The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බුද්ධ ගයාවේ නිසි උරුමය බෞද්ධයන්ට ලැබෙන පාටක් නැද්ද? | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

July 5, 2025 • 6:31 AM

බුද්ධ ගයාවේ නිසි උරුමය බෞද්ධයන්ට ලැබෙන පාටක් නැද්ද? | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය යුක්තිය හා සාධාරණත්වය සම්බන්ධයෙන් උනන්දුවක් පළ කරන සැමගේ විශේෂ අවධානයට යොමු විය යුත්තකි.
  • බුද්ධගයා විහාර පනත සංශෝධනය කර මහා බෝධි විහාරස්ථානයේ පාලනය බෞද්ධ ප්‍රජාවට පවරා දෙන ලෙස මධ්‍යස්ථානයට සහ බිහාර් රජයට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමින් සුලේඛතායි නලිනිතායි නාරායන්රාඕ කුම්භරේ විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණ.
  • ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි වගන්තිය යටතේ කරුණු ගොනුකර තිබූ මෙම පෙත්සම විභාග වූ මුත් මෙම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවත්වාගෙන යා නොහැකි බව පවසමින් පෙත්සම්කරුට පැට්නා මහාධිකරණය වෙත යෑමට එම්.
  • මෙය මේ වන විට බොහෝ දෙනකු ගේ අවධානයට යොමු වී ඇත්තේ එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මුල් කර ගනිමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය යුක්තිය හා සාධාරණත්වය සම්බන්ධයෙන් උනන්දුවක් පළ කරන සැමගේ විශේෂ අවධානයට යොමු විය යුත්තකි.

1949 බුද්ධගයා විහාර පනත සංශෝධනය කර මහා බෝධි විහාරස්ථානයේ පාලනය බෞද්ධ ප්‍රජාවට පවරා දෙන ලෙස මධ්‍යස්ථානයට සහ බිහාර් රජයට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමින් සුලේඛතායි නලිනිතායි නාරායන්රාඕ කුම්භරේ විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණ.

1751270428 2777

රාජ්‍ය අධීක්ෂණය යටතේ හින්දු සහ බෞද්ධ නියෝජිතයන් ගෙන් යුතු වත්මන් පාලන ව්‍යුහය මඟින් බෞද්ධයන්ගේ ආගමික අයිතීන් හෑල්ලූවට ලක්කරන බවත්, ඔවුන්ගේ අධ්‍යාත්මික හා සංස්කෘතික සම්ප්‍රදායන් උල්ලංඝනය වන බවත් එනිසා බෞද්ධ අධ්‍යාත්මික හා සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුකූලව බුද්ධගයාවේ මහා බෝධි විහාරය සඳහා පූර්ණ බෞද්ධ පාලනයක් ඉල්ලා සිටින බවටත් පෙත්සම්කරු එමගින් කරුණු ගොනු කොට තිබිණ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි වගන්තිය යටතේ කරුණු ගොනුකර තිබූ මෙම පෙත්සම විභාග වූ මුත් මෙම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවත්වාගෙන යා නොහැකි බව පවසමින් පෙත්සම්කරුට පැට්නා මහාධිකරණය වෙත යෑමට එම්. එම් සුන්ද්‍රේෂ් සහ කේ. විනෝද් චන්ද්‍රන් යන විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් විනිසුරු මඩුල්ල උපදෙස් දී තිබේ.

මෙය මේ වන විට බොහෝ දෙනකු ගේ අවධානයට යොමු වී ඇත්තේ එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මුල් කර ගනිමිනි. බුද්ධගයාව සම්බන්ධ සැබෑ බෞද්ධ අයිතිය තව දුරටත් අහිමිව පැවතීම ඊට හේතු වී තිබේ.

69b4991314b23721b79b01fddaee6db4 XL ජනපති අනුර කුමාර දිසානායක සිය පළමු නිල සංචාරයේ දී බුද්ධ ගයාව වැඳ පුදාගත් අයුරු
තවමත් අප ජන සමාජය දැනුවත් නොවුණ ද පසුගිය මාස කිහිපය මුළුල්ලේම ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයෝ බුද්ධගයාවේ පරිපාලනයෙන් හින්දූන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සිටිති.

1949 බුද්ධගයා විහාර පනතට අනුව අද ද බුද්ධගයාව පාලනය කරන්නේ හින්දු බහුතරයක් සහිත නව දෙනෙකු ගෙන් යුත් කමිටුවකිනි. එහි සාමාජිකයන් ගෙන් හතර දෙනෙකුම හින්දූන් වන අතර, තව හතර දෙනෙක් බෞද්ධයෝ වෙති.

