The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමලිංගික විවාහවලට ආණ්ඩුව එකඟද නැද්ද? | නිරංජන් චාමින්ද කරුණාතිලක

T

The Leader Desk

July 2, 2025 • 11:48 AM

සමලිංගික විවාහවලට ආණ්ඩුව එකඟද නැද්ද? | නිරංජන් චාමින්ද කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ දින හතරක නිල සංචාරයකින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් ටර්ක් පවසා සිටියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සමලිංගික (LGBTQ – Lesbian, Gay, Bisexual, Transgender, and Queer) විවාහ නීතිගත කිරීමේ කෙටුම් පත සම්මත කර ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවය.
  • කෙසේ නමුත් මේ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෝ දැනට අධිකරණ අමාත්‍යංශය තුළ එවැනි යෝජනාවක් පිළිබඳ නිල මට්ටමින් කතාබහක් හෝ නොමැති බවය.
  • ශ්‍රී ලංකාව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ අභ්‍යන්තර දේශපාලන මතවාද අතර මේ විසංවාදය සිදුව තිබෙන බව පෙනෙන්නට තිබේ.
  • සමලිංගික ගැටලු සම්බන්ධයෙන් වරෙක ප්‍රගතිශීලි ලෙස පෙනී සිටි නමුත් මේ වන විට දේශපාලනික බලපෑම් මධ්‍යයේ පසුබැසීමට හෝ දුරස්ථ වීමට පටන් ගෙන ඇති ජාතික ජන බලවේග රජයේ වෙනස්වන ස්ථාවරය මෙයින් පෙන්නුම් කරන්න පටන් ගෙන ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ දින හතරක නිල සංචාරයකින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් ටර්ක් පවසා සිටියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සමලිංගික (LGBTQ – Lesbian, Gay, Bisexual, Transgender, and Queer) විවාහ නීතිගත කිරීමේ කෙටුම් පත සම්මත කර ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවය. කෙසේ නමුත් මේ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෝ දැනට අධිකරණ අමාත්‍යංශය තුළ එවැනි යෝජනාවක් පිළිබඳ නිල මට්ටමින් කතාබහක් හෝ නොමැති බවය.

 



ශ්‍රී ලංකාව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ අභ්‍යන්තර දේශපාලන මතවාද අතර මේ විසංවාදය සිදුව තිබෙන බව පෙනෙන්නට තිබේ. සමලිංගික ගැටලු සම්බන්ධයෙන් වරෙක ප්‍රගතිශීලි ලෙස පෙනී සිටි නමුත් මේ වන විට දේශපාලනික බලපෑම් මධ්‍යයේ පසුබැසීමට හෝ දුරස්ථ වීමට පටන් ගෙන ඇති ජාතික ජන බලවේග රජයේ වෙනස්වන ස්ථාවරය මෙයින් පෙන්නුම් කරන්න පටන් ගෙන ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

අධිකරණ අමාත්‍යවරයාට අනුව, සමලිංගික විවාහ සම්බන්ධ නිල කෙටුම්පතක් දැනට පාර්ලිමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ නීති සම්පාදන න්‍යාය පත්‍රයේ හෝ නොමැත. පවතින නීති යටතේ, විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති යටතේ, සමලිංගික සබඳතා අපරාධයක් ලෙස සලකනු ලබන අතර, මෙය වෙනස් කිරීමට ගන්නා ඕනෑම පියවරක් සඳහා විධිමත් පාර්ලිමේන්තු සංශෝධන ක්‍රියාවලියක් අවශ්‍ය වේ.

 

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

කෙසේ වෙතත්, වෝකර් ටර්ක්ගේ ප්‍රකාශය, හේතුවක් නොමැතිව සිදු කළ එකක් නොවේ. 2023 දී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත විසින් සමලිංගික සබඳතා අපරාධයක් ලෙස පිළිගැනීම ලිහිල් කිරීමේ යෝජනාවක් පුද්ගලික මන්ත්‍රී පනතක් ලෙස ඉදිරිපත් කරන ලදී. මෙයට ඒ අවස්ථාවේ දී ජාතික ජනබලවේගය ද පක්ෂව කතා කරනු දකින්නට හැකි විය.

