The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඔක්ස්ෆර්ඩ් ගිය සිංග්ලිෂ්

T

The Leader Desk

July 6, 2025 • 9:04 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඔක්ස්ෆර්ඩ් ගිය සිංග්ලිෂ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අස්සේ සිංහල භාෂාව ගැන ද අලුත් කතාවක්ය.
  • ඊට නිමිති වූයේ ඉංග්‍රිසිකාරයන්ට ‘බයිබලයක්’ බඳු වූ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට සිංහල වචන කිහිපයක්ද ඇතුළත් කරගෙන තිබීමය.
  • තනි වචනයක් තුළ ඇතුළත් ක්‍රියාවලියකි.
  • ඇතැම් කළු අප්‍රිකානුවන් වතුර වගේ ප්‍රංශ කතා කරන්නේත්, පිලිපීනුවන් ස්පාඤ්ඤ කතා කරන්නේත් ඒ අනුවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අස්සේ සිංහල භාෂාව ගැන ද අලුත් කතාවක්ය. ඊට නිමිති වූයේ ඉංග්‍රිසිකාරයන්ට ‘බයිබලයක්’ බඳු වූ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට සිංහල වචන කිහිපයක්ද ඇතුළත් කරගෙන තිබීමය. එනම්, අස්වැද්දුම, අවුරුදු, බයිලා, කොත්තු රොටී, කිරිබත්, මැල්ලුම්, ඔසරි, වලව්ව, පපරේ සහ වටලප්පන්ය.

කොත්තු රොටි, වටලප්පන්, මැල්ලුම් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට

 

මීට දශකයකට ඉහතදීද සිංහල වචන කිහිපයකට ඔක්ස්ෆර්ඩ් ඉඩක් ලැබුණි. ඒ, අයියෝ, අයියා, මුදලාලි, අම්බලම, පොල් සම්බෝල, පුන්නක්කු හා සිංග්ලිෂ්ය.


භාෂාවක් වෙනත් භාෂාවන්ගෙන් පෝෂණය ලැබීම අලුත් දෙයක් නොවේ. ඉංග්‍රිසිය තුළ ද, වෙනත් භාෂාවන්ගෙන් ගත් වචන, යෙදුම් ඕනෑ තරම්ය. සිංහල භාෂාව තුළ ද, ඉංග්‍රිසි පමණක් නොව, පෘතුගීසි, ලන්දේසි, දෙමළ ආදී වචන රැසකි.

‘අස්වැද්දුම’ යන වචනය තුළ අර්ථ කිහිපයකි. තනි වචනයක් තුළ ඇතුළත් ක්‍රියාවලියකි. ඒ නිසා එය ඉංග්‍රිසියට නැගීමට ගිය ඉංගිරිසියා අමාරුවේ වැටුණේය. අන්තිමේදී “අස්වැද්දුමයි සේෂන්” නමින් ශබ්දකෝෂයට ද ගියේය.

මඳ කලකට ඉහත මම, එදිනෙදා සිංහල කටවහරේදී වැඩිපුරම භාවිත කෙරෙන ‘උපත’ සිංහල නොවන වචන ගැන සොයා බැලීමක් කළෙමි. එහිදී මට හමුවූ වචන කිහිපයකි මේ.

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)
මචං
ගුඩ් මෝනිං
ගුඩ් නයිට්
අයිසේ
රයිට්
ඕ.කේ.
බායි
හලෝ
ඔෆිස්
ජොබ්
බස්
හෝටලය
බයිට්
රයිස්
ලන්ච්

මේ ‘ලැයිස්තුව’ තව බොහෝ දිගය. ඇන්ටිලා, අන්කල්ලා නැති තැනක් නැත. හස්බන්ඩ්ස්ලාට සිටින්නේ වයිෆ්ලාය.

 

close up of a young man speaks - words power - watch your words concept
ඉස්සර ගෙවල්වල කක්කුස්සි තිබුණි. දැන් තිබෙන්නේ ටොයිලට්ය. නැත්නම් වොෂ් රූම්ය. ලන්දේසි kak-huis වචනය, අපට කක්කුස්සි විය. ලන්දේසින්ගෙන්ම ලද කුස්සිය, දැන් අපට කිචන්ය.

ඉංග්‍රීසි යටත්විජිතයන්ව තිබූ හැම රටකම, භාෂාව අච්චාරු වී තිබේ. ලන්දේසි, පෘතුගීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ ආදී යටත්විජිතයන්ටද ඒ ආනිසංසයමය. ඇතැම් කළු අප්‍රිකානුවන් වතුර වගේ ප්‍රංශ කතා කරන්නේත්, පිලිපීනුවන් ස්පාඤ්ඤ කතා කරන්නේත් ඒ අනුවය.