පනත අනුව කමිටුවේ සභාපති තනතුර ගයා දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත්වරයාට හිමි කර දී තිබේ. මෙසේ මහේස්ත්‍රාත් ලෙස පත්ව ඇති සෑම කෙනෙක්ම හින්දු ආගමිකයෙකි. එනිසා මේ නිසාම බුද්ධගයා පරිපාලන කමිටුවේ බහුතර බලය ප්‍රායෝගික වශයෙන් හින්දුන්ට හිමි ව තිබේ.

 

Glc6uoCbwAIeyDg

කලින් කලට කමිටුවේ මෙම හින්දු නියෝජනයට විරුද්ධව ඉන්දියාවේ බෞද්ධ උද්ඝෝෂණ පැවතුණි. නමුත් රට පුරාම දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රථම වතාව මෙය වේ.

ඒ සම්බන්ධයෙන් හින්දු ආගමික පාර්ශවය දක්වන මතයට අනුව බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාර වලින් නව වන අවතාරය බවට පවතින හින්දු විශ්වාසය නිසා හින්දු පූජකවරුන්ට බුද්ධගයාවේ ඇති අයිතිය අභියෝගයට ලක් කළ නොහැක. එම තර්කය යුක්ති සහගත නම් එම අයිතියම හින්දු සිද්ධස්ථාන සම්බන්ධයෙන් බෞද්ධයන්ට ද තිබිය යුතු බව ඉන්දීය බෞද්ධයෝ තර්ක කරති.

නමුදු ඉන්දියාවේ සියලුම හින්දු මෙන්ම ඉස්ලාම් සිද්ධස්ථාන ද පාලනය කරන්නේ එම ආගම්වල ගිහි පැවිදි පිරිස් පමණි.පිටස්තර කිසිවකුටත් එහි පරිපාලන කටයුතු වලට ඇඟිලි ගැසීමට ඉඩක් නැත. සමස්ත ලෝක වාසී බෞද්ධයන් ගේ පරම පූජනීය කේන්ද්‍රීය පුදබිම වන බුද්ධ ගයාව තුළට හින්දූන් ගේ අත පෙවීම් 1949 බුද්ධගයා විහාර පනත මඟින් නීත්‍යානුකූල කොට ඇත්තේ එවන් පසුබිමක් යටතේ ය.

anagarika dharmapala 2021.11.14

“බුද්ධ ගයාව බේරා ගනිව්’ යන උද්යෝග පාඨය යටතේ බුද්ධගයාව හින්දූ ග්‍රහණයෙන් බේරාගැනීමට 1891 දී අනගාරික ධර්මපාලතුමා මහා බෝධි සංගමය ආරම්භ කරමින් බුද්ධගයාව වෙනුවෙන් මුලින්ම නඩු මඟට පීවිසීම ප්‍රකට කරුණකි. ඒ1895 දී ය. එදා සිට එතුමා විසින් ගොනු කරන ලද මුල් නඩු කීපයේ තීන්දු බෞද්ධයන්ට වාසි සහගත ලෙස ලැබී තිබේ.

කෙසේ නමුත් පසුකාලීනව හින්දූන් ගෙන ආ තර්කයක් නිසා හින්දූන්ට ද පුදබිමේ අයිතිය හිමි යැයි තීන්දු කරන ලදී. බුද්ධගයාව බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස වැඳ පුදා ගන්නට හැකියාව ලැබුණත් 1947 ඉන්දියාව නිදහස ලබන විටත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම හින්දු පූජකවරු ද බුද්ධගයා බුදු බිමේ හිඳ තිබේ.

ඉතිහාසගත තොරතුරු වලට ධර්මපාලතුමා බුද්ධගයා පුණ්‍ය භූමිය වන්දනාමාන කිරීමට මුලින්ම ගොස් ඇත්තේ 1891 වසරේදීය.

ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු 1949 පනතක් මගින් බුද්ධගයාවේ පරිපාලනයට බෞද්ධ සහ හින්දු සාමාජිකයන් හතර දෙනා බැගින් සිටින කමිටුවකට භාර කළ යුතු යැයි තීරණය කළේ එහි පරිපාලනය යම් සංවිධිත බවකට පත් කිරීමට ය.

ambedkar

1947දී ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසුව නිදහස් ඉන්දියාවේ ප්‍රථම අධිකරණ අමාත්‍යවරයා වූ ආචාර්ය අම්බෙඩ්කාර්තුමා මහා බෝධි පරිපාලන පනත නීතිගත කිරීමට කටයුතු කළේ බෞද්ධයන් සඳහා වන සහනශීලී පියවරක් ලෙසිනි. එය අප ගෞරවාන්විතව පිළිගත යුතු ය.

නමුත් ඒ මඟින් බෞද්ධ සහ හින්දු සාමාජිකයන් හතර දෙනා බැගින් සිටින එම කමිටුවේ සභාපතිත්වය ගයා දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත් තනතුර දරන පුද්ගලයාට පැවරීම බුද්ධ ගයාවේ බෞද්ධ බලය අඩපණ කිරීමක් බව මේ වන විට සනාථ වී තිබේ.ඒ අනුව අද බුද්ධ ගයා භූමිය තුළ බුදු සමය දෙවන තැනට පත්ව තිබේ.

