Reason for war” මැයින් පළවූ කාටූන එකතුවක මෙසේ දැක්වෙයි.

“ආගම විසින් අපට යුද්ධයට යාමට හේතුවක් සපයයි. ඒ කුමක් සඳහාද? අප, සාමයට බෙහෙවින් ආදරය කරන බව ලෝකයට පෙන්වා සිටීමටය.”

ewvrtbryht65

 

ඇත්තෙන්ම, යුද්ධයට මැදිහත් වන ලෝක නායකයන්ගේ අරමුණ වන්නේද සාමය උදා කරලීමය. එය එක් රටක හෝ කලාපයක විය හැකිය.

සාමය අවශ්‍ය නම් කළ යුත්තේ යුද්ධය නැවැත්වීම බව කිසිවකු නොපිළිගැනීම හාස්‍යජනකය. ලෝක සාමය වෙනුවෙන් ඇති සංවිධාන කිහිපයකි. ඒ සැමගේ රාජකාරිය වන්නේ, යුද්ධයක් පැතිර යනතුරු බලා සිට, ඒ පිළිබඳව විවිධ ප්‍රකාශ නිකුත් කිරීමය.

ඉරාන – ඊශ්‍රායල යුද්ධය පිළිබඳව ද, එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා ද මහත් කනස්සල්ලෙන් කියා සිටියේ, යුද්ධය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය. මේ සියලු දෙනා රූපවාහිනියෙන් යුද්ධය නරඹන ප්‍රේක්ෂකයන්ගේ තත්ත්වයට පත්ව සිටිති.

පළවෙනි ලෝක යුද්ධය අවසන් වූ විට මිනිසා සිතුවේ, යළි කවර කාලෙකවත් යුද්ධයක් ඇති නොවනු ඇති බවය. එහෙත් දෙවැනි ලෝක යුද්ධයක් ද ඇතිවිය. හිරෝෂිමා, නාගසාකි මහා විපතෙන් පසු මිනිසා සිතුවේ යළි කිසි දිනෙක න්‍යෂ්ටික ආයුධ ගැන සිතනු නැති බවය. එහෙත් එය ද බොරු වී ඇත.

 

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික අවි ප්‍රහාර අවදානමක් තිබේද? | නිරංජන් චාමින්ද  කරුණාතිලක

ලෝකයේ බලවතුන් වීමට න්‍යෂ්ටික අවි ද අවශ්‍යය. හොර රහසේ හෝ නිපදවති. එකාට එකා විශ්වාස නැත. මනුෂ්‍යත්වයේ අගය බිංදුවට බැස ඇත. දීපාල් සිල්වා ජීවත්ව සිටියා නම්, ඔහුගේ ජනප්‍රිය ගීතය මෙසේ වෙනස් කරනු ඇත.

“මේ ලෝකේ මිනිස්සු
තනිකර කෙළින්නෙ පිස්සු”

එක් යුද සමයකදී, අරාබි හා අමෙරිකානු සොල්දාදුවෝ දෙදෙනෙක් පාළු දූපතකදී මුණගැසුණහ. දෙදෙනාට දෙදෙනාගේ බස නොතේරේ.

“තමුසෙ ළඟ ඩික්ෂනරියක් තියෙනවද?”

අරාබියා ඇසීය.

“ඔව්”

warom4j589y54
අමෙරිකානුවා ළඟ අරාබි - ඉංග්‍රිසි ශබ්දකෝෂයක් තිබුණි.

ඉතා ඉක්මනින්ම දෙදෙනා එකිනෙකාගේ භාෂා ඉගෙන ගත්හ. ඉන්පසු ඔවුහු මෙසේ තීරණයකට එළඹුණහ.

මිනිසාගේ ශබ්දකෝෂයෙන් “යුද්ධය” යන වචනය ඉවත් කළ යුතුය. ඒ හිස්තැන පිරවීමට අවශ්‍ය මිහිරි වදන් ඕනෑවටත් වඩා ඇත.

පසුගිය සතියේ දිනෙක, අමෙරිකාවේ නගරයක වැසියෙක්, කුලී රථ රියැදුරකු වෙත ගියේය.

“හයර් එකක් යන්න පුළුවන්ද?”

ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි
“මේ වෙලාවෙ නං බෑ. තව ටිකකින් ඩොනල්ඩ් ට්‍රම්ප්, යුද්ධය ගැන අලුත්ම තීරණය ප්‍රකාශ කරනවා. මට ඒක අහන්න අපේ ක්ලබ් එකට යන්න ඕනෙ.”

“මටත් ඒක අහන්න ඕනෙ. දෙන්නම යමු අපේ ගෙදර.”

“අනේ බෑ සර්, මං කැමති නෑ පිට ගෙවල්වලදි කුණුහරුප කියවෙනවට.”

අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාමය සඳහා යුද්ධය | The Leader