සිංහල අපගේ නම් ගම්ද හුදු සිංහලම නොවේ. ඉංග්‍රිසි, පෘතුගීසි, ලන්දේසි, දෙමළ නම් අප අතර සුලභය.

d.f.kariyakarawana ඩී.එෆ්. කාරියකරවන
ප්‍රවීණ පත්‍ර කලාවේදී ඩී.එෆ්. කාරියකරවනයන්, සිය “මතක පොතේ” ලියා ඇති සිද්ධියක් මෙසේය. සිරි ලංකාවේ පත්‍ර කලාවේදීන් පිරිසක් තායිවානයේ සංචාරයක යෙදුණහ. ඔවුන් නවාතැන් ගත් හෝටලයට ගිය විට, සාමාන්‍ය සිරිත අනුව කවුන්ටරයට නම් ගම් සැල කිරීමට සිදුවිය.

එක් අයකුගේ වාසගම ‘පින්තු’ ය. ඒ ඇසූ කවුන්ටර කෙල්ලෝ ලැජ්ජාවෙන් ඇඹරෙමින්, එකිනෙකා හා සිනා පාන්නට වූහ.

“ඇයි මොකක්ද ප්‍රශ්නෙ?”

කාරියකරවන වෙනත් තායි ජාතිකයකුගෙන් විමසයි.

“පින්තු කියන්නෙ, අපේ භාෂාවෙන් හොර මිනිහට.”

 

හඳුන්නෙත්ති කන පරිප්පුවට ජවිපෙත්/පෙරටුගාමීනුත් වගකිව යුතුයි - Uvindu  Kurukulasuriya

හඳුන්නෙත්ති ඇමැතිතුමා විදෙස් සමුළුවකට ගොස් කළ ඉංග්‍රිසි සංවාදය ගැන මේ රටේ ඉන්නා පර බස් හීනමානකාරයන් අතර එක එක කතාය. මීට කලකට ඉහත නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයකුට ජිනීවාහි සමුළුවකට දෙසුමකට යාමට ඇරැයුම් ලැබුණි. ඔහුට ඉංග්‍රිසි බැරිය. හඳුන්නෙත්ති මෙන් නොව, කොළයක් බලාගෙනවත් කියවන්නට බැරිය. ඒ නිසා ඔහුගේ ලේකම්, ඉංග්‍රිසියෙන් පිළියෙළ කළ කතාව, සිංහල අකුරෙන් ලියා ඇමැතිට දුන්නේය. ඇමැතිද සිංහල පිටපත බලාගෙන ඉංග්‍රිසි කතාවක් කළේය. ඒ සිද්ධිය ඔහුගේ ලේකම්ම පසු කලෙක කියන තුරු කිසිවෙක් දැනගත්තේද නැත.

ඉංග්‍රිසි උච්චාරණය ගැන ද, අපේ ඇත්තන්ට ඇත්තේ මහා ලොකු රුදාවකි. අපි ඉන්දියානුවන්ගේ ඉංග්‍රිසි කතාබහ ගැන සිනාසෙමු. ඉන්දියාවේ තිබෙන්නේ ඔවුන්ට රිසි සේ නමා හදාගත් ඉංඩියන් ඉංග්ලිෂ්ය. එහෙත්, ලෝකයේ වැඩිපුරම ඉංග්‍රිසි පොත් පළවන හා විකිණෙන රටවලින්, ඉන්දියාව ද එකකි. අපේ ඉංග්‍රිසිකාරයෝ අනුන් හෙළා දකිනවා පමණි.

ඉංග්‍රිසි - දෙවැනි බස කරගත්තවුනට, ඉංග්‍රිසි වැරදීම හෝ නොතේරීම ලොකු වරදක් නොවේ. එහෙත්, පන්තිය ඉදිරියේ ඉංග්‍රිසි රචනාවක් කියවන ළමයකුත්, සභාවක් අමතන ඇමැතිවරයකුත් අතර වෙනසක් තිබිය යුතු බවත් සැබෑය.

kaputa

මේ කාරණා දෙස බලන කල, ඉංග්‍රිසියෙන් කපුටාට, කපුටාම යැයි කීමේද ලොකු වරදක් නැත. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ‘කපුටා’ යන වචනය ද ඇතුළත් කරගත යුතු යැයි යෝජනා කරමි.


අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...