බුද්ධගයා ඉතිහාසය ඉන්දියාවට හෝ අප රටට ආගන්තුක වූවක් නොවේ.එවක වනගතව තිබූ බුද්ධගයා පුදබිමට ක්‍රි.ව. 1590 දී පැමිණි ගාමණ්ඩි ගිරි නම් හින්දු පූජකවරයා විසින් එය හින්දු කෝවිලක් ලෙස ස්ථාපනය කරන ලදී. එතැන් සිට ධර්මපාලතුමා බුද්ධගයාව බෞද්ධයන්ට අත්පත් කරදීමේ සටන අරඹන තෙක් එය තිබුණේ හින්දු ආගමික සිද්ධස්ථානයක් ලෙස ය.

බුද්ධගයා භූමියේ ව්‍යුහය අනුව අදටත් එය හින්දු -බෞද්ධ පුද බිමකි. එහි හින්දු පූජක ආධිපත්‍යෙයෙන් යුතු කෝවිල් ඇති අතර ඉන් සමහරක හින්දු දේව ප්‍රතිමා ලෙස පූජා චාරිත්‍ර සඳහා සකස් කොට ඇත්තේ බුද්ධ ප්‍රතිමා බව එහි පිවිසෙන ඕනෑම කෙනකුට දැක ගත හැක.

 

buddhists 1742213597

මේ අතර බුද්ධගයා පුද බිම 1933 පමණ වන විටත් මහන්තා නම් හින්දු භක්තිකයාගේ ආධිපත්‍ය යටතේ පැවැති බවත් එවකට ද එහි බෞද්ධ ස්වරූපය කෙලෙසමින් පැවැති බවත් ආචාර්ය ඩබ්ලිව්.පී. ආනන්ද ගුරුගේ මහතා විසින් පසුකාලීනව සංග්‍රහ ගත කළ අනගාරික ධර්මපාලතුමාගේම ලිපියක මෙසේ සඳහන් වේ.

“තථාගත බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා පස් මරුන් පැරදූ ස්ථානය නැවත ලබා ගැනීමට කාලය පැමිණ ඇති බව සැලකිය යුතුය. බුදු සමය අදහන්නන්ගේ පූජනීය පුදබිමක් වන මෙහි මලක් පහනක් පුදන්නට කෙනෙක් නැත. එබැවින් මෙය රාත්‍රි කාලයේ ඝන අන්ධකාරයේ නිමග්න වී පවතී. ආසියාවේ බෞද්ධයනි නිදිගැට හැරපියා නැඟිටිවව්. නැඟිට යුෂ්මතුන්ගේ පූජනීය පුදබිම මහන්තාගේ වැඩකරුවන්ට කිලිටි කරන්නට ඉඩ නොතබා බලා ගනිව්”(උපුටා දැක්වීම අවසන්)

Bodhi Tree in Bodh Gaya Bihar

ඒ කෙසේ හෝ ඉන්දියාව ආධ්‍යාත්මික වශයෙන් හින්දු ආධිපත්‍යයට නතු වූ රටක් වුව ද එහි පිහිටි සකල ලෝකවාසී බෞද්ධයන් ගේ කේන්ද්‍රීය පුද බිම වන බුද්ධ ගයාවේ උරුමය බෞද්ධයනට පවරා දීමට ඉන්දියාව වහා ඉදිරිපත් විය යුතුය. එමෙන්ම වත්මන් රජය ඉන්දීය රජය සමඟ පවත්වන අතිශය කුළුපග බව අනුව බුද්ධගයාවේ බෞද්ධ උරුමය මුළුමනින්ම තහවුරු කරන ලෙස ඉල්ලා සිටීමේ පහසු හැකියාවක් ද තිබේ. ඒ සඳහා වත්මන් බුද්ධ ශාසන අමාත්‍යවරයා මහ නා හිමි වරුන්ගේ ද අවවාද අනුශාසනා මත සුදුසු පියවර ගනු ඇතැයි යන්න අප ගේ විශ්වාසයයි.

Bodhgaya
එමෙන්ම ඒ සඳහා අප රටේ වෙසෙන හින්දු ඉස්ලාම් ආගමික ප්‍රජාවන් ගේ මෙන්ම සමාජ සාධාරණත්වය උදෙසා බයිබලය පිළිබඳ වඩාත් රූපක අවබෝධයක් අවධාරණය කරන ලිබරල්වාදී ප්‍රගතිශීලී ක්‍රිස්තියානි ධර්මය අදහන නූතන කුතුණුවන් ගේ ද සහාය ලැබෙන බව ද මම හොඳාකාරවම දනිමි.

Screenshot 2024 12 25 at 10.13.44 copy 1
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

madampagereetajenet@gmail.com


උපුටා ගැනීම - vinivida

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...