The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මගෙන් පසුව කොළඹ දේශපාලන බලය අල්ලාගෙන සිටියේ ගාමිණි ලොකුගේ'

T

The Leader Desk

July 4, 2025 • 9:27 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මගෙන් පසුව කොළඹ දේශපාලන බලය අල්ලාගෙන සිටියේ ගාමිණි ලොකුගේ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු කාලයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වූ එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල පහසුකම ශ්‍රී ලංකාවට හිමි වූයේ ඉකුත් සතියේය.
  • වර්ෂ 1982 දී පරිගණක තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙන ඒමට මුල් වූයේද රනිල් වික්‍රමසිංහ මහතාය.
  • ඉන් පසුව 2023 දී ඉන්දූනීසියාවේ බාලි දූපතේදී ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතාට එලෝන් මස්ක් හමුවීමට අවස්ථාව උදාවිය.
  • ඒ ආරංචිය සැළවූ විගස ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක දිනුක් කොළඹගේ ඇමතු රනිල් වික්‍රමසිංහ මහතා වහාම “X” පණිවුඩයක් මගින් එලෝන් මස්ක්ට ස්තූතිය පළකරන ලෙස දැන්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු කාලයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වූ එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල පහසුකම ශ්‍රී ලංකාවට හිමි වූයේ ඉකුත් සතියේය.

වර්ෂ 1982 දී පරිගණක තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙන ඒමට මුල් වූයේද රනිල් වික්‍රමසිංහ මහතාය. අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් රූපවාහිනී යන්ත්‍ර දී තිබූ පාසල්වලට සින්ක් කෙයාර් පරිගණක හරහා කොම්පියුටර් අධ්‍යාපනය රට පුරා ව්‍යාප්ත කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලැබීය.

image 1501618574 fc279b7628

රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම යටතේම ශ්‍රී ලංකාවට ඉන්ටර්නෙට් පහසුකම් ලබා ගැනීමට හැකි වූයේ 1993 වර්ෂයේදීය. ඒ සඳහා ඇමරිකාවේ හිටපු උප ජනාධිපති අල් ගෝ මහතා සමග ගිවිසුම් අත්සන් කිරීමටද රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය.

ඉන් පසුව 2023 දී ඉන්දූනීසියාවේ බාලි දූපතේදී ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතාට එලෝන් මස්ක් හමුවීමට අවස්ථාව උදාවිය. ඒ හමුවෙන් උපරිම ප්‍රයෝජනය ගත් වික්‍රමසිංහ මහතා හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ස්ටාර්ලින්ක් පහසුකම ලබාදෙන්නැයි එලෝන් මස්ක්ගෙන් ඉල්ලා සිටියේය. ඉහත හමුවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ද එක්ව සිටියේය.

 

WhatsApp Image 2025 07 04 at 1.14.48 PM
ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම මගින් සංඥා (සිග්නල්) දුර්වල ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම ඒ සේවය ලබාගැනීමට මින් පසුව අවස්ථාව උදා වන්නේය.

එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සැටලයිට් පහසුකම ශ්‍රී ලංකාවට හිමි වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පළමුවෙන්ම දැනුම් දුන්නේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නය.

ඒ ආරංචිය සැළවූ විගස ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක දිනුක් කොළඹගේ ඇමතු රනිල් වික්‍රමසිංහ මහතා වහාම “X” පණිවුඩයක් මගින් එලෝන් මස්ක්ට ස්තූතිය පළකරන ලෙස දැන්වීය. හිටපු මාධ්‍ය අධ්‍යක්ෂක ශානුක කරුණාරත්නට රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සියලු විද්‍යුත් නාළිකාවලට මේ ප්‍රවෘත්තිය යොමු කරන ලෙසය.

rw4567567

රජයේ සේවකයින් සමග වන හමුවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූයේ කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේදීය. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුද සහභාගී වූ ඒ හමුවේදී රජයේ සේවකයින් මුහුණදෙන ගැටලු රැසක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කෙරිණි.

බොහෝ රාජ්‍ය සේවකයින් ප්‍රකාශ කළේ අපට සිදුවන අසාධාරණකම් පිළිබඳව කිසිවෙකුත් කතා නොකරන බවය. වත්මන් රජයේ පඩි වැඩිවීම් සම්පූර්ණ බොරුවක් යයිද රජයේ සේවකයින් විසින් ප්‍රකාශ කරන ලදි. රාජ්‍ය සේවකයින් මුහුණදෙන ගැටලු පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගැනීමේ වගකීම එජාප නායක පැවරනු ලැබුවේ පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාටය.

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ගාමිණි ලොකුගේ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරයා පිළියන්දල ඔහුගේ නිවසට ගියේය. පැරණි එක්සත් ජාතික පාක්ෂිකයන් කිහිප දෙනෙකුද එහි පැමිණ සිටි අතර ඔවුන් සමග කතාබහක නිරතවීමටද රනිල් වික්‍රමසිංහ මහතා අමතක නොකළේය.

“මගෙන් පසුව කොළඹ දේශපාලන බලය අල්ලාගෙන සිටියේ ගාමිණි ලොකුගේ” යැයි පාක්ෂිකයින් හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. ලොකුගේට හොඳ දේශපාලන ශක්තියක් තිබිනැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.


 (අටවන ජනාධිපතිගේ මාධ්‍ය ඒකකය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මගෙන් පසුව කොළඹ දේශපාලන බලය අල්ලාගෙන සිටියේ ගාමිණි ලොකුගේ' | The Leader