තවද, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය මත පදනම් වූ අසමානතාවය තුරන් කිරීමට පොරොන්දු වූ බව ද සිහිපත් කළ යුතු වේ. එමෙන්ම 2024 වසරේ ඔවුන් ඉදිරිපත් කළ පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සමලිංගික අයිතිවාසිකම්වලට සහයෝගය පළකරන බවට පොරොන්දු ලබා දී තිබේ.

116209492 3254405254625017 5278316031259505394 n
මෑත ඉතිහාසයේ සිදු වූ දෑ එසේ වුවද, ජාතික ජන බලවේගය මෑතක සිට මේ සම්බන්ධයෙන් යම් ආරක්ෂක සහ නොපැහැහැදිලි ස්ථාවරයක පසුවන බව පෙනෙන්නට තිබේ. මේ නිසාම සමලිංගික කාරණා පිළිබඳ ප්‍රසිද්ධියේ කතාබහ කිරීමෙන් ද වැළකී සිටින අතර එයට බොහෝ විට හේතු වන්නට ඇත්තේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් බහුතර පිරිසක් ගතානුගතික අදහස් දැරීමේ බලපෑම නිසා බව සිතිය හැකිය.

ශ්‍රී ඇතුළුව දකුණු ආසියාවේ, සමලිංගිකභාවය පිළිබඳ සාම්ප්‍රදායික අදහස් බොහෝ දුරට සංස්කෘතික, ආගමික සහ යටත් විජිත බලපෑම් මගින් හැඩගැසී ඇත. සමලිංගිකභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ නීතිමය ස්ථාවරය ආරම්භ වන්නේ ස්වදේශික සම්ප්‍රදායන්ගෙන් නොව බ්‍රිතාන්‍ය යටත් විජිත නීතියෙන්, විශේෂයෙන් වික්ටෝරියානු යුගයේ දණ්ඩ නීති සංග්‍රහයෙන් ය.

 

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට අතිබහුතර ජනතාවගේ සහය !

සංස්කෘතික වශයෙන්, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියානු සමාජයන් දිගු කලක් තිස්සේ ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය පිළිබඳ මාතෘකා තහනම් හෝ පෞද්ගලික කාරණා ලෙස සලකන අතර, ඒ නිසාම සමලිංගික කාරණා පිළිබඳ කතාබහ කිරීම අපකීර්තියට පත්වීමට හේතුවක් බවත්, ඒ නිසාම ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමත් දැකිය හැකිය. අලුත් ආකාරයෙන් සිතන පරම්පරාවන් බිහිවීමත් සමග මෙය සෙමින් වෙනස් බව පෙනෙන්නට තිබෙන නමුත් මේ කෙරෙහි ගතානුගතික ආගමික සහ සංස්කෘතික බලපෑම් එල්ලවීම ප්‍රබලව අඛණ්ඩවම සිදු වේ.

ලක්ෂ 15 ක සමරිසි ඡන්දදායකයෝ පාර්ලිමේන්තු තීන්දුව ගැන විමසිල්ලෙන් !

 

බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ ආගම වූ බෞද්ධ දර්ශනය තුළ සමලිංගිකභාවය හෙළා දකින බවට පැහැදිලි සාධක සොයා ගන්නට නොමැත. බුදුන් වහන්සේ වැඩි අධානයක් යොමු කරන ලද්දේ ලිංගික දිශානතිය පිළිබඳ දැඩි නීති රීති ඇති කරනවාට වඩා සදාචාරාත්මක හැසිරීම්, මෛත්‍රිය, කරුණාව, දයාව ආදිය පිළිබඳව සහ සියලු බැඳීම්වලින් සහ තෘෂ්ණාවෙන් මිදිම පිළිබඳවය. ගිහි බෞද්ධයින්ට මඟ පෙන්වන පංච ශීලය තුළ වැරදි ලෙස ලිංගික හැසිරීම්වලින් වැළකී සිටීම පිළිබඳ සඳහන් වේ. නමුත් සාම්ප්‍රදායික සංස්කෘතික සන්දර්භය අනුව මෙය විවිධ ආකාරයන්ගෙන් අර්ථකථනය කොට ඇති බව පෙනෙන්නට තිබේ.

බොහෝ විද්වතුන් තර්ක කරන්නේ බුදුන් වහන්සේ, ක්‍රියාවෙහි ස්වභාවයට වඩා අභිප්‍රාය සහ හානිය අවධාරණය කළ බවයි. එබැවින්, ප්‍රේමණීය, සම්මුතිවාදී සමලිංගික සබඳතාවලින් මූලික බෞද්ධ ඉගැන්වීම් උල්ලංඝනය නොවන්නේ යැයි පැවසිය හැකිය. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික සමාජයේ විෂම සම්මත අර්ථකථන හේතුවෙන්, මෙම සියුම්කම් බොහෝ විට නොසලකා හරිනු ලැබීම හෝ වැරදි ලෙස නිරූපණය කිරීම සිදු වේ.

 

b456y5676578678989

වර්තමානයේ මතු වී ඇති මතභේදය සමාජයේ ආන්තික ප්‍රජාවන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අවංකභාවය සහ අනුකූලතාව පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි. ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටිය දී සමලිංගික අයිතිවාසිකම්වලට සහාය දුන් නමුත් දැන් එය ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්ව තිබේ නම් එතැන ඇත්තේ සාම්ප්‍රදායික ඡන්දදායකයින් පක්ෂයෙන් ඈත් වීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කරන උපක්‍රමයකි. එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම් ඇතැමුන් සාදරයෙන් පිළිගත්ත ද තවත් පිරිසක් එය දකින්නේ දේශීය සාරධර්ම මත කෙරෙන අනවශ්‍ය විදේශීය බලපෑමක් ලෙසිනි.

අධිකරණ ඇමතිට 'ආචාර්ය පට්ටමක්' දුන්නේ කව්ද ? - CID විමර්ශනයක්

 

වසර ගණනාවක යුද්ධයකින් සහ දැවැන්ත ආර්ථික අස්ථාවරත්වයන් මැද බෙදී ගිය සමාජයක් සමග පොර බදිමින් සිටින රටක් ලෙස සමලිංගික අයිතිවාසිකම් වැළඳ ගැනීමට ශ්‍රී ලංකාව කැමති වේද යන්න පිළිබඳ තවමත් පැහැදිලි අදහසක් නොමැත. එබැවින් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රතික්ෂේප කිරීම වත්මන් ව්‍යවස්ථාදායක ක්‍රියාකාරකම් අනුව තාක්ෂණිකව නිවැරදි විය හැකි නමුත්, බලයේ සිටින දේශපාලන පක්ෂයක් ලෙස ඔවුන් අතීතයේ දී සමලිංගික අයිතිවාසිකම් සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශයන් එමගින් අමතක කර දැමිය හැකි බව කියවෙන්නේ නැත.

ශ්‍රී ලංකාව සමලිංගික ගැටලුව සම්බන්ධයෙන් දැන් සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකය. දිගු කලක් තිස්සේ ලද වෙනස්ව සැලකීම් විඳ දරාගනිමින් සිටි සමලිංගික ප්‍රජාව, දේශපාලන පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය දේශපාලන වේදිකාවේ ලබා දුන් පොරොන්දු, බලයට පැමිණි විට ඉටු කරන්නේදැයි මහත් ඕනෑකමින් බලා සිටී. ශ්‍රී ලංකාව යල්පැන ගිය යටත් විජිත නීතිවලට තවදුරටත් බැඳී සිටිනවා ද, එසේත් නැතහොත් තමා ආදරය කරන්නේ කාටද යන්න නොසළකා හරිමින් සහම්පනය, සත්‍යවාදීබව සහ සියලුදෙනා කෙරෙහි යුක්තිය ඉටුවන සමාජයක් ලෙස ඉදිරියට ගමන් කරයිද යන ගැටලුවට මහජනතාව සහ දේශපාලඥයින් ඉදිරියේ තිබේ.


Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...